මචං සමන්තගේ තාත්තා නැතිවෙලා බං…



සමන්ත… අප විදුහලේ, අපිත් එක්ක එක වසරේ ඉඳන් හිටිය හොඳ යාළුවෙක්. ස්කෝලේ වෙස්ටර්න් බෑන්ඩ් එකේ හිටිය හොඳම මෙලෝඩිකා, බේස් ඩ්‍රම් ප්ලේයර්. අද එයා ස්කෝලේ ඇවිත් නෑ… ගෝල්ඩ් fish ත් වෙනදා වෙලාවටම ස්කෝලේ ගියාට, මුළු ස්කෝලේම නිකං සුළි සුළඟකට අහුවෙලා අතු හැලිලා වියලිලා ගිය පොල් යායක් වගේ වෙලා.

වෙනදා ස්කෝලේ තියෙන ප්‍රානවත් ගතිය අද නෑ. ඔක්කොමල ගොළුවෙලා, ළමයි නිකං යකෙක් දැකලා වගේ බයවෙලා… මිස්ලා සර්ලා… තැන් තැන් වල හිමීට මොනාද මුමුනනවා. තාම ප්‍රින්සිපල් නම් ඇවිත් නෑ… ඒත් ස්කෝලේ පටන් ගන්න කිට්ටුයි. ගෝල්ඩ් fish ගිහින් පන්තියෙන් පොත් බෑග් එක තියලා ප්‍රිෆෙක්ට් බැජ් එකත් ගහගෙන ටයි එකත් දාගෙන අදාල පන්තියට යන්න ලෑස්ති වෙද්දී තමා පන්තියේ ළමයින්ගේ මුනු ටික දැක්කේ… වෙනදට මල් වගේ හිනාවෙන පිරිච්ච මූනු ටික අද මැලවිලා ගිහිල්ලා…

අද නම් මොකක් නමුත් ලොකු දෙයක් වෙලා තියෙනවා කියලා අහන්න යද්දී යාළුවෙක් ළඟට ඇවිත්… මචං සමන්තගේ තාත්තා නැතිවෙලා බං… කිව්වා.

මොනවා?

ඔව් බං..‍. අද උදේ….

ඉතිං මචං අපි යන්නේ නැද්ද?

මිස් කියනවා බං ප්‍රින්සිපල් එනකං යන්න දෙන්න විදියක් නෑ කියලා.

අනේ මේ මිස්ට හාල් ගාරාගන්න කියලා වරෙන් යන්න.

එතකොට බං බෑග්….

මචං, උඹලා මලගෙදර යන්න එනවද? නැත්තං මේ බෑග් ටික තාප්පේ උඩින් දියන් අපි එන්නම් පාරෙන්.

කව්ද කියලා දැක්කෙත් නෑ හරියට… මං කියෝගෙන ගියා… ඌත් හරි උඹලා වරෙන් අපි බෑග් ටික දෙන්නම්. සමන්තට කියපං මචං අපි ස්කෝලේ ඇරුන ගමන් එනවා කියලා.

එල එල, අපි යන්නම් බං, මිස් ඇහුවොත් කියපං අපි අද ස්කෝලේ ආවේ නෑ කියලා.

අපි පස්දෙනෙක් … ගේට්ටුවේ මුර අංකල් ගාවට ගිහින්… අංකල් බ්‍රිසිල් බෝඩ් 20ක් ගෙන්න කඩේට යන්න ඕනේ…

පස්‍දෙනෙක්?

ඔව් බ්‍රිසිල් බෝඩ් 20ක්නේ… නවන්නේ නැතුව ගේන්න කිව්වා…. ඒකයි.

ආ.. හරි යන්න එහෙනම්…

යන්තං අපේ මිතුරාගේ ගෙදරට ගිහින් උගේ දුකට සැනසීමක් වෙන්න කියලා හිතාගෙන පැන්න ස්කෝලෙන්… පුංචි අඩි දෙකේ වතුර ගලාගෙන යන කාණුව පැනලා තාප්පේ ගාවට ගිහින් පොත් බෑග් ටිකත් අරගෙන බස් හෝල්ට් එකට ගියා. අපේ කරුම වෙලාව… ගෙදර යන වෙලාවට, මතුගම අළුත්ගම එක බස් එකක් නෑ…. ඒත් දැන් එන්නෙම ඔක්කොම ඒවා… පානදුරේට යාගන්න බස් එකක් නෑ…. ඉතිං ඔහොම විනාඩි දහයක් විතර චාටර් වෙද්දී ආවා පානදුර එකක්. නැග්ගා විතරයි…. යකෝ ගෝල්ඩ් fish, ඔය ටයි එකයි බැජ් එකයි ගලෝ ගනින්. ආහ්… ඇත්තම තමා… 7 වසර පන්තියට යන්න ලෑස්ති වෙද්දීනේ පනිවිඩේ හම්බුනේ. ඒක නිසා මෙහෙම්ම ආවා. සමහරවිට අපිට ගේට්ටුවෙන් එලියට එන්න එච්චර ලේසි වෙන්න ඇත්තෙත් ටයි එකම තමා. නැත්තං ඉතිං ගුරුවරුන්ගේ නෝට් එකක් ඕනෙනේ එලියට යන්න‍.

බස් එකේත් වැඩිය සෙනග නැති නිසා බස් එකේදීම ටයි එකයි, බැජ් එකයි ගලෝලා බෑග් එකට ඔබා ගත්තා. දැන් පානදුර ස්ටෑන්ඩ් එකට කිට්ටුයි. බස් එක ප්‍රයිවෙට් ස්ටෑන්ඩ් එකට දාන්න කලිං ‍හොරණ පාරට හරවපු ගමන්ම නයා බෝගහ ගාවින් පැන ගන්න ඕනේ… නැත්තං ආය පාර පනින්නත් වෙලාවක් යනවා.

කෝ මලියා….

ආ… ඌ තාම ෆුට් බෝඩ්…. පැනපං බං ඉක්මනට…

හරි හරි , යමන්… ඩ්‍රයිවර් පොඩ්ඩක් පෑගුවා ඒකයි පැන්නේ නැත්තේ…

කව්ද මන්දා එකෙක්, ආ අන්න හොරණ එක එනවා ඒකෙ යමන්….

හ්ම් … නැගපං නැගපං….

ඉතිං ඔහොම ගිහින් සමන්ත‍ෙග් ගෙවල් වලට හැරෙන තැනින් බැහැ ගත්තා. අපි බලාපොරොත්තුවෙන් ආවේ සුදු කොඩියක්වත් දාලා ඇති කියලා පාරේ. ඒත් නෑ… ඇත්ත ඉතිං, සමන්තයා තනියම කොහොම කරන්නද? අම්මත් රටනේ… නෑයෙක් කියලා එකෙක් වත් ලඟකවත් නැහැනේ… ඉතිං අපි එහෙම්ම කනස්සලු වෙවී ගියා ගෙදරට….

සමන්ත… සමන්ත….

ආ වරෙන් වරෙන් ගෝල්ඩ් fish… මොකද බං අද ස්කෝලේ ගියෙ නැද්ද?

පව් සමන්තයා දුක හංගගෙන අපිත් එක්ක සුපුරුදු විදියටම කතා කරනවා. නෑ බං අපිට ආරංචිය ලැබුනා. ඒකයි දුවගෙන ආවේ… මිස්ට කිව්වෙත් නෑ බං.

මොන ආරංචියද?

උඹලාගේ තාත්තා ආන්ත්‍රාවුනා කියලා….

අපේ තාත්තා? කව්ද බොල කිව්වේ?

ඇයි බං උඹ කිව්වායි කියලා…. රමේෂයා තමා කිව්වේ….

ආ… මොකද පුතාලා අද ස්කෝලේ යන්නේ නැතුව මෙහේ… අද ටෙස්ට් එකක් වත්ද? ඒ සමන්තගේ තාත්තා…

නෑ අංකල්… අද වොලිබෝල් මැච්නේ… උගන්නන්නෙත් නෑනේ ඒක නිසා ආවා.

හරි හරි… දැම්ම යන්නේ නැහැනේ… දවල්ට කාලම යමු මං උයන්නම් ඉක්මනට.

අපි කාටවත් හිතාගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. උදේම ස්කෝලේ යද්දී අවමගුල තියෙන්නේ ස්කෝලේ වගේ ඔක්කොගෙම මුනු මැලවිලා. එහෙන් කට්ටිය බස් හොයනවා මළගෙදර එන්න. තව කට්ටියක් ස්කෝලේ බැනර් ටික ලෑස්ති කරනවා. ඒත් මැරණයි කියපු මනුස්සයා පන පිටිං. කියන්න බෑ…. අපි මේ දකින්නේ හොල්මනක්ද කියලා…

සමන්ත මොකද බං උනේ…

ඒ පාර ඌත් බයවෙලා…. මුකුත් නෑ බං, තාත්තා බාත් රූම් එකේ වැටුනා මං ඉතිං රමේෂ්ට කිව්වා… අද එන්න වෙන්නේ නෑ බං… තාත්තා වැටිලා කියලා… එච්චරයි… හැබැයි බං ඌ හිටියේ ගෙදර නම් නෙමේ අද මං හිතන්නේ මෑන් කලින් ස්කෝලේ ආවද කොහෙද මැච් නිසා.

යකෝ අන්න අරහේ මිස්ලයි සර්ලයි, බස් හොයනවා මල ගෙදර එන්න… කෝල් එකක් දාලා කියාපිය බොරුවක් කියලා.

ඈහ්… ආයෙම සමන්ත ගත්තා රමේෂ්ට කෝල් එකක්…. ඒ බොල නරියෝ… තෝ කිව්වද අපේ තාත්තා මැරිලා කියලා? ඈ…?

අනිත් පැත්තෙන් කතා කරන ඒවා කන ඔබාගෙන හිටිය නිසා අපිටත් ඇහුනා… රමේෂ් කියනවා, ඉතිං බං උඹනේ කිව්වේ උදේ කෝල් එකක් දීලා.

යකෝ මං කිව්වේ තාත්තා වැටුනා කියලා….

ඈ… මල හු**යි, මට ඇහුනේ තාත්තා මැරුනා කියනවා වගේ. මං බස් එකේනේ බං හිටියේ. අඩෝ දැන් මොකෝ කරන්නේ? මෙන්න මෙහේ පුෂ්පා මිස් බිස්කට් ගන්න සල්ලි එකතු කරනවා… ජිනසේන සර්, බස් වගයක් හොයන්න ගියා. ඒ මොකද බං සමන්ත දැන් කරන්නේ….?

මං කොහොමද බං දන්නේ? එකෙකුටවත් එන්න දෙන්න එපා යකෝ. ආවොත් එහෙම හෙට වෙද්දී තොපිට ආයෙත් මගේ මළගෙදර එන්න වෙයි… තාත්තාගෙන් දෙකක් කාපුවම උඹ දන්නවනේ… කොහොම හරි නවත්තපං. එන්නනම් දෙන්න එපා මචං කාටවත්.

වෙලා තියෙන දේ සක් සුදක් සේ පැහැදිලියි. ඊට පස්සේ සමන්තගේ තාත්ත‍ාගේ ෆෝන් එකෙන් ස්කෝලේ ජෙනරල් ලයින් එකට කෝල් එකක් අරං, ආ… මේ… පුෂ්පා මිස්ට කතා කරන්න පුළුවන්ද?

ඔය කව්ද?

මං ගෝල්ඩ් fish කියලා, මිස්ගේ පන්තියේ ළමයෙක්…

ආ ඉන්න පොඩ්ඩක්…

වෙලාවට පුෂ්පා මිස් ඒ වෙලාවේ ඔෆිස් එකේ ඉඳලා තියෙන්නේ. ඉතිං ඉක්මනටම ආවා ෆෝන් එකට.

ගෝල්ඩ් fish ඇයි පුතා? සමන්තල‍ා‍ගේ ගෙදර ගියාද?

ඔව් මිස්. මාර කේස් එක. මේ…. අපේ රමේෂ්ට සමන්ත කියලා තියෙන්නේ තාත්තා වැටුනා කියලා, ඌට ඇහිලා තියෙන්නේ මැරුනා කියනවා වගේ … මිස්.

පුතේ මෙන්න මෙහේ කට්ටියම එන්න ලෑස්තිය. ඉන්න ඉන්න මං කට්ටියට කියන්නම්…. දැන් ඔයාලා ස්කෝලෙට එනවද?

නෑ මිස් මෙහෙම්ම ගෙදර යනවා….

ආ… හරි එහෙනම්…

කොහොම හරි ඒ වැඩේ යන්තං ගොඩ දාගත්තා. ඊට පස්සේ තමා වැඩේ. සමන්තගේ තාත්තා අපිට දවල් කෑම ලෑස්ති කරලා…. බාස්මතී බතුයි, චිකනුයි, අල තෙල් දාලයි, පරිප්පුයි, කැරට් සම්බෝලයයි. ව්‍යංජන ටික වුනාට ඒකේ රස. ඊට පස්සේ ජෙලියි, අයිස් ක්‍රීමුයි. අපෙත් බඩවල් රබර් වගේ… කන්න කන්න ඇදෙනවා… ඕනෙ තරම් කන්නත් තියෙනවා. රසත් එහෙම්මයි. සමන්තගේ තාත්තා ජනප්‍රිය හොටලයක චෙෆ් කෙනෙක්… එත‍කොට ඉතිං අහන්න දෙයක් නෑනේ කෑම ගැන.

පස්සේ කොහොම හරි, රමේෂ්ගේ කන් ඇසීමේ කේස් එකක් නිසා, අපිට රසවත් බෝජන සංග්‍රහයක් ලැබුන එක තමා වුනේ. ඉතිං අසන්නා කෙසේ ඇසුවත් කියන්නා අසන්නාට තේරෙන්න හරියට කියන්න ඕනෙ නේද? කියන දේ කියලා අනිත් පැත්තෙන් අහන එකාට තේරුනාද කියලා කන්ෆර්ම් කරගන්නත් ඕනෙ නේද?

ඉතිං ඒ තමා ගෝල්ඩ් fish ස්කෝලෙන් හොරෙන් පැන්න එක දවසක් සහ මතක හිටිය හොඳම සිද්දිය. ඊට පස්සේ නම් මළගෙවල් වුනයි කිව්වට, ගියේ හොඳට හොයලා බලලා, ඔක්කොමලත් එක්ක තමා. ඇත්තටම අපි රැවටිලා ගමන ගියාටවත්, හොරෙන් ස්කෝලෙන් පැන්න එකටවත් අපිට දඩුවමක් දුන‍්නේ නෑ…. මොකද වෙන්න ගිය ඊට වඩ‍ා ලොකු විනාශයක් නැවැත්තුවනේ… ඒක නිසා…

14 Responses to “මචං සමන්තගේ තාත්තා නැතිවෙලා බං…”

  1. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    හොද අත්දැකීමක් ඊට පස්සේ හිදන් මොනවා හරි ඇහුන පලියටම ගමන් යන එක නවත්වන්න ඇති.

  2. නවම් Says:

    මං උඩ හරිය කියනකොට හෙන දුක් මූණක් දාගෙන කියෙව්වෙ. ඒ හරියෙදි මට මතක් උන්න අර මගේ ලෝයර් යාළුවගෙ තාත්ත නැතිවෙලා ඉස්කෝලෙ පන්තිය වහල සෙට් එකම මළ ගෙදර යන්න පාරට බැහැපු හැටි. ඒ බැස්සෙ උදේ අට වෙන්න කලින් නිසා වැඩේ අවුලක් උනේ නෑ. පන්ති බාර සර් මඟදි මුනගැහිල එයාවත් ඇදගෙන අන්තිමට මළ ගෙදර ගියේ.

    ඒත් අන්තිම හරීයට එනකොට සීන් එක කණපිට හැරිලනෙ බං. හොඳ වෙලාවට උඹල පස්දෙනා ඉස්සෙල්ල ගියේ. නැත්නං සෙට් එකම ගියානං බඩුම තමයි! කොහොමත් ඉතිං ඔය කාලෙ මළ ගෙවල් හොයාහෙන නෙ යන්නෙ නේද?

  3. රත්ගමයා Says:

    වැටුනා කියන්නේ මැරුනා කියන එකෙයි…
    අපරාදේ කට්ටියම එන්න තිබ්බේ මල ගෙදර කියලා හිතන්..මොන ඉලව්වකට ඉස්කෝලෙන් පනින්න ගියාද දන්නේ නෑ…එහෙනම් බිහිසුනු කතාවක් වත් අහන්න තිබ්බා…නොදකින් මාලුවා

  4. පූසා Says:

    කියවල ඉවර වෙලා හිනා වුනාව උඹලට කොහොම දැනෙන්න ඇද්ද මළගෙයක් කියලා ආරංචි වුනාම. ඊට හපන් ඇති නේද මළගෙයක් නෑ කියලා කිව්වාම 😀

  5. Gayan Rupasinghe Says:

    අඩේ කොහොමද ඉස්කොලේ සෙට් එක බැනරුත් උස්සන් අවනම් තියෙන ගතිය..

  6. සාතන් Says:

    මරු සිද්ධිය…. කොහොමද සමන්තලගෙ ගෙදර ඒ වෙලාවෙ තාත්ත විතරක් හිටියනම්…. කට්ටියට නූල් බඳින්න වෙන්නෙ…..


Gayan Rupasinghe වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: