ඉතිං…. සභාවෙන් අවසරයි අදත් මා මෙතෙනට පැමිණියේ කතාවක් කීමටයි. ඔන්න ඉතිං කතාව.
දැන් ටික දවසකට කලින් ගෝල්ඩ් fish කිව්වා මතකද අර ඉබ්බෙකුට ගේට් පාස් දාන්න ගිය අයියලා සෙට් එකක් ගැන කතාවක්. අර යකරහොටා ගැන කිව්වේ… අන් උන් ගැනම තමා අදත් කතාව. මේක වුනේ 2010 අවුරුදු උත්සවේ පැවැත්වෙද්දී. අවුරුදු උත්සවේ තිබුනේ මොරටු විද්‍යාල ක්‍රීඩා පිටියෙදී. අපේ ආයතනයේ හැම අවුරුද්දකටම මේ වගේ එකක් තියෙනවා.
ඒකට ඉතිං ක්‍රිකට් තරඟයක්, ඊට පස්සේ සතය සෙවීම, ගෝනියේ බැස දිවීම, සැඟවුන අහවල් එකා සෙවීම වගේ ළදරු ක්‍රිඩා ඉසව්වනුත් තියෙනවා. ඔය කොයිතරම් ඉසව් තිබුනත් හැමෝම කැමති සය සාමාජික ක්‍රිකට් තරඟයට.
ඉතිං මේ සතය සෙවීම වගේ ඒවාත් බලන් ඉන්න එවුන්ට මාර ෆන්. අවුරුදු තිස්පහේ හතලිහේ බබාලා දුවගෙන ඇවිත් බිම පෙරලිලා පිටි නාලා සතය වෙනුවට රුපියල දත් වලින් විකාගෙන අත්දෙක පිටිපස්සට කරලා බැඳගෙන, අර පැස්බරුන් දුවනවා වගේ පස්ස පැත්ත දෙපැත්තට වන වනා දුවන කොට… හිනා ගිහින්ම මැරෙනවා. ඊට පස්සේ බිත්තර ඇල්ලීම. ඒක ඊට එහා… ඔන්න දැන් කව්රු හරි දෙන්නෙක් අන්තිම බිත්තර මාරුව වෙනුවෙන් ඉන්නවා කියමුකෝ… ඌට දෙයියන්ගෙම පිහිටයි.. මොකද ඊට කලින් බිත්තර වට්ට ගත්ත එවුන් කරන්නේ… අන්තිම බිත්තරේ එක පැත්තකින් ගුවන් ගත වෙනකන් ඉදලා අනිත් පැත්තේ බිත්තරය අල්ලන එකා උඩට ටෝච් එක ගහගෙන බිත්තරේ ගන්න යද්දී ලා වට පොඩි ටච් එකක් දෙනවා පිටට… අනේ අහිංසකයා, ඌට ගහපු එකා දිහා බලද්දී බිත්තරේ උගේ මුනේ… ඒ හැමදේම වෙන්නේ ජොලියට. කවදාවත් ඔය වගේ දේවල් වලට වලි නම් යන්නේ නෑ.
ඊට පස්සේ ඔන්න ආරම්භ වෙනවා මහා ක්‍රිකට් ගැටුම. මේක පැවැත්වෙන්නේ ආයතනයේ දෙපාර්තමේන්තු අතර. ඉතිං අර අයියලා හත්දෙනා ඉන්නවනේ… උංගේ වැඩ පේන්නේ මෙතෙන්දී තමා. අර කලිං කියපු තරඟ පැවැත්වෙද්දී ක්‍රිකට් කරඟයට සහභාගී වෙන අය තම නම් ලබා දෙන්න ඕනෙ සංවිධායක මන්ඩලයට. ඉතිං ඒ වැඩ ඔක්කොම කරලා එහෙම තමා මැච් එක පටන් ගන්නේ. ආහ්… එකක් කියන්න අමතක වුනා… මේ අවුරුදු උත්සවේට, ආයතනයේ වැඩ කරන අයගේ ගෙවල් වල අයත් සහභාගී වෙනවා. ඒ වගේම පවුලේ අය වගේ ලඟින් ඇසුරු කරන බෝතලේත් අනිවා ඩෙෆා උදේම එනවා. ඉතිං ඔහොම යද්දී කට්ටිය බොනවා. හැබැයි… ආයෙමත් කියන්නේ වලි නම් වානා. ඇත්තටම වලියක් යන්නේ නෑ. හැම දේම ජොලියෙන්ම තමා.
දැන් ඉතිං අර හත් දෙනෙක් ඉන්න දෙපාර්තමේන්තුවේ අය කොහොමද සය සාමාජික ක්‍රිකට් තරඟයට සහභාගී වුනේ? හත්දෙනාම හොඳ යාළුවෝ නිසා එකෙක්ව අයින් කරන්නත් බැහැ… ඒත් එහෙමයි කියලා හත් දෙනෙකුට සෙල්ලං කරන්නත් බැහැ. ඉතිං ඔය කොයි මැච් එක පටන් ගද්දිත් වගේ අපේ මැච් එක පට්ටාං ගන්න කලිනුත් ටොස් එකක් දානවා. මේකට සහභාගී වෙන්නේ තරඟ කරන පිල් දෙකේ නායකයොනේ. ඉතිං අර හත් දෙනාගෙ පිලේ නායකයා තමා තරංග අයියා. මිනිහා හොඳ බැට්ස්මන් කෙනෙක්. ආයතනයේ ටීම් එකෙත් ඉන්නවා. ඉතිං ඔන්න ඔහොම කාසියේ වාසිය උරගා බලන්න තරංග අයියා ක්රිඩාගාරෙට ගිය ටිකට, අනිත් හය දෙනා රෙඩි වෙලා. බෝල් කරන්න නම් එහෙම, නැත්තං බැට් කරන්න, ඕනෙ දේකට … පස්සේ ඉතිං අනිත් නායකයෝ වගේම තරංග අයියත් තමන්ගේ සෙට් එකට කිව්වා අපිට තමා බෝල් කරන්න තියෙන්නේ කියලා. අනිත් හය දෙනාත් … ආ හරි … බං… කියලා පිටියට බැස්සා. පස්සේ තරංග අයියා ගියා උගේ කිට දාගෙන එන්න.
මෙන්න මිනිහා එනකොට මැච් එක පටන් අරං. මාර සීන් එක හත් දෙනාම, කොහොම හරි කරලා සෙල්ලං කරන්න හිටිය මැච් එක… කන්ඩායම් නායකයා නැතුව අනිත් එවුන් සෙල්ලං කරනවා. තරංග අයියා බනිනවා අරුංට පලුයන්න. සංවිධායක වරුත් කියනවා දැන් ඉතිං හය දෙනා හරිවේ උඹ මෙහෙට වෙලා හිටපං කියලා. ගෙවල් වල කට්ටිටයත් ඉන්න නිසා තරංග අයියා කට වහගෙන හිටියා.
පස්සේ ඔන්න ඒ කට්ටිය නියමිත ඕවර් ගාන සෙල්ලං කරලා අනිත් පිලට දුන්නා බෝල් කරන්න. කරුමේ කියන්නේ ඒ කන්ඩායමේ සිහිය තිබුනේ සෙල්ලං කරන හය දෙනා ගැන විතරනේ. අතරතුරෙදී අවශ්‍ය වෙන වතුර ගැන එහෙම කල්පනාවත් තිබුනේ නැහැනේ. ඉතිං දැං අර හෙන අව්වේ සෙල්ලං කරන එවුන්ට වතුර ටිකක් දෙන්න කෙනෙක් නෑ. ඒත් තමන්ගේ කන්ඩායමේ සගයෝ තමන්ට කරපු වැඩේ ගැන හිතන්නේ නැතුව තරංග අයියා වුන්ට වතුර ගිහින් දුන්නා. බලන්න කොයිතරම් හොඳ වැඩක්ද කියලා. ඉතිං බැට් කරන එකෙක් වතුර බොන්න ඇවිල්ලා වතුර ටික කටට හලාගද්දීම වමනේ යන්න එනවා. තරංග අයියා උගේ පිට අතගාලා එහෙම හෙන සාත්තුවක් දීලා ආපහු පිට්ටනියට යැවුවා.
ඊට පස්සේ තමා ලස්සනම කෑල්ල. අර බැට් කරන එකා (කව්ද කියලා දැන් මතක් වෙන්නේ නෑ) බෝලේ එන්න කලින් බැට් එක වනලා. ආයෙමත් බෝලේ ඌව පාස් කරාට පස්සේ ආයෙත් බැට් එක වනනවා. ඊට පස්සේ එක ලකුණකට පැති මාරුවෙද්දී එකෙක් අනිත් පැත්තේ කඩුල්ලට දුවද්දී, බෝලෙට ගහපු එකා උගේ කඩුල්ල වටේට දුවනවා. පස්සේ ඉතිං එක විකට් එකක් ගියා එහෙම. පස්සේ වන් ඩවුන් ආවා. මෙන්න ඌත් අරෑවගේමයි. බෝලෙට ගහලා අනිත් පැත්තේ කඩුල්ලට දුවන්නේ නෑ…. දෙන්න එක්ක තමන්ගේ කඩුල්ල වටේට දුවනවා. දැං බලන් එවුන් හිනා වෙනවා… ඒ අස්සේ කව්ද එකෙක් මයික් එක ඔන් කරලා අර සැනග මැද්දට දාලා. හපෝ… එතෙන හිනා වෙලා හිනා වෙලා බඩත් කොරවුනා.
ඊට පස්සේ සිසිල් පැන් පානට සඳහා තරඟය නැවැත්තුවා. ඔන්න තරංග අයියා යනවා වතුර අරං කට්ටියට. හැබැයි…. වතුර කිව්වට වතුරම නෙමේ…. ගිනි වතුර. බැට්ස්මන්ලාට තරංග පොවලා තියෙන්නේ අරක්කු වලට බ්‍රැන්ඩි මික්ස් කරලා. කලවම් වුනාම තියෙන ආතල් එක දන්න අය දන්නවනේ රඟේ. ඉතිං ඒක තමා ලකුණුක් ලබාගන්න තමන්ගේ කඩුල්ල වටේට දුවලා තියෙන්නේ. අනිත් එක තමා, වුන්ට අරක්කු දුන්නම ඉතිං පෙරේත කමට නොබීත් බැහැනේ… ඒක නිසා එවෙලේ බීලා. පස්සේ කොහොම හරි තරඟේ ආයෙත් පටන් ගත්තා.
ඊට පස්සේ ආපු පළවෙනි බෝලෙට ලකුණු 6ක්. ඇත්තටම ලකුණු 6ක් නෑ. ඒක ගියේ බිම දිගේ. ඒත් ඉතිං අර බීපු ක්රිඩකයාට පෙනිලා තියෙන්නේ බෝලේ ගොඩක් උඩ ගිහින් පේන්නේ නැති වෙලා ගියා කියලායි. ඒ කියන්නේ ඉතිං ඉහලින්ම ලකුණූ 6ක් නේ. පස්සේ බෝලේ ගෙනැල්ලා කිව්වම බෝලේ ඒ තරම් උඩ ගියේ නෑ… මේ තියෙන්නේ බෝලේ කියලා… මූ ඒක විශ්වාස කරන්නේම නෑ… ඌ කියන්නේ… නෑ… නෑ ඕක නෙමේ මං ගහපු බෝලේ.. ඒක අර කොස් ගහට උඩින් ගිහින් පාරට වැටුනා …. කියලයි. දැන් ඉතිං මොනා කරන්නද, අපේ කට්ටිය හොඳ නිසා හා හරි හරි… සෙල්ලං කරපන්කෝ කියාලා තරගේ පැවැත්වුනා. පස්සේ කොහොම හරි ලකුණු දෙකකින් විතර තරගේ පැරදුනා. ඒත් ඉතිං ඒ වගේද ගත්ත ආතල් එක… තරංග අයියා මුළු තරගේ පුරාවටම අරුංට වතුර ඇද්දා, හරිම ආසාවෙන්. පස්සේ පැරදිලා ආවම, කට්ටියම අල්ලගෙන තරංග අයියට නෙළුවා කියලා ආරංචියකුත් ආවා. ඇත්ත වෙන්න ඇති… ඒත් ඉතිං ෆන් එකටම තමා.
කොහොම හරි අපේ අර්ධ අවසාන වටයේ තරඟයක් මුල්ම වතාවට කන්ඩායම් නායක නැතුව පැවැත්වුනා. විනය විරෝධි වැඩකුත් වුනාට, ඒවා මහ දේවල් නෙමේ. ඒ හැම දෙයක්ම ජොලියටනේ… දැං මං මේ බලන් ඉන්නේ අපේ ඊළඟ අවුරුදු උත්සවේ එනකන් … ඒකෙත් මොන මොන වගේ දේවල් වෙයිද දන්නේ නෑනේ….
2011 පෙබරවාරි 28 දින පෙ.ව. 8:20 ට
මෑවිලා පෙනවා අරුන් විකට් එක වටේ දුවනවා
2011 මාර්තු 1 දින පෙ.ව. 7:36 ට
ඉවසලා හිටිංකෝ මේ පාරත් ඔය වගේ සීන් එකක් අනිවා…
2011 පෙබරවාරි 28 දින පෙ.ව. 9:05 ට
එතනින් එහාට තරඟ ටිකත් ඉවර වෙන්න ඇති. නැටුම් තෙල් නෙමෙයි ඒවා දැන් ක්‍රිකට් තෙල් කියල කියන්න පුලුවන්.
2011 මාර්තු 1 දින පෙ.ව. 7:38 ට
පිස්සුද බං… ඔක්කොම තරඟ ටික තිබ්බා.
2011 පෙබරවාරි 28 දින පෙ.ව. 9:07 ට
අනේ හරි ෂෝක් එකට තියෙන්න ඇති මැච් එත…
2011 මාර්තු 1 දින පෙ.ව. 7:38 ට
අපරාදේ … ඊළඟ මැච් එක බලන්න ඔයාටත් ටිකට් එකක් එවන්නම්.
2011 පෙබරවාරි 28 දින පෙ.ව. 10:49 ට
අපොයි,, හිතා ගන්න පුලුවන් මට සීන් 1. හෙහ් හෙහ්. යකෝ බොලාට හරි යයිද ඉතින් මේ කරල තියෙන වැඩ වලට….. හෙහ් හෙහ්
2011 මාර්තු 1 දින පෙ.ව. 7:39 ට
උඹත් වරෙන්කෝ මේ පාර මැච් එක බලන්න
2011 පෙබරවාරි 28 දින ප.ව. 12:49 ට
පුදුමයි මේ කතාවට කෙල්ලෙක් සම්බන්ධ නොවිච්ච එක.
2011 මාර්තු 1 දින පෙ.ව. 7:39 ට
ඔව් බං.. ඔෆීස් එකේ ගෑනු කට්ටියගේ සහභාගීත්වය බොහොම අඩුයි මේකට.
2011 පෙබරවාරි 28 දින ප.ව. 1:28 ට
තෙල් හැව්වොත් ඔහොම්මමයි බං. වටේ දුවන්න තමයි වෙන්නෙ. ඒක නෙමයි අර හෙන්රි පේද්‍රිස් එකේ තියෙන එකත් මෙහෙම වෙයිද බං? අර බිත්තර අල්ලන සීන් එක එහෙම 😀
2011 මාර්තු 1 දින පෙ.ව. 7:40 ට
ඒ නවම් අයියේ මට හිතුනොත් දැන් නම් මං එන්නේ නෑ…
2011 පෙබරවාරි 28 දින ප.ව. 6:26 ට
මටත් ආසයි මේවගේ ක්‍රිකට් මැච් එකක් සෙල්ලම් කරන්න …මාරම ගති අන්න එහෙම තමයි ක්‍රිකට් ගහන්න ඕන කිසිම වෙහෙස මහන්සියක් නෑ …නියමයි . මේ පලාතෙත් ඔයවගේ මැච් එකක් සංවිධානය කරන්න ඕන
2011 මාර්තු 1 දින පෙ.ව. 7:41 ට
මල්ලී අපිටත් කියපං… මොකද කියන්නේ ගහමුද අන්තර් පලාත්?
2011 මාර්තු 1 දින පෙ.ව. 2:26 ට
මරු
2011 මාර්තු 1 දින පෙ.ව. 7:41 ට
තෑන්ක්ස් මචෝ
2011 මාර්තු 1 දින පෙ.ව. 7:53 ට
හි හී මරු මැච් එක.. 😀
2011 මාර්තු 6 දින පෙ.ව. 9:30 ට
ඔය බිත්තර අල්ලන වැඩේනම් සැහෙන්න භයානකයි වගේ.හෙ හෙ ගිනිවතුර බීලා ආයිත් මැච් ගහන එකක් නැ කට්ටිය.
2011 මාර්තු 6 දින පෙ.ව. 10:15 ට
නෑ බං මට හොඳටම ෂුවර් මේ පාර තාව ටීම් දෙකක් වත් බීලා තමා සෙල්ලං කරන්නේ…