වයසක (රි)ලව්….



මේ කතාව නම් අර අපේ එක මල්ලි කෙනෙක්ගේ භාෂාවෙන් කියන විදියට, කුප්ප කුජීත කතාවක්. මොනා කරන්නද ඉතිං මේ සිරි ලංකාද්වීපයේ මේ වගේ සුකුමල සීන් බලන්න අපිත් පිං කරලා තියෙනවා.

ගෝල්ඩ් fish උදේට එන බස්එකේ (සුදු මහත්තයා කියන කොන්දා ඉන්න එකේ නෙවේ) හැමදාමත් සිදුවෙන අපූරු කතාවක් තමා මේ…. මේක දැන් අවුරුදු තුන හතරක් තිස්සෙම වෙනවා. ඒත් මේක මං ටැංකියට නොදැම්මේ, අද අහුවෙයි, හෙට අහුවෙයි… කිය කිය බලාගෙන හිටිය නිසා. ඒත් අන්තිමට මට දැකගන්න වුනේ මං හීනෙන් වත් නොහිතපු දෙයක්.

මං එන බස්‍එකේ පිටිපස්සේම සීට් එක අර අපේ රංග අයියාලා ට්‍රිප් යද්දී වගේ හැමදාමත් එක කණ්ඩායමක් වෙන් කරගෙන ඉන්නේ. ඉතිං ඒ කන්ඩායමේ ඉන්නවා, අවුරුදු 16 තාම ස්කෝලේ යන නංගිලාගේ ඉඳන් වයස අවුරුදු 50 විතර වෙච්ච ගැහැනු පිරිමි දෙපක්ෂයම. පිටිපස්සේ සීට් එකේ වාඩි වෙන්න පුළුවන් 6 දෙනෙකුට විතරක් නිසා, කට්ටිය මාරුවෙන් මාරුවට සීට් වල ඉඳගෙන තමා ගමන එන්නේ.

ඔය අතරේ ඉන්නවා එක ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි.  ඇන්ටිට 45ක් විතර අන්කල්ටත් ඒ ආසන්න ගානක් හෝ ඊට වඩා අඩු මිසක් වැඩිනම් නෑ. හැබැයි මේ දෙන්න තමා මුළු බස්එකේම ඉන්න සිරාම කපල් එක. හරී ආදරෙන් තමා දෙන්නා එන්නේ… සමහර වෙලාවට අන්කල්ගේ එක අතක් ඇන්ටිගේ හැට්ටේ අස්සේ… (උන්ට කරන්න හොඳනම් මං අහවල් එකටෙයි ලියන්න ලැජ්ජා වෙන්නේ) ඒ දෙන්නට කිසිම ගානක් නෑ… පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගෙන එනවා. අර ස්කෝලේ යන නංගිලා දෙන්නත්… කිසි දෙයක් දන්නේ නැති ගානට එනවා. එක්කෙනෙක්ට නම් පිරිමි ළමයෙක් ඉන්නවා. එයත්  ඒ බස්එකේම තමා යන්නේ. ඒත් ඒ දෙන්නවත් අර ඇන්ටියි අංකලුයි තරම් ආදරෙන් යන්නේ නෑ…

ඇත්තටම මං සෑහෙන කාලයක් හිතාගෙන උන්නේ අර දෙන්නා අඹු සැමියෝ වෙන්න ඇති කියලා. පස්සේ එක දවසක් මං කොන්දාගෙන් ඇහුවා… මේ .. අරුං දෙන්නා බස් එකට නගින්නේ කොහෙන්ද බං?

අර අක්කා නම් නගින්නේ බස් එක පටන් ගන්න තැනින්. අයියා , මගින් බං,… ඇයි?

නෑ බං උන් දෙන්නා එක ගෙදර නෙමේද ඉන්නේ?

පිස්සුද යකෝ… අර ඉස්සරහ ඉන්නේ… අක්කාගේ මිනිහා…

කියලා පිටිපස්සේ සීට් එකට සීට් 4ක් විතර ඉස්සරහින් තියෙන සීට් එකක වාඩි වෙලා පාඩුවේ යන අන්කල් කෙනෙක්ව මට පෙන්නුවා. මට නිකං කලන්තේ වගේ කොන්දා කියපු දේවලට. මොකද මං මේ ලගදිත් ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඇස් පෙන්නුවානේ… ඉතිං ඒ දොස්තර  කිව්වේ ඇස් වල පෙනීම 6 න් 6යි කියලා. ඒක නිසා මගේ මේ හොඳට පේන ඇස් වලින් දැක්ක දේ මටම අදහා ගන්න බෑ… දැක්ක දේ නෙමේ හැමදාම දකින දේනේ… ඒක නිසා තවත් අප්සට්. ඊටත් වඩා කොන්දා කියපු කතාව ඇහුවම නිකං කන් දෙකට හයියෙන් හූ කිව්වා වගේ… කූං කූං ගානවා….

පස්සේ මං ආයෙත් කොන්දාගෙන්  ඇහුවා… ඉතිං බං ඒ ගෑනි අර හිවලාත් එක්ක බස් එකේ යන විදිය බලපංකෝ බං…. ඒක අර මිනිහා දන්නේ නැද්ද?

නෑ බං මිනිහා දන්නේ නෑ මං හිතන්නේ… මිනිහා එක්ක බස් එකට නැගලා, ගෑනි යනවා යාළුවෝ ගාවට. ඉතිං බං යාළුවෝ එක්ක යද්දී සැක හිතෙන්නේ නෑනේ බං…

දැන් මේ ටික කොන්දාගෙන් අහගෙන අවුරුද්දක් විතර ඇති මයේ හිතේ. කොන්දත් මාත් එක්ක බුදු ෆිට්. ඒක නිසා තමා විස්තර කිව්වේ.  ඉතිං… අනේ මන්දා මට නං කිසි දෙයක් තේරෙන්නේ නෑ.. මේ වගේ ගැහැනු ගැන.

කරුමෙට මං දවස් ගානක් වෙන බස් එකක ගියත්, අද උදේ මට ටිකක් පරක්කු වුන නිසා ඒ බස් එකටම නගින්න වුනා. ඉතිං අදත් එහෙම්ම තමා. ඇන්ටි අංකල්ගේ උර හිසෙන් ඔලුව තියාගෙන අන්කල්ගේ කකුල අතගානවා. කකුල කිව්වම තේරුම් ගනිල්ලා, මට හැමදේම කියන්න එලිපිට ඇරලා දාන්න බැහැනේ. එත අඩින් ටියුලිප් බෑග් එකක් තියාගෙන… මාත් ඕනෙ කමින් බැලුවා නෙමේ, නිකමට පිටිපස්සේ සීට් එකේ ඇඩල්ට්ස් ඔන්‍ලි සීන් එක යනවද කියලා බැලුන නිසායි දැක්කේ… මං ඔය සීන් එක දැක්ක ගමන් බස් එකේ අනිත් පැත්තට යනවා. ඒ වගේ දෙයක් බලාගෙන ආතල් ගන්න තරමට නම් මගේ හිත හදාගන්න බෑ. ඒ වගේම මං කවදාවත් දැකලා නෑ තරුණ වයසේ දෙන්නෙක් ඔය විදියට බස් එකේ යනවා. ඒ දැක්කනම් සමහර විට මාත් එබි එබි බලයි. ඒ මේ වගේ නාකි රිලවු දෙන්නෙක් බස් එකේ ඇපල් කනකොට අපි මොනා කරන්නද? ඒ දිහා බලාගෙන ෆන් එකක් ගන්න නෙමේ වීදුරුවෙන් එලියට ඔලුව දාලා වමනේ කරන්න හිතෙන්නේ…

හරි අමාරුයි හිතාගන්න, මේ සීන් එක අර මනුස්සයා දැන ගත්ත දාට මොන විදියට හැසිරෙයිද කියලා. ඒ මිනිහා තමන්ගේ ගෑනිව විශ්වාස කරලා යාලූවෝ ගාවට යැව්වම, ගෑනි මේ වගේ නාඩගමක් නටනවා කියලා හිතෙන්නේ නැහැනේ.

අනේ මං නම් කියන්නේ… ඔය ජෝඩුව කාට හරි දන්න එකෙකුට මාට්ටු වෙලා, හොඳවැයින් දෙකක් අහගන්න අවස්ථාව ඉක්මනටම උදාවේවා කියලා. කවදාවත් ආදරය කරන කෙනෙකුට එහෙම වෙන්න කියලා හිතින් පතන්න බෑ තමා… ඒත් මේ ඩබලට නම් ඒ විදියට ආශිර්වාද කරන්න මට ඒ තරම් අපහසුවක් නෑ… හැටක් හැත්තෑවක් සෙනග යන බස්එකේ අර වගේ කැත විදියට යන්න තරම් ධෛරයක් උන් දෙන්නට කොහෙන්ද දන්නේ නෑ? අනික ස්කෝලේ යන ළමයිනුත් දකිනවා ඒක.  ඉතිං ඒ අයට මොනා නම් හිතෙනවා ඇත්ද? සමහරු නම් ආසාවෙන් බලනවා ඇති. ඒත් ඒක වැරදි ආදර්ශයක්. මම දන්නේ නැහැ අර දෙන්නට ළමයි ඉන්නවද නැද්ද කියන්න නම්… ඒත් අන්සතු දෙයක් පරිහරනය කිරීම වැරදියි කියලයි මං හිතන්නේ.

මේක ලියාගෙන යද්දී මට හිතෙන්නෙම නවම් අයියගේ කටුනායක බෝඩිමේ වගේ… ඇන්ටි කෙනෙක් වෙන්ට ඇති කියලා මෙයත්..
 

36 Responses to “වයසක (රි)ලව්….”

  1. නවම් Says:

    ඔං ඕවට තමයි කියන්නෙ නාකි විසේ ගෙටත් උසේ කියල. ! සමහර විට නිසි වයසට ඔය දේවල් කරගන්න ඉඩක් හම්බුවෙලා නැතුව ඇති ඒ දෙන්නට. කොහොම උනත් වටේ පිටෙ ඉන්න අයට බාදාවක් නොවෙන්න, පිළිකුලට ලක් නොවෙන්න කරගන්න දෙයක් පාඩුවෙ කරගන්නවන්ම් තමයි හොඳ. මොකද ඕනම දෙයක් කරන්න සුදුසු තැනක්, කාලයක් තියනවනෙ.

  2. නවම් Says:

    ඒ බෝඩිමේ අයිතිකාරය කවුද කියල අපි දන්නෙ නෑ බං. ගියා, කාමරයක් දුන්න. මාවෙ අන්තිමට කුලිය එකතුකරන්න හාඩ්වෙයාර් එකේ වැඩකරන වයසක මනුස්සය එනව. අපි සල්ලි දෙනව. එච්චරයි !

  3. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    ගොල්ඩ් ෆිෂ් ඕක තමා සත්‍ය බන්.ඕක වැරදියට කියලා මම දකින්නේ ප්‍රසිද්ධියේ පාසල් ලමයින්ට , බස් එකේ යන අයට පේන්න ඕවා කරන එකයි.අනිත් ඒවා හරිද වැරදිද කියන්න අපිට බෑ ඒ ගොල්ලන්ගේ පෞද්ගලික දේවල් දන්නේ නැතුව.අනික අවුරුදු 45 පැන්නත් ලව් කරන්න එපා කියලා නැනේ.සමහර විට අර ඇන්ටිගේ අන්කල් එහෙම හිතන කෙනෙක් වෙන්න ඇති ඇන්ටි වෙනස් විදියකට හිතනවා ඇති.

  4. පිණිබිඳු Says:

    නාකි විසේ තමා ඉතින්. අර ගෑනිගෙ මනුස්සයාට වරදිලාවත් පිටිපස්ස සීට් එක බලන්න හිතෙන්නෙවත් නැද්ද අම්මපා.

  5. sameera Says:

    අය්යා ආයෙ කතා ලියන කොට මෙහෙම දාන්න එපා “බුදු ෆිට්”ගොඩක් පවු සිද්ද වෙනවා .

  6. හිස් අහස Says:

    මච හැං උඹලා හැංගිලා ඉඳලා ගහපිය ***** මුට්ටියකින් එතකොට ඔය විසේ ඇරිලා යාවි . මව ඔය පලාතේ හින්දම හොඳයි . මෙහේ එහෙමනම් දැඩි දඬුවම් ….

  7. ඩිලාන් Says:

    මට මේ බ්ලොග් එක බලන්න SBU එන්නම ඕනා,අලුත් පොස්ට් එකක් එද්දී ඒක දැනගන්නේ කොහොමද?මම SBU පීරලා තමා මාලුවව හොයාගන්නේ…කාලයක් මාලුවව බලන්න ආවට කමෙන්ට් කරන්නේ අද….
    නාකි විසේ ගෙටත් උසේ උනාම ඔහොම තමා

  8. arunishapiro Says:

    //නාකි රිලවු දෙන්නෙක් බස් එකේ ඇපල් කනකොට// ඊයියා කතාවක් වුනාට ලස්සනට ලියලා!!!

    පිට අය ඉදිරිපිට දී ලිංගික හැසිරීම් දැක්වීමට ඇති කැමැත්ත මානසික රෝගයක්. තැනක් නැති නිසාම නෙමේ, ඒ අය ඒකෙන් ලබන තෘප්තිය කාටවත් නොපෙනෙන තැනක දී කරාට ලබන්නෙ නැහැ.

    1975 ගණන් වල දී නුගේගොඩ රේමන්ඩ් පාරේ හිටියා මනුස්සයෙක්. එයා සරම ගලවනවා පාසැල් ළමුන් ළඟින් යද්දී. ඒකත් ඔය වර්ගයට අයිති ආසාදනයක්!!

    ඔය වගේ අයට ඇමෙරිකාවේ දී වගේ ඔ‍හොම වැඩක් කළොත් අසීලාචාර මහජන හැසිරීම කියලා මානසික රෝගය සුව කරගන්න රෝහලකට යන්න හා වන්දි ගෙවන දඬුවම් විඳින්න සිද්ධ වෙනවා.

    ඇමෙරිකන් පාසැල් බොහොමයක පාසැල් දරුවන් අතර බදාගන්න හෝ හාදු දෙන එකත් තහනම්!

    • ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

      මත මතක හැටියට ප්‍රසිද්ධියේ ඔය වගේ කටයුතු කිරීමට කියන්නේ “Exhibitionism” එහෙම නැත්නම් “”apodysophilia කියලා.අරුණි අක්කා කිව්වා වගේ ඕක මානසික විකෘතිතාවක්.(මට හරියටම රෝගය කියන්න බැ.සමහර විට වැරදි ඇති.)

      මට මතක හැටියට ලගදි කිව්වා ලංකාවේ මිනිස්සුන්ගේන් සියයට 9 ක් මානසික ලෙඩුන් කියලා.ඔය තියෙන ලෙඩ. මේ මිනිස්සුන්ට තම්න්ගේ පවුල් ජීවිතේ , අමන්ගේ ජිවිතේ ගොඩ දා ගන්න උදව් ඕනේ . එහෙම නැත්නම් වනචර කම කියලා අහක දාලා හරි යන්නේ නැ.

      //ඔය වගේ අයට ඇමෙරිකාවේ දී වගේ ඔ‍හොම වැඩක් කළොත් අසීලාචාර මහජන හැසිරීම කියලා මානසික රෝගය සුව කරගන්න රෝහලකට යන්න හා වන්දි ගෙවන දඬුවම් විඳින්න සිද්ධ වෙනවා.//

      ලංකාවේත් ඔය වගේ නීතියක් තියෙනවා හැබැයි යොදා ගන්නේ වැරදි විදියට.ඒ කියන්නේ පාරේ අත් අල්ලාගෙන යන කට්ටිය එකෙම නැත්නම් තම විවාහක බිරිදත් එක්ක බීච් එකට ගිහින් ඉර බහින හැටි බලන් ඉන්න කට්ටිය පොලියට දාන්න වගේ ඒවා.

      //ඇමෙරිකන් පාසැල් බොහොමයක පාසැල් දරුවන් අතර බදාගන්න හෝ හාදු දෙන එකත් තහනම්//
      ලංකාවේ කෝමත් අනිත් කෙනෙකු ස්පර්ෂ කරන එක සංස්කෘතික වශයෙන් පෙලබ්වන්නේ නැනේ .ඒක හින්දා පාසල් වල සිප වැලද ගැනීම් අඩුයි.හැබැයි මම හිතන්නේ තහනම් නැ.හැබැයි ඉතින් දෙන්නෙක් සිප වැලදගෙන අහු වුනොත් ආයිත් ඉස්කොලේ ගිහින් හමාරයි.

      • ගෝල්ඩ් fish Says:

        මචං, උන් දෙන්නටම සල්ලිත් ඇති තරමට තියෙනවා බං. දුප්පත් දෙන්නෙක් ඔය වගේ දෙයක් කලානම් මං මේ කතාව මෙහෙම ලියන්නේ නෑ…

      • arunishapiro Says:

        ක්ෂිතිජ විජේමාන්න | විත්ති,

        අද මානසික රෝග අළුතින් නිර්වචනය කරමින් ඉන්න නිසා හරියටම නමකින් හඳුන්වන්න අමාරුයි. මම දකින්නෙ සමහර මානසික රෝග කියලා නිර්වචනය කරන එව්වා රෝග නෙමේ ඒත් ඒවාට බේත් බොන අය, ප්‍රතිකාර ලබන අය වැඩියි. ප්‍රතිකාර ලැබිය යුතු අය මහපාරේ!

        2008 දී අංගොඩ මානසික රෝහල කරපු ප්‍රවෘත්ති ප්‍රකාශනයට අනුව ලංකාවේ ලක්ෂ 20 කට අධික සංඛ්‍යාවක් මානසික රෝගීන්. 2008 ලංකාවේ ජනගහණය ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව මිලියන 20 ක් පමණ. ඒ කියන්නෙ 10% කට විතර මානසික ආබාධ!!! අර කිව්ව වගේ බෙහෙත් බොන හා ප්‍රතිකාර ලබන 1% ක පිරිස ලෙඩ්ඩු නොවන නිසා ඔබ කියනා පරිදි 9% ක් පමණ තමයි මානසික ලෙඩ්ඩු ඇත්තෙ!!!!

    • ගෝල්ඩ් fish Says:

      අක්කා කියනවා වගේ මිනිස්සු නම් තාමත් ඉන්නවා. ගෑනු ළමයි ළඟින් යනකොට කලිසම ගලවනව. ඒත් ඒ මිනිහාට කවුරුත් මුකුත් කියන්නේ නෑ… කට්ටිය කියන්නේ ඌට පිස්සු කියලා…

    • ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

      ගොල්ඩ් දුප්පත් පෝසත් භේදය මානසික විකෘතී තාවයන්ට බලපාන්නේ නැ.සමහරවිට ඔය මානසික විකෘතිතා කෙටි කතාබහකින් සුව කරගන්න පුලුවන් ඒවා.ඔය ගැන බ්ලොග් සටහනකුත් තිබ්බා ඒත් මට හොයා ගන්න බැ.

      කවුද කිව්වා අපේ රටේ මානසික විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ ඉතා සුලු ප්‍රමාණයක් කියලා.

  9. arunishapiro Says:

    ගෝල්ඩ් fish,
    //මචං, උන් දෙන්නටම සල්ලිත් ඇති තරමට තියෙනවා බං. දුප්පත් දෙන්නෙක් ඔය වගේ දෙයක් කලානම් මං මේ කතාව මෙහෙම ලියන්නේ නෑ…//

    වැරැද්ද ධනවතා කළත් දුප්පතා කළත් වැරැද්දක්ම නොවේ ද? ධනවතාට විහිළු කරන අපි දුප්පතාට විහිළු නොකළ යුත්තේ මන්ද? 🙂

    • ගෝල්ඩ් fish Says:

      නෑ අක්කේ එහෙම හිතලා නෙවේ කිව්වේ… දුප්පත් කෙනෙක් ඔය වගේ දෙයක් කරන්නේ තමන්ගේ පවුල ගැන හිතලා වෙන්න පුළුවන්, පවුලේ අයව ජීවත් කරවන්න කීයක් හරි හම්බ කරන්න වෙන්න පුළුවන්… සමහරවිට අසහනය නිසා වෙන්නත් පුළුවන්. ඒත් සල්ලි තරමකට තියෙන කෙනෙක් ඔය වගේ දෙයක් කරන්නේ තනිකරම කැත හිත නිසා. එයාලට පවුල් බර ඒ හැටි දෙයක් නෙමේ.

  10. Chinthana Says:

    ඕ…. කොටු දාන සීන් එකක් නේ…………….

  11. කලු මල්ලි Says:

    ඔය නාකි රිලවි ලට නම් අපේ කොල්ලො කියන්නෙ “කලටි” කියල..රිලව් ගැන නම් එච්චර කතාවක් නෑ..

  12. arunishapiro Says:

    ගෝල්ඩ් fish,
    දුප්පත්කම නිසා අනාචාරයේ හැසිරෙන්නේ කීයක් හරි හොයාගන්න යැයි සිතීම සමාජයේ හුරුව වුනාට කවුරුත් ඔප්පු නොකරපු ප්‍රස්තුතයක්.

    දුප්පත් අය අතර කීයක් හරි හොයාගන්න පමණක් සබඳතා පැවැත්වීමක් ඇද්ද නැද්ද යන්න ගැන සමස්ත සමාජය ගැන පර්යේෂණයක් කරපු දාකට සත්‍ය සොයාගන්න පුළුවන් වෙයි. නැත්නම් සදාචාර අගයන් අඩු සමාජයක දුප්පත් පෝසත් බවකින් තොරව හැමෝම අනියම් සබඳතා පවත්වනවා ද යන්නත් සොයා ගන්න පුළුවන් වෙයි.

    මම දකින විදියට පුද්ගලයාගෙ ආර්ථික මට්ටම හා සදාචාරය ගෑවිලා යන්නෙ නැහැ. ඒක පුද්ගලයා හිතන අයුරු අනුව තීරණය වෙන්නක්.

    දුප්පත්කම නිසා අනාචාරයේ හැසිරුණාම කමක් නැහැ කියන හැදියාවකට අපි ඉඩ දීම දුප්පත් වුවත් ඉතා ශිෂ්ඨ ලෙසින් ජීවත් වෙන මහත් සංඛ්‍යාවට කරන ඉමහත් අසාධාරණයක්.

    • ගෝල්ඩ් fish Says:

      ඒක ඇත්ත අක්කේ… හැමදෙයක්ම අපි වැරදියට දකින්නයි, හරියට දකින්නයි ඉගෙන ගන්නේ සමාජයේ අනිත් අයගෙත් අදහස් වලට ඈහුම්කන් දීලා. අක්කා කියනවා වගේ //පුද්ගලයාගෙ ආර්ථික මට්ටම හා සදාචාරය ගෑවිලා යන්නෙ නැහැ. ඒක පුද්ගලයා හිතන අයුරු අනුව තීරණය වෙන්නක්.// කතාව ඇත්ත… මං එකඟයි.

  13. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    අරුණි අක්කේ

    //අද මානසික රෝග අළුතින් නිර්වචනය කරමින් ඉන්න නිසා හරියටම නමකින් හඳුන්වන්න අමාරුයි. මම දකින්නෙ සමහර මානසික රෝග කියලා නිර්වචනය කරන එව්වා රෝග නෙමේ ඒත් ඒවාට බේත් බොන අය, ප්‍රතිකාර ලබන අය වැඩියි. ප්‍රතිකාර ලැබිය යුතු අය මහපාරේ!//

    ඔව් නිර්වචනය සැහෙන්න වැදගත් ලංකාවේ සාමන්‍ය සමාජයේ නම් තියෙන්නේ ඕකට එක වචනයයි “පිස්සා” නමුත් පිස්සු කියන්නෙත් එක මානසික රෝගයක් කියලා දන්නේ නෑ.

    මම හිතන්නේ ඕවා හැදින්විය යුත්තේ මානසික රෝග කියන ඍනාත්මක වචනයෙන් නෙමේ එතකොට සමාජය ඒ පිලිබද බලන්නෙත් ඍනාත්මක විදියට ඉතින් මේ ඊලගට ගෙනෙන නිර්වචනය වඩා ධනාත්මක වෙනවා නම් හොදයි කියලා මම හිතනවා.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: