මඥ්ඥං වූ, මගේ කාලසටහන…



මේවා නම් කියලත් බෑ නොකියත් බෑ. මේ දවස් වල ගෝල්ඩ් fish ඉන්නේ ටිකක් හි‍තේ අමාරුවෙන්. ඒ ඉතිං එක එක ප්‍රශ්න නිසා.

ඉතිං ඒ හැම දේම අස්සේ කාලය කළමණාකරනය කියන්නේ… එළිවෙනකම් අපූරුවට දකින්න පුළුවන් හොද හීනයක්. මොනා කොරන්නද ඉතිං වැඩ වැඩි වුනාම ඔහොම තමා. දැන් කට්ටිය හිතයි දවස පුරාම ෆේස් බුක් ඉන්න මාළුවට මොනාද මෙච්චර තියෙන වැඩ කියලා. මේවනේ වැඩ….

ගෝල්ඩ් fish පුරුද්දක් විදියට දවසකට ෆිල්ම් තුනක් ඩවුන් කරගෙන ෆ්ලෑෂ් එකේ දාගෙන අර ගෙන යනවා. ඉතිං ඒ තුන ගෙදර ගිහිල්ලා ස්කිප් කර කර හරි බලනවා. හොඳ පට්ට එකක් සෙට් වුනොත් නම් ඉතිං නෝ ස්කිප් තමා. රෑ … පාන්දර වෙලා එළිවෙන්න කිට්ටු වෙනකම් හරි ඒක බලනවා.

ඒ වෙලාවට කෑම කන්න වෙලාවක් නෑ… ඒ වගේම ඉතිං නාන්නත් වෙලාව අඩුයි. එතකොට කරන්නේ ඇඟ ටිකක් හෝදගෙන වැඩට දුවන එක තමා. දැන් මේ ඔක්කොම අස්සේ තවත් මගුලක් සෙට්වෙලා. මම පුංචි කාලේ නම් මේක ආසාවෙන් කලා. ඒත් ඒක කොම්පූතරේ ගත්තට පස්සේ නැත්තටම නැතිවුනා. ඒ තමා මගේ පරිපථ අත්හදා බැලීමේ කාරිය. මේතට තරම් මං වෙන මක්කටවත් ආසා නැද්ද කොහෙද…

ඉතිං මේ දවස් වල එහෙම පරිපථයකුත් හාදාගෙන කඩාගෙන ආයේ හදාගෙන නිවනක් නැතුව ටැස් කොරනවා. අර තෝමස් අල්වා එඩිසන් මහත්තයත් 1000 සැරයක් ටැස් කොරලනේ බල්බ් එක හොයා ගත්තේ… ඉතිං ගෝල්ඩ් fish බැයිද අඩුම ගානේ 100 සැරයක් කොරලා හරි සීන් එක ගොඩ දාගන්න. ආහ්… මේ සර්කිට් කෑල්ල හදන්නේ ම‍ගේ තියෙන කම්මැලි කමට පිළියමක් විදියට. ඇත්තටම මට මාර කම්මැලියි… ඔෆීස් ඉවර වෙලා ගිහින් ඇඳට පැනලා ආයෙම නැගිටලා ඇඳ කෙලවරේ තියෙන මේසේ ගාවට ගිහින් ෆෝන් එකට සබ් එකේ ජැක් එක සෙට් කොරලා සිංදුවක් අහන්න. ඉතිං ඒකට පිළියමක් විදියට තමා මේ ඉලව්ව හදන්නේ. බ්ලූ ටූත් හෙඩ් සෙට් එකක් සබ් එකට සෙට් කිරීමේ අති භයානක භාරදූර කාර්යය තමා මේ දවස් වල කෙරීගෙන යන්නේ.

ඉතිං දරුවනේ ඔය අස්සේ ඔෆිස් එකේ ඔඩිට් එකකුත් සෙට් වෙලා. දැන් ඒකටත් ලෑස්ති වෙන්න ඕනේ.

ඉතිං දැං හරියට කන්න වෙලාවක් නෑ… නාන්න වෙලාවක් නෑ… ඇඳුම් ටිකනම් හෝදලා මැදලා අම්මා ලෑස්ති කරලා දෙන නිසා අවුලක් නෑ. ඒත් දවසගානේ ගෙනියන ෆිල්ම් ටික බලන්න වෙලාවක් නැති වුනාම.. ඇඩෙනවනේ… ඒවා දැන් බලන්නේ අපේ මල්ලී හරි අල්ලපු ගෙදර සමීරයා හරි තමා. තවත් එකක් අඩුම ගානේ බ්ලොග් එකට හිනා යන කතාවක් ලියාගන්නවත් වෙලවක් නෑ. මේ ටිකේම සේප් වුනේ එක එක නූල් සූත්තර වලින්.

ඉතිං බොලව් මේ ගෝල්ඩ් fish ගේ කාලසටහන මඥ්ඥං වෙලා නැද්ද?

යන්තං ලියපු පෝස්ට් තුන හතරක් ඇති ඒකවත් දානවා ඉස්සරහට… හම්මේ … පේනවනේ අද නිදහස් දවසෙත් ගෝල්ඩ් fish ට නිදහසක් නැති හැටි.

කෝමද අපේ වැඩ….



ඔය පෙරහැර වල නැට්ටුවෝ කරනම් ගැහුවට මේ වගේ සිරා මාලු කරනම් ගහනවා දැකලා නැහැනේ යාළු මාළුවෝ ටික… හූ… හූ… මෙව්වා පුළුවන් ගෝල්ඩ් fish ලට විතරයි. පේනවනේ අපේ චංඩි පැටවුන්ගේ වැඩ.
 
හැබැයි මෙහෙම එකක් තියෙනවා, උඩට ගියාම බෝල් එකේ කට පෙනුනේ නැත්තං ඉතිං සොරිම තමා.
 
ඔය වම් පැත්තේ බෝල් එකේ ඉන්නේ අපේ වඳ පුංචි අම්මගේ බාල කොල්ලා. ඒ බෝල් එක උඩින් තියෙන්නේ උගේ වැඩ කෑලි ටික තමා. දෙවෙනි එකේ ඉන්නේ… අපේ තව යාළුවෙක්… උගේ නම නම් මතක නෑ. ඊට පස්සේ දකුණු පැත්තේ එකේ ඉන්නේ අපේ මලයා. ඕකා දැක්කොත් එහෙම මාව මරනවා. කෝමද අපේ මල්ලිගේ වරල… ඇඩෙනවා නේද?
 
ආ මේ පින්තූරේ මං නැත්තේ… මම තමා මේ ෆොටෝ එක ගත්තේ ඒක නිසා… නැතුව ඔය කරනම් ගහන්න එහෙම බැරුව නෙමේ හරිද?
 
තව කාටද මේ වගේ පුළුවන්… ?

වෙනසකටත් එක්ක… මාලී…..


සුදු වත මට  පෙනෙයි කියලා     මුතුමාලී

සැඟවී ගියා සෙනගක් මැද         සියුමාලී

බස් වීදුරුව කැඩපත වී               මට මාලී

පෙන්නුම් කලා සැඟවී ගිය        හැඩමාලී

 

සුදු ගවුමක් ඇඳි විට නුඹ        රන්මාලී

ඉටිරුවකට නොදැවෙනි වෙයි    සිරිමාලී

සඳකැන් පෙරන මගේ වටිනා    සඳමාලී

නුඹමයි ජීවිතය නොදැවෙනි      මධුමාලී

 

හිත රිදුනම මගේ ළඟ හිටි         සුරමාලී

අතේ එල්ලිලා දඟ කල               දඟමාලී

වැස්සේ තෙ‍මි තෙමී නැටු මගේ   සුදුමාලී

ඇයි මේ ලෙසින් විරසකවී         උපමාලී

 

පුංචි සිනහ මුව මිණිකැට           පිරිමාලී

අමතන විට නෙළුම් සුවඳ          දෙනමාලී

හිත හොරකම් කරගෙන ගිය     හොරමාලී

ආයෙක් ඇවිත් හිත හදහන්        මගෙමාලී

 

අද නම් ක්ස්ටියට කියන්නේ ඊයේ, මං තුමාටම වෙච්ච අකරතැබ්බයක් ගැන. මේ සීන් එක කෙලින් කියන්න හැකියාවක් නැහැ බොලව්. ඒක නිසා ව්‍යංගයෙන් ඇරලා දැම්මා. මේක ඇතුලේ තියෙනවා ගෝල්ඩ් fish ගේ, ඒන්ජල්ගේ නමේ කෑල්ලක් පුළුවන්නම් හොයාගන්න…

ගංඨාරේ ගහපු කතාව…



ඉතිං ගෝල්ඩ් fish කලින් පෝස්ට් එකේදී කිව්වනේ අර තායිලන්ත ජාතිකයා එක පාරක් ගිහින් උඩමළුවේ ගංඨාරේ දෙපාරක් ගැහැව්වා කියලා. එතෙන ඉඳන් තමා මේ…
 
ඔන්න ඉතිං අපේ අනිත් තුන්දෙනා, ඒ කිව්වේ සර්ලා දෙන්නයි, ම‍ගේ යාළුවයි… උඩ මළුවේ සීතල වැඩියි කියලා ඇහැල කණුවේ නතර වුනා. ඒත් මගේ කරුමෙට මං තායි ජාතිකයා පස්සෙන් වැටිලා හිටිය නිසා නිකංම වගේ මිනිහාගේ මග පෙන්වන්නා බවට මාව සෙට් වුනා. කොහොම හරි පාන්දර 3.45ට විතර අපි දෙන්න උඩ මළුවට ආවා.
 
ඊට පස්සේ අපි තුමන්ලා සපත්තු එහෙම ගලෝලා උඩ මළුවට ගියා. ඊට පස්සේ තායි ජාතිකයා මට ඩිංගක් පහලින්, සෙරප්පුත් තියන් ඉන්න කියලා මිනිහා ගියා සිරිපතුල වැඳගන්න. ගිහිල්ලා එයා ගෙනාපු ගොඩක් වටින වැහි කාලෙට අඳින සිවුරු වගයකුයි, තවත් මල් වගයකුයි සිරි පතුලට පූජා කරා. මං හිතන්නේ ඒ වැඩ ටිකට පැය භාගයක විතර යන්න ඇති. ඒ කියන්නේ මාත් පැය භාගයක් එය‍ා එනකන් හිටගෙන හිටියා.
 
ඊට පස්සේ අපි මළුවෙන් පිටත් වෙද්දී අපේ අනිත් තුන්දෙනා එනවා. හරියට නිකං වයසක උන්දලා වගේ… අම්බානෙට හන්ටර් වෙලා… පස්සේ අර තායි ජාතිකය මට ආයෙමත් ටිකක් ඉන්න කියලා ආයෙමත් ගියානේ සිරි පතුල වඳින්න.
 
අවුලක් නැහැනේ ඉතිං කීපාරක් වැන්දත්… පස්සේ කට්ටියම ආවා. මෙන්න ඊට පස්සේ අර යකා අහනවා දැන් ගංඨාරේ ගහන්න පුළුවන් නේද කියලා… බඩු හරිනේ… අවුලක් නෑ දෙපාරක් සිරිපතුල වැන්දනේ, ඊට පස්සේ ඉතිං එයාට ගංඨාරේ ගහන්න තහනමක් නෑ. කොහොමද පොරගේ මොලේ?දන්නවද ඒ මනුස්සයගේ වයස? අවුරුදු 58ක්…. එයා කිව්වා, මට ආයේ එන්න වෙන එකක් නෑ කියලා.
 
ඊට පස්සේ ගෝල්ඩ් fishයි තවත් සර් කෙනෙකුයි ගියා දොලොස් මහේ පහන ගාවට. ගිහිල්ලා අපේ අත් පහනට පිටින් තියෙන යකඩ කූරු අස්සෙන් දාගෙන රස්නේ විඳගත්තා. ඒක කොයිතරම්ද කියනවනම්… අපේ ඇඟිලි තුඩු රත් වෙලා ඇඟිලි වල අග කොනිති ගහනවා වගේ වෙනකම්ම අපි අත් දෙක ගින්දරට අල්ලන් හිටියා. මාර සනීපයි. සීතලක් ඇත්තෙම නැති තරම් එතෙන. පස්සේ එතෙනත් විනාඩි 45ක් විතර ඉඳලා අපි ආවා හිරු උදාව බලන්න. අර ඉර සේවය කියන්නේ.
 
ඊට පස්සේ බලන් ඉන්නවා ඉන්නවා ඉර නෑ…. ඉර නැගෙන වෙලාවත් පහුවෙලා. වටේටම ලස්සනට එක එක පාටින් පාට වෙලා තිබුනට හැමෝම බලාගෙන හිටිය ඉර නෑ. ඊට පස්සේ ලවුඩ්ස්පීකර් එකෙන් කව්දෝ මන්ද කිව්වා, අද අධික මීදුම නිසා ඉර සේවය බලන්න ලැබෙන්නේ නෑ කියලා. පස්සේ ඉතිං ගොඩක් ආසාවෙන් හිටිය ඒ බලාපොරොත්තුව හිතේම ගුලි කරගෙන ආපහු හැටන් වලින්ම බහින්න ගත්තා.
 
පස්සේ අපි බහිද්දී තමා නියම සීන් එක. අපි පඩි පෙළ වලට කකුල් තිබ්බම අනිත් කකුල නිකංම එනවා. නිකං මැජික් වගේ. කොහොම හරි හෙන ගේමක් දීලා වැටෙන්නේ නැතුව යාන්තං නවාතැන් පොළට ආවා.
 
ආහ්.. කියන්න බැරි වුනා, අර තායි ජාතිකයා අපි ඉර සේවය බලන්න නවතිද්දී , අපේ සර් කෙනෙකුට කියලා , එයා පහලට යනවා කියලා. ඉතිං අපි හිතුවේ මිනිහා පහල ඉඳිවි කියලා. මොන පොර නෑ. පස්සේ ඇහැල කණුව ගාවට වෙනකම්ම අපි ඇවිත් බැළුවා ඒත් නෑ. පස්සේ ගෝල්ඩ් fish ගේ යාළුවයි, සර් කෙනෙකුයි ආයෙත් සිරීපාදේ කරුණා කරා. මළුවේ හැම තැනම බලලා මිනිහා නෑ. ඊට පස්සේ අපි හිතුවා තායි ජාතිකය පහල කියලා කියන්න ඇත්තේ අපි හිටිය නවාතැනට වෙන්ට ඇති කියලා. පස‍්සේ අපි ආයෙමත් අර කලින් කිව්වා වගේ ආවා නවාතැනට.
 
මෙන්න ඉතිං ඇවිත් බලන කොට මූ නිදි සැපට. අපි අරෙහෙ චාටර් කනවා මේකා නිදා. එක්කෝ අපිට තේරෙන භාෂාවකින් කියලා එන්න ඕනේ…. කොහොම හරි උදේ කෑමත් අපි 10.00 ට විතර කාලා ආපහු පහලට එන්න ගත්තා. ඊට පස්සේ ඉතින් වැඩි දෙයක් වුනේ නෑ, වාහ‍නේ නැගලා එන්න ආවා. එතෙන්දිත් ගෝල්ඩ් fish චුට්ටක් දොයි ගත්තා, ඇහැරිලා බලද්දී අපේ රංගයියා වයිට් වෝටර් රාෆ්ටින් ගිය හරියේ… ඒ කියන්නේ කිතුල්ගල.
 
පස්සේ කිතුල් ගල තානායමෙන් දවල් කෑම කාලා අයෙමත් අවුලකින් තොරව ඔෆිස් එකට මංගැච්චුවා. ආ කියන්න ඕනේ… කිතුල්ගල තානායමේ කෑම ටිකනම් නියමයි… මාර ගති. අනිත් එක තමා අපි ගත්ත හැම කෑම වේලකදිම අර අපිත් එක්ක ගිය තායි සහ ජපන් ජාතිකයින් දෙදෙනා වතුර වෙනුවට බිව්වේ කොකා කෝලා. ඒක හරිම අමුතු පුරුද්දක්.
 
ඉතිං දැන් ඔන්න ගෝල්ඩ් fish සිරීප‍ාදේ කතාව ඉවරයි. අනිත් අයත් තම තමන්ගේ කතා දැම්මනම් එහෙම… දෙයියන්ගේ පිහිටෙන් මේ පාරනම් සීලෙ බිඳ ගන්නේ නැතුව ආපහු ආවා.
 


මෙන්න සිද්ධාලේප රෙස්ටෝරන්ට් එක වෙන් කරගැනීම සඳහා ඇමතිය යුතු අංක.
මෙතෙන ඇඳන් තුනක් තියෙන එක කාමරයකට රුපියල් 4000.00 ක් පමණ වෙනවා. ඒ වගේම උදෑසන ආහාර වේල නොමිලේ.
 
අජිත් ඩී. කැකුලවල
ප්‍රචාරක කළමණාකරු
 
දුරකථන – 072 244 6639

 
 
හෙට්ටිගොඩ කර්මාන්තායතනය
33/3, ධර්මාරාම පාර, රත්මලාන.
 
දුරකථන – 011 2736910
ෆැක්ස් – 011 2735465

%d bloggers like this: