වයසක (රි)ලව්….



මේ කතාව නම් අර අපේ එක මල්ලි කෙනෙක්ගේ භාෂාවෙන් කියන විදියට, කුප්ප කුජීත කතාවක්. මොනා කරන්නද ඉතිං මේ සිරි ලංකාද්වීපයේ මේ වගේ සුකුමල සීන් බලන්න අපිත් පිං කරලා තියෙනවා.

ගෝල්ඩ් fish උදේට එන බස්එකේ (සුදු මහත්තයා කියන කොන්දා ඉන්න එකේ නෙවේ) හැමදාමත් සිදුවෙන අපූරු කතාවක් තමා මේ…. මේක දැන් අවුරුදු තුන හතරක් තිස්සෙම වෙනවා. ඒත් මේක මං ටැංකියට නොදැම්මේ, අද අහුවෙයි, හෙට අහුවෙයි… කිය කිය බලාගෙන හිටිය නිසා. ඒත් අන්තිමට මට දැකගන්න වුනේ මං හීනෙන් වත් නොහිතපු දෙයක්.

මං එන බස්‍එකේ පිටිපස්සේම සීට් එක අර අපේ රංග අයියාලා ට්‍රිප් යද්දී වගේ හැමදාමත් එක කණ්ඩායමක් වෙන් කරගෙන ඉන්නේ. ඉතිං ඒ කන්ඩායමේ ඉන්නවා, අවුරුදු 16 තාම ස්කෝලේ යන නංගිලාගේ ඉඳන් වයස අවුරුදු 50 විතර වෙච්ච ගැහැනු පිරිමි දෙපක්ෂයම. පිටිපස්සේ සීට් එකේ වාඩි වෙන්න පුළුවන් 6 දෙනෙකුට විතරක් නිසා, කට්ටිය මාරුවෙන් මාරුවට සීට් වල ඉඳගෙන තමා ගමන එන්නේ.

ඔය අතරේ ඉන්නවා එක ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි.  ඇන්ටිට 45ක් විතර අන්කල්ටත් ඒ ආසන්න ගානක් හෝ ඊට වඩා අඩු මිසක් වැඩිනම් නෑ. හැබැයි මේ දෙන්න තමා මුළු බස්එකේම ඉන්න සිරාම කපල් එක. හරී ආදරෙන් තමා දෙන්නා එන්නේ… සමහර වෙලාවට අන්කල්ගේ එක අතක් ඇන්ටිගේ හැට්ටේ අස්සේ… (උන්ට කරන්න හොඳනම් මං අහවල් එකටෙයි ලියන්න ලැජ්ජා වෙන්නේ) ඒ දෙන්නට කිසිම ගානක් නෑ… පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගෙන එනවා. අර ස්කෝලේ යන නංගිලා දෙන්නත්… කිසි දෙයක් දන්නේ නැති ගානට එනවා. එක්කෙනෙක්ට නම් පිරිමි ළමයෙක් ඉන්නවා. එයත්  ඒ බස්එකේම තමා යන්නේ. ඒත් ඒ දෙන්නවත් අර ඇන්ටියි අංකලුයි තරම් ආදරෙන් යන්නේ නෑ…

ඇත්තටම මං සෑහෙන කාලයක් හිතාගෙන උන්නේ අර දෙන්නා අඹු සැමියෝ වෙන්න ඇති කියලා. පස්සේ එක දවසක් මං කොන්දාගෙන් ඇහුවා… මේ .. අරුං දෙන්නා බස් එකට නගින්නේ කොහෙන්ද බං?

අර අක්කා නම් නගින්නේ බස් එක පටන් ගන්න තැනින්. අයියා , මගින් බං,… ඇයි?

නෑ බං උන් දෙන්නා එක ගෙදර නෙමේද ඉන්නේ?

පිස්සුද යකෝ… අර ඉස්සරහ ඉන්නේ… අක්කාගේ මිනිහා…

කියලා පිටිපස්සේ සීට් එකට සීට් 4ක් විතර ඉස්සරහින් තියෙන සීට් එකක වාඩි වෙලා පාඩුවේ යන අන්කල් කෙනෙක්ව මට පෙන්නුවා. මට නිකං කලන්තේ වගේ කොන්දා කියපු දේවලට. මොකද මං මේ ලගදිත් ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඇස් පෙන්නුවානේ… ඉතිං ඒ දොස්තර  කිව්වේ ඇස් වල පෙනීම 6 න් 6යි කියලා. ඒක නිසා මගේ මේ හොඳට පේන ඇස් වලින් දැක්ක දේ මටම අදහා ගන්න බෑ… දැක්ක දේ නෙමේ හැමදාම දකින දේනේ… ඒක නිසා තවත් අප්සට්. ඊටත් වඩා කොන්දා කියපු කතාව ඇහුවම නිකං කන් දෙකට හයියෙන් හූ කිව්වා වගේ… කූං කූං ගානවා….

පස්සේ මං ආයෙත් කොන්දාගෙන්  ඇහුවා… ඉතිං බං ඒ ගෑනි අර හිවලාත් එක්ක බස් එකේ යන විදිය බලපංකෝ බං…. ඒක අර මිනිහා දන්නේ නැද්ද?

නෑ බං මිනිහා දන්නේ නෑ මං හිතන්නේ… මිනිහා එක්ක බස් එකට නැගලා, ගෑනි යනවා යාළුවෝ ගාවට. ඉතිං බං යාළුවෝ එක්ක යද්දී සැක හිතෙන්නේ නෑනේ බං…

දැන් මේ ටික කොන්දාගෙන් අහගෙන අවුරුද්දක් විතර ඇති මයේ හිතේ. කොන්දත් මාත් එක්ක බුදු ෆිට්. ඒක නිසා තමා විස්තර කිව්වේ.  ඉතිං… අනේ මන්දා මට නං කිසි දෙයක් තේරෙන්නේ නෑ.. මේ වගේ ගැහැනු ගැන.

කරුමෙට මං දවස් ගානක් වෙන බස් එකක ගියත්, අද උදේ මට ටිකක් පරක්කු වුන නිසා ඒ බස් එකටම නගින්න වුනා. ඉතිං අදත් එහෙම්ම තමා. ඇන්ටි අංකල්ගේ උර හිසෙන් ඔලුව තියාගෙන අන්කල්ගේ කකුල අතගානවා. කකුල කිව්වම තේරුම් ගනිල්ලා, මට හැමදේම කියන්න එලිපිට ඇරලා දාන්න බැහැනේ. එත අඩින් ටියුලිප් බෑග් එකක් තියාගෙන… මාත් ඕනෙ කමින් බැලුවා නෙමේ, නිකමට පිටිපස්සේ සීට් එකේ ඇඩල්ට්ස් ඔන්‍ලි සීන් එක යනවද කියලා බැලුන නිසායි දැක්කේ… මං ඔය සීන් එක දැක්ක ගමන් බස් එකේ අනිත් පැත්තට යනවා. ඒ වගේ දෙයක් බලාගෙන ආතල් ගන්න තරමට නම් මගේ හිත හදාගන්න බෑ. ඒ වගේම මං කවදාවත් දැකලා නෑ තරුණ වයසේ දෙන්නෙක් ඔය විදියට බස් එකේ යනවා. ඒ දැක්කනම් සමහර විට මාත් එබි එබි බලයි. ඒ මේ වගේ නාකි රිලවු දෙන්නෙක් බස් එකේ ඇපල් කනකොට අපි මොනා කරන්නද? ඒ දිහා බලාගෙන ෆන් එකක් ගන්න නෙමේ වීදුරුවෙන් එලියට ඔලුව දාලා වමනේ කරන්න හිතෙන්නේ…

හරි අමාරුයි හිතාගන්න, මේ සීන් එක අර මනුස්සයා දැන ගත්ත දාට මොන විදියට හැසිරෙයිද කියලා. ඒ මිනිහා තමන්ගේ ගෑනිව විශ්වාස කරලා යාලූවෝ ගාවට යැව්වම, ගෑනි මේ වගේ නාඩගමක් නටනවා කියලා හිතෙන්නේ නැහැනේ.

අනේ මං නම් කියන්නේ… ඔය ජෝඩුව කාට හරි දන්න එකෙකුට මාට්ටු වෙලා, හොඳවැයින් දෙකක් අහගන්න අවස්ථාව ඉක්මනටම උදාවේවා කියලා. කවදාවත් ආදරය කරන කෙනෙකුට එහෙම වෙන්න කියලා හිතින් පතන්න බෑ තමා… ඒත් මේ ඩබලට නම් ඒ විදියට ආශිර්වාද කරන්න මට ඒ තරම් අපහසුවක් නෑ… හැටක් හැත්තෑවක් සෙනග යන බස්එකේ අර වගේ කැත විදියට යන්න තරම් ධෛරයක් උන් දෙන්නට කොහෙන්ද දන්නේ නෑ? අනික ස්කෝලේ යන ළමයිනුත් දකිනවා ඒක.  ඉතිං ඒ අයට මොනා නම් හිතෙනවා ඇත්ද? සමහරු නම් ආසාවෙන් බලනවා ඇති. ඒත් ඒක වැරදි ආදර්ශයක්. මම දන්නේ නැහැ අර දෙන්නට ළමයි ඉන්නවද නැද්ද කියන්න නම්… ඒත් අන්සතු දෙයක් පරිහරනය කිරීම වැරදියි කියලයි මං හිතන්නේ.

මේක ලියාගෙන යද්දී මට හිතෙන්නෙම නවම් අයියගේ කටුනායක බෝඩිමේ වගේ… ඇන්ටි කෙනෙක් වෙන්ට ඇති කියලා මෙයත්..
 

%d bloggers like this: