මේකත් අර ඇමේසන් කතාවේ වුනා වගේම සීන් එකක් තමා… හැබැයි වුනේ කාටද කියලා නම් කියන්නේ නෑ…
ඔන්න එක්තරා ඔෆිස් එකක කොල්ලෝ ටිකක් ඉන්නවලු. මුන් ටිකගෙන් දෙන්නෙක් අම්බානෙට ෆිට්ලු. ඉතිං මේ ගොල්ලන්ට නයිට් කියලා ඕවර් ටයිම් රේට් එක තුන්ගුණයක් වෙලා යන වෙලාවලුත් තියෙනවලු. එහෙම දවස් වලට කොල්ලෝ ටිකත් අරින්නෙම නැහැලු…
ඇයි ඉතිං රෝල අදින්න අමාරුයිනේ… ඒකයි… හැබැයි මුන් එකෙක්වත් නයිට් එකේ කරන ඔෆිෂියල් වැඩක් නම් නැහැලු. කරන්නෙම කැරම් ගහන එකයි, මුනු පොතේ පිස්සු කෙලින එකයි… වෙබ් එකෙන් ඔන් ලයින් ෆිල්ම් බලන එකයිලු. ආහ්.. තව එකෙක් ඉන්නවලු… ඌ කරන්නේ අනුන්ගේ බ්ලොග් කියවා කියවා කොමෙන්ටු දාන එකලු. ඉතිං ඒ ඔක්කොම එපා වුනාම කට්ටයම සෙට් වෙලා ඩෙල්ටා ෆෝස් ගහනවලු. වෙලාවට කොම්පූතර් 7ක් විතර තියෙන නිසා හොඳට ගියාලු. ඉතිං ඔය අස්සේ අර හොඳම ෆිට් කොල්ලෝ දෙන්නගේ වැඩක් ගැන තමාලු මේ කියන්න යන්නේ….
ඔන්න ඉතිං අර යාළුවෝ දෙන්නා කොයිතරම් වැඩ තිබුනත් ඒ වැඩ ටික පැත්තක තියලා අනිවාර්යෙන් බලන එක වැඩසටහනක් තියෙනවා. සමහර දවස් වලට දිනන්න ඔන්න මෙන්න තියෙන කැරම් අත ඉවර නොකර දුවගෙන ගිහින්, කොම්පුටරේ ඉස්සරහා වාඩි වෙන තරමටම මේ දෙන්න ඒකට ආසයි. මොකද ඒකෙ තියෙන්නේ මාර වැඩ කෑලි. කට්ටිය හොඳටම දන්න නයිට් රයිඩර් තමා කතාව. ඕකෙ තීම් එක ඇහුන ගමන් යාළුවෝ දෙන්න වාෂ්ප වෙනවා. නයිට් රයිඩර් කොයිතරම් බලලා තිබුනත් තාමත් ඇති වෙලා නෑ උන් දෙන්නට. කවදා හරි ඕකුන් දෙන්නට ඇති වෙන්නේ කාර් එකක නැගලා උඩින් පන්නපු දාට තමා. ඒක ඉතිං හිතන තරං ලේසි නැති නිසා මයිකල් නයිට් කාර් එක පන්නන හැටි බල බල උන් දෙන්න හූල්ලනවා.
ඉතිං ඔහොම දවසක් කැරම් ගගහා ඉද්දී අන්තිම ඉත්තා තමින් සෙට් වෙලා ඉද්දී කැරම් අත පැත්තක දාලා… නයිට් රයිඩර් තීම් එක ඇහිලා දිව්වම උන් දෙන්නගේ පිස්සුව ගැන හිතා ගන්න පුළුවන්නේ. ඉතිං ඔහොම ගිහින් දෙන්න එක්ක කතාව බලන්න සෙට් වුනා. හුට්ටප්පරයයි… කතාව පටන් ගත්තා විතරයි වෙළඳ දැන්වීමක්. ඉතිං මක්කෙයි කොරන්නේ පාස් ෆෝවර් කරන්න කියලැයි… හැමදාම සමපෝෂ ඇඩ් බල බල ඉඳලා හරියන්නේ නැති නිසා එක යාලූවෙක් ගියා වතුර එකක් පුරෝගෙන එන්න ප්ලාස්ටික් බෝතලේට. පස්සේ ඒක අරං එද්දී බඩු පටං අරං. මයිකල් කාරයා කවදාවත් නැතුව කතාව මුලදිම කෑල්ලක් ටෝක් කරනවා. අම්මෝ දිලිසෙනවා… ඉතිං ඕක දිහා බලං ඉද්දී ඔන්න පටන් ගත්තා මයිකල්ගේ වැඩ කිඩ ටික… මයිකල්ගේ කිව්වට ඉතිං ඔක්කොම කාර් එකේ වැඩ තමා. ඌ දන්න එකම දේ කතාව අන්තිමට කවුරු හරි කෙල්ලෙක් අල්ලගෙන ඒකිගේ කට කන තමා. ඉතිං ඔන්න කාර් එක හොරු දෙන්නෙක් පස්සේ එලෝගෙන යද්දී …. ආපහු සමපෝෂ… ආච්චිගේ සමපෝෂ… මේ වෙලාවට තමා අර යාළුවෝ දෙන්නට තද වෙන්නේ… ඉතිං අර වතුර එක අරගෙන යාළුවගෙන් අනිත් යාලූවා වතුර එක ඉල්ලගෙන උගුරක් බිව්වා. මෙන්න ඊට පස්සේ ආයේ කතාව… මැදක් හරියෙදී මෙන්න මයිකල් කාරයා ඌ දන්න එකම වැඩේ කරනවා… කවදාවත් කෙල්ලෙකුගේ අතින් අල්ලලා නැති… අහිංසක මල් වගේ පිවිතරු, පිරිසිදු අපේ උගුර කට වේලෙන එක අහන්නත් දෙයක්ද ඉතිං?
පස්සේ අර වතුර ගෙනාපු යාළුවා ළඟ තිබ්බ බෝතලේ අරගෙන කටට තියලා ඉස්සුවා. වතුර ආවා ඒත් ටිකයි ඝනයි වගේ… නිකං අමුතු රහකුත් එනවා වගේ. ඒත් ඉතිං ඔලුව උස්සන් ඉඳලා කතාව මිස් කරගන්න බැරි නිසා වතුර උගුර ගිලලා දාලා ආයෙමත් කතාව බලන්න අරගත්තා. ඔන්න එනවා හිනා යන සීන් එකක්. ඒත් එකෙකුට හිනා යන්නේ නෑ… උගේ කට අරින්න ටිකක් අමාරුයි වගේ. නිකං සෙවල සෙවල වගේ. ඉතිං මොකැයි දන්නවැයි වෙලා තියෙන්නේ… ඌ නයිට් රයිඩර් සිහියෙන් වතුර කියලා හිතලා බීලා තියෙන්නේ ගම් බෝතලයක්.
ඔන්න ඊට පස්සේ අනිත් එකාටත් නොකියා ගිහිල්ලා… වොෂ් රූම් එකට… ඕක්…. ඕක්…. තාම ඉවර නැහැ… තව තියෙනවා… ඕක්…. ඕක්…. හම්මේ… යන්තං ඇති. වතුර ටිකක් එහෙම බීලා… ලක්ස් කෑල්ලකින් කටත් හෝදගෙන ඇවිත් ඔන්න වාඩි වුනා ආයෙමත් නයිට් රයිඩර් බලන්න. ඒත් නිකං බඩ ගොර ගොර ගානවා වගේ… මැරෙයිද මන්දා ඌ… කොහොම හරි අර ළඟ හිටිය යාළුවටත් කිව්වා… අඩෝ කාඩ් ගහන්න එහෙම එපා පොඩි සීන් එකක් ගියා බං… අරෑ නෙමේ හ්ම් කියන්නේ… ඌ කතාව බලනවා… ඔන්න ඊට පස්සේ ජාතික බාසාවෙන් වචනයක් දාලා ඇමතුවම …
මොකද්ද බං…
යකෝ තෝ වතුරෙක ගත්තම මං බීලා තියෙන්නේ ගම් …. අරෑට ඒත් ගානක් නැහැනේ.
ඔන්න ඊට පස්සේ යන්තං කතාව ඉවර වුනා. පස්සේ අර යාලුවා අහනවා… මොකද්ද උඹ කිව්වේ? ගම්?
දැනුයි මීටර් වෙලා තියෙන්නේ…. අනේ අරෑ මැරෙන්න ගියා නම් එහෙම කියයි… පොඩ්ඩක් හිටපං මේ ටිකත් බලලා මැරියං කියලා… පේනවනේ ඉතිං මයිකල් නයිට්ට උං දෙන්නා කොච්චර ආදරේද කියලා… ඔන්න යාලුවෝ දෙන්න කව්ද කියලා අහන්න ඔට්ටු නෑ හරිය.
2011 මාර්තු 1 දින පෙ.ව. 8:03 ට
අර බ්ලොග් කියව කියව කමෙන්ට් කරන කෙනාවනම් මං දන්නවා.එයාද දන්නේ නෑ ගම් බිව්වේ නේද සුදු අයියේ.. 😛
2011 මාර්තු 2 දින පෙ.ව. 8:39 ට
අනේ මන්දා නංගියේ…
2011 මාර්තු 1 දින පෙ.ව. 8:32 ට
ගම් බිව්ව කෙනා ගැන අහන්න ඔට්ටුයි නේද අයියන්ඩි…. (බය වෙන්න එපා මම කාටවත් කියන්නෙ නැ..ඔයා නේද බිව්වෙ ගම්? 😛
2011 මාර්තු 2 දින පෙ.ව. 8:39 ට
අපෝ එහෙම කියන්න බෑ…
2011 මාර්තු 1 දින පෙ.ව. 10:22 ට
ගම් බිව්වෙ මෙයා තමා අනිවාර්යෙන්ම
2011 මාර්තු 2 දින පෙ.ව. 8:39 ට
හී හී
2011 මාර්තු 1 දින පෙ.ව. 10:53 ට
මේක යාලුවෙක් ගේ කතාවක් නෙමේ නේ බොල..බොරු කියන්නේ නැතුව ඇත්ත නම දාන්න එපැයි ගෝල්ඩ් ෆිශ් කියලා…ඔය සමපෝශ ඇඩ් නම් බොගක් තමා..ඒත් අපි නම් ගම් බිව්වේ නෑ…මම ආයේ කියනවා කතා ලියනකොට තමන්ට උන් එව්වා අනුන්ගේ නමට හරවලා දාන්න එපා කියලා
2011 මාර්තු 2 දින පෙ.ව. 8:40 ට
අපි ඉතුං උඹලා වගේ නෙමේනේ.. අනුත් උන් ගැන හිතනවනේ…
2011 මාර්තු 1 දින ප.ව. 1:00 ට
කැතයින බං ඔහොම කතා ලියනකොට. ඔය ගම් බීපු කතාව දන්නෙ එදා රැ නයිට් රයිඩර් බලපු කොල්ලො දෙන්න විතරයිනෙ.
එකෙක් ගම් බිව්ව, අනෙකා වගේ වගක් නැතුව නයිට් රයිඩර් බැලුව
ගම් බීපු එකා ශේප් එකේ බාත් රූම් එකට ගිහිල්ල වමනෙ පාරක් දාල ලක්ස් වලින් කටත් හේදුව.
ඒත් අනිත් එකා මේ මුකුත්ම දන්නෙ නෑ. ඌ තවමත් නයිට් රයිඩර් බලනව.
ඊට පස්සෙ කවුද කොල්ලෙක් වෙච්ච සිද්ධිය අකුරක් නෑර ලියල පොස්ට් එකක් දානව.
ඊට පස්සෙ සේරටම හිතාගන්න පුළුවන් මොකාද ගම් බෝතලේ බිව්වෙ කියල
2011 මාර්තු 2 දින පෙ.ව. 8:41 ට
මෙන්න මෑන්… මාර විශ්ලේෂනයක්නේ කරලා තියෙන්නේ…
2011 මාර්තු 1 දින ප.ව. 1:53 ට
fatta ayya
2011 මාර්තු 2 දින පෙ.ව. 8:41 ට
එල මචං
2011 මාර්තු 1 දින ප.ව. 4:02 ට
කමක් නෑ ගම් වලින් හරි නැවතුනානෙ,
සිරාටම කවුද දන්නෑනේද?
නවම් කියන විදියට හිතුවොත් අනිව ඩෙෆා ගෝල්ඩ් ෆිශ් අයියන්ඩිය තමා බීල තියෙන්නෙ.
2011 මාර්තු 2 දින පෙ.ව. 8:42 ට
උඩෝ උමටත් හිතෙන්නේ එහෙමද බං?
2011 මාර්තු 1 දින ප.ව. 5:42 ට
සියලූ කරුනු කාරනා විමසා බැලීමෙන් අනතුරුව . ගම් බීපු එකා ගෝල්ඩ් ෆිෂ් බව බ්ලොග් කියවන පාඨක සැම විසින් ඒක මතිකව තීරණය කරන ලදී …
අපරාදේ කවුද එකෙක් අතේ පැලවෙන පචයක් අතාරින්න ගිහිං නිකං හාල් උනා . එක්කෝ අර නවම් අයිය කීව වගේ තුන් දෙනෙක් හිටියා කියලාවත් දාපන්කෝ
මේ අයියා ගම් ගහපුහාම වදිනවද ? මොනගම්ද ගැහුවේ . බයින්ඩර්ද . සුපර් ග්ලූද ?
2011 මාර්තු 2 දින පෙ.ව. 8:42 ට
කොල අලවන ගම් වගයක් බං…
2011 මාර්තු 2 දින ප.ව. 7:31 ට
එලකිරි මචන්, බන්ඩ මාට්ටු!
2011 මාර්තු 5 දින ප.ව. 7:20 ට
ගම් මොනවගේ රහද
2011 මාර්තු 6 දින පෙ.ව. 7:03 ට
කාල බලපං මචං… මට අර යාළුවා නම් කිව්වේ ෆට්ටයි කියලා