මේක නම් ලැජ්ජා කතාවක්. අපි ස්කෝලේ යද්දී, අපේ ගෑනු ළමයි ගැන ගෙවල් වලට ආරංචි උනාම එක එක කතා හැදෙනවනේ. ඉතිං මේ තමා මට හැදුන පළවෙනි කතාව. විශ්වාස කරපල්ලා යාළුවනේ ගෝල්ඩ් fish ගේ අම්මා තමා මේ කතාව හැදුවේ. එතකොට මං එක වසරේ. අපි ඉතිං අවුරුද්දක් විතර මොන්ටිසෝරි ගාටලා ගාටලා යන්තං ස්කෝලේ යන්න ගත්තා විතරයි. ඔන්න ස්කෝලේදී ටීච කියවන අසා ලිවීම එහෙම අහගෙන ලියලා… දෙයියනේ කියලා ආතල් එකේ හිටිය කාලේ.
එක පාරටම අපිට නිවාඩු දුන්නා. ඇයි දන්නවද? අපිට ඔන්චිලි චිලි චිල්ල මලේ කරන්න. ඒ කියන්නේ… අළුත් අවුරුද්දට. ඒ දවස් වල ඉතිං අපේ නෑයෝ ඔක්කොම අපිට හරී ආදරෙයි. ඇයි ඉතිං අපි ස්කෝලේ යන ලොකු ළමයිනේ. ඉතිං දැක්ක තැන… අනේ දැන් පුතා ස්කෝලේ යනවා නේද? කියලා බටර් නාවන ඇන්ටිලා වැහි වැහැලා. ආදරේට තමා ඉතිං. ඒත් ඉතිං ඔය කොයිකත් බටර්නේ. ඊට පස්සේ ඔන්න නිවාඩුව ඉවර වෙලා ස්කෝලේ ගියා. අම්මට උඩු, මෙන්න සූකිරි කෑල්ලක් බැහැලා පන්තියට. ගෝල්ඩ් fish ට වැඩිය මිලිමීටර් 3ක් විතර උස ඇති. හැබැයි ගෝල්ඩ් fish සපත්තු දෙක ගැලව්වොත් කෑල්ලට වැඩිය සෙන්ටිමීටර් 3ක් විතර මිටියි. අවුලක් නෑ ඉතිං අපි කවද්ද සපත්තු ගැලෙව්වේ ස්කෝලේදී.
ඔන්න ඉතිං ඔහොම දවසක් දෙකක් යද්දී ගෝල්ඩ් fish ට හිතුනා මේ එලකිරිස් සූකිරි බෝලේ එක්ක යාළුවෙන්න. යාළු ෆිට් එකනේ මෙයා. ආහ්… මේකිට සූකිරි බෝලේ කිව්වට හරියට නිකං සූකිරි වටේට ගාපු ඉරට්ට වගේ තමා. ආදරේට තමා සූකිරි බෝලේ කිව්වේ. ඉතිං කොහොම හරි සෙල්ලං දාලා දාලා යන්තං එක දවසක් කතාවට අල්ලා ගත්තා.
ඔයාගේ නම මොකද්ද?….
වසුන්දරා
මොකක් ?
වසුන්දරා……
ඇයි ස්කෝලේ එන්න පරක්කු වුනේ?
අපි මෙහෙට ආවේ ලඟදී….
හා….
ඔන්න ඉතිං සාක්ච්චාව ඉවරයි. බුද්ධි තොරතුරු රැස් කරගත්තා. දැන් තියෙන්නේ මිෂන් එක. මිෂන් එක කිව්වට ඉතිං ඇති රෙද්දක් නෑ, වල් පල් කතා කරලා ෆිට් වෙන එක තමා මිෂන් එක. අනික බුද්ධි තොරතුරු කිව්වට දන්නේ නම, වසුන්දරා කියලා විතරයි. අපෝ ඒ ඇති හොඳටම කෙල්ලෙක්ව දැලේ පටල ගන්න. ඊට පස්සේ ඉතිං ටික දවසකින් ගෝල්ඩ් fish වසුන්දරාත් එක්ක ෆිට් වුනාලු. පස්සේ මේවා ඉතිං ගෙවල් වලටත් කියන්න එපැයි, නැත්තං හොඳනෑනේ. ඒක නිසා ගෝල්ඩ් fish දවසක් අම්මට ගිහින් කිව්වා… අම්මේ අපේ පන්තියට අළුතෙන් ගෑනු ළමයෙක් ආවා… එයා ලස්සනයි… සුදුයි… නම වසුන්දරා… එයා ආවේ ස්කෝලේ පටන් අරං ගොඩක් පහුවෙලානේ… කියලා.
ඉතිං අම්මත් එවෙලේට මොකක් හරි උත්තරයක් දෙන්න ඇති. මතක නෑ දැං ඒවා. ආයේ මේකෙ ලියන්න කියලා අම්මගෙන් ඔය පහුගිය ලව් කේස් ගැන අහන්නයෑ. ඊටත් මගේ ලව් කේස් මට මතක නැතුව අම්මට මතක තියෙයිද?
ඔන්න ඉතිං ඔහොම යද්දී… ජුනි මාසේදී විතර වසුන්දරා පන්තියට එන්නේ නැතුව ගියා. හැබැයි හැමදාම ඉක්කෝලේ නම් එනවා. දැං අර වසුන්දරා ගැන සිහින මවං හිටිය කොල්ලට හරි අප්සට් මේක. ආයේ ඉතිං ටීචර්ගෙන් අහන්න කියලයෑ… ඉතිං කොලුවා උදේ අටේ ඉදන් එකොලහ මාර වෙනකල්ම වසුන්දරා ගැනම හිත හිත ඉන්න කොට… දවසක් ගෝල්ඩ් fish දැක්කා, වසුන්දරා දෙක වසරේ පන්තියේ ඉන්නවා. ඊට පස්සේ එදාම හවස ගෝල්ඩ් fish ගේ අම්මට, මේ වෙච්චි විනම්බෑසිය කිව්ව.
අම්මේ… අර වසුන්දරා, එයා දැන් දෙක වසරේ. අපේ පන්තියට ආවෙත් පරක්කු වෙලා. ඒ වුනාට එයා දැන් දෙක වසරට ගිහින්නේ….
ඉතිං පුතාට දුකයිද?
හ්ම්…. කියලා කටත් ඥාව් කරගෙන අම්මට තුරුළු වුනයි කියලා තමා අම්මා කියන්නේ. ඊට පස්සේ ඉතිං ගෝල්ඩ් fish කියන්න කලින් අම්මම අහනවලු වසුන්දරා ගැන. ඉතිං ගෝල්ඩ් fishත් කරන්නේ වසුන්දරාව දැක්කද නැද්ද කතා කලාද නැද්ද කියලා සේරොම විස්තර ටික කියලා දාන එකලු.අනේ ඉතිං ගෝල්ඩ් fishගේ අම්මට තේරුනාලු කොල්ලා අනිත් හැමෝම ගැන හිතනවට වැඩිය මේ වසුන්දරා ගැන හිතනවා කියලා. පස්සේ ඉතිං අම්මාත් අහෙං මෙහෙං හින්ට් පාස් කරන්න ගත්තලු.
දවසක් අම්මගේ යාළුවෙක් ඇහුවම… ආ පුතාට දැන් යාළුවෝ ගොඩක් ඇති නේද? කියලා… පුතාට කලින් අම්ම කියනවලු… ගොඩක් නම් නෑ නෙළුම්… වසුන්දරා කියලා දෙක වසරේ ගෑනු ළමයෙක් නම් ඉන්නවා කියලා…. අනේ පොඩි කොල්ලට වස ලැජ්ජාවලු. වෙලාවට අම්මා සාරිය ඇඳන් හිටියේ…. වහාම අම්මාගේ සාරී පොටෙන් කොල්ලා මූන වහගත්තලු. පස්සේ නෙළුම් ආන්ටි ගෝල්ඩ් fishව වඩාගෙන… ඈ කොල්ලෝ, වසුන්දරා ලස්සනයිද ඇහුවම… ඔන්න ආයේමත් කොල්ලගේ මුනේ නෙක නෙක පාටින් මල් පිපිලා… නිකං වයින් කරලා තිබ්බා වගේ…. වසුන්දරා ගැන කියවන්න ගත්තලු. ඉතිං නෙළුම් ආන්ටිත් තේරුම් ගත්තලු කොලුවා කොයි තරම් මේ වසුන්දරාට ලැදිද කියලා. පස්සේ ගෝල්ඩ් fish බිමින් තියලා… ආ… එහෙනම් හෙට වසුන්දරාව හම්බුනාම කියන්නකෝ නෙළුම් ආන්ටිත් වසුන්දරාව මතක් කලා කියන්න…. කියලා. ඒකටත් කොල්ලා බොහෝම සන්තෝසෙන් ඔළුව දෙපැත්තට වැනුවලු.
ඊට පස්සේ ගෝල්ඩ් fish දෙක වසරට පාස් වුනාම වසුන්දරා තුන වසරේ… ඔහොම ඉතිං ගෝල්ඩ් fish නවය දහය පන්ති වලට යනකම්ම ගෝල්ඩ් fish ට වැඩිය පන්තියක් ඉහලින් තමා වසුන්දරා හිටියේ. එක වසරේ අග හරියෙදී කොල්ලොත් එක්ක ගැංසියට වැටුන නිසා වසුන්දරාව අමතක වෙලා ගියා. පස්සේ නවය වසරේදී දවසක් අම්මා කිව්ව එයාගේ පන්තියේ ළමයින්ට අපේ පුතාට ඉස්සර හිටියනේ වසුන්දරා කියලා ගෑනු ළමයෙක් කියලා. අම්මා ඒ දවස් වල මැහුම් උගන්නන චීච කෙනෙක්. ඊට පස්සේ ඒ ළමයි කිව්වා … ආ මිස්… වසුන්දරා දැන් අපේ පන්තියේ ඉන්නේ කියලා. පස්සේ අපේ අම්මා වසුන්දරාව අඳුරගෙන තිබුනා.
ඒ වෙනකොට ගෝල්ඩ් fish වසුන්දරාට කියන්නේ වසුන්දරා අක්කා කියලා. හරි ලස්සනයි, අහිංසකයි, කෙට්ටුයි, හරිම හොඳයි. ඉතිං අපේ අම්මත් වසුන්දරා අක්කා එක්ක ගොඩක් ෆිට් වුනා. පස්සේ දවසක් වසුන්දරා අක්කට අපේ අම්මා කියනවා… ඉස්සර ගෝල්ඩ් fish ඔයා ගැනමයි කතාව… කියලා. මම මොකක් හරි වැඩක් කර කර හිටියේ… එක පාරට ඩිම් වුනා මාව. මාත් ඉතිං වසුන්දරා දිහා බැළුවම… අපෝ මිස් ඉස්සර මෙයා හරී හොඳයි… හැම වෙලේම මාත් එක්ක කතාව. ඒකට දැන්… මුනවත් බලන්නේ නෑ… අර කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා… කියලා කියපි. අනේ සංසාරේ මටත් වෙන දේවල්. ඉතිං ඔන්න ආයෙමත් අපේ අම්මයි, වසුන්දරා අක්කයි කතාව. පස්සේ කොහොම හරි කතාව ඉවර වුනේ වසුන්දර අක්කාගේ පරන පොත් ටිකත් මට ගෙනත් දෙන්නම් කියලා තමා.
ඊට පස්සේ පොත් ටික ලැබුනා. අම්මෝ බලන්න එපැයි අකුරු ටික. මුතු කැට වගේ…. ඕනේ පොට්ටෙයෙකුට කියවන්න පුළුවන්. ඇස් පේන එකෙකුට නම් බත් දාගෙන කන්න පුළුවන්. පස්සේ වසුන්දරා අක්කා ආයෙමත් මාත් එක්ක කතාවට වැටුනා. පස්සේ එයා සාමාන්‍ය පෙල කරලා වෙන ස්කෝලේකට ගියාද කොහෙද… ඊට පස්සේ නම් මට අදවෙනකම් තාම එයාව හොයාගන්න බැරිවුනා. බලන්න ඉතිං ගෝල්ඩ් fish ගේ පළමු යාළු ෆිට් එකට වෙච්ච දේ. මට තාමත් මූන මතකයි. ෆේස් බුක් එකෙත් බැළුවා. ඒත් නෑ… සමහර විට වෙන නමකින් ඉන්නවද දන්නේ නෑ… මොකද එයාගේ පොත් ටික මට හම්බුනාට, මේ ගොන් තඩියට මීටර් වුනේ නැහැනේ ඒකෙ තියෙන නම කියවලා මතක තියාගන්න. අනේ කව්රු හරි දන්නව නම් එයාව පොඩ්ඩක් කියන්ට ඈ…. එයාටත් කියන්න එයාගේ පළවෙනි යාළුවා එයාව හොයනවා කියලා… ඉස්සර වගේම යාළු ෆිට් එකට… කෝකටත් කියලා දවස් එකාමාරක් විතර නිවාඩු දාලා ආයෙමත් හොයලා බලන්න ඕනේ මගේ යාළු ෆිට් එක ඉන්නවද කියලා.
ඔන්න දැන් කොල්ලා හීන මවනවලු වසුන්දරාව ආයෙත් හම්බුවෙලා කතාකරන දේවල් ගැන…..
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 7:56 ට
ටිකක් මහන්සිවෙලා හෙව්වොත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ 🙂
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:23 ට
මටත් එහෙම හිතෙනවා බං
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 8:28 ට
අපොයි….. ගොල්ඩ් ෆිෂ් මාරයිනෙ…. ඇත්තට වසුන්දරා අක්ක දැන් කොහෙ ඇද්ද……. 😉
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:24 ට
දන්නේ නෑ බං… ඒකි හරි හොඳයි කොහේ වුනත් හොඳින් ඇති
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 8:43 ට
මේක හෙනම හෙන ළදරු කුපාඩියෙක්නෙව බොල. ඇයි ඕයි ඉස්කෝලෙ එකවසරෙදිම මෙහෙමනං මේක එලියට බහින කොට අම්මල ගැණුළමයිව ගෙවල් ඇතුලෙ හංගනව ඇතිනෙව.
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:25 ට
අනේ… ඉතං මයෙ කට මොකටද? අපි නොදන්නවායේ උඹෙ තරමත්
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 8:55 ට
මාලුව නහින්නෙ කෙල්ලො හින්දලු.
එක ලිපිය. උඹේ පොඩි කමට නෙමේ වැඩ
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:26 ට
හරි හරි අපි නරකයි
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 9:30 ට
2 නවම් & ගොල්ඩ් fish ,
මම නං හිතන්නේ මූ ඇත්තටම කුපාඩියෙක් නෙවෙයි. ඔහොම දේවල් වෙනවා. අනික පොඩි කාලෙ ඉඳලාම ලව් කරන්නනේ ට්‍රයි කරලා තියන්නෙ. හික්ස්! පවු ඉතින් පළමු සුන්දර ළමා ප්‍රේමය නති උනානෙ. අනිච්චේ දුක්කේ කිව්වලු.
2011 පෙබරවාරි 25 දින ප.ව. 12:04 ට
ගනං ගන්න එපා චන්දික, මේක දන්නව මං කුපාඩියා කිව්වෙ මනුස්සකමට කියල 😉
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:27 ට
භලපං නවම් අයියේ… උඹලා වගේ හැමෝම කැත විදියට හිතන්නේ නැති හැටි
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 9:36 ට
fatta ayya.mama hitanne oya wasundhara akkata wada maasa keepayak weitarai wenna ati aula .eka prashnayak kara ganna epa 1,aye try ekak dala balanta
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:27 ට
හෙව්වා බං… ම්හු…
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 10:01 ට
පොඩි කාලේ ඉඳලම මාලුවා මනමාලයා වගේ නේද
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:28 ට
කෑගහන්න එපා හලෝ
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 10:47 ට
අපිත් එයාව හොයන්නම්. හොයල කියන්නම් මාලුවෙක් පීනගෙන පීනගෙන ඔයාව හොයනව ඒ හන්ද ඉක්මනට හැංගෙන්න කියලා.
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:28 ට
හැංගුනාම උඹ ගිහින් අල්ල ගන්නද?
2011 පෙබරවාරි 25 දින පෙ.ව. 11:51 ට
හා හා…..වසුන්දරා…….
මුගේ වලත්ත කම පෙනේද…පොඩි කාලේ ඉදලම…අපිට කියලා ඒ අහින්සකීව හොයා ගන්න හදන්නේ….හික්…හොයමු හොයමු..මේක කියවයි සමහර විට
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:29 ට
දැක්කොත් නම් හොඳයි බං.. ඒත් දැක්කෙ නැත්තං?
2011 පෙබරවාරි 25 දින ප.ව. 2:57 ට
එක වසරේ ඉඳන්….. සෙල්ලම් නෑ ආ…. 😛
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:29 ට
අනේ සුදු අයියේ.. එහෙම නෑ බං… යාළු ෆිට් එකනේ
2011 පෙබරවාරි 25 දින ප.ව. 2:58 ට
මාලුවන්ගෙත් වැඩ.. හි හි හි
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:31 ට
මොනා කරන්නද ඉතිං ළමා ලෝකේ සුන්දරයිනේ
2011 පෙබරවාරි 25 දින ප.ව. 4:40 ට
සොයන්නාට සම්බ වේ කියනවනෙ.මම හතර වසරෙදි කෙල්ලෙක්ගෙන් ඇහුවත් එක්ක.
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:32 ට
ඇති යන්තං බැනුම් ටික බෙදා ගන්න එකෙක් ඉන්නවා
2011 පෙබරවාරි 25 දින ප.ව. 4:46 ට
හොයමු හොයමු!! හොයන්නාට හම්බවේ කිව්වලුනේ. මමනං ඔය වැඩේ පටන් ගත්තෙ 2 වසරෙදි. ඒ කතාවත් දාන්නං වෙලාවක
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:33 ට
අම්මට සිරි තව එකෙක් ඉන්වා… ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම සෙනෙහසට ආදරෙන් නේද?
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 12:41 ට
හොයමු මචං මම මෙහේ හොයන්නම් උඹ ඔය පැත්තේ හොයපං මුලින්ම හොයාගත්ත කෙනාට වසුන්දරාව අයිතියි හොඳේ !
විහිලුවක් කලෙමි
—————————
කතාවේ අන්තිම ටිකට හීනී දුකක් ආවා . උඹ ඒ අක්කට ලවුද ? හ්ම් . එහෙමනම් හොයපං මචං මාස ගානකට වෙන්න ඇති වැඩිමල් . ඔවුවනම් මොනාද ? හොයලා හම්බ උනොත් මටත් කියපං . හරිය ..! ගුටි නොකා වැඩේ ගොඩ දාගනිං මගේ කොල්ලා !
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 7:34 ට
හරි හරි… වලියක් සෙට් වුනොත් උඹට තමා කියන්නේ.. උඹ ඉතින් චන්ඩියානේ. පූසාන්ගේ රෝහන දීරත් ඉන්නවනේ… අවුලක් නෑ…
2011 පෙබරවාරි 26 දින පෙ.ව. 8:20 ට
අඩෝ කුපාඩියෝ.. මොනව උනත් මචන් පට්ට කතාව ඈ… මචන් මටත් ඔය නම හෙන ක්ලික් බන්. මටක් කරල බලන්න ඔනෙ.
ජය..
2011 දෙසැම්බර් 13 දින පෙ.ව. 11:45 ට
මන් දන්න වසුන්දරෙක් ඉන්නවා සෙට් කරන්නද…?
2011 දෙසැම්බර් 13 දින ප.ව. 12:25 ට
අනේ අම්මෝ… දැන් නම් කෙල්ලෝ එපෝ…
මේ මචං, මේ ටික කාටවත් පේන එකක් නෑ කියලා හිතාගෙන තමා දාන්නේ… ඔන්න ඔහේ බුකියෙන් සජෙස්ට් කරපං බලන්න මට.
2011 දෙසැම්බර් 13 දින ප.ව. 10:58 ට
බොල, එතකොට යසෝදරාවට මොකද වෙන්නෙ?
2011 දෙසැම්බර් 14 දින පෙ.ව. 7:28 ට
අප්පට සිරි අයියා දැක්කද මේක…???