කෆීර් දෙකට ඇත්තටම වුනේ මොකද්ද?



ගෝල්ඩ් fish ගේ ඔෆිස් එක තියෙන්නේ රත්මලානේ ගුවන් තොටුපලට කිලෝමීටර්යක් විතර ආසන්නයේ. ඉතිං ඔය ගුවන් හමුදා ප්‍රදර්ශනයට, පුහුනුවීම් කරද්දී එහෙම අපිට නොමිලේම ගුවන් කරනම්, පැරිෂුට් වලින් පනින සීන් එහෙම… බලාගන්න පුළුවන්. ඉතිං ඔය වගේ පුහුණු වෙන අවස්ථාවලදී… පොඩි පොඩි එක් අයෙකුට යන්න පුළුවන් ගුවන් යානා වල ඉඳන්…. MI 24 හෙලිකොප්ටර්, එතකොට එක එක ජාතියේ ප්‍රහාරක යානා…  කෆීර් ජෙට් යානා එහෙම අහස පුරා රවුං ගහන්නේ, මුළු අහසම දෙදරවාගෙන. පොඩි එකෙක්ව නම්  ඒ ව‍ගේ දවස වලට නිදිකරවනවා බොරු.

 

ඉතිං දැං අර කලින් කිව්වත් වගේ ගෝල්ඩ් fish ගේ ඔෆිස් එකේ ජනෙල් වීදුරුවක් ගාවට ගිය ගමන් සෙල්ලං ටික බලාගන්න පුළුවන්. හැබැයි ජෙට් එහෙම නම් බලාගන්න හරි අමාරුයි. මොකද … ජෙට් එක ගියාට පස්සේනේ සද්දේ ඇහැන්නේ… ඒක නිසා. ජෙට් එකේ සද්දෙට අපි එලියට බහිනකොට හරි ජනේලයක්  ලඟට දුවන කොට හරි ජෙට් ඩොට් වෙන්න විදලා. ආයේ ඉතිං ඒක බලන්න හබල් දුරේක්ෂය ගේන්න වෙනවා.

 

ඉතිං දැං කියන්න ගියේ අර මාරයා අයියලාගේ භවන පැත්තට කඩාගෙන වැටුන කෆීර් දෙකට එහෙම වුනේ ඇයි කියලානේ… ඇත්තටම එහෙම වුනේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි. ඒ වුනාට අපේ ඔෆිස් එකේ වුන් දන්නවා ඇයි කියලා. ඉතිං මේ විස්තර හොයාගත්තේ ක‍ෆීර් වල තිබුන කළු පෙට්ටියෙන් නම් නෙමේ. ඒව‍ායේ කළුපෙට්ටි තියෙනවද දන්නෙත් නෑ. මේ විස්තරේ දැනගන්න ලැබුනේ ගෝල්ඩ් fish ගේ ඔෆිස් එකේ යාළුවෙක්ගෙන්. කට්ටියට මතකද අර ඇස්වහ කටවහ ගැන කතාවක් කිව්වා…

 

අර එකේදි කියවුනේ එලාරිස් කියලා පොරක් ගැන. ඉතිං මූ කෙලින්ම සම්බන්ධයිලු කෆීර් යානා අනතුරට. අර කෆීර් යානා අපේ අහස පුරා දෙදරවාගෙන යද්දී අර කඩං වැටුන කෆීර් දෙක ලාවට වගේ දැකලා තියෙනවා අපේ එලාරිස් ගොයියා. පස්සේ ළඟ හිටිය අයට කිව්වලු… ඔන්න බලපං මචං, හෙට මේ වෙලාව වෙද්දී තමා රියල් වැඩ ටික බලාගන්න පුළුවන් වෙන්නේ… කියලා… අනේ එහෙම කියලා පැය භාගයක් යන්න හම්බුනේ නෑලු… ටීවී එකේ බ්‍රේකින් නිවුස් යනවලු… කෆීර් දෙක අනතුරට පත්වෙලා කියලා.

 

ඒ සැනින්ම අපේ එච් ආර් එක හරහා එලාරිස්ට කාඩ් එකක් රෙජිස්ටර් කලාලු… කෆීර් අයියා කියලා… අනේ මන්දා මූ ‍කොහේ ගියත් ඇදගෙන නාගන්නවා.

 

මේකත් එලාරිස්ගෙම කතාවක් තමා. දවසක් අපේ ඔෆිස් එකේ අයියා කෙනෙක්ගේ මරුති කාර් එකක් ගාවට ගිහින් එලාරිස් ඇහුවළු, මචං මේකේ පැට්‍රල් හොඳට වැඩ නේද කියලා… අනේ අර අයියත් අතිනුත් දාලා කිව්වලු…. ඔව් බං උඹත් ඔය බයික් එකෙන් ගාටන්නේ, ගනින්කෝ බං පොඩි කාර් එකක් කියලා…

 

පස්සේ ඉතිං ඒ කතාව ඉවර වෙලා… හවස ඕෆ් වෙලා ඇවිත් අර අයියා කාර් එක ස්ටාට් කරනවලු… භාන්ඩෙ ස්ටාට් වෙන්නේ නැහැලු. පස්සේ බලනකොට පෙට්‍රල් බිඳක්වත් නැහැලු කාර් එකේ. පෙට්‍රල් ටැංකියේ හිලක් වත් නෑලු. හැබැයි පෙට්‍රල් ටික වාෂ්ප පෙලා. ඉතිං දැන් එකෙක් වත් එලාරිස්ට වාහනයක් ගාවට කිට්ටු වෙන්න දෙන්නේවත් නැහැ ඒ සීන් එකෙන් පස්සේ.

 

ඇස්වහ කටවහ කෙසේ වුනත් ක‍ෆීර් අනතුරෙන් අපිට අහිමිවෙච්ච ඒ ගුවන් නියමුවා ගැනනම් දුකයි අප්පා.

20 Responses to “කෆීර් දෙකට ඇත්තටම වුනේ මොකද්ද?”

  1. sameera Says:

    හප්පා මැන් කලින් යුද්දෙට යවන්න තිබ්බේ කොටියෙන් පෙන්නලා මරු කොටියා කිවනම් කොටියා ඩවුන්.
    අය්යා මට අර ටොරන්ට් කතා ව තේරුන්නැ.අර කොමෙන්ට් කරලා තිබ්බෙ මගෙ එකේ

  2. නවීන් Says:

    අන්තිමට අපේ හොද යාළුවෙක් අපිට නැති වුනා.. 😦 රටට දක්ෂ ගුවන් නියමුවෙක් නැති වුනා.. ඇත්තටම මේ පොස්ට් එකට මම කැමතිනැ..

  3. අකිකරු හිත Says:

    අම්මෝ මාර ඇස්වහක්නෙ

  4. නවම් Says:

    අම්මෝ ඔය දවස් මතක් කරන්න එපා. රත්මලාන පැත්ත පලාතෙ නොඋන්නට ඔය කෆීර්, මිග්, හෙලිකොප්ටර් යන රූටෙක තිබුනෙ අපේ ගෙදර උඩින්. පොඩ්ඩ මේලෝකෙ දෙයක් කරල නිදිකරවගන්න බැරිඋනා. කකුල් කැඩෙනකන් නලවල ඇඳ උඩින් තිබ්බගමන් ඔන්නෙ අහස දෙදරවාගෙන යනව. ආපහු ඉතිං නළවන්න ඕන. පණ ගියා අප්ප ඒ දවස් ටිකේ.

  5. රත්ගමයා Says:

    එලාරිස් ගේ ඇස් වහ ඉකේයියා නේ බොලේ….
    මෙන්න මුට ඇවිල්ලා අනේ….රත්ගමය නම් විභාගේ පාස් වෙන්න එපා කියලා කියව ගන්න ඕනා….ශුවර් බඩු නේ…..හික්

  6. The Ramblings Of A Demented Mind Says:

    කතාවත් හොඳයි! නවම් අය්යාගේ ප්‍රතිචාරයත් හොඳයි! 😀

  7. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    අපරදේ අර ජීවිතයක් විනශ වුණා අර එලාරිස් තියන්න වටින්නේ නැනේ බලාගෙන ගියාම.ඇත්තම හේතුවනම් ගැන දැන ගන්න ඕනේනම් ගිය සුමානේ රිවිර බලන එකයි ඇත්තේ.

    පව් අර මැරිච්ච මනුෂ‍යාගේ පවුල.

    මගේ අයියා කෙනෙකුත් කටුනායක බොඩිම් වෙලා හිටියා එයාපොර්ට් එක ලගම මුල දවස්වල පොර ගෙදර හිටියාම පොඩි සද්දෙකට උඩ ගිහිල්ල ඇහෙරෙනවා.දැන් මූව නැගිටවන එක කුම්භකර්නයා නැගිට්ටනවට වඩ අමාරුඉ

  8. පිණිබිඳු Says:

    හප්පේ මාලුවා මේ අපෙ එහා පැත්තෙනෙ ඉඳල තියෙන්නෙ. පාරෙදි හම්බෙනවත් ඇති එහෙනම්. අපෝ දැන්නෙ දන්නෙ.

  9. හිස් අහස Says:

    මච එලාරිස්ට පෙන්නපංකෝ අපේ දිනේශ් අයියගෙ බ්ලොග් එක .! මොනවයි මොනවා වෙයිද බං …මගේ බ්ලොග් ගැන එහෙම කටක් හොල්ලනවා නෙවෙයි !

    ප්ලේන් බිම දාපු කටක් ….පට්ටයි ආ. උඹටත් මාර යාළුවෝ තමයි ඉන්නේ

  10. arunishapiro Says:

    මෝටර් රේස් ඩ්‍රැයිවර්ලායි ගුවන් නියමු‍වෝ වෙන අයයි ඇස්වහ කටවහ කතා විශ්වාස කළොත් ඉතින් වැඩේ පටන් ගන්නත් කළින්නෙ තිරිංග වැටෙන්නෙ.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: