ටැංකිය refresh කිරීම…


අද නම් කියන්න යන්නේ කතාවක් නෙවෙයි. විවිධාකාර දෙයක්. අර පරණ වෛවර්ණ චිත්තපටි වගේ. කට්ටිය හැරිලා යන එකක් නෑ කියලා විශ්වාස කරනවා. වෙලාවක් තියෙනම් පොඩ්ඩක් කියවලා බලන්න. ඉතිං මුලින්ම… ගෝල්ඩ් fish  නම් වූ මේ කොලුවා, බ්ලොග් කරණයට එන්න හේතුව කියන්න එපැයි. වැඩි කතා ඕනේ නෑ මං බ්ලොග් ලියන්න ඉගෙන ගත්තේ, ආභාෂය ගත්තේ… බ්ලොග් එකේ වැඩ කිඩ දාන්න ඔක්කොම ඉගෙන ගත්තේ තනියම … නෙවෙයි. දැනට තාවකාලිකව අක්‍රිය බ්ලොග් එකක් වන “ඉබ්බෙකුට සමනල තටු ඇවිත් “ කියන ඉබ්බයියගේ බ්ලොග් එක කියවලා තමා මටත් කතා ලියන්න ආසා හිතුනේ. ඇත්තටම මගේ ටැංකිය මේ තියෙන තත්වෙට ගේන්න ගොඩක් උදව් කරේ ඉබ්බා තමා.

කලගුන සලකන්නත් ඕනෙ නිසි කාලය ආවමනේ… ඉතිං ඒකයි මගේ 50 වෙනි පෝස්ට් එකේදී වත්, 100 වෙනි පෝස්ට් එකේදීවත් මේ ගැන සඳහන් නොකර එකසිය පහන් ගනන් වල තියෙන පෝසට් අස්සට මේ වගේ පෝස්ට් එකකුත් ඔබන්න හිතුනේ. දැන් ඉතිං මේ කෙරුවාව පටන් අරං මාස 7ක් විතර ඇති. ඇත්තටම අත්තිවාරම දාගන්න උදවු කල, මට ටැංකියක් හදන අදහස දුන්න ඉබ්බයියට බොහෝම ස්තූතියි. ඒ වගේම මං දන්නවා මේ පෝස්ට් එක අද හෙට ඉබ්බා දකින්නේ නෑ… ඒක නිසා ඌ බලන දවසක බලපුදෙන් කියලා අද ඉඳන් ඉබ්බා ගැන කියලා කැටගරියකුත් දාලා තියනවා මගේ ටැංකියේ.

ඊට පස්සේ තමා වැදගත්ම හරිය. ඔහොම ටික දවසක් යද්දී මට යාළුවෝ ගොඩ දෙනෙක් සෙට් වුනා. දැන් මං හිතන්නේ බ්ලොග් අවකාශයේ එකම මාළුවා කිව්වම නොදන්න අය ඉස්සර තරම් නෑ… ගෝල්ඩ් fish  ගැන ඇත්තටම ගොඩ දෙනෙක් දැන් දන්නවා. ඉතිං මට සතුටුයි. මට ඔය සෙට් වෙලා ඉන්න යාලුවෝ නම් වශයෙන් කියන්න බෑ… මොකද එකෙක් හරි මිස් වුනොත්… ඕකනේ ඉතිං, තොපිට අපිව මතක නෑනේ…. කියලා බැනුමක් අහගන්න බැරි නිසා මං නම් දාන්නේ නෑ… දන්න අය දන්නවා මං එයාලාගේ බ්ලොග් බලන බව. ගොඩක් වෙලාවට කමෙන්ට් කරනවා. ගෙදරින් ලොග් වෙච්ච වෙලාවටනම් ඒක මගහැරෙනවා, කනෙක්ෂන් එක ස්ලෝ නිසා.

ඒ වගේම මං ගොඩ දෙනෙක්ගේ පස්සෙන් පන්නගෙනත් යනවා. මගේ පස්සෙනුත් මේක ලියන මොහොත වෙද්දී 49 දෙනෙක් පන්නනවා. හැබැයි බ්ලොග්ර් අඩවියක වගේ වර්ඩ්ප්‍රෙස් එකක ෆලෝවර්ස්ලාගේ ලිස්ට් එකක් දාන්න විදියක් මං දන්නේ නෑ… තව…. ආහ්… ගොඩ දෙනෙක්ගේ බ්ලොග් වල තියෙන්නේ අර මං කියවන බ්ලොග් අඩවි, නිතර යන තැන් වගේ ටයිට්ල් එකකින් බ්ලොග් ලින්ක් වගයක්…. අන්න ඒ ගොඩේ මගේ ටැංකියත් තියෙනවා දැක්කම මට මාර හැපි…

ඉතිං මාත් හිතුවා මගේ ටැංකිය වෙනුවෙන් මගේ යාළු මාලුවන්ට උපහාර කරන්න. ඒ මේ විදියට… ඔයාලා යෝජනා කරන මගේ ටැංකියේ වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා නම් මට කියන්න. ඒ අතරින් වැඩිම දෙනෙක් යෝජනා කරන වෙනස් කම් කීපයක් කරන්න ගෝල්ඩ් fish  ලෑස්ති වෙලා ඉන්නවා. ඉතිං මේවායි කරන්න පුලුවන් වෙනස් කම් වෙන්නේ…

ලිපියේ අකුරු වල ප්‍රමාණය.

බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එක.

ඊට පස්සේ ඔය දකුනු පැත්තේ එල්ලලා තියෙන ගැජට් ටික.

මට කියන්න මේවයේ මොනාහරි වෙනස් කමක් වෙන් ඕනෙද? එහෙමනම් ඒ මොනාද?  කියලා… මං මට පුළුවන් උපරිමයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන වෙනස කරන්න හිතාගෙන ඉන්නවා.

ඒ වගේම මට කියන්න බලන්න ඔයාලා කැමතිම කතාව මොකද්ද කියලා මගේ බ්ලොග් එකේ…

ඊට පස්සේ ඔයාලා හිතන විදියට මට ලියන්න පුළුවන් මොන වගේ කතාද?

තව මගේ පොඩි අදහසක් තියෙනවා, කතා ලියන්න පුළුවන් අයගේ උදව් ඇතිව ඕපන් සෝස් කතාවක් ලියන්න. ඒ කියන්නේ මෙහෙමයි, කට්ටියට මතක ඇති  ගෝල්ඩ් fish  දැනට ටික කාලෙකට කලින් ලියාගෙන ගියා අඳුරු මිටියාවතේ කතාව කියලා එකක්. ඉතිං ඒක මගේ මූඩ් අප්සට් යෑමත් එක්ක ලියන එක නවත්තලා දාන්න උනා. කව්රු හරි කැමතිනම් ඒක ආයේ පටන් ගන්න, ඒ අයගේ අදහස් වලට අනුව කතාවේ ශෛලිය රැකගෙන ඒ අයගේ නමින්ම කතාව ඉදිරියට ගෙන යන්න මං ලෑස්තියි. ඉල්ලීම් කීපයක් ආවා මූනු පොතෙන් මේ කතාව ලියන්න කියලා… ඒකයි… කවුරු හරි ඒ කතාවට කැමතිනම් මුනු පොතෙන්ම මට දැනුම් දෙන්න. එතකොට මට පුළුවන් විදියට කන්ටෑක්ට් කරගෙන කතාව ලියන්න සෙට් වෙමු. තව එකක් කියන්න ඕනෙ… ඔයාලා ලියලා එව‍න කතාවේ කිසිම දෙයක් මං එඩිට් කරන්නේ නෑ… අසභ්‍ය දෙයක් නොගැලපෙන දෙයක් තිබුනොත් ඇරෙන්න. ඒක නිසා පුළුවන් තරම් ලස්සනට ලියලා මේල් කරන්න. ඒ වගේම හැමදාම එක්කෙනාටම කතාව ලියන්න දෙන්න විදියකුත් නැතිවෙයි, ඒක නිසා ඒකටත් මොකක් හරි වැඩ පිළිවෙලක්  ඉදිරියේදී යොදමු.  සමහරවිට මේ සීන් එකට කවුරුවත් කැමති වෙන එකකුත් නෑ. කමක් නෑ අදහස දාන එක මගේ යුතුමක් නිසයි කිව්වේ.

ඉතිං ඔන්න ඔහොමයි මගේ ටැංකියේ දැනට පවතින් තත්වය. ඒ එකක්ම වීවර්ස්ලා 26000 පන්නලාත් තියෙනවා. කමෙන්ට් 1000ක් විතරත් තියෙනවා, මගේ පිළිතුරු ඇරෙන්න.

ඉතිං කට්ටිය එකක් මට පොඩ්ඩක් උදවු කරනවද මගේ ටැංකිය රිෆ්‍රෙෂ් කරගන්න.

ඌ නිදි, මගේ අත්දෙකේ… මගේ යශෝධරා වත 14


හතර වටින්ම කුරුළු සද්දමං කුමාරයත් සැපට නිදාගෙන පෙරදා රාත්‍රියේනිදියලා නැගිට්ටට පස්සේ තමා මතක් වුනේ කොහේද ඉන්නේ කියලාආහ්මං කුමාරයා, මව්තුමියයි, පියතුමයි, බාල සහෝයි එක්ක අපේ නෑදෑ පිරිස බැහැ දකින්න කියලා මව්තුමියගේ රාජධානියට ඇවිල්ලා තමා හිටියේ

ඉතිං අද තමා ආපහු මං කුමාරයාගේ රාජධානියට යන්නේයන්න කලිං මාමාලාගේ මාලිගයටත් ගොඩවැදිලා තමා යන්න ඕනේ. මොකද එහේ එක එක ජාතියේ පළතුරු වත්තක්ම තියෙනවා. ඉතිං මං කුමාරයා එහෙට යද්දී නැන්දා හැමදාමත් ගෙදර ගෙනියන්න මොනා හරි පළතුරු වර්ගයක් ලෑස්ති කරනවමයි.

හින්දාම වෙන මොන දේ අමතක කලත් මං කුමාරයා පලතුරු ටිකනම් අමතක කරන්නෙම් නෑඉතිං එදා උදේත් අපි මාමාලගේ මාලිගයට යද්දීමංජු අයියා අතේ මොකෙද්දෝ මංදා ගුලි කරගෙන පාන්තිරේකින් කිරි පොවනවා…. මං කුමාරයාට ඔය වගේ අවස්ථා දැක්කම ඉවසිල්ලක් අතේ හැංගිලා ඉන්නේ මොකෙද්ද කියලා බලාගන්න. ඉතිං මං ළඟට ගිහින් බලද්දී චූටී ලේන් පැටියෙක්මංජු අයියේමට මූව දෙන්නකෝගෙදර ගෙනියන්න

වගේ වෙලාවට ඉතිං අනිත් කුමාරවරු වගේ නෙමේ මංජු කුමාරයා බොහොම කරුණාවෙන්පොඩි පෙට්ටි පොඩ්ඩකට දාලා රෙදි කෑල්ලකුත් ඔතලා ලේන් පැටියව මට දෙනවා. ආයේ ඉතිං ගෙදරට පැටියා ගෙනිච්චයි කියලා අඩුවක් වෙනවයෑඕනෙ තරම් ලේන් පැටව් ඉන්නවනේ….

ඉතිං ඔන්න මං කුමාරයා ලේන් පැටියව අ‍රගෙන එන්න හදද්දිම මගේ යශෝධරාව මතකෙට නැගුනා. නැගුනා විතරයි යැවුවා මැසේජ් එකක්…. mage nangi patiyata, lena patiyek oneda? කියලාමෙන්න ටික වෙලාවකින් කෝල් එකක්….

හලෝ….

හලෝලේන් පැටියෙක්….?

මල කෙලියයි මහරජතුමනිනඩු කාරි, නඩු කාරියශෝධරාවගේ මව්තුමිය

මැඩම් , කෝ නංගා…?

නංගා තමාමේ ඉන්නේ නහයෙන් අඩ අඩ

මොකද?

එයා අහනවාඑයා කොහොමද යාගේ වුනේ, එයා තාම අම්මගෙයි තාත්තගෙයිනේ කියලා

හරි හරිඉතිං මෝඩිගෙන් අහන්න ලේන් පැටියෙක් ඕනෙද කියලා….

………………………………………………….. තත්පර 10 විතර නිහැඩියාවක්….

අරං එන්නලු

හරි මං ගේන්නම්…. කියලා මං කුමාරයා කෝල් එක කට් කරා.

ඊට පස්සේ ලේන් පැටියවත් අරගෙන මගේ මාලිගයට වැඩ්ඩා වැඩිල්ලක්ගමේ ඉඳන් මුළු ගමනටම ගියේ පැය 5යි. වෙනදට පැට 7ක් හෝ 8ක් යන ගමන….

ඊට පස්සේ ඉතිං යශෝධරාව ගැන සම්පූර්ණයෙන් අමතක වුනා කිව්වොත් හරි. මොකද ඉතිං හුරතල් කරන්නයි කෝලම් බලන්නයි ලේන් පැටියෙක් ඉන්නවානේඉතිං ඔහොම දවසක් දෙකක් ලේන පැටියගේ විකාර බල බල ඉද්දී ආයෙමත් යශෝදරාව ගැන මතක් වුනා

මෙන්න එයාලා මගේ මාලිගයට එන්න හදනවාලේන් පැටියා බලන්න නෙවේඅවුරුද්දට. ඉතිං ආයේ දවස් දෙකකින් විතර ආවා. එනකොට මං කුමාරයා වෙරි වෙච්ච නාලාගිරි වගේ කට කපලා දොයි. පස්සේ අපේ මව්තුමී ඇවිත්…. ලොකූ…. ලොකූ….. අන්න නංගිලා ඇවිත්

අපේ මව්තුමි දන්නවා මම නංගි කියලා කටක් ඇරලා කතා කරන්නේ ඔය කුමාරිකාව ගැන විතරයි කියලාමොකද මගේ මාලිගය අවට ඉන්න එක ගෑනු පරානයක් එක්ක වත් මගේ කතාවක් නැති නිසා මට ඉන්න එකම නංගි යශෝධරාව විතරයි කියලා මව්තුමිය දන්නවා. පස්සේ ඉතිං මාත් නිදි ගැට කඩ කඩ යහනින් බිමට බැහැලා…. මූන ටිකක් හෝද ගෙන එහෙම ගියා යශෝධරාව බැහැදකින්න.

මෙන්න බොල යනකොට යශෝධරාව මැද්දෙන් තියාගෙන අම්මලා දෙන්න බර කතාවක. මදිවට අපේ අම්මා යශෝධරාවගේ කර වටේට අතත් දාගෙන ලඟට තුරුල් කොරං. අනේ අම්මේ විලි ලැජ්ජාවේ බෑ මං කුමාරයට. අපේ මව්තුමිය හදන්නේ පුංචි යශෝධරාවව දැන්මම මාලිගයට කැන්දගෙන එන්නද මංදා…. කෝමත් අපේ මව්තුමිය මං කුමාරයට වැඩියයශො‍්ධරාවට සෙනෙහෙයි කියලා මං කුමාරයට වැටහිලා තිබුනේඉතිං මාත් ගිය ගමන්

පුතේ අර, ලේන් පැටියව අරං එන්න නංගිට පෙන්නන්න

මේං වැඩක්මට වැඩිය හදිස්සිය අපේ මවු තුමිට, ලේන පැටියව යශෝධරාවට පෙන්නන්න

පැනලා ගිහිංහොයා ගන්න විදියක් නෑකියලා අර අම්මලා දෙන්න මැද්දේ හුරතල් වෙවී හිටිය යශෝදරාවටත් විරිත්තලා මං කුමාරයා කිව්වා

බොරු කියන්නේ නැතුව ගිහිං අරං එන්නනංගි පවුනේ

මේක හරි වැඩක්නේ ය‍කෝ, අපේ මව්තුමිට මං කුමාරයට වැඩිය කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලොකුවෙලාඒත් ඉතිං මොනා කරන්නද අර සූටි ඇස් දෙකත්අනේ ගේන්නකෝ අයියේකියලා කටින් නොකියා ඇස් දෙකෙන් කියද්දී… ඔන්න ඉතිං ගිහින් ගෙනාව කියමුකෝ ලේන් පැටියව.

මේ ගෝතයාව යශෝධරා ගාවට ගෙනාව විතරයි මූ හතර වටේට ඉව අල්ලන්න තියාගත්තේ නැතෑ… හරියට නිකම් ඌරු මීයෙක් වගේ… පස්සේ ආ… පරිස්සමින්… ඕක හූරයි… කියලා මං යශෝධරාවගේ අත්දෙකෙන් තිබ්බා… හීක්ස්… මං කුමාරයා දන්නවා, තව සුළු මොහොතකින් යශෝධරාවට වෙනදේ. මගේ ඇස් ඉස්සරහ මැවිලා පේනවා සීන් එක. යශෝධරාගේ අත ලේන පැටියා හපලා යශෝධරාව කෑ ගහන හැටි. අනේ අප්පේ …. මටත් ඉතිං සංතෝසේ බෑ… ඒ වගේ අවස්ථාවක් උදාවෙනකං… ආයි අමතක නොවෙන්න නෝන්ඩියක් දාන්න පුළුවන්නේ…. ඉතිං ඔහොම තිස්තුන් කෝටියක් දෙයියන්ට පිං දිදී… දැං හපපිය, දැං හපපිය කියලා බලා උන්නට වැඩේ වෙන පාටක් නෑ…

ඊට පස්සේ මව් තුමිය මාව කඩේ යැවුවා. යශෝධරාවට බිස්කට් ගේන්න. මං කුමාරයත් ඉතිං කන්ථකව අරගෙන ගිහින් සිං ගාලා ලෙමන් පෆ් එකක් අරගෙන ආවා. ඊ‍ට පස්සේ කන්ථකව පැත්තක තියලා මාලිගයට යනකොට, බඩු හරි. කාටවත් නෙමේ මං කුමාරයට. මං කුමාරයා හිතුවෙම ලේන පැටිය යශෝධරාවගේ අතට ගේම දීලා ඇති කියලා. ඒත්…. මේ තක්කඩි ලේනා යශෝධරාවට හීලෑ වෙලා. ඉතිං මං කුමාරයා බලං ඉන්නවා කුමාරිගෙයි ලේනගෙයි සෙල්ලං ටික… යශෝධරාවගේ දකුණු අත දිගේ උරහිසට නැගලා, ආයෙම කොන්ඩේ අස්සෙන් ගිහින් වම් අතින් මේකා ඔඩොක්කුවට එනවා. මේ ගෙරි ලේනා… ගෙනාපු දා ඉදන් දවස් හතරක් ඇතුලත මං කුමාරයට 20 පාරකට වැඩිය උගේ චූටි දත් වලින් ෂොට් එක දීලා තියෙනවා. ඌට කිරි පොවන්න ගියත් මාව හපනවා, හුරතල් කොරන්න ගියත් හපනවා… ඒකට මේං… අතට අරං පැය භාගයක් ගියේ නෑ… ලේනාගේ හිතත් යශෝධරාවට බැඳිලා. මට ඉරිසියාවේ බෑ… මේකි ලේනාගේ අර අළු පාට පුළුං වගේ පිට අතගාද්දී… ලේනා බලං ඉන්නේ… අර කුමාරයාගේ යශෝධරාවියේ… මට ඌත් එක්ක ඉන්න බැහැ… මාව ඔයාලගේ මාලිගයට ගෙනියන්න… කියන්න වගේ.

ඊට පස්සේ අපේ මව් තුමිය… පුතේ ලේනාව ගන්නකෝ දැන්, නංගිට බිස්කට් එකක් කන්න. මෙහෙ දීපිය  ඔය හොර ලේනව… කියලා හිතින් හිතලා… කෝ දෙන්න, ඔයා කාලා ඉන්න… කියලා කටින් කියලා ලේනාව මං සතුකරගත්තා. ඇත්තමයි, මේ නරියාගේ කකුල් ටික ටිකක් ලොකුවට තිබ්බනම් එහෙම මූව මං පොලේ ගහනවා. මූ කා‍ගෙන් අවසර අරංද මගේ යශෝධරාවගේ ඔඩොක්කුවට වෙලා හුරතල් වුනේ… ඒ අස්සේ යශෝධරාවට අපේ අම්මේ බිස්කට් කවනවා… අනේ අප්පේ මෙහෙමත් විගඩං. අපේ මව්තුමිය හදන්නේ මගේ හඳුන්පොතට කෙල වන්න කියලා දැනෙන්න වුනාම. අනේ අම්මේ මටත්…. කියලා මාත් කට ඇරියා… ඔය හම්බුනේ හොඳවැයින් එකක්… ආ… මේං … එනවා මෙතෙන හුරතල් වෙන්න… කියලා බිස්කට් එකක් දුන්නා අතට.

ඒ අස්සේ යශෝධරාවත් අපේ අම්මා එක්ක සෙට් වෙලා මං කුමාරයට නෝන්ඩි දානවා. අනේ සුදූ… තෝ අහුවෙය කියලා කියන්නත් බෑ,.. කිව්ව ගමන් අපේ මව්තුමීගෙන් හොඳ දේසනයක් ලැ‍බෙනවා. ඉතිං කෝම හරි මං කුමාරයා ඉවසා වදාරා හිටියා යශෝධරාව බිස්කට් කාලා ඉවර වෙනකම්… ඒ අස්සේ ලේනා… ඌත් සෑහෙන ට්‍රයි එකක් දෙනවා යශෝධරාවගේ ඔඩොක්කුවට පනින්න. මාත් චූටි හොම්බ විතරක් එලියට හිටින්න තියාගෙන අත් දෙකෙන්ම ඌව මිරිකලා අල්ලාගෙන ඉන්නවා. පස්සේ ඉතිං යශෝධරාවගේ බිස්කට් වැළඳීම අහවර වුන ගමන් … මෙන්න මේකිත් මගේ දිහාට අත දික්කරගෙන ඉන්නවා… ලේනව දෙනකම්… මේක හරි වැඩක්නේ… ඇයි යකඩෝ මාව හුරතල් කරන්ඩකෝ, මේ ලේනාට වැඩිය මං කොච්චර වටිනවද කියලා හිතට හෙන දුක් ගොඩකුත් එක්ක එක එක අදහස් එනවා. ඒත් ඉතිං මේ පාරත් මං අර අහින්සක චූටි ඇස් දෙකට පැරදුනා.

ආයෙත් ලේන පැටියව යශෝධරාවට දුන්නම… බලන්න ඕනේ මූනෙ තියෙන හිනාව… මං කුමාරයා වැඩියෙන්ම ආසා ඒ හිනාවට තමා… මුළු තුන් ලෝකෙන්ම මං දැකපු ලස්සනම හිනාව. කවදාවත් අමතක නොවෙන, දකින්න දකින්න ආසා හිතෙන, ඇස් දෙක පියා ගෙන ඕනෙ වෙලාවක මගේ හිතේ මවා ගන්න පුළුවන් ඒ ලස්සන හිනාව… ඉතිං මං කුමාරයා කොයිතරම් තරදඩු වුනත් ඔය හිනාවටනම් හැමදාමත් පරදිනවා.

ඊට පස්සේ මං කුමාරයා තුන් දෙනාට ඉන්න දීලා, මගේ කාමරේට වෙලා ඉඳීයා. පස්සේ යශෝධරාව යන්න ලෑස්තිවෙලා, කියන්න අපේ අම්මා මට කතා කලා. පුතේ… මෙන්න නංගිලා යනවලු… මාත් ඉතිං විදිල්ල වගේ ගියා.

මගේ ‍ලේනා දීලා යන්න…

ඌ නිදි, මගේ අත්දෙකේ… තො‍දොල් වෙවී කියන ලස්සන. දෙන්න හිතයි…

කමක් ‍නෑ කෝ මෙහෙට දෙන්න… කියලා බලෙන් වගේ උදුරලා ගත්තා. මං කුමාරයට හොඳටම විශ්වාසයි ලේන නිදාගෙන හිටියේ නැත්තං ඌ අඩනවා යශෝධරාව එක්ක යන්න ඕනේ කියලා.. පස්සේ ඉතිං කොහොම හරි ආයෙම අර ඌව ගෙනාපු පෙට්ටියෙම තැන්පත් කලා… ඊට පස්සේ යශෝධරාවයි, නඩු කාර උත්තමාවියයි දෙන්නම මගේ මාලිගයෙන් සමු ගත්තා… දෙන්නටම පරිස්සමින් යන්න කියලා අම්මා ඉස්සරහ කියාගන්න බැරිවුනාට මං කුමාරයා ඒක හිතින් කිව්වා.

ඊට පස්සේ දවසක් දෙකක් ලේනා හිටියා… ඊට පස්සෙත් ඌ මට කිරි පොවන්න ගියාම ෂොට් එක දුන්නා. අන්තිමේ මං කුමාරයා ඔෆිස් ගිහිං එද්දී ලේන් පැටියා මිසිං… පස්සේ ඒ සිද්ධිය යශෝධරාවට කිව්වම, පන්ඩිතයා… මට දුන්න නම් මං බලාගන්නවනේ… කිව්වා. හ්ම් ඇත්ත තමා කියලා ඉතිං මං කුමාරයත් සේප් වුනා. නැත්තං ඉතිං එදාත් නඩුවක් ෆයිල් කරගන්න තිබ්බා…

හැබැයි මං කුමාරයට හෙන සතුටුයි වෙච්ච වැඩේට. මොකද ඔය හොර ලේනා තවත් හිටියනම් එහෙම මට යශෝධරාවට ඕකව ගිහිං දෙන්නම වෙනවා. එහෙම වුනානම් ඉතිං… මං කුමාරයට ලැබෙන ආදරේ අඩුවෙන බව දන්න නිසා ලේනා යන අහක ගිය එක ගැන මට හෙන සංතෝසයි…

අපිට කොහෙන්ද පූසෝ චීස්… හෙවත් පොල් පැලේට කෙලවුන හැටි…



(මෙලෝ රහක් නැති මූඩ් එකේ) මං යනකොට මොන වැඩේ කර කර හිටයත් ඔළුව යාන්තමට උස්සලා මගේ දේහ ධාරී ශරීරය දිහා (මොකට කියනවද ඒ ගැන) බලන… හොරෙන් මාත් එක්ක හිනා වෙන… ම්… එතකොට තව වෙන මොනවද… ආහ්… ඇයි අර ඇවිල්ලා දෙවෙනි දවසේ මට කිරියා කෑල්ලක් දුන්න…. මගේ හිතේ අලුත උපන් සිතුවිලි වලට පන පොව පොව හිටය පුංචි වැස්සි. මේ පොල් පැලෙත් මෙලෝ හරක් නැතුව… හරක් නෙමේ යකෝ රහක්…. බඩ කපා ගෙන පෙම් පුරපු වැස්සි පැටික්කි… (ග්රැමර් හරිද මන්දා) ගැන ඊයේ නරක ආරංචියක් හම්බුනා.
 
ඔයා නිසා මං කොයිතරම් දේවල් කලාද? ඔයාගෙන් ලකුණු දාගන්න මං කොයි තරම් නිදි මරාගෙන ප්‍රෝග්‍රැමින් කලාද? ඔයාට මතකද අර ඔයා ඉස්සරහා spider solitaire ගේම් එක ගහලා පොර වෙවී හිටිය කොලුවව මං හදපු එක ප්‍රෝග්‍රෑම් එකෙන් කොර කරලා දාපු හැටි…? මං ඒක ලියන්න කොයි තරම් නිදි මැරුවද? කීපාරක් ටෙස්ටිං කලාද? ඒ මදිවට කීපාරක් උගේ මැසිමට හොරෙන් ලොග් වුනාද…? ඔයා දන්නේ නෑ ඒවා… ඔයා දන‍්නේ, ඌට ගේම් එක ගහගන්න බැරුව නෝන්ඩි වෙද්දී මං ඇවිත් මැල් වෙයා එක මකල දාලා මං පොර වුනා කියලා විතරයි…. මං හදලා ප්ලාන්ට් කරපු කෝඩිං කෑල්ල අයින් කරන එක මහ ලොකු මැජික් එකක් නොවුනට, ඒක ඔයාට සෑහෙන ලොකු දෙයක් වුනා. ඔයා හිතුවේ බිල් ගේට්ස්ගේ පොඩි පුතා මං කියලා… නේද…? (වෙන නැත්තං)
 
ඊට පස්සේ අර අනිත් පීසී එකේ… අපේ අයි.ටී මහත්තයා  ඉන්ටර්නෙට් සෙටිංග්ස් ටික මකලා දාලා ගිය වෙලාවේ, ඔයා හොඳටම දැක්කා මං ඇඩ්මින් ලොග් නොවී ඒ සෙටිංග්ස් ටික ආයම හැදුවා කියලා. නීති විරෝධි වැඩක් වුනත් ඒක කලේ ඔයාගෙන් ලකුණු දාගන්න කියලා ඔයාට හිතෙන්න නැතුව ඇති. මතකද ඔයා මූනු පොතේ මගේ රික්වෙස්ට් එක කොන්ෆර්ම් කරලා… ධනුෂ්කයා මට මැසේජ් එකක් දැම්මා… මචං එ‍ෆ්… බී ලොග් වෙයන් කියලා… ඉතිං මං ආත බූත කඩාගෙන දුවගෙන ඇවිත් ලොග් වුනාම නොටිෆිකේෂන් තිබ්බේ එකම එකයි… ඒ ඔයා මාව කන්ෆර්ම් කලා කියලා… ඊට පස්සේ මං ඔයාගේ ෆොටෝ ඔක්කොම ටික බැළුවා… ඔයා දේදුනු හැන්දෑවේදී ගත්ත ෆොටෝ… හරියට නිකං දේදුන්නක් වගෙයි ඒ ඔක්කොම…
 
ඔයා ගැන මං මගේ බ්ලොග් එකෙත් ලිව්වා… එතකොට ඒක කියවන කට්ටිය ගොඩ දෙනෙක් මට මේ වින්නැහිය වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලා. ඒත් ඊයේ ඒකම වුනා. හරියටම මට ඔයා ගැන කියලා චරිතගෙන් කෝල් එක ආපු වෙලාවේ වගේම, දවල් ලන්ච් එක කන ගමන් තමා මේ නිවුස් එකත් මගේ කනට වැටුනේ…
 
ඒත් ඊයේ උදේ මං ඔයාව බලන්න එද්දී තම්බි අයියායි අනිත් අක්කයි දෙන්නම නෑ… අර පරාස්සයෝ දෙන්න විතරයි හිටියේ… මක්ක කොරන්නද උං දෙන්න එක්ක බයිල ගගහා හිටියා මිසක්. ඒ අස්සෙත් මං බැලුවේ ඔයා දිහා. මීට කලිං කවදාවත් දැකපු නැති දසුනකුත් ඊයේ දැක්කම, මට එවෙලේම හිතුනා මට බඩු හරි තමා කියලා… දන්නවද ඔයා ෆෝන් එකෙන් එස් එම් එස් කෙටුවේ… හරියට නිකං එක්ස්ටර්නල් කීබෝඩ් එකක් ගහගෙන ටයිප් කරනවා වගේ… මට හිතෙන්නේ කී පෑඩ් එකට රිදෙන්නේ නැතුව ඇති ඔය පුංචි රෝස පාට පුලුං වගේ ඇඟිලි තුඩු කීස් වලට බර වෙද්දී…. අපි ඔය වගේ කෙටුවනම් එහෙම කී පෑඩ් 60ක් විතර දාන්න වෙලා. ඒ වගේම ඔයා, වෙනදට මං එද්දී බලන බැලිල්ල තිබුනේ නෑ… නිකං බාගෙට කරවෙච්ච රෝස් පං ගෙඩියක් වගේ තමා මං ඔයාගේ මුන දැක්කේ… කමක් නෑ … මං පරක්කුයිනේ… මං ලාවට වගේ ආදරේ කරපු සුවීට් කෑල්ලට, මට කලිං කූඹියෙක් වහලා…
 
අපේ අයියලා මට කිව්වා… ආයෙමත් යශෝදරාවත වගේ ශෝකාලාපයක් අහන්න වෙන සයිස් එකක් තියෙන්නේ කියලා… හ්ම්…දැන් ඉතිං ඒක ඇත්ත වුනා. (මූඩ් එක ෆික්ස් වෙමින්)  ඒත් යකෝ මං සතුටෙන්… මට ඔය කොහෙවත් යන මෝඩ කෙල්ලෝ ඕනේ නෑ… මට මගේ රත්තරං වටින ඒන්ජල් ඉන්නේ… මං මේ අද යශෝදරාවතත් නොලියා තී ගැන ලිව්වේ, තී ගැන හිතේ බැඳිලා තිබ්බ ජුංඩං සෙනෙහස නැති කරලා, ආයෙමත් පෙර පුරුදු යශෝදරාවගේ කුමාරයා මංම තමා කියලා කට්ටියට කියන්න මිසක් වෙන අවහල් එහෙකට නෙමේ…
 
මං දන්නවා දැං ඉතිං අනිත් කෙල්ලෝ වගේම… තීත්, මං තීව මගහරින කොට අයියේ… *යියේ කියාගෙන එයි… ඒත් ඒ යාළුකමට නිසා, මං උඹට සත විසි පහේ බුල්ටෝ එකක් අරගෙන දීලා… ඉඳා කාපිය නංගියේ කියලා සේප් වෙනව. යශෝධරාවට දෙනවා වගේ ඕකේ කේක් නම් හමුබුවෙන්නේ නෑ කෙල්ලේ උඹට. උඹ දන්නවනේ මං උඹට කැමති නෑ කියලා… හේතුවත් දන්නවනේ… අර නරියා මිදි තිත්තයි කිව්වේ.. ආන්න ඒ නිසා.. හරිය… ආ‍යේ මාත් එකක් මුකුලුවට නාවට කමක් නෑ උඹ. ඒ වගේම හෙර ඇස් දෙකෙන් ආයෙත් බැළුවොත්… ලැජ්ජාව පැත්තක තියලා මාත් අහනවා හැමෝම ඉස්සරහා… ඇයි හොරෙන් බලන්නේ කියලා… එතකොට දෙන්න උත්තරයක් ලෑස්ති කරගෙන ආයෙම මගේ දිහා බලනවනම් බලපිය…. මෝඩ කෙල්ල. දැනගන් මං උඹට ලව් කරේ නෑ… මගේ අකීකරු හිත තමා ලව් කරේ කියලා… වෙන කාගෙවත් නෙවේ මගේ… ම‍‍ගේ… මගේම අකීකරු හිත. ඌ මේ පාර නම්  හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඒක නිසා ඊළඟ එක්සෑම් එක උඩින්ම ගොඩයයි කියලත් හිතාගෙන තමා ඉන්නේ… (ඔය කිව්වට ඒකත් ඔහොම්ම තමා)
 
ඒ වගේම හිතාගන් මං පැරදුනා නෙව දින්නා කියලා… මොකද මට තව ඩිංගෙං දෙන්නෙක් ආම්බාං කරන්න වෙනවා. දැන් ඉතිං මං ආයෙත් ෆ්‍රී… (ඒකත් අර නරියාගේ සීන් එක නිසාම තමා ඈ…)
 
(නෝමල් මූඩ් එකේ) මේ වෙච්චි දේට  තව කියනවා, අපිට කොහෙන්ද පූසෝ චීස් කියලත්. කොහොම කොහොම හරි වැස්සි දිහාට පාත් වෙච්චි පොල් අතු ටික ආයෙත් පොල් ගහ කිට්ටුවටම ඇදුනා කියන්නේ… දැන් ඉතිං අපේ අම්මා හරි සංතෝසෙන් ඇත්තේ. මොකද උන්දෑට තව කාලයක් යනකං මගේ රෙදි ටික හෝදලා දීලා… මට කෑම ටික උයල පිහලා දීලා… සන්තෝසෙන් ඉන්නන බැරියෑ… (අනේ අම්මේ මං අම්මට උදවුවක් කරන්න තමා හැදුවේ… කොහෙද ඉතිං… වැඩේ ගැස්සුනානේ.)
 
(සීරියස් මූඩ් එකේ) ඇත්තටම වෙච්චි දේ ගැන සන්තෝස වෙනවා. නා ගන්නේ නැතුව ගොඩින් බේරුනා. එකෙක් වත් දන්නෙත් නෑ සීන් එක. ඒක නිසා කෝමත් අවුලක් නෑ… ඒ වගේම මේ කේස් එකට සාතන් උන්නැහෑත් උදවු කරන්නම් කිව්වා. මොකද ඌ කැමතියි මිනිස්සු වෙච්චි අපි අමාරුවේ වැටෙනවට… අනේ බොල සාතෝ… (විහිළුවට ඈ…) ඉතිං අදට නියමිතව තිබ්බ මගේ යශෝධරාවත හෙට ලියනවා… හෙට එකනම් ලොමු දැහැගන්වන එකක්… මගේ ලේනා යශෝධරාවගේ අතේ නිදිගත්ත හැටි තමා හෙට කියන්නේ…

බෑ බෑ බෑ… බබාට බර කිරන්න බෑ….

ඔන්න ඉතිං කාලෙකට ඉස්සර කොලු පැටියෙක් උන්නලු. දැන් ඌ කොලු තාත්තෙක් කියලා තමා දන්න අය කියන්නේ… ඉතිං ඔය කොලු පැටියාට එයාගේ අම්මා හරි ආදරෙයිලු. කොයි අම්මත් එහෙමනේ නේ…! ඉතිං මේ චූටි බබා ටික ටික ලොකු වෙනවලු. කොලු පැටියගේ තාත්තා වැඩට යන නිසා අවුරුද්දක් දෙක්ක විතර කොලු පැටියා හැදුනේ වැඩුනේ අම්මත් එකක් එයාලගේ ගෙදර.


ඔය කොලුවට තියෙන්නේ මාර දඟයක්ලු. එක තැනක එක විදියට විනාඩි පහක් ඉන්න බැහැයි කියලයි කොලු පැටියාගේ අම්මා කියන්නේ…. ඉතිං ඔය හැම පොඩි බබාවම වගේ අර ප්‍රස්ථාර කොලේත් අරං මේ බබාගේ අම්මත්, එයාව ක්ලිනික් එකට එක්කන් යනවා බර කිරන්න… එතකොට කොලු පැටියාගේ වර්ධනය කොහොමද කියලා බලන්න එහෙම.

ඉතිං යන ගමන් අම්මගේ දෑතට වෙලා, උරහිස උඩින් පුංචි මූනු පොඩ්ඩ තියාගෙන පාරේ යන එක එක අය දිහා, වාහන දිහා, සත්තු දිහා බල බල යන එක තමා පොඩි බබාගේ විනෝදාංශේ. වෙන ඉතිං කොරන්න දෙයක් නෑනේ… පොඩ්ඩක් කිරා ‍වැටෙන කොට, මගේ චූටි පැටියා නිදිද…? කියලා අම්මා අහනකොට… ඉතිං පොඩි බබාට නින්ද යන්නෙම නැහැ. ඒක නිසා ඉතිං වටේ පිටේ යන අක්කිලා දිහා බල බල යනවා. ඊට පස්සේ ක්ලිනික් එකට ගියාම, එතන බබා වගේ තව ගොඩක් බබාලා… බබීලා… ඉන්නවා. ඉතිං මේ කොලු පැට්ටා කරන්නේ කොහෝ හරි ඉන්න රතු පාට, කහ පාට, රොස පාට වගේ ඇඳුමක් ඇඳගත්ත කෙලි පොඩ්ඩක් දිහා අම්මගේ උරහිසට මූන තියාගෙන ඇස් පිය ගහන්නේ නැතුව බලන් ඉන්න එකලු. ඇයි ඉතිං අම්මට පේන්නෙත් නැහැනේ‍‍‍… ඒක නිසා මේ පොඩි බබා බයත් නැහැලූ. හැබැයි දවසක් පොඩ්ඩ අම්මට මාට්ටු වෙලා… අම්මා පොඩ්ඩට…. පුතූ… පැටියෝ…. නිදිද…? කෝ මෙහේ බලන්න… කෝ … කෝ… කියලා දෙතුන් පාරක් කිව්වත් පොඩි පැටියා ඉස්සරහා හැරිලා අම්මා දිහා බලන්නෙම නැහැළු. පස්සේ අම්මත් ඔළුව මෙ‍හාට කරලා බැළුවලූ කොලු පැංචා කොහෙද බලන් ඉන්නේ කියාල…. අප්පච්චියේ මෙන්න මූ, උගේ චූටි ඇඟිල්ලකුත් කටේ ගහගෙන… සූප්පු කර කර… ඊට ටිකක් එහාට වෙලා ඉන්න චූටි ගෑනු ළමයෙක් දිහා බලාගෙන ඉන්නවලු. ඒ දවස් වල නම් ඉතිං වෙන අහවල් එකකට වත් නෙවෙයි ගෑණූ ළමයි දිහා බලන් ඉඳලා තියෙන්නේ… ඒ ළමයින්ගේ ඇඳුම් වල පාටට ආසාවේ තමා.

ඊට පස්සේ ඔන්න නර්ස් නැන්දා කෙනෙක් පොඩි පැටියාගේ අම්මට ගෙනත් දුන්නලු ත්‍රිපෝෂ පැකට් වගයක්. අම්මේ පොඩි බබාගේ මූනේ තියෙන සිරියාව… හරියට නිකං වැනිසියට හඳ පෑව්වා වගේලු. ඒ අස්සේ කොල්ලාගේ කටෙන් කෙලත් බේරෙනවලු. ඒ දවස් වල කෙල ගිලිනවා කියලා එකක් දන්වැයි… ඔහේ බේරෙන්න දීලා නිකා ඉන්නවා මිසක්. ඊට පස්සේ ඔන්න තව නර්ස් නැන්දා කෙනෙක් ඇවිත් පොඩ්ඩට මොකද්ද මන්දා රස..ම රස පැනි වර්ගයක් පෙව්වලු. පස්සේ ඒක පොවලා නැන්දා යද්දී පොඩ්ඩ අඩනවලු … තව ‍ඕනේ කියලා… ඒ පාර බේරෙන්නම බැරි තැන තව උගුරක් දුන්නලු. නැත්තං ඉතිං බැහැනේ ඇඩිල්ල බෝවෙන සුළුයිනේ…

ඊට පස්සේ තමා පොඩ්ඩා ආස නැතිම සීන් එක… අර තඩි හෙන ලොකු, වහලේ එල්ලා තියෙන තරාදියක් හයිකරපු මල්ලට දාලා බර කිරන වැඩේ. ඒකට මේ පොඩ්ඩා කැමතිම නෑලු. ඉතිං ගොඩක් දුර ඉඳන් ආපු එකේ අම්මගේ අතට වෙලා තවත් අඩන්න අකමැති වෙච්ච පොඩ්ඩ… හිටහංකෝ නර්ස් නැන්දේ මං දෙන්න වැඩක්… කියලා නර්ස් නැන්දා අරගෙන අර මල්ලෙන් තිබ්බ ගමන් අම්මා දිහා බලාගෙන අත් දෙක අම්මා පැත්තට දික් කරගෙන අඩන්න ගත්තම අම්මාට දුක හිතිලා කොල්ලව ගත්තලු අතට. හුරේ… පොඩි පැංචා අඩලා අඩලා දිනුවලු… දැං ඉතිං මගේ බර බලාගන්න බැරි වුනානේ… හූ හූ… කියලා පොඩි එකා නර්ස් නැන්දාට කිංඩියකුත් දාලා එදා අම්මත් එක්ක ආවලු.

අම්මට සිරි ගෙදර ඇවිත් බලද්දී අර කොල්ලගේ බර නර්ස් නැන්දා කිරාගෙන තමයිලු අම්මට පැංචාව ගන්න දීලා තියෙන්නේ. ඕක හිතේ තියාගෙන ඉඳලා ආයෙ යන දවසෙත් ගේමක් දෙන්න දැම්ම ඉඳන්ම පොඩ්ඩ ප්ලෑන ගහනවලු. ඔන්න ඉතිං මාස කීපයකින් ආයෙත් ක්ලින්ක් ගිය ගමං… අර වගේම පැනි බීලා… නර්ස් නැන්දා අරගෙන තිබ්බලු පොඩි බබාව අර මල්ලෙන්… මෙන්න බොල තිබ්බා විතරළු මල්ල පහලින් … චුරු චුරු ගාලා වතුර පාරක් ඇදහැලෙනවලු. ආ… දැන් ඉතිං බර කිරාගත්තනම් මාව ගන්නෝ ගාලා පොඩ්ඩා කිව්වම, අර නර්ස් නැන්දි පොඩ්ඩා දිහා බලාගෙන හිතනවලු… මේ මොන අපරාදයක්ද දෙයියනේ… එක පාරටම මෙහෙම ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කලේ ඇයි….? දැන් මේක වේලන්න අව්වත් නෑ… අනිත් බබාලගේ බර කිරන්නේ කෝමද…? වගේ ගොඩක් දේවල් . ඉතිං පොඩ්ඩට මේක තේරුම් ගිහින් නැන්දිගේ අතින් ඇද්දම පොඩ්ඩගේ චූටි නාය මිරිකලා… හොර කොල්ල චූ කරා නේද …? කියලා කොලු පැංචාව අරගෙන අම්මාගේ අතට දුන්නලු.

ඊට පස්සේ අම්මා බබාවත් අරං ගෙදර ආවලු. හික්ස්.. අර නැන්දි , ඉතුරු බබාලගේ බර කිරුවේ කෝමද දන්නේ නෑ…. පවු  වැඩේ…

අර බර කිරන එකේ නම හොයාගන්න බැරුව බබා දඟලද්දී නවම් අයියා තමයි උදව් කලේ…

ඇඩ් ඔන් දාගෙන හීන බැලීමේ… සැප සහ දුක.


ඔය සැදැහැවත් නංගිලා මල්ලිලා අයියලා අක්කලා… කව්රුවත් මේක කියවලා ගෝල්ඩ් fish ට හිනා වෙනව එහෙම නෙවෙයි හරි….. මේ වගේ දේවල් ඕනෙ කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතිං මේකයි කතාව. අපි කවුරුත් හීන දකිනවනේ. ඉතිං ඔය හීන දකින ගමන්, එක එක අය එක එක විදියට හීන වලට ප්‍රතිචාර දක්වනවා. ඒ කියන්නේ සමහරු හීනෙන් ඇවිදිනවා… තව කට්ටියක් හී‍නෙන් හිනාවෙනවා… තව කට්ටියක් හීනෙන් කියවනවා…. මුත්‍රා කරගන්නවා…. හැබැයි ඔය කිසි දෙයක් නැගිට්ටම මතක නෑ… එහෙම්ම කියන්නත් බෑ සමහර හීන ලෙසටම මතක හිටින අවස්ථාත් තියෙනවා.

ඉතිං ඔය වගේ හීන දකිද්දී එක එක අයට එක එක විදියේ හීනනේ පේන්නේ. උදා හරණයක් විදියට ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් බලලා දොයිය ගත්තොත් ඉතිං බඩුම තමා… පාන්දර දෙගොඩහරියේ “බුදු අම්මෝ මෙන්න මගේ බෙල්ල කනෝ” කියාගෙන තමා ගොඩක් අය ඇ‍දෙන් වැටෙන්නේ. ඒ වගේම තමා රොමැන්ටික් සීන් එකක් දැකලා නිදාගත්තොත් උදේට නැගිට ගන්න අමාරු වෙනවා. කකුල් දෙකට පන නෑ වගේ සීන් එකක් තමා වෙන්නේ. ඒ වගේම ඔය හීන එක එක විදියට ඇඩ්ඔන්ස් දාගෙන කස්ටමයිස් කරලා බලන්න පුළුවන් උදවියත් ඉන්නවා. මාත් එකෙක්. මට දාලා තියෙන ඇඩ් ඔන් එකනම් මොකද්ද කියලා මං තාම දන්නේ නෑ… අම්මිගෙන් තමා අහන්න ඕනේ. ඕවා අහන්න ගිහින් අද දවල්ට බඩගින්නේ ඉන්නවට වැඩිය හොඳයි කට පියන් ඉන්න එක….

මගේ ඇඩ් ඔන් එකෙන් කෙරෙන දේ මං මීට කලින් ලිව්වා. ඒ තමා මට පුළුවන් හීනය වර්චුවල් විදියට බලන්න. ඒ කියන්නේ හීනෙදි ඇතිවෙන සංවේදන එහෙම මට හොඳට මතක හිටිනවා… හොඳට දැනෙනවා. ඒ වගේම හීන ලෝකේයි සැබෑ ලෝකෙයි සින්ක්‍රොනයිස් වෙලා තමා මට පේන්නේ… ඒ වගේම තව අයට පුළුවන් හීන කොටස් වශයෙන් බලන්න. ඒ කියන්නේ අද නිදාගත්තම එක කොටසක්, ආයේ හෙට රෑට ඒකෙම ඉතුරු කොටස. ගොඩක් අය බලන්නේ ඒකාංගික හීන නිසා… ෆන් එක ටිකක් අඩුයි.

දැන් මේ කතාව… මගේ අර මං කිව්වා ඇඩ් ඔන් එක නිසා මට වෙච්ච දෙයක්. ඉස්සර… ඒ කියන්නේ මීට අවුරුදු 6කට විතර කලින්, පොඩි වෙලාවක් මං දවල්ට කාලා නිදාගන්නවා. නිදා ගන්නවා කිව්වට එහෙමම නෙමේ වෙන්නේ… උදේ ඉඳං රවුං ගහලා ගහලා ඇවිත් අම්මා බෙදලා තියෙන බත් එක තාත්තට කියලා කවා ගත්තම ආයේ…. මොනාද… ෆන් තමා… පැය 4ක් විතර ආතල් එකේ බුදියන්න පුළුවන්. ඉතිං ඔහොම දවසක් කාලා කොල්ලා… පෙරේතයා පොලොවේ ගැහුවා වගේ නිදි. ඔය කොයි දේ වුනත් මං කවදාවත් හීනෙන් කෑගහලා නෑ… අඩලා නෑ… හිනා වෙලා නෑ… ඇවිදලා නෑ… පාඩුවේ හීනේ විඳගෙන එක පාරට ගැස්සිලා ඇහැරෙනවා විතරයි.

ඉතිං මෙන්න ‍එක පාරටම කොල්ලාව වැටුන තඩි මකුළුවෝ ඉන්න ග්‍රහලෝකෙකට. රතුම රතු පාටයි මුලු පාලාතම. හෙන රස්නෙත් එක්ක. අර මගේ ඇඩ් ඔන් එක ඒ වගේ වෙලාවට ඇක්ටිව් වෙලා… ඒ අදාල පරිසරයේ තියෙන සංවේදන මගේ ශරීරෙට දැනෙන්න සලස්වනවා. ඒ වගේම සැබෑ ලෝකෙත් එක්ක සින්ක්‍රොනයිස් වෙන නිසා මට තේරෙනවා… මට දැං හොඳටම දාඩිය දාලා තියෙනවා කියලා. එක පාරටම මෙන්න ගෝල්ඩ් fish ගේ පොඩි කාලේ ඉඳන් ඉන්න වීරයා… අපේ තාත්තා… ආවා මාව දෝතට ගත්තා ආපහු ගෙනත් ඇඳ උඩින් තිබ්බා. සික් අපේ තාත්තා හීනේ කෑවා. තව ටිකක් ඉන්න තිබ්බනම් මරු. ඒත් අපේ තාත්තා දන්නවා මං චූටි කාලේ ඉඳන් අද වෙනකනුත් මකුළුවන්ට බයයි කියලා. පොඩි මකුළුවාගේ ඉඳන් පෙරිය සයිස් එකක් වෙනකනුත් බය එක හා සමානයි. ඊයා.. උන්ගේ කැත අඩු අට… මට පේද්දී හිරිකිතේ බෑ… ඇත්තටම මං අදටත් හරි බයයි.

ඉතිං අර හීනේදී තාත්තා මාව ගෙනත් ඇඳ උඩින් තිබ්බනේ… මෙන්න ඊට පස්සේ තාත්තා මගේ ඇඟට මකුලුවෙක්ව දාන්න හදනවා. බුදු අම්මෝ… තාත්තේ එපා… කියාගෙන මං ජීවිතේ පළවෙනි පාරට කෑගහගෙන හීනෙන් නැගිට්ටා. මගේ ඇඟ දාඩියෙන් තෙත් වෙලා. ඊට පස්සේ වට පිට බලද්දී මං අබාධයක් නෑ… මං තාම ඇඳ උඩ… ඒත් මගේ ගාව මැරිලා වෙලිලා ගිය මකුළුවෙක්ගේ කුණක් තියෙනවා. සමහරවිට වහලෙන් වැටෙන්න ඇති. නැත්තං අපේ තාත්තම ගෙනත් දැම්මද දන්නෙත් නෑ… කොහොම හරි වෙලාවට මගේ කෑ ගැසීම අම්මලාට ඇහුනේ නෑ… කට්ටිය හොඳට ටීවී බලනවා….

ඒ තමා මං පළවෙනි පාරට හීනෙකදී බය වෙලා කෑගහපු දවස. ඊට පස්සේ අද වෙනකම් මං හීනෙන් කිසිම දේකට ප්‍රතිචාර දක්වලා නෑ… හී‍නේ විඳගෙන ආවා මිසක්. එක පාරක් මට වෙඩි වැදුනා. ඊට පස්සේ ටූම්බ් රයිඩර් එකේ ගෑනි එක්ක ගිහින් වතුර පාරක මං හිරවුනා… පස්සේ ආයෙමත් තාරා රම් පම් එකේ කාර් එකේ යන්න ගිහින් අඩි විස්සක් විතර උඩින් ගිහින් ඇදේ පොලු 2කුත් කඩාගෙන බිමට වැටුනා. ඔන්න ඔහොම තමා ඉතිං මගේ අර රියල් ඔන් ඩ්‍රීම් ඇඩ් ඔන් එකේ සැබෑ තත්ත්වය.

ඊට පස්සේ මං අහෙම් බැලුවා ඇයි මේ මං වගේ සූර වීර මාළුවෙක් මකුලුවන්ට බය කියලා… ඔය තියෙන්නේ බඩු… මේකට කියන්නේ ඇරැක්නෝ ෆෝබියා කියලා. කට්ටිය දන්නවනේ එක එක දේවල් වලට භය ඇතිවීම හඳුන්වන විවිධ නම් තියෙනවා කියලා. ඉතිං මගේ භයට කියන්නේ ඇරැක්නෝ ෆෝබියා කියලා. තව ඒ වගේ ගොඩක් තියෙනවා ඒ අතරින් gynophobia එක මට නැති එකනම් ලොකු හයියක්.මොකද මකුළුවා පොඩි භාන්ඩයක්නේ… කකුලෙන් චුරුස් ගාලා පාගලා දාන්න හරි බැරියෑ… දැන් ඉතිං යාළුවෝ ටික අහන්ට එපා… එහෙනම් යකෝ ඇයි තෝ මකුළුවන්ට බය කියලා… ඇයි සත්තලනේ උන්ට කකුල් ගොඩයිනේ…. මං එක කකුලකින් පාගද්දී මකුළුවා උගේ වෙන කකුලකින් මාව උස්සලා පොලේ ගැහුවොත් එහෙම….

ගවයින් නිදහස් කිරීම… මාලුවෙකුගේ ඇසින්…



අද නම් කියන්න යන්නේ ගොඩදෙනෙක් කරන්න කැමති, ඒත් කරන දේ ගැනම විතරක් හිත යොමුකරන…ඒකෙන් සිදුවෙන පසු ප්‍රතිපල ගැන බිඳක් වත් නෙහිතන දෙයක් ගැන.

ඉතිං ගෝල්ඩ් fish ට මේක ලියන්න හිතුනේ ජනු අක්කගේ පෝස්ට් එකකට අපේ අභීත අයියා දාලා තිබුන ‍කමෙන්ට් එකක් දැක්ක නිසා. කව්රුත් මං ගැන වැරදියට හිතන්න එපා, ගෝල්ඩ් fish කියන්නේ පිස්සෙක්… ඌ කිසි දෙයක හොඳක් දකින්නේ නැති හිවලෙක්… හනමිටි අදහස් තියෙන බස්සෙක් කියලා හෙම…

මං හොඳ දේ දකිනවා… අගය කරනවා… ඒ වගේම ඒ හොඳ දේ ඇතුලේ අපිට ලේසියෙන් බලන්න පේන්නේ නැති නරකකුත් හැංගිලා තියේනම්… ඒකත් කියනවා. කියන්න තියෙන දේ මූනටත් කියනවා. ඇති ඇති දැං පම්පෝරිය… මෙන්න කතාව…

අභීත අයියා කමෙන්ට් එකට දාලා තිබුනේ… “ඒ වගේ වෙලාවට බෝධි පූජා, ගවයින් නිදහස් කිරීම වගේ පින් වැඩ කෙරෙහිත් අවධානය යොමු කරන්න ජනූ..” කියලා. හැබැයි ‍ ගෝල්ඩ් fish ට මේක තේරුනේ වෙනස් විදියකට. නරක විදියකට නෙමේ… එක එක පැත්තෙන් එක එක විදියට බැළුවම එක එක විදියටනේ පේන්නේ… ඒකයි.

මුලින්ම බලන්න ඕනෙ ගවයින් නිදහස් කරන්නෙ ඇයි කියලා… ගවයින් නිදහස් කරන්නේ… ගොඩක් වෙලාවට, අපල ඇති අය… අපල වලින් බේරෙන්න, එතකොට තවත් අය තමන් විසින් වෙච්ච භාර හාර ඔප්පු කිරීමක් විදියට… එමෙන්ම කාගේ හරි අඳුරන කෙනෙක්ගේ ගවයෙක් හොරකම් කරගෙන ගියාම, රුපියල් 50000ක් විතර දීලා ඌව බේර ගන්න.

හරකා කඩේට විකුනද්දී රුපියල් 5000ත් 8000ත් අතර ගානක් තමා අයිතිකාරයට ලැ‍ෙබන්නේ… ඒත් හොරකම් කරගෙන ගිය එකෙක් බේරගන්න 35000ත් 50000ත් අතර මුදලක් ගෙවන්න ඕනේ… මරු සෙල්ලම නේද?

ඊට පස්සේ ගවයින් මස් කඩ කාරයින්ට ලැබෙන විදිය. ඒවා නම් ක්‍රම ගොඩයි. මූලිකම එක තමා, හරක් හොරකම් කිරීම, කාගෙ හරි වත්තක බැඳලා ඉන්න පුෂ්ටිමත් වුනත් නැතත් හරකෙක් හරි හරක් පැටියෙක් හරි… ඒ වත්තේ පේන්න එකෙක් නැත්තං හරි, රාත්‍රි කාලයේදී හරි වාහනයක් අරං ඇවිත් හොරකම් කිරීම. ඊට පස්සේ අනිත් ක්‍රමේ තමා වැඩ ගන්න පුළුවන් කාලෙදී වැඩ අරගෙන වයසට ගියාම හරකව මස් කඩේට විකුණන එක. ඒ වගේ සීන් වලටනම් ඒ වගේ මිනිස්සුන්ට මැරෙන්න කලින් බඩු බනිස් වෙනවා…

ඉතිං ඊට පස්සේ තමා…. සීන් එක…. හරකව මස් කඩෙන් නිදහස් කරගැනීම. ඒවා වෙන්නේ ඉතිං අර මුලින් කිව්වා වගේ එක එක හේතූන් නිසා. ගොඩක් වෙලාවට ඉතිං හරකෙක් නිදහස් කරන්නේ කුසල චේතනාවක් මූලික කරගෙන. එහෙම නැති වත් හරක් නිදහස් කරනවා. ඔය සමහර දේශපාලනේ කරන උදවිය එහෙම හරක් නිදහස් කරන්නේ තමන්ගේ තත්ත්වේ පෙන්නන්න, එහෙම නැත්තං මට ඡන්දෙ දෙන්න මං “හොඳයි” කියලා පෙන්නන්න වගේ තමා.

දැං තමා ප්‍රශ්නේ පැන නැගෙන්නේ… ඔය ‍සමාජ තත්ත්වය පෙන්නන්න හරක් නිදහස් කිරීම මේකට කොහෙත්ම අදාල වෙන්නේ නෑ… ඉතිං මං අහන්නේ මස් කඩේ ඉන්නේ එක හරකද? නැහැනේ… හරක් පෝලිමක් ඉන්නවනේ… ඉතිං ඔය හරක් නිදහස් කරන අය, හරකාව නිදහස් කරන්නේ තෝරගෙනද නැද්ද කියන එක නම් මං දන්නේ නෑ… කොහොම වුනත් අපි හරකෙක් නිදහස් කරනවා කියන්නේ… අර මැරෙන්න ඉන්න පෝලිමේ එකෙක් නිදහස් වුනත් තව එකෙක්ගේ මරණය ඉක්මන් වෙනවා කියන එක නේද…?

ඉතිං ගෝල්ඩ් fish ට හිතාගන්න බැහැ මේකෙන් ඇත්තටම පිං කමක් වෙනවද නැද්ද කියලා… කවුරුත් කේන්ති ගන්න කාරි නෑ මේ ගෝල්ඩ් fish ගේ පෞද්ගලික සිතුවිල්ලක් විතරයි.

තව දෙයක්… ඔය අපි නිදහස් කරන හරකා ආයෙමත් හරක් හොරෙකුට අහුවෙන්න බැරි නැද්ද? එතකොට ආයෙමත් ඌව වෙයිටිං ලිස්ට් එකේ ඉඳලා කවදහරි මැරෙන්න වෙන්න පුළුවන් නේද? වාසනාවන්ත හරකෙක් වුනොත් නම් පංසලක හරි, ගොවි මහත්තයෙක් ගාව හරි ඉඳලා මැරිලා යයි. ටිකක් හිතලා බලන්න මට හිතුන දේ හරිද කියලා…

ඕං ඒ පාර…පොල්පැලේ වැස්සියෙක් දිහාට නැමෙනවලු….



අලේ … මේක කියලත් බෑ…නොකියත් බෑ… මේක කිව්ව ගමන් කමෙන්ට් වැටෙනවා ගෝල්ඩ් fish වල් මාළුවා කියලා. නොකිව්වොත්… ඊට හපං… ‍මං කොහොමද යකුනේ මේක මේ චූටි ඔලු කට්ට අස්සේ හිර කොරන් ඉන්නේ…

මං වල් මාළුවෙක් නෙමේ ඕං… චූටි හුරතල් කෙල්ලෙක් නිසා අතරමං වෙච්ච හොඳ මාළුවෙක්…. ඒක ඉතිං කියෝගෙන යද්දී තේරෙයි. මේකයි සීන් එක. අපේ හියුමන් රිසෝස් ඩිප්. එකට මේ ටිකේම අළුත් මූනු ටිකක් ආවා. ඔය අස්සේ …. සූටි ලස්සන ගෑණු දරුවෙකුත් ආවා. (දැං ඉතිං කොඳුරනවා ඇති, ඔය කියන්නේ හොඳ කම ගැන තමා කියලා) ඉතිං ඒ ළමයා හරි සුවිට්. තාම කූඹියෙක් ඉන්නවද නැද්ද කියලා දන්නේ නෑ…. සුදු පාටයි ඉටි කිරිස් රූපේ වගේ. ගෝල්ඩ් fish ඔය ළමයාව දැක්ක දාම… පපුවේ වම් පැත්තට බර වෙන්න නිකං ඇම්පියර් 90, වෝල්ට් 24 කරන්ට් එකක් ගියා වගේ….

ඉතිං ඔන්න එදා ගෝල්ඩ් fish දවල් ලන්ච් එක කන වෙලාවේ… මගේ යාළුවෙක්ගෙන් කෝල් එකක්…

හලෝ… ආයුබෝවන්… (මට ඕකට නෙලන්න හිතෙන්නේ ඔය වෙලාවට තමා)

හා චරියා… (කැ** නෙමේ) කියපං මචං…

උඹ මොකද කරන්නේ….

අඹරනවා බං… අඹරනවා… දවල්ට. මොකද සීන් එක?

මේ උඹලාගේ එච් ආර් එකට කෙල්ලෙක් ආවද?

ඈ බොල නරියෝ තෝ කොහොමෙයි දන්නේ? (එහෙම ඇහුවේ නෑ… පහල විදියට ඇහුවේ…)

උඹ කොහොමද බං දන්නේ?

ඒ බං අපේ සර් කෙනෙක්ගේ දුවෙක්…

හුට්ටාරේ මට ගිය ආතල් එක… ඒ කියන්නේ චරියට කියලා යම් කිසි මට්ටමකට වැඩක් කොරගන්න පුළුවන්. ඉතිං මාත්….

ඒ චරිත ඌට කියපං මං දුවව එළකිරි වගේ බලාගන්නම් කියලා…

හරි හරි… ඒක නෙමේ බං, ඒකි තාම විස්තර කියලා… ඌට කතාකරලා නෑ… පුළුවන්නම් කියපං කෝල් එකක් දෙන්න කියලා…

එල එල මං කියන්නම්… ටීක්….

වෙනදට කියන පරිස්සමින් පල, චූ කරලා දෙපාරක් හොල්ලපං, බලාගෙන එලියට යන්නේ හෙන ගහනවා වගේ ඒවා මුකුත්ම නෑ… මං ඒකිට පනිවිඩේ දෙන්නම් කිව්වා කට් කලා…

කකා හිටිය බත් මුලත් බාගෙට කාලා විසික් කලා. මොකද ඒකේ නිකං ලුණු මදි වගේ. තව හාල්මැස්සෝ එකට සීනි නෑ වගේ… ඊට පස්සේ මෑ කරල් එකේ ඇට නෑ… ඉතිං ඔය වගේ වෙනදට නැති ප්‍රශ්න බොහෝමයි… අත හෝදා ගත්තා, (වතුර බිව්වද කියලා මතක නෑ) සිං සිං ගාලා… පඩිපෙල බැස්සා… දිව්වා එච් ආර් එකට.

හුටා මේකි නෑ පේන්න. කාගෙන්වත් අහන්නත් බෑ… ඇහුව ගමන් අහනවා මොකටද කියලා… ආව විතරනේ ඒකි. ඉතිං සේප් එකේ ඇදුනා ඇතුලේ කාමරේට… අම්මද බොල මේ ඉන්නේ සුකුමාල, රෑබර, සුන්දර…. රන්කඳ පුටුවක‍ට බර වෙලා.

මේ…. තාත්තට කතා කලේ නෑ නේද?

ඔන්න මේකි බලනවා එක පාරට පාත් වෙච්ච හෙනේ මොකද්ද කියලා. කලිසමේ සාක්කුව අතගාන ගමන් … නෑ…. ඇයි? කියලා මගෙන් අහනවා…

අන්න තාත්තා කෝල් එකක් දෙනකං බලං ඉන්නවා කිව්වා… මං මාරු… මොකද නැත්තං එතෙන ඉන්න අනිත් වුං ගෙන් මට හෙන සැලකිලි. තෝ කොහොමද තාත්තව අඳුරන්නේ… අනේ කියාපංකෝ බං… උඹගේ ෆිට් එකද්ද… ගෙවල් කොහෙද… කොල්ලෙක් ඉන්නවද… ? හෙන ප්‍රශ්න…

ඊට පස්සේ මගේ හිතත් නිකං මොකක්දෝ වෙනවා වගේ… අනේ අම්මපා මේ අකීකරු හිත…. ආහ්…. අපේ වරුණි ගේ අකීකකරු හිත නෙමේ බොලව්… ‍මගේ … මගේ … මගේම…. අකීකරු හිත. ‍ඌ මං කියනදේ අහන්නේ නෑ… කොහෙහරි යන ගෑනු පරානයක් කිව්වොත් නම්… හහ්… බලන්න ඕනේ… මාවත් පෙරලගෙන යන්නේ… ඉතිං ආයෙමත් පාරක් බොරු හේතුවක් හදා ගෙන තේ වෙලාවෙදී තේ එක ලඟට ආවත්… ආයේ දිව්වා එච් ආර් එකට. පස්සේ මෙන්න ඒකේ අක්කා කියනවා… මෙයා තමා ගෝල්ඩ් fish. මාර වැඩකාරයා කියලා. කොහොමත් අර බැකප් සීන් එක නිසා මේ ටිකේ මං තමා, ස්ටාර් එක.

ඊට පස්සේ ඉතිං පළවෙනි දවසෙම ටැකල් කරන එක හරි නැහැනේ… ඒක නිසා දෙවැනි දවසට කල් දැම්මා. කරුමෙටම අපේ අම්මා අසනීප වෙලා ගෙදර යද්දී. ඉතිං ඊට පහුවෙනිදාට උයන්න එපා කියලා කිව්වා. නෙදකින් මගේ කට විතරක්… උලා ගන්න හිතයි හොඳ කොන්ක්‍රිට් එකක. පස්සේ පහු වෙනිදා ඔෆිස් ගියේ… ලොං හැලිච්චි හිවලා වගේ… අත් දෙක වන වනා… වෙනදට කරේ තියෙන ඩීසල් බෑග් එක නෑ… මෙන්න බොල යනකොට මේකි ඉන්නවා තාත්තා එක්ක පාරේ ත්‍රී වීල් එකක් එනකං… දෙවෙනි දවසෙම කතාකරන්න ගියොත් වැඩේ අංජ බකල්වෙන නිසා… ඒ දෙන්නව දැක්කේ නැති ගානට මාත් ටිකක් ඉස්සරහට ගිහින් වීල් එකක නැගලා ඔෆිස් ආවා.

පස්සේ ආයෙමත් උදේ තේ වෙලාවෙදී ගියාම මෙන්න බොල මේකි කිරියා කෑලි වගයක් ගෙනැල්ලා. ඉතිං මටත් එකක් හම්බුනා. මැක්සා… කොහොමත් මං පෙරේතයා නිසා… රහ ගුන අවුලක් නෑ… ඊට පස්සේ ඉතිං විස්තර අහලා බලද්දී… රූපවාහිනි මහගෙදර හිටිය ප්‍රවෘත්ති කියන කෙනෙක්. මොන මගුලට එහෙට වෙලා ඉන්නේ නැතුව මෙහෙට රිංගුවද මන්දා. මොකද ඉස්සර එච් ආර් එකේ එවුන් මාව ගෙන්න ගන්නේ ඔෆීස් ලයින් එකෙන් බැරිනම් මගේ මොබයිල් එකට හරි කෝල් කරලා… ඒකට දැං… එකෙක්වත් මං එනවට කැමතිත් නෑ,.. මාත් ඉතිං හිතං ඉන්නවා බොලාට ඉක්මනටම බඩු හම්බුවෙයි කියලා… මොකද නිතරම දකින කුකුලාගේ කරමලේ ට්‍රාන්ස්පේරන්ට් වෙනවලුනේ… එතකොට දවසට සැරයක් විතර දකින එකාගේ කරමලේ…. ආව්… ආව්… කොහොමද රෝස පාටට පෙනුනොත් එහෙම….?

ඉතිං මතකනේ අර එක වැස්සියෙක් ලෑස්ති වුන හැටි පොල්පැලේට වැඩේ දෙන්න. දැන් මේ ලෑස්ති වෙන්නේ… පොල් පැලේ අතුටික සේරොම ටික වැස්සියෙක් දිහාට නැවෙන්න වගේ. පොල් පැලේ අතු ටික වැස්සි පැත්තට නෙමී ගෙන කෑගහනවලු…. ඉඳා… එළදෙන කාපිය… කාපිය මේ අතු ටික… හොඳ රස අතු… හැමතැනම නෑ… හැමදාම නෑ… ‍අපේ අම්මා බත් ගිල්ලවලා, ගිල්ලවලා… යසට හැදුව පොල් අතුටික… මේං කාපිය කියලා…

ඉතිං පස්සේ කොහොම හරි බුකියේත් රික් එකක් දැම්මා… තාම කොන්ෆොරම් කරලා නෑ… ඉතිං ඒ පෙරේදා… ඊයේත් උදේම ගියා අළුත පටන් ගත්ත ඩේලි විසිට් එකට. මෙන්න ඉන්නවා, හැඩකාර සුකුමාල…. වෙන ඕනෙ නෑ… ඔය ඇති… ඉතිං ඔන්න ගිහින් අනිත් අය එක්ක කතා කර කර ඉද්දී… මෙයත් මං ගැන ඇහැගහගෙන ඉන්න බව දැක්කා. ආහ්… තව තුත්තෙන් අමතක වෙනවා… අපේ සෙට් එකේ ඉන්න සුදුම එකා මං තමා… ඉතිං ඇයි මන්දා මෙච්චර කෙල්ලෝ මං දිහා බලන්නේ… සමහරවිට කලු වුනාට කන්කලුද දන්නෙත් නෑ,.. ඔන්න ඉතිං මටත් චූ බර හැදීගෙන එනවා… පස්සේ හෙන අමාරුවෙන් ඒ පැත්ත බලන්නෙම නෑමයි කියලා… වෙන පැත්තක් බැළුවා… පස්සේ ටිකක් වෙලා ඉඳලා ඔන්න කොල්ලා මාරු. ඇත්තම කියන්න ඊයේ දවසෙම මට මූනු දෙකක් මාරුවෙන් මාරුවට මැවිලා පේනවා. අනේ මන්දා… ඉතිං මට ඔය ඔක්කොටම වැඩිය වටින්නේ එකෙක් විතරක් නිසා… මං අසරන වෙලා වගේ හිතට දැනෙනවා… බුදු හාමුදුරුවනේ….

%d bloggers like this: