නිල්පාට ඇස් මත්තේ…

නිල්පාට ඇස් මත්තේ…
මා ගෙවූ දින මැද්දේ,
දැනුනේ සෙනෙහස පමණි…
අහස් උස කඳු රැල්ලේ…

ලා රෝස කම්මුලේ…
දැවටී වෙලී සිටි වෙලේ,
හැඟුනේ මුදු බව පමණි…
නෙලුම් මල් විල මැද්දේ…

මැණික් මුතු සිනහවේ…
මා බැඳී සිටි වෙලේ,
අමතකයි වට පිටේ…
කුමක්දෝ සිදු වුනේ…

මතක පොදි කඳු අස්සේ…
මා සෙවූ සැනසිල්ලේ,
අදත් මට ලැබුන හැටි…
හීනයකි හිත මත්තේ…

20 Responses to “නිල්පාට ඇස් මත්තේ…”

  1. අපරාජිතයා :::: Aparajithaya Says:

    පට්ටයි මචං. අර කියමනක් තියනවනේ කෙල්ලෙකුගේ ඇස දෙකත් හරියට ඊශ්වර දෙවියන්ගේ ඇස දෙක වගේය කියලා………

  2. අකිකරු හිත Says:

    නියමයි කවි ටික….

  3. Gayan Rupasinghe Says:

    සදරු වත් ඔය නිල් ඇස් ගෙන කියව කියව උන්නා නේද? ඇස් නම් අප්ප කතා කරල වැඩක් නෑ. අපිව පිස්සු වට්ටන්න පුලුවන් ඔය ඇස් වලට…

  4. රත්ගමයා Says:

    යකෝ….ඔය ඇස් තියන කෙල්ලොන්ට ඉන්න දියව්….
    ඇයි බොල ඇස්ම බලන්නේ…කෙල්ලෙක්ගේ ඇස් විතරද බලන්න තියෙන්නේ….වෙන තැන් නැද්ද..
    මම කියන්නේ නහය,කට,බෙල්ල උන්ඩුකපුච්චය , පුප්පුශීය ශිරා වගේ එව්වා පේන්නේ නැද්ද

  5. Gayan Rupasinghe Says:

    “ඕව බලන්නනම් බං, කෙල්ලව ඔපරේෂන් කරන්න වෙනවා…”

    පට්ට කතාව හෙහ් හෙහ්…

  6. Ravi Says:

    නිල්පාට ඇස් තුලම,
    ගිලී මා මියගියද,
    කමක් නැත,
    නිල් පාට ඇස් නොවෙද?

  7. හිස් අහස Says:

    මේක දැකලා මම ඩිම් උනා . අයියටයි මටයි දෙන්නටම නිල් පාට ඇස් වල කාන්තිය ඉවසන්න අමාරුයි වගේ ! ලස්සන කවි සෙට් එක මචං .. හපොයි නිල් පාට ඇස් ……හ්ම්


අකිකරු හිත වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: