සුනිමල්ගේ මල්ලී කමෝන්…..



මේක නම් අපේ අක්කා කෙනෙක් මට කියපු කුනුහබ්බ කතාවක්. අනේ ඇත්තට අක්කලා මල්ලිලාට කියලා දෙන දේවල්…? මොනා කරන්නද මාත් ඉතිං මේ වගේ කතාවලට පොඩ්ඩක්වත් කැමති නැති නිසා හොඳ…ට අහගෙන හිටියා. කතාව කියලා අක්කා කිව්වා…. මේක කැමතිනම් නම් ගම් මාරු කරලා ඔයාගේ බ්ලොග් එකේ දාන්න කියලා. ඉතිං මෙන්න ඒ ඉකේයිය (රත්ගමයට උපහාර පිනිස- උගෙන් අවසර ගෙන ඇත) කතාව.

 

මං අර නොම්මරේ මතක නැති අක්කා කෙනෙක් ගැන කතාවක  කිව්වනේ, අපේ ස්කෝල වලට කළුතර පස්දුන් රට විද්‍යා පීඨයෙන් සුදු ඇඳගත්ත කළු අක්කලා, එතකොට සුදුයි කළුයි ඇඳගත්ත කිරි කෑලි වගේ අයියලා එහෙම  එනවා කියලා. ඉතිං එයාල පසදුන් රට පීඨෙ නේවාසිකව තමා ඉන්නේ. අවුරුදු දෙකක් හරි තුනක් හරි පුහුණුවකින් පස්සේ තමා ස්කෝල වලට එවන්නේ, පොඩි එවුන්ට වැඩ කිඩ – හැඩ පෙන්නලා උන්ව අමාරුවේ දාන්න. ඉතිං ඔය නේවාසික කාලය තුලදී පීඨෙ ඇතුලේ තියෙනවාලු ස්පෝට් මීට්… (වැරදිද මන්දා? අවුරුදු උත්සවයක්ද කොහෙද? කොහොම හරි ක්‍රිඩා උත්සවයක්නේ) ඉතිං මේකට මීටර් සීය දුවන එකත් අනිවාර්ය අංගයක් විදියට තමා තිබිලා තියෙන්නේ.

 

දැන් ඔන්න අපේ අක්කලාගේ බැචෙකුත් මීටර් සීයට තරඟ කරනවලු. ආහ්… මේ පීඨෙට ගිය ගමන් සෙට් වෙන පළවෙනි කිරිඩා උත්සවේලු. ඉතිං හෙන අලි (මට කතාව කිව්ව අක්කා වගේම) සයිස් පොරවල් එක්ක තමයිලු අක්කගේ බැචාට දුවන්න වෙලා තියෙන්නේ. ඒ ඔක්කොමලා අපේ මේ කියන සුනිමල් අයියට වැඩිය වැඩිමල්, කලිං බැච් එකේ සෙට් එකලු. ඒත් ඉතිං මූත් කිසි ගින්නක් නැතුව (අනිවා ඕකා ට්‍රයි බුල් එකක් වත් ගහන්න ඇති) පොඩි ජම්පින් පාරක් එහෙම දාලා වෝර්ම් අප් වෙලා එහෙම හෙන රෙඩි එකේ ඉන්නවලු, විසිල් එක දැන් පිඹියි දැන් පිඹියි කිය කිය…. පස්සේ ඉතිං ඔන්න කව්රු හරි විසිල් එක පිඹලා. දැන් ඉතිං අර දැවැන්ත කලින් බැචාලා ටිකත් එක්ක චූටි සුනිමල් අයියා හුරේ රන් එකලු. ඉතිං වැඩි වෙලාවක් තියෙන්නේ නැහැනේ මීටර් 100 දිවිල්ල. වැඩිම වුනොත් තත්පර පහළොවයි. ඔන්න ඒ අස්සේ අපේ අක්කලායි‍, ඒ බැච් එකේ අනිත් කස්ටියයි හෙන හුරේ එකක් දෙනවලු, සුනිමල් කමෝන්… සුනිමල් කමෝන්…. කියලා. ඉතිං මෙන්න අර කිව්වත් වගේ ටික වෙලාවකින් තරගේ නිම වෙලා. ඒ කියන්නේ කට්ටිය මීටර් 100 දුවලා ඉවර වෙලා දිනුම් කනුවට ඇවිල්ලා.

 

දැන් කව්ද මේකේ ජයාග්‍රාහකයා… වෙන කවුද ඉතිං සුනිමල් අයියම තමා. මිනිහා අර කලින් බැච් එකේ බුවාලා ටික පරද්දලා මෑන් ඔ‍ෆ් ද මැච් වෙලා. අපේ අක්කලාටත් හරි ජොලිනේ ඉතිං. කට්ටියම ගිහින් සුනිමල් අයියට විෂ් කොරන වල, ෂේක් හෑන්ඩ් කරනවලු එතෙන එක විකාරයයිලු. (මේවා ලියලා ඕකට අහුවුනොත් මට වෙඩි තියනවා) ඉතිං ඊට පස්සේ ඒ ජයග්‍රාහී උණූසුම මැද්දෙම අර කලින් බැච් එකේ අයියලා ටික එයාලගේ නේවාසික පුහුණුව ඉවරා කරලා, පුහුණු කාල සීමාව සඳහා පිටක් වෙලා ගියාළු. එතකොට සුනිමල් අයියා ප්‍රමුඛ අපේ අනිත් අයියලා අක්කලා තමා සීනියර් බැච් එක. ඉතිං ඔහොම ඉතුරු මාස ටිකත් යද්දී ආයෙම සෙට් වුනාලු අර වගේ කිරිඩා උත්සවයක්.

 

ඉතිං හැමෝගෙම බලාපොරොත්තුව මේ පාරත් මීටර් 100 ඉසව්වට සුනිමල් අයියව සහභාගී ‍කොරවන්න තමා‍. මොකද ගිය පාර අර හෙන පෙරිය සයිස් ලොකු අයියලා එකක් දුවලා එක වුනානම් මේ පාර ඉතිං මොනාද… ටොයිස් වගේ ඇතිනේ… ඉතිං අර වගේම ක්‍රීඩා උත්සවය දවසේදී සුනිමල් අයියා අර අඟල් නවයේ කලිසම් තියෙන්නේ… අන්න එයින් එකකුත් ඇඳගෙන එහෙම කලින් පාරට වැඩිය රෙඩි එකේ ඉන්නවලු තරගේ පටන් ගන්නකම්. මෙහෙම ඉද්දී, ගිය පාර තරගේ පටන් ගත්තම ඇහුන සුනිමල් කමෝන්… චියර් එක, මෙදා පාර තරගේ පටන් ගන්නත් කලියෙන් ඇහෙනවලු. ඉතිං සුනිමල් අයියත් හෙන කික් එකේ ඉඳලා තියෙන්නේ.

 

පස්සේ ඔන්න තරගේ පට්ටාං ගත්තලු. ඉතිං සුනිමල් අයියා මේ පාරත් මුල ඉඳලම අංක එකලු. ඉතිං අපේ අක්කලා කට්ටිය හෙන සපෝට් එකක් දෙනවලු සුනිමල් අයියට, කමෝන් සුනිමල්… කමෝන් සුනිමල් කියලා‍. ඒ අස්සේ අයියලා ටික සපෝට් එක දෙනවලු… සුනිමල්ගේ මල්ලී කමෝන්… සුනිමල්ගේ මල්ලී කමෝන් … කියලා‍. ඉතිං දැං අක්කලා බලනවලු ඇයි මේ කියලා.

මේකයි වෙලා තියෙන්නේ සුනිමල් අයියා අඟල් නවයේ ෂෝට ඇන්දට අන්ඩර් වෙයාර් එක ඇඳලා නෑ. ඉතිං සුනිමල් අයියා දුවද්දී අයියාට කලිං මල්ලි ඉස්සර වෙන්න පොරකනවලු. ඒක දැකපු අයියලා ටික තමා (කතාව කියපු අක්කනම් මට කිව්වේ එයාල ටියුබ් ලයිට් නිසා ඒ අයියලා කියපු එක තේරුනේ තරගේ ඉවර වුනාට පස්සේ කියලා. ඒ වුනාට මට හොඳටම ෂූවර් ඒක මුලින්ම දකින්න ඇත්තේ අක්කලා කට්ටිය කියලා…) සුනිමල්ගේ මල්ලී කමෝන් කියලා චියර් එක වෙනස් කරලා තියෙන්නේ… පස්සේ ඉතිං අන්තිමේ මොන මොන සීන් වුනත් සුනිමල් අයියා අංක වෙලා දෙවැනි වතාවටත්. හැබැයි දෙවෙනි පාර නම් අක්කලා ලඟට ගියාද කියලා පොඩි සැකයක් තියෙනවා… සමහරවිට පස්සේ නේවාසිකාගාරේදී සුනිමල් අයියා වොෂ් එකක් එහෙම දාලා, නෝමල් විදියට ඉද්දී විෂ් කරන්න ඇති…

සුනිමල් අයියත් ගෝල්ඩ් fish එක්ක ලැබ් එකේ වැඩ කරලා තියෙනවා. මිනිහාගේ තව කතාවක් තියෙනවා ඒකත් මේ ගමන්ම කියලා දාන්නම්… ඒ දවස් වල මායි සුනිමල් අයියයි ලැබ් එකේ ඉද්දී, මම මොකක් හරි පඩි වැඩක් කලාම සුනිමල් අයියා මට කතා කරන්නේ … අඩෝ කරියා කියලා… ඔය කරියා කියන්නේ ඒ වචනේ මුල් අකුරට යෙදෙන කෙටි ඇලපිල්ල කපලා දාලා අපේ ලේසියට අපි හදා ගත්ත වචනයක්. ආයේ මොනාද ප්‍රින්සිපල් ඉස්සරහ වුනත් ඕක කියන්න පුළුවන්. මොකද ඉතිං කරියා කියන්නේ කුණුහරුපයක් නෙවේනේ…

යකරහොටා… මොකා? යකරහොටා බං… යකරහොටා…



මේක නම් ගෝල්ඩ් fish හිනා වෙලාම මැරෙන්න ගිය කතාවක්. මේක වුනෙත් ඉතිං ගෝල්ඩ් fish ඔෆිස් එකේම තමා. මේ පෝස්ට් එක ලියන මොහොතෙත් මට තනියම හිනා. ඒ රසවින්දනය යාළු මාළුවෝ හැමෝටමත් දෙන්න ට්‍රයි එකක් දෙනවා. බලමුකෝ වැඩේ හරියයිද කියලා…

ඉතිං පහුගිය දවසක ගෝල්ඩ් fish ගියා ඔෆිස් එකේ කලින් හිටිය තැනට. ඒක අඩි 100 ක් විතර දිග තියෙන පේන්ටින් වැඩ කරන අංශය. ඉතිං මේකේ වැඩ කරන්න 7 දෙනයි. කාලෙකින් වුන් ටිකට සෙට් වුනාම වුන්ටත් මාර හැපි ඉතිං. වැඩිය ඕනෙ නෑ හත් දෙනාම ආඩි හත්දෙනා වගේ තමා.

ඉතිං ඔන්න මම ගිය ගමන් කළුම කළු මිටි… නිකං ගෝඨයිම්බර වගේ එකෙක් ඉන්නවා කලුවා කියලා. මූ ඇවිල්ලා ආ වරෙන්… මචං ගෝල්ඩ් fish එල බඩුවක් තියෙනවා පෙන්නන්න කියලා මාව අතින් ඇදන් ගියා. මාත් ඉතිං ගියා මොකද මුං ගාව තියෙන්නේ කොහොමත් මාර බඩු. සබන් කෑලි වලින් කපපු ගැහැනු රූප, එතකොට රිජිෆෝම් වලින් හදපු  පිරිමින්ට වැදගත් වෙන ගැජට්… එක එක ඒවා.. පිස්සු ලෝකයක්… ඉතිං මූ මාව එක්කං යද්දී තරංග අයියායි, සූරීන් කියලා තව එකෙක් ආවා.

පස්සේ කළුවා ගිහින් පොඩි පෙට්ටියක් වහලා තිබුන ඉටිකොල කෑල්ලක් හිමීට අයින් කලා. අම්මද බොල චූටි කුරුල්ලෙක්. එහාට මෙහාට පනිනවා, ආයෙත් වැටෙනවා… බුවාට කාක්කෝ කොටලා.  ඉතිං මේ සෙල්ලම බලන් ඉද්දී තරංග අයියා මගේ කනට කරලා කියනවා ඔය කුරුල්ලට සිහිය නෑ බං. මට බකස් ගාලා හිනා ගියා.. ඇයි දෙයියනේ මේ හොඳට උඩ පැන පැන ඉන්න කුරුල්ලට සිහිය නෑ කියද්දී. කෝකටත් මාත් තව ටිකක් කිට්‍‍ටු කරලා බැළුවා ඇත්තටම මූට සිහිය නැද්ද කියලා. මොන ඇස් දෙකත් ඇරං දඟල දඟල ඉන්නවා. පස්සේ හිනා වෙන ගමන්ම මං තරංග අයියාගෙන් ඇහුවා.. යකෝ සිහිය නැත්තං මූ මේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ කියලා… තරංගයා ආයෙත් කනට කිට්ටු වෙලා කියනවා, ඉතිං බං අපේ සුරියත් ඉන්නේ…

විනාඩි පහක් විතර හිනාව නවත්තගන්න බැරුව ඇස් දෙකෙන් කඳුළු පනින කම්ම ගෝල්ඩ් fish හිනාවුනා…

ඊට පස්සේ කළුවා ලඟට ආවා. මං කිව්වා… කලුවෝ මූට කන්න මොනාහරි දාපං බං… බඩගින්නෙනේ ඉන්නේ කියලා… පස්සේ ආයෙත් තරංගයා ටිකක් දුර ඉඳන් හෙන සද්දදෙන් කියනවා, බිත්තර රොටි දෙකයි … යෝගට් තුනයි… කියලා. මං ඇහුවා මොකක්? කලුවා කියනවා ඔව් බං, මේ කුරුල්ලා තරංගයාට කියලා කැන්ටිමෙන් බිත්තර රොටි දෙකකුයි යෝගට් තුනකුයි ඌට ගෙනත් දියන් කියලා.

අනේ අම්මේ මගේ බඩත් කොරවුනා හිනා වෙලා හිනා වෙලා…

පස්සේ ඉතිං මං ඇහුවා මූ කොහෙන්ද බං කියලා? පස්සේ එතෙන හිටිය සංජීව කියනවා, බෝ ගහෙන් වැටුනා බං… කාක්කෝ කොටලා බං කියලා.. ඒකට ඉතිං හිනා වෙන්න දෙයක් නෑනේ.. අහිංසක සතානේ… පව් බං කියලා මාත් කිව්වා… පස්සේ ඔන්න මං යන්න කිට්ටු වෙලා ආයෙමත් කලුවාගෙන් ඇහුවා…

ඒයි කලූ මොකද්ද බං මුගේ නම?

යකරහොටා….

මොකා?

යකරහොටා බං යකරහොටා…

එතෙන ඉඳන් විනාඩි පහක් විතර ඇතුලත දේවල් නම් මට මතක නෑ….

පස්සේ තරංග ආයත් ලඟට ඇවිල්ලා… කලුවෝ උඹ ඔතනින් එහාට වෙයන්, නැත්තං කුරුල්ලා හිතයි බං  ලංකාවේ තිබුන බෝගහෙන් කෙලින්ම ඉතියෝපියාවට වැටිලා කියලා ……

මං එහෙම නම තියෙන කුරුල්ලෙක් ගැන ඒ ඇහුවමයි. ඇඟ කොල පාට හොට රෝස පාට මොකෙද්ද මන්දා පුංචි කුරුල්ලෙක්.. ගිරවෙක් නම් නෙමේ… ඊටත් ඌ සිංහල කතා කරන බිත්තර රොටියි යෝගටුයි කන අමුතු එකෙක්… මේ… කවුරු හරි තව මේ වගේ එකෙක් දැක්කොත් ගෝල්ඩ් fish ට පොඩි දැනුම් දීමක් කොරන්න ඈ… මොකද මූ පිරිමි එකෙක් කියලා තරංග අයියා කිව්වා. ඒ ටිකට තරංගයා උගේ ස්ත්‍රී  පුරුෂ  බවත් හොයාගෙන. වැඩක් නෑ කියලා. හොඳ වෙලාවට මම එදා හවස 3.45ට විතර ගියේ… උ‍දේම ගියා නම් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ… ඔය සීන් එකට හිනා යනවා.

ආහ්… තරංගගේ තව සීන් එකක් තියෙනවා. ඒ දවස් වල ගංවතුරට ඉබ්බෙක් ආවා ලඟ තියෙන වෙලක ඉඳන්. ඒකත් මුලින්ම දැකලා ‍ තියෙන්නේ ආඩි ටික තමා. පස්සේ මූ ඉබ්බව අල්ලලා උගේ කටුවේ අර හරකුන්ගේ වගේ… පිං කියලා ටිපෙට්ස් එකකින් ලියලා. පස්සේ ඌව අපේ පොකුනට දැම්මා. දැන් ඉතිං ඌට කෑම දෙනවා, කවනවා එක විකාරයයි. පස්සේ තරංග මූව ගෙනැල්ලා තිනර් වලින් කටුව හෝදලා, ටිපෙට්ස් ටික යවලා… මූව ලොකු පෝර උරයක දාගෙන අපේ එච්.ආර් මැනේජර් ගාවට ගෙනිහින්… ඉබ්බව ගෙදර ගෙනියන්න, ඉබ්බට ගේට් පාස් එකක් දා ගන්න. එච්.ආර් මැනේජර් කිව්වලු….ඕකාට මොන ගේට් පාස්ද තරංග ඕනේ නම් තමුසෙට එකක් දාලා දෙන්නම්, මගදි පොලිසයෙන් ඇල්ලුවොත් එහෙම ඕනෙ වෙයිනේ… කියලා.

වැඩක් නෑ වුන් හත් දෙනා ගැන කියලා පිස්සුම ලෝකයක්… තව මට හොඳට මතක හිටිය කතා ‍ දෙක තුනක් තියෙනවා ඒ ටිකත් දාන්නම්කෝ….

 

 

ඇක්සලරේටඩ් ගේම…



මේ කතාව ඇහුවම නම් අපේ රට ගැන කැක්කුමක් තියෙන එවුන්ට දුක හිතෙන්න ඕනේ. නැත්තං ඉතිං වැඩක් නෑ. මේක ඇත්තම සීන් එකක්… දැනටත් ක්‍රියාත්මක වෙනවා. සීන් එක යන්නේ ගෝල්ඩ් fish රැකියාව කරන ආයතනයේ.

අපේ ෆැක්ටරි එකේ යම් නිශ්පාදන භාන්ඩයක් නිපදවනු ලබනවා. ඒක මොකද්ද කියලා මට කියන්න විදියක් නෑ… මොකද ඒක රැකියාව කරන තැනට හොඳ නැති නිසා. විශ්වාසවන්ත කීපදෙනෙක් නම් දන්නවා, ඒ අයගෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනවා ගෝල්ඩ් fish ගේ සේවා ස්ථානය ගැන කිසිවක් නොපවසන ලෙස.‍

ඉතිං මේකයි සීන් එක, අපේ ‍ෆැක්ටරිය පටන් අරන් දැනට අවුරුදු 24ක් වෙනවා. ඉතිහාසයේ පළමු වරට තමා මෙහෙම දෙයක් ක්‍රියාවට නැංවුනේ. මෙච්චර කාලෙකට අපේ ආයතනයේ වැඩ කරේ දවසක් ඇර දවසක් රාත්‍රි සේවාමුරයක් විදියට. ඒ කියන්නේ සඳුඳා, බදාදා, සිකුරාදා නයිට්… අඟහරුවාදා, බ්‍රහස්පතින්දා 4.30ට ඕෆ්. ඒ ඇරනම සෙනසුරාදා නයිට් එකක් හෝ දහවල් 1.30ට ඕෆ්. ඉතිං මේ විදියට අවුරුදු 24ක් ආයතනය කරගෙන ආවට පස්සේ තමා අපේ ආයතනයේ ලොකු තැන් වලට මොලේ පෑදිලා තියෙන්නේ.

ඇත්තටම අපේ ආයතනයේ, හවස 4.30 වෙද්දී කරන්න ඕන වැඩ ටික, එහෙමත් නැත්තං ටාගට් එක දවල් 11.00 වෙද්දී කවර් කරනවා. ඊට පස්සේ නයිට් එකේ වැඩ, ඒ කියන්නේ ඊළඟ දවසේ උදේ 6.30 වැඩ ටික හවස 4.00 විතර වෙද්දී ඉවරයි. පස්සේ ඉතුරු මුළු පැය 16කට ආසන්න කාලයම අපේ සේවක මහත්තරුන් කරන්නේ, කාලා බීලා ආතල් එකේ ඉන්න එක තමා. එහෙම නැත්තං හවස ලොක්කෝ ටික ගෙවල් වලට ගියාම තම තමන්ගේ බයිසිකල් හෝදගන්න, ඒවා රෙපෙයාර් කරන්න එහෙමත් කට්ටිය පෙළඹිලා හිටියා. ඇත්තටම ඉතිං ඒ මිනිස්සුන්ට බනින්නත් බැහැ. මොකද පැය දාසයක් නිකං ඉන්න බැහැනේ. ගෙවල් වලටත් යන්න නැති එකේ ඔය බයිසිකල් හේදිල්ල වගේ ඒවා ඉතිං කරාට කමක් නෑ වගේ තමා.

ඉතිං දැන් තමා ප්‍රශ්නේ පටන් ගන්නේ. රෑ වෙනකොට කට්ටිය ලයිට් දාගෙන රැ 11 විතර වෙනකම් කයිය දාගෙන ඉන්නවා. තවත් කට්ටියක් පාන්දර වෙනකම්ම ටී.වී එකේ එල්ලිලා. තවත් කට්ටියක් එලිවෙනකම්ම ෆෑන් දාගෙන හොඳට බුදි. ඉතිං නිකමට හිතලා බලන්න නිකං ගත කරන පැය දාසයක් වෙනුවෙන් ජලය, විදුලිය වගේ දේවල් කොයි තරම් වැය වෙනවද? ඒවා කිසිම වැඩකට ඇතුව නෙමේ වැයවෙන්නේ.

ඉතිං ඔන්න දෙයියනේ කියලා අවුරුදු 24කට පස්සේ අපේ පාලනාධිකාරිය තීරනය කරලා තියෙනවා ටාගට් දීලා එහෙම නැත්තං වැඩ කොටස සම්පූර්ණයෙන් අහවර කරලා හවස 6‍‍‍.30 වෙද්දී කට්ටියටම ගෙවල් වලට යන්න අවස්ථාව ලබා දෙන්න‍. මේ මාසේ පළමුවෙනිදා ඉඳං ඒක ක්‍රියාත්මකයි. ඇත්තටම ගෝල්ඩ් fish නම් හිතන්නේ මේ වැඩේ කරන්න තිබුනේ ගොඩක් කලිං කියලයි.

ඇත්තටම හැබැයි මේකෙත් අර පිහියේ කැපෙන පැත්තයි අනිත් පැත්තයි වගේ පැති දෙකක් තියෙනවා. ඒ තමා… එකක් මිනිස්සු ඉස්සර පොඩි විවේකයක් අරගෙන ඉඳලා තමා දෙවෙනි වැඩ මුරය පටන් ගන්නේ… ඉතිං මේ ඇක්සලරේටඩ් ක්‍රමයෙදී ඒක නැති වෙනවා… ඒ කියන්නේ මිනිස්සු ඉක්මනට විඩාවට පත්වෙලා, කාර්යක්ෂම තාවය අඩුවෙනවා. ඒ වගේම යන්ත්‍ර සූත්‍රත් ඉක්මනට ‍බ්‍රේක් ඩවුන් වෙනවා. ඊ‍ට පස්සේ ඒවා හදන්න ගියාම වැඩ නවත්තන්න වෙනවා. ඔන්න ඔහොම ප්‍රශ්න ගොඩක් ඇතිවෙන අතරේ ඉස්සර දවසක් ඇර දවසක් ගෙදර ගිහින් දරු මල්ලොත් එක්ක හිටිය සේවක මහත්වරු දැන් හැමදාම ගෙදර යනවා. ඉතිං ඒක තමා මේ ඇක්සලරේටඩ් ක්‍රමයේ තියෙන සේවකයින්ගෙන් පැත්තෙන් වාසිය.

ආයතනය පැත්තෙන් නම් වතුර බිල, ලයිට් බිල සනීපාරක්ෂක සේවා සඳහා යන වියදම් එහෙම භාගෙට භාගයක් විතරයි ඉතුරුයි. හැබැයි වැගදගත්ම දෙයක් තියෙනවා කියන්න. ඒ තමා අපේ ආයතනයේ නිපදවෙන භාන්ඩයේ තත්වය දැන් ඉස්සරටත් වැඩිය හොඳයි කියන එක. මම දන්නවා තත්ත්ව පාලනය ගැන හොඳට, මොකද හැම කෙනෙක්ගෙම තත්ත්ව වාරතා අන්තිමට නවතින්නේ මගේ ගාව නිසා. ඇත්තටම සෑහෙන ලොකු වර්ධනයක්.හිතාගන්න අමාරුයි තමා. ඒත් ‍එහෙම වෙලා.

ඒ තමා ඇත්ත කතාව. ඒත් ගෝල්ඩ් fish මේකෙන් කියන්න උත්සාහ කෙරුවේ… ආයතන මෙච්චර කාලයක් තිස්සේ, කාලය, ජලය, විදුලිය, ඒ වගේම මිනිස්සුන්ගේ සතුට තේරුමක් නැති විදියට තමා පරිහරනය කරලා තියෙන්නේ. ඇත්තටම දැන් සේවක මහත්වරුන්ට තැන් තැන් වලට වෙලා කයිය ගගහා ඉන්න ඕනේ නෑ, අහුමුළු වල නිදිකරන්න වෙලාවක් නෑ… තමන්ට අවශ්‍ය වෙලාවට පොඩි විවේකයක් ගන්න පුළුවන්, ඒත් ආයෙමත් සුළු මොහොතකින් වැඩ. කොටින්ම කිව්වොත් අපේ සේවක මහත්වරුන්ට වෙන වැඩ කරන්න කාලයක් නෑ. හැම විනාඩියක්ම තමන්ගේ රැකියාව වෙනුවෙන් කැප කරන්න වෙලා. ඒත් කිසිම කෙනෙක් ඇක්සලරේටඩ් ක්‍රමයට අකමැති නෑ. ‍හැමෝම කැමතියි. මොකද හැමදාම හවසට ගෙදර යන්න පුළුවන් නිසා.

ඇත්තටම දැන් තමා ෆැක්ටරි එක නියම ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ…. මැෂින් නම් බ්‍රේක් ඩවුන් වෙන වාර ගනන වැඩියි. ඒක නිසා නඩත්තු අංශයත් තව අමතර පිරිසක් ඕනෑම වෙලාවක සූදානමින් තියලා තියෙනවා. ඇත්තටම ගෝල්ඩ් fish හරි සංතෝෂයි ‍මේ ක්‍රමය ගැන.

ඉතිං කාට හරි කියන්න පුළුවන්ද මේ වගේ වැඩකට නැති විදියට ජාතික සම්පත් නිකරුනේ නාස්ති කරමින්, වැඩ කරන ආයතන තියෙන්නේ මෙච්චරයි කියලා? අපි දන්නේ නැති වුනාට තව සෑහෙන ප්‍රමාණයක් ඇති. ඉතිං ඒ වගේ ජාතික සම්පත් නැති නාස්ති කරන ආයතනක් ඒ මාර්ගයෙන් ඉවත් වෙච්චි එකට ඒකෙ වැඩකරන මට නැත්තම්, වෙන කාටද ආඩම්බර?

අන්තිමට ආයෙත් කියන්න ඕනේ… ඉස්සර නයිට් දාගෙන කරපු වැඩ කොටසම ඊට වැඩිය හොඳට ඇක්සලරේට් වෙලා එලටම යනවා මේ දවස් වල. හැබැයි… මේක කවදා වෙනකම්ද කියන්න බැහැ. මොකද හැම තැනම තියෙනවනේ වෘත්තීය සමිති කියලා දෙයක්. ඒකේ ඉන්න අලුගුත්තේරු‍වෝ ටික බකට් එකක් දාපු දාට අනිත් හැමෝගෙමත් සතුට නැති වෙලා යනවා. ඒවට ඉතිං කොරන්න දෙයක් නැහැ. මොකද කට්ටිය කියන්නේ වෘත්තීය සමිතිත් තියෙන්න ඕනෙ කියලා. තියෙන්න ඕනෙ තමා, ඒත් හැමදේටම බකට් දාන ඒවා නෙවේ… වැඩ කරන සහෝදරයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී හිටින්න. එහෙම නැතුව එක එකාගේ පදේට නටලා අනිත් අයට ලැබෙන දේවලුත් නැති කරගන්න නෙමේ.

අනේ බුදු සර්.. එහෙම කරන්න එපා සර්…



ඕන්න ඉතිං ඊයෙත් ගෝල්ඩ් fish  ගෙදර ගිහින් දහ අතේ කංපනා කොරනවා හෙට මොනාද ටැංකියේ දාන්නේ කියලා… කොයිතරම් දේවල් තිබුනත් ලියන්න හිත දෙන්නේම නෑ. මාත් දැන් අනිත් අය වගේම කම්මැලි වීගෙන එනවා වගේ.

 

ඉතිං ඔහොම අහස පොළව ගැටලද්දී… මේං බොල මතකෙට මන්දු කෙරුවා, ගෝල්ඩ් fish ස්කෝලේ යන කාලේ පන්ඩිත ගමනක් ගිහින් හිරේ වැටෙන්න ගිය හැටි. ඉතිං ඒක ලියන්න ගත්තා. ඔය පහලින් තියෙන්නේ ඒ ත්‍රාසජනක, බියකරු, ඇඩ්වෙන්චර් කතාව තමා. ඇඟ කිලිපොලා යන සීන් එහෙම නම් නෑ. ඒක නිසා ඉතිං ඕනෙ කෙනෙක්ට කියවන්න පුළුවන්…

 

මේන්න මෙහෙමයි පටන් ගැන්ම. ඔය අපේ අනිත් අයට වගේම ගෝල්ඩ් fish ටත්, ස්කෝලේ උසස් පෙල කරද්දී හරි උන මලගෙවල් වල යන්න. අනේ අප්පේ ඒ දවස් වල නටපු නාඩගං. ඉතිං ඒ දවස් වල දන්න කියන කෙනෙක්ගේ අවමගුලක් වෙනවා කියන්නේ අපිට රජ මගුල්. ඇත්තම කියන්න අපි එකෙක් වත් බිව්වේ නම් නෑ. කරේම කැරමු ගැහුව එකයි, සැන්ඩ්විචස්, බිස්කට් වගේ දේවල් කකා කෝපි බීපු එකයි විතරයි. ගෙදරදි සැන්ඩ්විච් නොකන මාළුවොත් මල ගෙවල් වලදී නම් ඇරියස් අල්ලලා ඇරලා දානවා. වෙන කවුරුත් නෙවේ ඉතිං කොල්ලා….

 

ඉතිං ඔහොම ආතල් එකේ ඉන්න ගමන අපේ එක මාළුවෙක් ඇහුවා පාන්දර 1ට විතර, මේ මචං අපි රවුමක් යමුද කියලා… ඌ ඒක කියපු විදියටනම් නිකම් දවල් යන ගමනක් ගානට තමා කිව්වේ. පස්සේ ඉතිං අපිත් පුටාර් එහෙම අරගෙන ලෑස්ති වුනා, මේ රාත්‍රි සංචාරය සඳහා. අර යාළුවගේ විස්තරයට අනුව මැප් එක මෙහෙමයි… මළගෙදරින් පටන් අරන් මොරොන්තුඩුව හරහා බන්ඩාරගමට… ඊට පස්සේ බන්ඩාරගමින් පානදුරේට ගිහින් ආයෙමත් ගාලු පාර ඔස්සේ මළගෙදරට. මේ ගමනට කිලෝමීටර් 40ක් විතර අන්තර්ගත වුනා. පස්සේ අපි 1.15ට විකර ගෙදරින් ගියා. පස්සේ ඉතිං දන්නවනේ කොල්ලෝ ඔය වගේ ජොලි ට්‍රිප් යන කොට හැටි… ෂර්ට් ගලෝලා ඉනේ බැඳගෙන, බයිසිකල් වල වාඩි වෙලා යන වුන් ටී ෂර්ට් වලින් මූනු එහෙම වහගෙන හෙන හයියෙන් කෑගගහා තමා යන්නේ. මොකෝ ඉතිං ඒ වෙලාවට මිනිස්සු ඇහැරන් ඉන්න එකක් යැයි. මොකක් හරි තැටියක් දාගෙන තමා ඉතිං අපිත් ගියේ…

 

පස්සේ මෙන්න බොල බංඩාරගමට කිට්ටු වෙද්දී අපිට පේනවා… හරි ලස්සනට රතු පාට ලයිට් එකක් කැරකෙන වාහනයක්. අපි ඉතිං කෝකටත් කියලා මීටර් 75 විතර දුර තියලා බලාගෙන හිටියා ටිකක් වෙලා ඒක දිහා. එක පා….රටම….  අඩෝ… කව්ද යකෝ මේ පාන්දර, ෂර්ටුත් ගලෝ ගෙන වැදි පැටව් ටික වගේ… වරෙල්ලා බලන්න මෙහෙට… කියාගෙන මෙන්න එනවා තඩි පොලිස් මාමියෙක්… අම්මට සිරි දැන් ඉතිං මොකෑ කොරන්නේ…. කට්ටයම ඌ ගාවට ගියා. ගියාම තමා ප්‍රශ්න කිරී ආරම්භ වුනේ… මේ ඔක්කොටම මාළු පිරිස නියෝජනය කරමින් උත්තර දුන්නේ නිර්භීත (ඒත් කකුල් දෙක ගැහුනලු) අපේ සුපුන්. මේං ප්‍රශ්න ටික…

 

තොපි කොහෙද මේ රෑ යන්නේ…?

 

අපි සර්, මළගෙදරක ගිහින් ගෙදර යනවා.

 

කොහෙද මලගේ..?

 

****** කිට්ටුව.

 

ඉතිං මෙහේ යන්නේ?

 

නිකං අපි ඇවිල්ලත් නැති නිසා යන්න කියලා හිතුවා සර්….

 

ආ.. එහෙමද? ගනිල්ලා බලන්න අයිඩෙන්ටි.

 

ඒ දවස් වල අපිට අයිඩෙන්ටි කියලා, පෝසටල් අයිඩෙන්ටියත් තිබුනද මන්දා. ඊටත් මළ ගෙවල් වල යද්දී ඔය අයිඩෙන්ටි උස්සන් යනවැයි? මේ මෝඩ රාළාමියට ඒක තේරෙන්නේ නැහැනේ. ඊටත් මූ කවදාවත් මළගෙදරක ගිහින් හොර කොටු පැනලා… ආ වැරදුනා… හොර ගමන් ගිහින් එහෙම නැති, කොටින්ම ළමාවිය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති ගානට තමා ඇක්ටින් එක. පස්සේ අපේ සහෝ කිව්වා.. අයිඩෙන්ටි නැහැනේ සර් කියලා….

 

එහෙනම් ඉතින් උඹලව රිමාන්ඩ් කරන්න වෙනවා, ගෙදරින් ඇවිත් එක්කන් යනකං.

 

ඈ… තා‍ප්පෙටම කෙලලා තියෙයි… යකඩෝ මූ කරන්න හදන වින්නැහියක තරම. මූව කොටියම කාපිය…. කොයිතරම් එහෙම හිතුවත් කොටියෙක් කියා පූසෙක් වත් නෑ කිට්ටුවක… මේ මහා රෑ මේ වගේ පිස්සු මොංගල් රාළාමියෙකුයි තවත් පිස්සෝ ටිකකුයි ඇහැරන් විකාර නැටුවට සතෙක් වත් පේන්න නැහැ.

 

ඊට පස්සේ… සැම එකසේ…

 

අනේ බුදු සර්.. එහෙම කරන්න එපා සර්… අපි අහිසංකයි සර්… අපි මේ තේ එකක් බීලා ආප්පයක් කාලා යන්න සර් ආවේ….

 

හෝව් හෝව් නවත්තපියව් කෑගැහිල්ල… තොපි ආප්ප කන්නමද ආවේ?

 

ඔව් සර්… ඔව්….

 

ආ එහෙමනම් සයිකල් ටිකත් දාගනෙ නැගපියව් ජීප් එකට….

 

අනේ එපා සර්… අපිට ආප්ප එපා ගෙදර යන්න දෙන්න සර්…

 

ඒත් මූ අපිව යවන්නේ නෑ. පස්සේ බැරිම තැන අපි සෙට් එකම හෙන හයියෙන් කෑගහලා අඩන්න ගත්තා, අනේ බුදු සර් යන්න දෙන්න කියලා. මෙන්න ටික වෙලාවකින් වටේ පිටේ ගෙවල් වල ලයිට් එක දෙක පත්තු වෙන්න ගත්තා… බඩු හරි තඩියා ඩිම් වෙලා දැං. අපි ටික තවත් හයියෙන් කෑගහන කොට මූට තේරුනා අපි මෙතෙන හිටියොත් ඌටත් බඩුම තමා කියලා. පස්සේ ඉතිං ඔන්න අපිට ඌ කටින් කියනවා… දැන් ඇති යකුනේ… දැන් ඇති කියලා. ඒත් අපි ඊට වැඩිය සද්දෙන් අනේ බුදු සර් කියනවා. පස්සේ මූ අතින් කටට ඇගිල්ල තියලා පෙන්නනවා කටවහගනිල්ලා කියලා… ඊට පස්සේ අපි සද්දේ වැහුවා.

 

පස්සේ අර අහිංසක පොලිස් මාමි කියනවා… අපෝ තොපි හිටියොත් මටත් ගෙදර යන්න වෙනවා… ආපු අතක් බලාගෙන පලයවු, ආයේ ආවොත් එහෙම බලාගමු කියලා… පස්සේ අපි යන්න හැරෙද්දී මාමා කියනවා… දැන් ඉතිං යන ගමන් අපේ අම්මටත් පිංදීගෙන පල කියලා.

 

හී හී ඕක ඉතිං කියන්න දෙයක්‍ද? මීටර් සීයක් යන්න කලින් සුපුන්ම පටන් ගත්තා‍‍…. ඔය නාකි පොලිස් කාරයාගේ අම්මට &$&*(@$*^^$)(@^$* ….

 

ආයේ ඉතිං ‍මළගෙදරට එනකම්ම පොලිස් මාමිගේ අම්මිට පිං අනුමෝදන් කර කර තමා ආවේ. ආහ්… අපි බන්ඩාරගමට ගිහින් ආවෙත් ඒ පාරෙන්මයි. මොනා කරන්නද ඉතිං අපේ නයිට් ටයිම් ඇඩ්වෙන්චර් රයිඩ් එක අර පොලිස් කාරයා කෑවා නෙව. ආයේ පානදුරේට ගිහින් එන්න තරම් ශක්තියත් ඉතුරු වෙලා තිබුනේ නෑ අර යකාට කෑගහලා අඩලා අඩලම.

 

මට මතක විදියට ඒ තමා අපේ පළවෙනි සහ අන්තිම නයිට් ටයිම් ඇඩ්වෙන්චර් රයිඩ් එක. දවල්ට යන ගමන් ඉතිං එහෙම නෑනේ. දැන්නම් මතක් වෙද්දීත් හදුංපොත පහලින් ටීං ටීං ගානවා. ඇයි ඉතිං එදා විහිළුවට හරි අර පොලිස් මාමි අපිව හිරේ දාලා ගෙවල් වලට පණිවුඩ යවලා ගෙන්නුවනම් එහෙම…

 

අම්මේ… මෙයාට බලු පැටියෙක් ගෙනත් දෙන්න… මගේ යශෝධරා වත 10



ඔන්න ඉතිං මං කුමාරයා, යශෝධරා කුමාරිය රම්‍ය මාලිගයේ වැඩ වාසය කරන කල්හී දිනක් එහි ගියා ඇය බැහැ දැකීමට. හරමදාම කොරන්නේ ඕකමනේ…ඉතිං ඒ වෙසක් මාසේ. වෙසක් උත්සවේට තව සතියක් විතර තියෙන්න ඇති. මං කුමාරයා නම් කම්මැලියා නිසා වෙසක් කූඩු හදන්නේ නෑ. පියතුමා හදලා දෙන එකක් එල්ලනවා මිසක්. ඒත් යශෝධරාව නම් එහෙම නෑ. එයා තනියම ලස්සන අටපට්ටම් වෙසක් කූඩුවක් හරි දෙකක් හරි හදලා ලස්සනට එල්ලනවාම තමා හැම වෙසක් එකටම.

 

ඉතිං මං මේ ගිය දවසෙත් එයා වෙසක් කූඩුව හදන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන ඉන්නවා වෙසක් කූඩුවක් හදන්න. මගේ පෙර අකුසලකර්මෙකට මට ඒකට උදව් දෙන්න විදියක් නැහැ. මොකද මං කුමාරයා ඒ වැඩේට සපෝට් කලා කියන්නේ අටපට්ටම් වෙසක් කූඩුව අඩුම ගානේ හැට පට්ටම්වත් වෙලා තමා නතර වෙන්නේ. ඒ මොකද මං කුමාරයා වෙසක් කූඩු හදන්න ඒ තරම්ම දක්ෂ නිසා. ඉතිං දැං යශෝධරාව මගේ ගාව බිමින් ඉඳ‍ගෙන ලස්සනට වෙසක් කූඩුවක් හදාගෙන යනවා. මං කුමාරයා ලොක්කා වගේ පුටුව උඩට වෙලා බලා ගෙන ඉන්නවා. නැතුව බැහැනේ ඉතිං. දෙන්නම වැඩ කරද්දී වැඩේ හරි වැරැදි බලන්න කෙනෙක් නැහැනේ. ඉතිං දෙයියනේ කියලා පැය භාගයක් විතර යනකොට යශෝධරාවගේ මව් තුමිය සැපත් වෙච්චි අපි ඉන්න තැනට.

 

ඇවිත් කියනවා, පුටුව උඩට වෙලා ඉන්නේ… නංගිට චුට්ටක් උදව් කරන්නකෝ කියලා. මාත් අරියි ඔයා වගේ වෙලාවට. අනේ මගේ කට…. මාත් කිව්වා, අපෝ අපෝ මට නම් බෑ, යන්තං මගේ අතක් ගෑවුනත් මහ හයියෙන් කෑගහනවා, තව ඉරටුවක් එහෙම වැදුනොත් මාව මරයි කියලා. එහෙම කියද්දී ඔන්න යශෝධරාව බිම ඉඳගෙන, ඔළුව උස්සන්නේ නැතුව හිමීට ඇස් දෙක විතරක් උස්සලා හොරේන් බලනවා මගේ දිහා. එහෙම බලලා, කටින් එලියට පනින්න එන හිනාව හෙන අමාරුවෙන් නවත්තගෙන ආයෙත් වැඩ. පස්සේ කොහොම හරි ඉරටු ටික යන්තං අටවගෙන අටපට්ටම සෙට් කරගන්නවා. යන්තං කිව්වට එයා ඒ වැඩේ ලස්සනටම කරනවා. බලං ඉන්න ආසයි. ඊට පස්සේ හැමදාමත් වගේ කහ පාටයි, සුදු පාටයි සවුකොල වලින් ඒක ලස්සනට අලවනව. යශෝධරාව ආසාම පාට තමා කහ. ඒක නිසා මං කුමාරයත් දැං දෙවැනියට ආසම පාට තමා කහ. ඇත්තටම මං කුමාරයටත් හිතෙන්නේ වෙසක් කූඩුවකට ගැලපෙනම පාට දෙක තමා කහයි සුදුයි කියලා. ඔය රතු, තැඹිලි, දම්, රෝස තිබුනට ඒවා වැඩක් නැහැ… කහයි සුදුයි තමා ලස්සනම.‍ ඒ අස්සට මං කුමාරයා ආසා නිල් පාටත් ආවනම් තව ඩිංගක් ලස්සනයි.

 

හරි ‍දැන් ඉතිං යශෝධරාව මෙහෙම බිමට වෙලා වෙසක් කූඩුව අලවා අලවා ඉද්දී මං කුමාරයට නැවත මගේ මාලිගයට යන්න වෙලාව ලං වුනා. ඒ පාර ඉතිං මමත් යන්න කියලා අසුනෙන් නැගිටිද්දිම යශෝධරාවගේ ඔළුව මගේ අතේ ගෑවෙන දුරින්, ගෑවෙන මට්ටමේ. මාත් හරි ආසයි ඒ පුංචි ඔළුව අතගාන්න. හැම තිස්සෙම බැහැනේ. යශෝධරාවගේ තියෙන දාංගලේට එක තැනක ඉන්නේම නැහැ. කකුල් වලට රෝද හයි කරලා වගේ තමා. කෑම කන කොටයි, ටීවී එකේ මොකක් හරි එයා ආසා වැඩසටහනක් යද්දීයි විතරයි එයා එක තැනක ඉන්නේ. ඉතිං මේ ලැබිච්ච අවස්ථාව මට ඉහටත් උඩිං. මොකද මං කුමාරයා මේ අවස්ථාවෙදී යශෝධරාව‍ගේ කන රිදෙන්න මිරිකුවත් නැගිටින්නේ නැහැ. එයාට මං කුමාරයට වඩා වෙසක් කූඩුව ‍ලොකුයි. ඒක නිසා මාත් පෙර ආත්ම ගානක ඉදන් පුරාගෙන ආපු ආදර පාරමිතා ඔක්කොම සිහි කරලා ආදරෙන් ඔළුව අතගෑවා. පුංචි පූස් පැටියෙක් වගේ මගේ දිහා බලලා හිනා වෙලා ආයෙත් වැඩ. පස්සේ මං යනවා කියලා මාලිගයෙන් එළියට බැහැලා, කන්තක ගාවට යන්න හදද්දිම ආයේ හිත කියනවා, පල පල ආයෙත් ඉතිං ඔළුව අතගාන්න වෙන්නේ ඊළඟ වෙසක් එකටනේ. ඒක නිසා තව පාරක් ඔලුව අතාගාලා වරෙන් කියලා. ආහ්…. ඒකත් ඇත්තනේ. ඉතිං මං ගිහින් ආයෙමත් විනාඩියක් විතර ළඟට වෙලා ඉඳලා… ඇත්තටම ගොඩක් ආදරෙන් ආයෙමත් ඔළුව අතගෑවා. පුංචි පූසි බැළුවා මගේ දිහා. ඒ බැලිල්ල නම් එචිචර හොඳ නෑ. අම්මේ… මෙයාට බලු පැටියෙක්ව ගෙනත් දෙන්න, ඔලුව අතගගා ඉන්න. කියලා මව් තුමියට කිව්වා. ඔන්න එතකොට ම මං කුමාරයට අහසේ නෙක නෙක පාටින් තරු දිලිසෙන්න ගත්තා. මේ මොකද්ද බොල මේ වුනේ කියලා. ලාවට තරහකුත් ආවා. පස්සේ අනේ ම‍ට වෙන බලු පැටව් ඕනේ නෑ,… මේ ඉන්න එකා හොදටම ඇති කියලා යශෝධරාවට නෝන්ඩියකුත් දාගෙනම එන්න හදද්දී මව්තුමිය අහනවා, ඒ පාර මොකෝ කියලා.

 

පැන්න ගමන් යශෝධරාව කියපි, මෙයා මට බලු පැටියා කියනවා… කියලා අවසන් මොහොතේ නඩුවක් දැම්මා. ඒත් මට ඒක මම කිව්වේ නෑ කියන්න විදියක් වුනේ නෑ. මොකද යශෝධරාව එයා හදපු වෙසක් කූඩුව එක අතක තියන් අනිත් අතින් අම්මගේ අතේ එල්ලිලා මගේ දිහා බලාගෙන ඉන්නව, ආයෙමත් ඇවිත් ඔළුව අතගාලා යන්න කියන්න වගේ. මං කුමාරයා ඒ වෙලාවට හරි අසරන වෙනවා. මට වැරදි කාරයා වෙන්නත් බැහැ පුංචි හිත රිද්දනත් බැහැ. ඒක නිසා ඉතිං ඒ වගේ වෙලාවට, නිශ්ෂබ්දතාවයෙන් හැඟී යන්නේ තමා වැරදි කරු බවයි කියලා, යශෝධරාවගේ මව්තුමියට හිතා ගන්න දීලා මං කුමාරයා හිමීට මාරු වෙනවා.

 

කොහොම වුනත් මාට තාමත් ෂුවර් වෙසක් කූඩුවකට ලස්සන කහ පාටයි, සුදු පාටයි තමා කියලා…

ඇස්වහ… කටවහ….



අද ලිපිය දිගහැරෙන්නේ  සමාජයේ මුල් බැසගත්, බොහෝ ආරවුල් වලට මුල්වෙන… ඒ නිසාම නොයෙක් දෙනා වාසි ලබාගන්නා හරි අපූරු දෙයක් ගැන. මේක කොයිතරම් අපූරුද කියනවනම් මේ ශක්තිය තියෙන කෙනෙකුට කෙනෙක් දිහා බලං ඉඳීමෙන් පමණක්ම වුනත් ඔහුට හානි පමුණුවන්න පුළුවන්. අපේ යාළුවෝ ‍මාළුවෝ සමහර විට මාත් එකක් සකඟ වෙයි… නැත්තං මට මට බනියි බොරු මිත්‍යා මත පතුරවනවා කියලා.

 

කමක් නෑ මේ ඉතිං ගෝල්ඩ් fish ගේ අදහසනේ… ඉතිං මේක වැදගත්වෙන කෙනෙක් ඉන්නවනම් දිගටම කියවන්න නැත්තං ඉතිං අවුලක් නෑ. ඇත්තටම මේ ලිපිය ලියන්න හිතුනේ මං නොදැනුවත්වම වගේ මේ වගේ අවස්ථා වලට මුහුණ දීලා… ඒවායේ ප්‍රතිඵල වින්ද කෙනෙක් විදියට ගෝල්ඩ් fish ගේ අත්දැකීම් ටිකත් කියලා දාන්න ඕනෙ නිසා. මුලින්ම මේ ඇස්වහ කටවහ සීන් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්…

 

ඇත්තටම මේක මම හිතන විදියටනම් හරි අපූරු ශක්තියක්. ඒත් මේක යොදාගන්නේ වෙන කාව හරි වලට දාන්න නිසා හින්දා මේකෙ තියෙන අපූර්වත්වය නැතිවෙලා යනවා. ‍මගේ මුල්ම අත්දැකීම මම ස්කෝලේ 9 හරි 10 හරි පන්ති වල ඉගෙන ගත්දී‍්‍ තමා ලැබුවේ. ඒක මෙහෙමයි, මගේ ඉස්සර හොඳම යාළුවෙක් හිටියා. බැළු‍වොත් පොරයි මායි එකටමයි. මොකක් හරි කුප්ප වැඩක් කරොත් අනිවා අපි දෙන්නගේ නම් ඉස්සරහින්ම තියෙනවා. එයා මගේ ස්කෝලේ නම් නෙවෙයි. වෙන එකක. ඒත් අපි හැම දාම ස්කූල් වෑන් එකේදී හම්බුවෙනවා. හවස ගෙවල් වලදී සෙට් වෙනවා. එහෙම තමා අපේ කාලය ගෙවුනේ… ඉතිං දවසක් මම පොරගේ ගියාම එයාගේ අම්මා කිව්වා…. ගෝල්ඩ් fish කළු වුනාට හරි ප්‍රසන්නයි කියලා. මගේ නමත් එක්ක ඒ කතාව නියමෙට ගියා. ඉතිං මාත් හිනා වෙලා වැඩිය ගන්න ගන්නේ නැතුව හිටියා. ඇත්තටම ඒ දවස් වල ඇස්වහ කටවහ කියලා දෙයක් දන්නේ වත් නෑ. ඒත් ඊට පස්සේ දවසේ උදේ වෙද්දී ‍මගේ මුහුනේ වම් පැත්තේ තරමක ලොකු ගෙඩියක් ඇවිල්ලා. ඒක රිදෙ‍න්නේ නෑ… තියෙනවද කියලා ගානකුත් නෑ. පස්සේ මාව දන්න හැම දෙනාම පුදුම වු‍නා කොහොමද එක පාරට මෙහෙම වුනේ කියලා. හරියටම කියනවනම් ගංජා ගැය කියන්නේ… අන්න ඒ වගේ. ඒ දවස් වල ගෝල්ඩ් fish ගංජා තියා බියර් වත් දැකලා නෑ…

 

ඉතිං මට මේක රිදෙන්නේ එහෙම නැති නිසා මම වැඩිය උනන්දු වුනේ නෑ මේ ගැන. ඒ දවස් වල ඉතිං කන්ඩියෙන් මූණ බලනවා කියලා එකක් නෑ. ජෙල් පැකට් එක කැඩුවා ඔළුවේ උලා ගත්තා ගියා. මූනට හෙන ගැහුවත් කමක් නෑ. ඒක නිසා ඒක මට ඒ තරම් ක්ලික් වුනේ නෑ මම උසස් පෙළට එනකම්ම. පස්සේ ඒන්ජල්ගේ ගෙදර පන්ති යන්න ගත්තම එයා තමා මගෙන් ඇහුවේ මොකද්ද ඔය මූනේ ගෙඩියක් තියෙන්නේ කියලා… පස්සේ ඉතිං හිත හිත හිටියේ නෑ… තාත්තා අඳුරන ඩොකෙක් අල්ලලා ඔපරේෂන් කලා. ඒත් තාම කැලල එහෙම්මයි.

 

මෙන්න දෙවෙනි එක. මේක නම් වුනේ ගෝල්ඩ් fish ගේ ඔෆිස් එකේදී. මම අපේ ෆැක්ටරි එකේ හැමොත් එකක්ම වගේ ගොඩක් එකතුයි. ඉතිං හැම කෙනෙක්ම වගේ ආ… මල්ලී කොහොමද සැප සනීප?, මහත්තයා, කොහොමද මහත්තයා? වගේ දේවල් මගෙන් අහනවා. ඒත් දවසක් මට මාර සීන් එකක් වුනා. ‍අපේ එක අයියා කෙනෙකුත් මගෙන්  අර වගේ ඇහුවා. අම්මට සිරි මෙන්න මම යන්න ගත්ත ගමන ගිහින් ඉවර කරන්න හම්බ වුනේ නෑ… අම්බානෙට උන. කිසිම හේතුවක් නැතිව තමා උන ගත්තේ. එක පාරටම. හෙම්බිරිස්සාවක්, කැස්සක්, අඩුම ගානේ ඇ‍ඟ රිදෙන්නෙවත්  නෑ. ඒත් හොඳටම උන. පස්සේ මම එහෙමම ගියා අපේ එච්.ආර් එකට. ගියාම එතෙන හිටිය දෙන්නටත් තේරුනා මම ගොඩක් අපහසුවෙන් ඉන්නේ. උදේ හිටිය ගෝල්ඩ් fish නෙමේ මේ ඉන්නේ කියලා. පස්සේ එයාල මගෙන් ඇහුවා මොකද බං? කියලා. මං කිව්ව එක පාරටම උන ගත්තා බං කියලා. පස්සේ එක මිතුරෙක් ගත් කටටම ඇහුවා උඹට එලාරිස් හම්බුනාද? කියලා. එලාරිස් කියන්නේ අර මිහිහාගේ කාඩ් එක. මමත් ඉතිං ඔව් කිව්වා. පස්සේ අර යාළුවෝ දෙන්න පැනඩෝල් දෙකක් දුන්නා. ඒක බීලා විනාඩි පහක් ගියේ නෑ.. උන හොඳයි. මට තාමත් පුදුමයි ඒ වැඩේ ගැන.

 

පස්සේ මට ඒ දෙන්නා කිව්වා එලාරිස් ගැන. මිනිහා දවසක් අපේ කර්මාන්තශාලාවේ එයාගෙම යාළුවෙක්ගෙන් අහලා, අඩෝ මෝටර් බයික් එක තාම එලකිරි වගේ නේද කියලා… එදාම අර බයික් එකේ අයිති කාරයා පාරට බයික් එක දාද්දී වාහනේක හැප්පිලා. බයික් එක අටපට්ටම්. ඒත් බයික් එකේ අයිතිකාරයට හීරීමක්වත් නැහැලු. මම මේ කතාව බයික් එකේ අයිති කාරයාගෙන් ඇහුවා… මිනිහාත් ඒක කතාව ‍එහෙමම කිව්වා. ඇත්තටම එයාට පුංචි වේදනාවක්වත්, සීරීමක්වත් ඇති වෙලා නැහැ. ඒත් බයික් එක ඉවරයි.

 

ඉතිං තව මේ වගේ ඒවා තියෙනවා.. දන්නවද මේ වගේ කෙනෙක් ගැන ඇති වෙන ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලකින් ගොඩක් දේවල් කරන්න පුළුවන් හැකියාවක් ඇති මිනිස්සු අපි අතරම ඉන්න වග? ඇත්තටම මේක ඒ අය කලින් ආත්මයක කරපු යම් කර්මයක් නිසා ඇති වෙන දෙයක් වෙන්න ඇති. ඇත්තටම මම නම් ඇස්වහ කටවහ කියන දේ මට ඔෆිස් එකේදී වුන දෙයින් පස්සේ විශ්වාස කරන්න තියාගත්තා. ඒත් මම තාමත් දන්නේ නැහැ ඇස්වහ කටවහ වලින් ආරක්ෂාවෙන්නේ කොහොමද කියලා. මොකද මම, ඇස්වහ කපනවා කියලා ලොකු සල්ලි කන්දරාවක් යට කරගෙන මිනිස්සු කරන දේවල් ගැන නම් විශ්වාස කරන්නේ නෑ. සමහර විට කාගෙ හරි අතින් අපිට ඇස්වහ කටවහ වදින්නේ ඒ දේ අපිට වෙන්න තියෙන නිසා‍ වෙන්න ඇති මං හිතන්නේ. ඒත් සමහර මිනිස්සු අනුන්ගේ කර්මක පිහිටෙන් තමන්ගේ මඩිය තර කරගන්නවා. ඒව වැරදි දේවල්.

 

අන්තිමටම ඔන්න… දැන් ඉතිං කට්ටිය හෙන සීරියස් අරං ඇතිනේ මේ සීන් එක. ඒක නිසා ඒ ඔළුවේ තියෙන බර ගතිය යන්න ෆන් කතාවකින්ම ලිපිය ඉවර කරලා දාන්නම්. ඉස්සර ගෝල්ඩ් fish ඒන්ජල්ගේ ගෙදර ගියාම එයාගේ අම්මයි, අම්මගේ නංගියි, අම්මගේ නංගිගේ… ඒන්ජල්ගේ වයසේ දුවයි, එයාට වැඩිට බාල දුවයි පස්දෙනාම මාව වට කරගෙන කියවනවා කියවනවා… ඉවරයක් නෑ… පස්සේ මේක දවසක් ඒන්ජල්ගේ තාත්තා දැක්කා… මිනිහා කිව්වා… බලන්න එපැයි මූට තියෙන සැප… ගැනු පස්දෙනෙක් වටකරගෙන ඉන්න හැටි… කියලා විහිළුවට කිව්වා. මාත් ඉතිං හිනා වෙලා හිටියා. දැන් පේනවනේ ඒනජලුත් නෑ… වෙන කෙල්ලෙකුත් නෑ… තනි පංගලමේ වේලි වේලි ඉන්න හැටි… මට හිතෙන්නේ ඒන්ජල්ගේ තාත්තා කාරයක් ඇස්වහ කටහව… ඩිග්රි ගහපු පොරක්ද කොහෙද‍‍…

 

අනික මේ වගේ මිනිස්සුන්ට බැරිද? රස්සාවක් නැති, කසාදයක් බැඳගන්න බැරි වුන මිනිහෙකුට… උන්ගේ තියෙන අර කැත ශක්තියෙන් පිහිට වෙන්න? මං කියන්නේ මෙහෙම… දැන් රස්සාවක් නැති කෙනෙක්ව උදාහරණයකට ගත්තොත් …. මචං උඹට තාමත් රස්සාවක් නැහැ නේද කියලා? ඇහුවනම් ඊට පස්සෙන්දාම බඩු හරියන්න එපැයි පොතේ හැටියට… ඒත් අර වගේ මිනිස්සුන්ගේ ගතිය කියන්නේ… උන්ගේ කටවල් ඇරෙන්නේ මිහිහෙක් සතුටින්, හොඳින් ඉන්නවා පේනවානම් විතරයි.

 

ඉතිං මං වගේ තව වේලි වේලි ඉන්න අයියලා අක්කලා ඉන්නවනම් කට්ටියම එකතු වෙලා… හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් අල්ලලා ඇස්වහ කටවහ ටික කප්ප ගෙන කසාදයක් එහෙම බැඳගෙන(එච්චරයිනේ අඩු) පාඩුවේ ඉමුද? මොකද කියන්නේ?

නොම්මරේ මොකද්ද මල්ලී…? ‍නොම්මරයක් තියෙන්න එපැයි අක්කේ…


මේක නං අර අපේ දිනේෂ්ගේ ස්වයං මොකද්ද එක වගේ…. ස්වයං මඩ පාරක්. ඒ කියන්නේ මේක ගෝල්ඩ් fish ට ගහගන්න මඩක්. අපි ඔය සමහරු සමහරියෝ වගේ එක එක් කෙනාට මඩ ගහන්නේ නැහැනේ… අපිටයි… අපි දන්න තව දෙතුන් දෙනෙකුටයි විතරක් පොඩි මඩ පාරක් ස්ප්‍රේ කරගෙන ලාවට ඉන්න උදවියනේ.

ඉතිං මේකයි ස්වයං මඩේ… ගෝල්ඩ් fish දැන් අවුරුදු ගානක ඉඳන් ජිම් එකකට පීනනවනේ ඇඟ පොඩ්ඩක් සයිස් කොරගන්න කියලා. නැත්තං ඉතිං අහල පහලින් යන මාලියෝ බලන්නේ නැහැනේ. ඒකයි. ඉතිං මයෙ හිතේ දැං අවුරුදු 3ක් විතර ඇති… මස් ජුංඩක් නං දාලා තියෙනවා, තව කෙල්ලක්ව වඩා ගන්නත් පුළුවන්, ඒ වගේම කෙල්ලක්ව බස් එකේදී වැටෙන්න ගියොත් ඉන වටේට අත දාලා අල්ල ගන්නත් පුළුවන්… හැබැයි කැත්තෙන්, උදැල්ලෙන් කොරන වැඩත් එහෙම්ම තමා. ආයේ යකා වගේ තමා… කියලවත් කියන්න වෙනවා එහෙම බැරි වුනත්. නැත්තං ඉතිං නෝන්ඩියිනේ.

ඉතිං ‍මේකනේ සීන් එක… දවසක් ඉරිදාවක හවසක ගෝල්ඩ් fish ගියා ජිම්. එක අයියා කෙනෙක් විතරයි ඇවිත් හිටියේ  සෙල්ලං කොරන්න. ඊට පස්සේ ඌත් එක්ක සහයෝගයෙන් ෂෙඩියුල් එක අහවර කොරලා මූන කට හෝදගෙන බයිසිකලේ ගන්න යද්දී… එතෙන ඉන්නවා එකෙක්. ඌව කලින් දැකලත් නෑ… මගේ සයිකලේට එහාට වෙන්න හිටගෙන වෙන සයිකලයක් ගාව. ඉතිං මාත් වැඩිය ගනන් ගත්තේ නෑ. සාමාන්‍යයෙන් එතෙන මිනිස්සු ගැවසෙන නිසා. පස්සේ මං පුටාර් එක අරං පැද්දා ගෙදරට. පස්සේ මෙන්න ජිම් එකේ තව එකෙක් ගෙන් කෝල් එකක්…

සංසාරයේ… හැම වාරයේ… මා… පැතුවේ ඔබයි.. ම‍ගේ ආදරී…

ටීක්…

ආ… කාලිංග කියපං මචං…

මේ උඹ දැක්කද බං…මගේ බයිසිකලේ කවුරු හරි අරගෙන යනවා?

නැහැ බං… ඇයි?

නැහැ බං මේනක අයියලාගේ අක්කා කිව්ව උඹ ගිය ගමන් කව්ද එකෙක් මගේ බයිසිකලේ අරං ගියා කියලා බං…

හුටා… ඉතිං දැන් පුටාර් එක නැද්ද?

නැහැ බං… උඹට ඌව මතකද?

අඩේ නැහැ බං… මං දැක්කේ ඌ පිටිපස්ස හැරිලා ඉන්නවා විතරයි බං.

හරි… අවුලක් නැහැ.. මං ‍පොඩ්ඩක් බලන්නම් බං…

හරි මචං… මාර සීන් එකනේ බං….ෂිඃ….

හරි හරි බං… මං තිබ්බා…

හරි මචං කාලිංග එල එල බං..

ටීක්…

දැන් ඉතිං බඩු හරිනේ‍‍… කාලියාගේ පුටාර් එක උස්සලා. ඒ කේස් එක එහෙමම ගියා. ඊට පස්සේ මම ජිම් එකට ගියා… ගියාම මේනක කියන අපේ ඉන්ස්ට්‍රක්ටර්ගේ නංගි… මේනක අයියලාගේ අක්කා ඉන්නවා. එයා මගෙන් සීන් එක ඇහුවා. ඉතිං මං දැක්ක තරම කිව්වා. පස්සේ එයා කිව්වා, මට ඔයාට එවලේම කෝල් කලා ඒ නොම්මරේ භාවිතයේ නොමැත කිව්වා කියලා. මාත් කිව්වා ඒක වෙන්න බැහැනේ කියලා .. රෙජිස්ටරේ තියෙන නොම්මරේ චෙක් කලා. ආයෙමත් බඩුම තමා. ඒකෙ තියෙන්නේ මං කලිං පාවිච්චි කරපු එක්ස්ප්‍රස් යූවර් සෙල්ෆ් නොම්මරේ. පස්සේ අක්කා මගෙන් ඇහුවා දැන් තියෙන නොම්මරේ දෙන්න කියලා.

දැන් කොහෙද අක්කේ නොම්මර.. නොම්මර ටික කුඩුනේ …. කියලා කියන්න ගිහින් ඒක ගිලගෙන නොම්මරේ කියන්න ගියා… බිංදුවයි… හතයි.. එකයි…. දෙසිය… නෑ…නෑ තුන්සිය පනස්…. නෑ…… නෑ….. දෙසිය…..  මාර සීන් එක මගේ ‍ෆෝන් එකේ නොම්මරේ මට මතක නෑ. දහඅතේ කංපනා කරනවා කරනවා … ඒත් මතක් වෙන්නේ නෑ…. මගේ අර පරන නොම්මරෙයි අළුත් එකයි මඥ්ඥං වෙලා මික්ස් වෙලා… හරියට නිකං බිත්තර කොත්තුවක් වගේ වෙලා මට කෑල්ල කෑල්ල මතක් වෙනවා… ආයේ වෙන කෑල්ලක් මතක් වෙනවා…. ඉතිං මටත් මාර සීන් එක.. මේ මොකෝ මේ කියලා… පස්සේ ඉතිං ඕනෙ මගුලක් කියලා මල්ලිට කෝල් එකක් දාලා උගෙන් තමා මගේ නම්බර් එක ඉල්ල ගත්තේ… අනේ මන්දා මොනා වුනාද කියලා…

ඊට පස්සේ ඊයේ…. කලින්ම කිව්වනේ මේ ස්වයං එකයි… දන්න කියන කෙනෙකුටයි එක්ක වදින්නේ කියලා… එයා පවු නිසා කව්ද කියලා කියන්නේ නෑ. ඉතිං මෙයා ගෝල්ඩ් fish ගේ ස්කෝලේ හිටිය චීච කෙනෙක්… අර සුදු සාරි ඇඳපු අක්ක කෙනෙක් ඕං. දැන් නම් ඔන්න ස්පෝට් මීට් එකකට තව කව්ද මැන්ටල් කේස් එකක් එක්ක ඇර ගන්නවත් එක්කලු. ඉතිං මං මෙයාත් එක්ක දවස් ගානක් චැට් කොලා. මගේ පොටෝ කෑල්ලකුත් තියෙනවලු මෙයා ගාව. ඒත් ඒක මට ඊමේල් කරන්නම් කිව්වේ 2011 ජනවාරි 28 වෙනිදා පස්වරු තුනට විතර. අනේ තාමත් බඩු නෑ. සමහර විට ඊමේල් එක ගංවතුරට අහුවුනාද දන්නේ නෑ…  ඉතිං ඔහොම ගිහින්.. ගිහින්… මං මේ සුදු අක්කියාගෙන් (මොකටද මගේ කට මමනේ දන්නේ පාට) එයාගේ සුකුරුත්තමේ නොම්මරේ ඉල්ලුවා. පලවෙනි පාර ලිස්සලා ගියා…. මාත් ඉතිං නොදන්න ගානට හිටියා. ආයේ දෙවෙනි පාර හෙන ටැකල් එකක් දාලා ඉල්ලුවාම දුන්නා. හ්ම්… ඒක දෙන්න අගේ කරපු තරමක්. තව කොහෙද අක්කියෝ මට උම්මා එකක් දෙන්න කිව්වනම් එහෙම…. අර අපේ ඉෂාර අක්කනම් එහෙම නෑ…උම්මා… එයා අලි සෝක්… ඉස්සර එයාගේ තොල් පෙති දෙක මගේ කම්මුලේමයි… ඒකට මේක.

ඉතිං මට චීච අක්කා දුන්නේ අනාගතයි අදයි එකයි. කොම්පැනියට වගේම අක්කටත් පිස්සු. නැත්තං කොහොමද අනාගතය අද වෙන්නේ… අනාගතය කියන්නේ මේ මොහොතේ ඉඳන් ඉදිරිය. මේ මොහොත එක තැන තියෙන්නේ නැහැනේ. ඒ වගේ තමා මේ මැන්ටලෙත්. මොනා උනත් හරි ෂෝයි.. ඉතිං මාත් රින් කට් එකක් තියලා මටත් ෆෝන් එකක් තියෙනවා කියලා එයාට පොඩි ඇඩි එකක් දුන්නා. (නැත්තං හරි නැහැනේ) පස්සේ ආයේ මං කිව්වා… මං ඕකට නම් කෝල් කරන්නේ ඔෆිස් ලයින් එකෙන් විතරයි කියලා. මොකද මම දැන් ඉකෝන් කරන නිසා…. අනාගතේට කෝල් ගද්දී ටිකක් වැඩිපුර ගෙවන්න ඕනේ. ඊටත් මම ගණකරාමු ඇක්ටිව් කොරලා නිසා ඉකෝන් එකකට කෝල් ගද්දී තවත් ගාන අඩුයි. ඉතිං මමත් බොහොම බලාපොරොත්තුවෙන් හිටියේ එයත් ඉකෝන් කරනවා ඇති කියලා. කෝ ඉතිං නැහැනේ. පස්සේ එයා මට කියනවා… මටත් ඉ‍කෝන් එකක් තියෙනවා මල්ලී නොම්මරේ මතක නෑ බං …  කියලා…

ඉතිං මං කිව්වා.. අනිවා කාගෙන් හරි තෑගි හම්බුවෙච්ච එකක් තමා කියලා. චීච අක්ක කියනවා… නැහැ බං මගේ උප‍හාරෙට පස‍්සේ ගත්ත එක කියලා. ඒත් නොම්මරේ මතක නෑලු. අනේ මන්දා මෙහෙමත් අක්කලා. අපි නම් මල්ලිලා… බැරිවෙලාවත් අයියෙක් ඉල්ලුවා නොම්මරේ… හා කියමු බලන්න එතකොට මොකෑ කොරන්නේ….? ඌටත් කියනවද මතක නෑ කියලා… එහෙම කිව්වොත් නම් ඉතිං… මේ කෙල්ලට මතකය නැතිවෙන ලෙඩක් තියෙනවා කියලා හරි, නැත්තං මේ ළමයට පිස්සු කියලා හරි හිතනවා අනිවා…. මොකද කියන්නේ අපේ සහෝදර පිරිස? ඔව්ද නැද්ද?

තව සීන් එකක් තියෙනවා… ඒක නම් කාගෙද කියන්නේ නෑ….

මල්ලී… බිසිද?

තුත්තක් විතල…ඇයි අක්කේ?

පොඩි දෙයක් තියෙනවා අහන්න.

මමත් කර කර හිටපු වැඩ ටික පැත්තක දාලා අහන්න යන ප්‍රශ්නෙට උත්තර දෙන්න සෙට් වුනා.

අහන්න අක්කේ…

මේ… කොහොමද තමන් කැමති කෙනෙක්ට, එයා ගැන අපි ඉන්ටරෙස්ටඩ් කියලා අඟවන්නේ….

දැං එතකොට මං කියලා දෙන්න ඕනේ අක්කාට, අක්කාගෙ මායම් ටික දාලා අර අහිංකයව දැලේ දාගන්න හැටි. ඔක්කොම කොරන්න පුළුවන්… මායමක් දෙකක් දාලා අයියා කාරයව කොටු කරගන්න බෑ… හොඳයි… හොඳයි…. එතකොට අක්කා බබා…… අනේ ම‍යේ කට… ඇයි යකඩෝ මේ අහිංසක පුංචි මල් වගේ පිපෙන මල්ලිලාගෙන් අහන ප්‍රශ්නද ඔය?

%d bloggers like this: