දැන් ඔයාගේ කාමරේට තියන්නේ මොනවද?



දැන් ඉතිං යාළු මාලුවෝ දන්නවා නෙව ගෝල්ඩ් fish ළඟදීම අළුත් ටැංකියකට සංක්‍රමනය වෙනවයි කියලා. මතකනේ කට්ටියට…. ගම ගැන හෙන පම්පෝරියක් ගහලා එහෙම කිව්වේ, යන්න ඉන්න ගම්පලාත ගැන. ඉතිං මේ දවස් ටිකේ ගෝල්ඩ් fish ගේ මවුතුමියගේ වැඩේම මුළු ලෝකෙම තියෙන මල් පැල ගෙනැල්ලා චූටි චූටි මල් පෝච්චි වල ඉන්දන එක. ඒකට ගෝල්ඩ් fish ගෙනුත් උපරිම සහයෝගයක් ලැබෙනවා. දන්නවනේ ඉතිං ඒ ඇයි කියලා. ගෝල්ඩ් fish පොරොන්දු උනානේ ආයේ අම්මගේ මල් පැල වලට බනින්නේ නෑ කියලා…. ඒකයි.

ඉතිං ඔය අස්සේ පියතුමා… දැන් සතිදෙකක විතර ඉඳන් අළුත් ගෙදර තාප්පේ ගහන වැඩේට බැහැලා, ගෙදර එන්නෙත් නෑ… මේ ඔක්කොම කරන්නේ ඉතිං අපේ අම්මට ඉන්නේ මං විතරක් නිසා තමා. එතකොට මල්ලී… ආහ්… ඌ අපේ තාත්තාගේ, මං අම්මගේ.

දැන් ඔය මල් පැල හෙවිල්ල අස්සේ ගෝල්ඩ් fish ගේ අම්මා කර්ටන් මහන වැඩයි, ලී බඩු එහෙට මෙහෙට කරන වැඩයි ඔක්කොම ගානට කරගෙන යනවා. ගානට කර‍ගෙන යන හරිය අහන්ඩ එපා ඉතිං, එව්වා දන්නේ මං නේ. කොල්ලෝ දෙන්නෙක් හිටියට එකෙක්ගෙන් වත් උදව්වක් නැතුව ඔය කරගෙන යන හරිය හොඳටම ඇති මයෙ හිතේ.

ඉතිං කොහොමහරි ගෝල්ඩ් fish ගේ තියෙන පන්ඩිත කමට, උගේ කාමරේ තීන්ත ගාන එක තාවකාලිකව නැවැත්තුවා. මොකද ගෝල්ඩ් fishට ඕනේ පාට තාම හම්බුනේ නැති නිසා… ඊට පස්සේ ඒ කාමරේට තියෙන ගෘහ භාන්ඩ… ඒවා නම් ඉතිං මොනා හරි කොරගන්න බැරියෑ… දැනටනම් ඉතිං ඩබල් ඇඳක්, මේසයක් පුටු දෙක තුනක්, රාක්කයක් වගේ ඒවා තමා අදහස් කරන් ඉන්නේ. දැන් අහන්න එපා දැම්ම මොකටද ඩබල් ඇඳක් කියලා… දැනට නැතත් කවදහරි ඕක ඕනෙ වෙනවානේ… කොහොමද ඇ‍ඳේ මෙහා කෙරෝලේ ඉඳන් එහා කෙරෝලට අරයව එලෝගෙන යන්න වුනාම… හි… හි… හැබැයි තාම ඔය කිසි දෙයක් සූදානම් කොරල නැහැ. මොකද ඒ ඔක්කොම ටික කෙරෙන්න ඕනේ මට කැමති විදියට නිසා, අම්මගෙනුත් බැනුම් ඇරෙන්න වෙන සහයෝගයක් නම් නෑ.

ඔන්න ඔහොම අපේ අම්මගේ ධර්ම දේශනයකට සවන් දීගෙන ඉන්න ගමන් අම්මා මගෙන් අහනවා… ලොකු පු‍තේ… දැන් ඔයාගේ කාමරේට තියන්නේ මොනවද?

ඇයි අම්මේ, නංගි හදලා දුන්න වූල් මල් ටික…

ඔන්න කොල්ලගේ ඔලුවට හදිස්සියෙම ආපු උත්තරේ. ඕක කිව්වනම් එහෙම…

ආහ්… ඒ ටිකද, ඒ ටිකත් අරං තෝ ඒකිගේ ගෙදරටම පල, එහේ ‍එහෙම එන්න එපා… කියයිද කියලත් ෂුවර් නෑ… කොහොම වුනත් ඒ මල් ටිකට අම්මත් කැමතියි. ඒක නිසානේ අළුත් ගෙදරට ගියාම තියන්න කියලා, පොලිතීන් එකක දාලා අරං තිබ්බේ… මට දුන්නේ කහ පාටින් එක මලයි සුදු පාටින් එක මලයි, දැන් තියෙන මල් වාස් එකට දාගන්න.

අනිත් ටික ඔක්කොම අරං තිබ්බා… තව මල් 18ක් විතර ඇති එතෙන. ආහ්… කියන්න අමතක වුනානේ නංගි කිව්වේ කාටද කියලා. වෙන කාටද ඉතිං ඔයාල දන්න කෙනෙකුට තමා. යශෝධරා හෙවත් ඒන්ජල්ට තමා නංගි කිව්වේ. තව කතාවක් මතක් වුනා, යශෝධරා වතට ලියන්න ඒ අස්සේ… ඒකත් පොඩි නෝට් එකක් දාගත්තා ඕං. අප්පේ ඒ මල් ටික මට හදලා දුන්නේ 2007 විතර. පරවෙන්නේ නැති නිසා හොඳයි ඉතිං. එක පාරයි කිව්වේ….

පාට දෙකකින් වූල් බෝල දෙකයි, කොල පාට ගම් ටේප් එකයි, ඉරටු ටිකකුයි ගෙනත් දෙන්න… කියලා පුංචි කටින් කියපු හැටි තාම මතකයි. ඊට පස්සේ මගේ මතකය ගැන දන්න නිසා, පුංචි කොල කෑල්ලක ලියලත් දුන්නා. කොහොම හරි දවස් දෙක තුනකින් බඩු ගිහින් දිලා මගේ මැණික් කැටේට කියලා මල් ටික හදවා ගත්තා කියමුකෝ…. මෙන්න ගෙදර ගෙනිච්චම ප්‍රශ්න කෝටියයි… අම්මා අහනවා කොහෙන්ද මේ මල්….?

අපේ ස්කෝලේ අද ප්‍රදර්ශනයක් තිබුනා. ඒකෙන් මම මේ මල් ටික අරගත්තා.

හ්ම්… එහෙනම් මේං මේ මල් දෙක තියාගන්න, අනිත් ටික අළුත් ගෙදරට ගියාම තියමු. අපේ අම්මා එහෙම කියලා දැන් අවුරුදු 4කට කිට්ටුයි. කොහෙද ඉතිං අපි ඔක්කොම මෙහේ ඉඳන් කිලෝ මීටර් 100ක් විතර ඈත ගෙයක් හදන්න පුළුවන්ද?


කොහොම හරි ඉතිං දැන් වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ මගේ කාමරේ වැඩ ටික තමා. දැන් ඉතිං කතා කර කර හිටියේ මගේ කාමරේට තියන බඩු ගැනනේ… ඉතිං ගෝල්ඩ් fishගේ පුංචි අදහසක් තියෙනවා අර වේක් අප් සිඩ් කියන කියන හින්දි ෆිල්ම් එකේ තියෙනවා වගේ වේවැල් වලින් හදපු වහලේ එල්ලන කූඩයකුත් කාමරේ එල්ලන්න. ඒකත් ඉතිං දැන් නැතත්, කවදහරි පොඩි කෙලි පැටික්කියක් හම්බුන දාට, ඒකිවත් ඔඩොක්කුවේ තියාගෙන ආතල් එකේ නලව නලව ඉන්න බැරි‍යෑ… පේනව නේද මූ හිතන දුර? ඒත් ඉතිං කරුමේ කියන්නේ තාම ඒවගේ එකක් හොයාගන්න බැරිවුනා… නිවුස් දෙක තුනක් ආවා, භාන්ඩේ තියෙන තැන් ගැන, බලන්න‍ ඕනේ රවුමක් දාලා.

ඉතිං දැන් කොහොම හරි මගේ කාමරේට තියෙන දේවල් කිසිම දෙයක් තාම රෙඩි නෑ… අඩුමගානේ තින්ත පාරක් වත් ගාලා නෑ… ඉක්මනටම මල්ටි ලැක් කලර් බෑන්ක් එකකට ගිහින් පාට ටිකක් තෝරලා ඒවයේ කෝඩ් ටික තාත්තට කියන්න ඕනේ. යන්තං සිවිලිම නම් ගහලා තියෙන්නේ… ඒක නිසා වහල හෙළුවෙන් නෙමේ.

ආයෙමත් ප්‍රශ්නයක්… දැන් මොනාද බිත්ති වල එල්ලන්නේ? මම ආසා නැහැ ඔය එක එකාගේ ෆොටෝ රාමු කරලා එල්ලන්න නම්. මොකක් හරි තඩි දර්ශනයක් හරි, අම්මා කතිර මැස්මෙන් මහලා දෙන හරි වීදුරුවේ ඇඳලා දෙන ග්ලාස් ආර්ට් එකක් හරි තමා එල්ලන්න වෙන්නේ. ඒත් යකෝ…. ඒ ඔක්කොම ගාන තීන්තෙ පාටට මැච් වෙන්න එපැයි. දැන් තියෙන ලොකුම අවුල තීන්ත පාට තමා. අනේ මන්දා මට නම් හිතාගන්න බැහැ. මං ආසා පාට කීයක් නම් තියෙනවද?

තැඹිලියට හුරු ක්‍රීම් පාට, දම්පාටට හුරු නිල් පාට. කෙසෙල් කොලේ කොල පාට, අම්බෝ තව හෙන ගොඩයි. දැන් නම් ඉතිං අන්තිම තීරනේ ගන්න කාලේ හරි වගේ… කාසියක් වත් උඩ දාලා තමා පාට තීරණය කරන්න වෙන්නේ. ඊට පස්සේ බැරියෑ ඉතුරු ටික. හැබැයි ඔය මොනා නැතිවුනත් මගේ කාමරේට අනිවාර්යෙන් තියෙන බඩු දෙකක් තියෙනවා. ඒ තමා යශෝධරාව හදලා දුන්න මල් ටිකයි, මගේ ආදරණීය මාලු ටැංකියයි. ඒ දෙකනම් වරදින්නේම නෑ…

ඊට අමතරව, මම දන්නවා අනිවාර්යෙන් අකමැත්තෙන් වුනත් අම්ම ගෙනත් දෙන මල් පෝච්චියකුත් මගේ කාමරේ තියාගන්නම වෙනවා. සේපාලිකා, හරි බට් සමන් පිච්ච හරි නම් අවුලක් නෑ… ඒවයේ සුවඳට මං කොහොමත් ආසයිනේ.. ඒක නිසා ඉතිං ඒ වගේ පැල තිබ්බොත් නම් අම්මා දෙන්න කලින්ම මං අරගෙන මගේ ජනේලයක් ගාවින් තියාගන්නවා.

ඉතිං ඔන්න ඔහොම තමා ගෝල්ඩ් fish ගේ අළුත් නවාතැනේ ෆර්නිචර් සෙටප් එක. ඔක්කොමත් හරි ගාන තීන්තෙ පාට මොකද්ද ඉතිං?

32 Responses to “දැන් ඔයාගේ කාමරේට තියන්නේ මොනවද?”

  1. සෝරෝ Says:

    උඹ, එක එක පාට ගගා චෙක් කරපං හිතට ෆිට් වෙන පාට..
    එකක් හරි ගියාම ඒක තියෙන්න ඇරපං..

    කොහොම ද මගේ ටිකිරි මොළේ… 😀

  2. Gayan Rupasinghe Says:

    උබට ගෘහ නිර්මාන ශිල්පියෙක් ගෙන් උපදෙස් ගන්න වෙයි වගේ කාමරේ තවත් ලස්සන කරගන්න… හෙහ් හෙහ් මගේ කාමරේ නම් ගන්නම දෙයක් නෑ… හෆොයි…..

  3. රත්ගමයා Says:

    අයියේ….කොල පාට ගාපන්…අපි ආන්ඩුවක් පිහිටවන එක පිහිට වනවා….බය නැතුව කොල ගාපන්…හික්

  4. සිරි කොල්ලා Says:

    අලේ ගොල්ඩ් ෆිශ් අයියා හවුස් වොමින් පාර්ටි එකට අපිටත් කියන්න හොදේ….. මෙ අයියා අර කාමරේ පාට තොරන වැඩෙ යශොදරාට භාර දුන්න නම් හරි… දෙන්නම එකතු වෙලා හොද පාටක් තොරන්න … :))

  5. පිණිබිඳු Says:

    තෝරගන්න අමාරු නම් බිත්ති 4 පාට හතරකින් ගාන එක තමා කරන්න තියෙන්නෙ. ඔන්න ගෙට ගෙවදින දවසට අපිටත් කිරිබත් කටක් එවන්ට ඈ..

  6. හංසකිංකිණි Says:

    මම දන්නව එල්ලෙන වේවැල් කූඩ තියෙන තැනක්.. මතක හැටියට 170, 177 බස් පාරෙ.. ම්… කොස්වත්ත කිට්ටුව වගෙයි මතක… ඉන්ඩකො අද යද්දි බලං යන්නං… ඇවිත් කියන්නංකො මලයො…

  7. සමනලී Says:

    දම් පාටට හුරු නිල් පාට…. ඒක ලස්සනට තියේවි….. ඒත් ඒන්ජල්ගෙන් ඇහුවානම් හරිනේ????
    ආ තව නුවර පාරේ මාලඹේ සහ බත්තරමුල්ල අතර තියෙනවා ගෝල්ඩ් ෆිෂ් හොයන ජාතියේ වේවැල් එල්ලන පුටු විකුණන තැනක්….. හංස කිංකිණි කියන්නෙත් එතැන වෙන්ට ඕනි….

    සුභපැතුම්!!!

  8. මලිය Says:

    මචන් මමත් කියන්නෙ කොළ එල කියල,
    රත්ගමයා කියනව වගේ ආණ්ඩුවකුත් හදනව අනිව ඒකටම කියල කොළ ටිකක් ප්‍රවේශමෙන් තියාගන්න. මහ රජතුමා ඒවා තහනම් කොරයිද දන්නෑ නේ.

  9. හිස් අහස Says:

    මචං ඔය උඩ ඉන්න කස්ටිය කියන දේවල් අහන්න එපා ! ඕව ප්‍රාථමික වැඩ . උඹ මචං වර්ණ රසායනාගාරයකට ගිහිල්ලා “නිල් , කහ , , තැඹිලි , ඔරේන්ජ් , ගුරු , දම් , ඉන්ඩිගෝ , සයන් , ” වලින් සුවල්පය බැගින් අරගෙන පරිස්සමෙන් ගෙදර වරෙං . ඊටපස්සේ ඔය පාට වර්ග සේරම ටින් එකෙන් අයින් කරලා සොපින් බෑග් වල පුරුවන්න .ඊටපස්සේ ඔය පුරවාපු සොපින් බෑග් සේරම කාඩ් බෝර්ඩ් පෙට්ටියක තැන්පත් කරන්න .

    හරි දැන් අවසන් පිවර … මචං ලඟම තියන වනජීවී ඔෆිස් එකට ගිහිල්ලා . කැප් දෙකේ අලි වෙඩිල්ලක් ඉල්ලගනිං . ඔවුවට සල්ලි ගන්නේ නෑ . ගෙවල් කොහෙද කියලා අහයි . කොහේ හරි වන්නියක කියපං ,එතකොට අලි වෙඩිල්ලත් දෙයි ඒකත් අරගෙන ආපහු ඇවිල්ලා . අර කාර්ඩ් බෝඑඩ් පෙට්ටිය ඇතුලට අලි වෙඩිල්ල දාලා කාමරේ හරි මැද්දෙන් සෙටර් වෙන්න තියපං . ඊටපස්සේ අලි වෙඩිල්ල උඩින් තියන නූල ඇදලා දුවපං . …. දුවපං දුවපං .. ආ .. කාමරේ රතුපාට ගානවනම් විතරක් දුවන්නේ නැතුව හිටපං . දැන් බලහං වෙනස . මගේ ආකිටෙක්චර් උපදෙස් ලබාගත්තට උඹ මට දැන් කීයක් ගෙවනවද ?
    ——————————————————————-

    ඇත්තටම සතුටුයි මචං උඹ අලුත් ගෙදරකට යනවලු නේද ඒකයි පොඩි විහිලුවකින් පටන්ගත්තේ . නැකතක් බලලද තියෙන්නේ . පිරිතක් කියලා ගොඩවැදියං මචං . කොහෙද බං උඹල අලුතෙන් පදින්චියට යන පලාත . ? . එහෙනම් ඉතින් උඹලට ජයෙන් ජයම වේවා .

    උඩ කියපුවා ගනං ගන්න එපා මම අද …….B………….ලා

  10. හසී Says:

    තැඹිලියට හුරු ක්‍රීම් පාට, දම්පාටට හුරු නිල් පාට. කෙසෙල් කොලේ කොල පාට, අලේ කොහොමද අප්පා තෝරන්නේ.. ඔක්කොටම ආසයිනේ… මං කියන්නද සුදු අයියේ බිත්ති හතරට පාට 4ක් ගාන්න.. හික්z කොහොමද මගේ ටිකිරි මොලේ… 😀

  11. හංසකිංකිණි Says:

    සමනලී කියන තැන තමා මං කියන්නෙත්….! එල්ලෙන පුටුවල ගණන් නම් මම දන්නෙ නෑ හැබැයි

  12. සාතන් Says:

    උඹ ඔය කාමරේ ඩබල් ඇඳකුත් දාගෙන කොරන්න හිතන් ඉන්න ඒවගෙ හැටියට කාමරේට හොඳ ටිකක් රතට හුරු දම් පාට…….

    අලුත් ගෙදරකට යන එකට සුභ පැතුම් මිත්‍රයා……

  13. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    මම කියන්නේ ඔය කාමරේට එන්න ඉන්න එක්කෙනාගෙන් අහලා බලපන්


මලිය වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: