අපරාදේ තේ එකෙන් නාවන්න තිබ්බේ… මගේ යශෝධරා වත 12



 
ඔන්න ඉතිං සුපුරුදු විදියටම, දවස් කීපයකට පස්සේ… යශෝධරාවගේ රම්‍ය මාලිගයට මං කුමාරයා පිවිසුනා. රෝද දෙකේ කන්ථකව පැත්තකින් තියලා මං මාලිගයට ඇතුළු වෙද්දී…. මාලිගය නිහඩයි. වෙනදාට සාලේට වෙලා ‍පොතක් කියවන හරි, ටීවී එකේ මොකක් හරි බලන හරි පුංචි කුමාරිකාව අද නෑ…

මං කුමාරයට ඉතිං පුංචි ප්‍රෙහේලිකාවක් මේක. මොකද වෙනදට මාලිගයේ ගේට්ටුව ඇරෙන සද්දෙට දුවගෙන එන කෙනො අද නෑ… යශෝධරාව අසනීප වෙලා වත්ද? නැත්තං අද මොකක් හරි ක්ලාස් එකක් සෙට් වෙලා වත්ද? ඒත් නැත්තං මාමාලගේ ගෙදර ගිහින් වත්ද? දහසකුත් ප්‍රශ්න. මං කුමාරයට ඒ වෙලාවට තමා හැමදේම එපා වෙන්නේ…. ඇයි ඉතිං කීයක් කියලා දේවල් ඔළුවට එනවද …. මේ කෙල්ලට මොකක් හරි කරදරයක්ද කියලා හිතුනම…හුම්… මුළු චිත්ත සාන්තානයම , අපායෙන් බුර බුරා නැගෙන ගින්නට අහුවුන කඩදාසි කොලයක් වගේ වෙනවා.

ඊට පස්සේ ඉතිං මං කුමාරයා කවුරුවත් පේන්න නැති නිසා මං හැමදාමත් අසුන් ගන්න අසුනෙම වාඩිවුනා. පස්සේ ටික වෙලාවකින් එනවා යශෝධරාවගේ මව්තුමිය. මොකෝ මේ මූන එල්ලගෙන…? මොකද අම්මගෙන් බැනුම් ඇහුවවවත්ද?

එයාට තේරෙන්නේ නැහැනේ මං කුමාරයාගේ හිතේ පත්තුවෙන ගින්දර. මව්තුමියට නම් විහිළු. මං මෙහේ සෙනෙහෙ ගින්නක ඇවිලෙනවා. ඊට පස්සේ ඉතිං මං කුමාරයත් ඇහුවා… කෝ නංගි? කියලා… එයා තංගල්ලේ ගියා.

……………………………………. තත්පර 20ක් විතර මං කුමාරයා නිහඩයි. මව්තුමිය බලන් ඉන්නවා මගේ ඊළඟ ප්‍රතිචාරය මොකද්ද කියලා. ම්….. මං එහෙනම් ගිහින් එන්නම්… නංගිට කියන්න මං එයාව බලන්න ඇවිල්ලා ගියා කියලා….

එහෙම කියද්දී අන්තිමේ ටිකේ චවන ටික ගැල‍පුනේ හෙන අමාරුවෙන්. නිකං ඇඩෙන්න වගේ. ඊට පස්සේ මාලිගයෙන් එලියට බහිද්දීම,…. යන්න යන්න ගෙට , අන්න නංගි නිදි , ඔලුව රිදෙනවා කියලා… ඉන්න මං කතා කරන්නම්…. කියලා මවු තුමිය කියපි.

හිතාගන්න පුළුවන්නේ කළුගලක් ගිනි අවුවට රත්වෙලා රත්වෙලා… එක පාරට වැස්සකට තෙමුනම වෙනදේ… ඒ වගේ තමා නිකං මගේ ඔළුවත් ඒ වෙ‍ලාවේ. කරකියාගන්න දෙයක් හිතා ගන්න බෑ… ඊට පස්සේ ගිහින් ආයෙමත් ඉඳගත්තාම… මෙන්න එනවා නිදිමත පෙරාගෙන…. ඇස් දෙකත් පිහිදදා… ඈනුමකුත් ඇරගෙනම….

හාලෝ….. ගුඩ් මෝර්නින්…. කියලා හිනා වෙනවා. එතකොට වෙලාට හවස හතරට විතර ඇති. ඒකිට නැගිට්ට වෙලාව තමා උදේ. මහ රෑ ඇහැරුනත් ගුඩ් මෝර්නින්ම තමා. ඉතිං යශෝධරා දන්නවා මගේ ඕනේ ලෙඩකට එකම බේත එයාගේ හිනවයි හුරතලෙයි තමා කියලා. ඊට පස්සේ අර ම‍ට තිබුන දුකයි, සාංකාවයි ඔක්කොම ටික ඉවරයි. ඔය ‍ෙමානා වුනත් මට පුළුවන්ද එක පාරට එයත් එක්ක කතාකරන්න? බැහැනේ… එහෙම වුනොත් මං කුමාරයා සෙකන්ඩ් වෙනවා වගේනේ… ඒක නිසා ඉතිං මාත් ටිකක් ගනං උස්සලා… අනේ මේ… යනවා යන්න… කිව්වා.

බඩු හරි අදත් නඩුවක්. කෙල්ලගේ මූන දෙක වුනා. මං අර ටික කියපු ස්වරය එච්චර හොඳ නෑ… ටිකක් මල පැනලා වගේ තමා ඒක කිව්වේ. මටත් ඒක තේරුනා … ඒත් ඉතිං පරක්කු වැඩියි. දැන් අර කොට්ටෙට තැලිලා රතු පාට වෙලා තිබ්බ පුංචි මූන ලොවි ගෙඩියක් වගේ වෙලා… ඇස් දෙකෙන් කඳුළු බිංදුවකුත් එලියට පනින්න පොරකනවා. මාවත් නිකං සීතල වෙලා වගේ… යශෝදරාවගේ හිත හොඳටම රිදිලා… ඊට පස්සේ ඉතිං එයාගේ ලෙඩේට බේත මගේ ගාව තියෙනවනේ…. සාක්කුවට අත දාලා… ම්… මේක කන්න… එතකොට නිදිමත ගතිය ගිහිල්ලා… ප්‍රබෝධමත්ව දවස පටන් ගන්න පුළුවන් කියලා… විහිළුවකුත් කරලම ඕකේ කේක් එක දික් කරාම එයාගේ හිතත් කූල්… දැං හරි අවුලක් නෑ.

හෙමීට මගේ ළඟට ඇවිත් ඕකේ එක අතින් උදුරගෙන… යනවා යන්න, පන්ඩිතයා… මට සැරකලා… කියලා බොරු තරහක් පෙන්න ගෙන ආපහු සිරියහන්ගැබට දිවුවා. ඊට පස්සේ ඉතිං කේක් එක තනියම කාලා… අම්මේ තේ එකා….ක්…..

මව්තුමිය කියනවා… එන්න පු‍තේ… අයියටත් මේ තේ එක ගෙනිහින් දෙන්න….

හරි වරෙන්කෝ තේ එකත් අරං, දෙන්නම් බැටේ කියලා හිත හිත ඉද්දීම, එනවා හුළඟට අහුවෙච්ච නැව වගේ එයාගේ තේ එක මග් එකේ කොක්කෙන් අල්ලගෙන මගේ තේ එක පීරිසියේ තියලා ඒක අනිත් අතින් අල්ලගෙන.

ආ… මේක ගන්න…

හි…හි… මං ගනියි… තේ එක… කෝ මෙහාට එන්න අත දිගනෑ… කිව්වම ලඟටම ආවා… හිමීට මගේ කකුල් දෙක එයාගේ කකුල් දෙක වටේට දාලා හිරකර ගත්තා. දැන් හරි… ආ…දැන් ඉතිං ඔහොම ඉන්නවා අම්මා එනකං… කිව්වම…

ආයෙත් සුදු මූන රතූ…. වෙලා…. අනේ මේක ගන්න.

බෑ….ඔහොම ඉන්න … අම්මා එනකං… තේ එක හැලුවොත් මං කියනවා අම්මට…

දැන් යශෝධරාවට හෙල්ලෙන්වත් බෑ… පොඩ්ඩක් හරි හෙල්ලුනොත් තේ එකත් හැලෙනවා, එයත් වැටෙනවා… ඔහොම තත්පර 30ක් විතර ඉද්දී…

දූ … මේ බිස්කට් එක ගෙනිහින් දෙන්න… කියලා මව්තුමිය කෑගහනවා…

පස්සේ ඉතිං මං කුමාරයටත් බොහොම දුකයි, යශෝධරාව හෙන අසීරුතාවයට පත්වෙලානේ ඉන්නේ… ඒ පාර ආ කෝ දෙන්න තේ දෙකම… ගිහින් අර බිස්කට් එක අරගෙන එන්න කියලා කියපු ගමන් තේ දෙක මගේ දිහාට දික් කරා…. මාත් ඉතිං මෝඩයා වගේ ගත්තනේ…

අප‍රාදේ තේ දෙක තව ටිකක් වෙලා තේ දෙකත් අල්ලගෙන යන එනමක් නැතුව හිරකරගෙන ඉන්න තිබ්බේ… ඕනෙනං මගේ කකුල් දෙක පොඩ්ඩක් හිර කරානම් තේ දෙකත් හලාගෙන යශෝධරාවත් මගේ ඔඩොක්කුවේ… ඒත් ඉතිං එහෙම කලේ නෑ… තව කල් තියෙනවනේ කියලා හිතලා… පස්සේ ඉතිං යන ගමන්…

අපරාදේ තේ එකෙන් නාවන්න තිබ්බේ… කියලා කියාගෙනම දිව්වා.

පස්සේ මව්තුමියට අකුරක් නෑර මුළු සීන් එකම කිව්වා…. මවුතුමිය ආවා මං කුමාර‍යාගේ ලඟට, අල්ල ගත්තා කනෙන්… ආ … පුතේ මෙන්න, දෙන්න මෙයාට දෙකක් ආයේ ඔය වගේ වැඩ නොකරන්න කිව්වා විතරයි… අර මත් වෙච්ච ඇතා වගේ කෙල ගෙන ආපි ලඟට… මං එවෙලේනම් හිතුවේ… මගේ අතකට පයකට කෙසේ වෙතත් කම්මුලටනම් බඩුම තමා කියලා… මොන… ආපු වේගෙන් දශමයක් වත් නෑ.. ෂොට් එක… හිමීට නිකං කුරුළු පිහාටුවක් අතේ ගෑවීගෙන යනවා වගේ තමා දැනුනේ. ඊට පස්සේ… හරි අම්මේ.. දුන්නා දෙකක් මතක හිටින්න…

අනේ ඔව්… ඒ දීපු දෙක රිදුනේ නැතුවට හොඳ…ට මතක හිටියා… කියලා පස්සේ දවසක කිව්වමනම් උරහිසකට රිදෙන්න එකක් වැදුනා. එදා ඇරියසුත් එක්කම ඊට පස්සේ බඩු හම්බුනා. හිටුකෝ හොර කෙල්ල… ඉක්මනටම අල්ල ගන්න මට ගහපු එකට….!

පස්සේ ඉතිං ‍ටිකක් වෙලා ඉඳලා ආයෙමත් මං කුමාරයා මගේ මාලිගයට සැපත් වුනා. එදා මට නින්ද ගියේ නෑ, මං දන්නවා අනිවාර්යෙන් යශෝධරාවත් නිදා ගත්තේ නෑ… මට නොකිව්වට…

%d bloggers like this: