මේ අතීත කතාන්දරයට මං කුමාරයා මුහුණ පෑවේ මගේ යශෝධරාව සුරම්‍ය මාලිගයේ වැඩ වාසය කරද්දී තමා. ඒ කාලේ යශෝධරාවයි මං කුමාරයයි දැන ඇඳුන ගෙන මාස කීපයයි. ඒත් ඉතිං යාළු මිතුරු කම උපරිමයි. මං කුමාරයත් හරි ආදරෙයි. යශෝධරාවත් එහෙමමයි.
ඉතිං ඔය යාළුකම උපරිමේට එද්දී අනිත් අයට වගේම මටත් සිද්ධ වුනා යශෝධරාව මගෙන් ඉඳලා හිටලා ඉල්ලන ලස්සන මූවි එකක්, සිංදුවක් වගේ දෙයක් මේ ලෝකේ නැත්තං සක්‍රයාට කියලා මවලා හරි අරගෙන යන්න. නැත්තං ඉතිං යශෝධරාවගේ පුංචි හිතට හොඳ නෑ. ඊළඟට මම එයාලගේ මාලිගයට එන දවස වෙනකම් යශෝධරාව ඇඟිලි ගැන ගැන ඉන්නේ. එයා දන්නවා එයා ඉල්ලන හැම දෙයක්ම වගේ මම හොයලා ගෙනත් දෙනවා කියලා. සිංදුවක් ඉල්ලුවොත් ඒ සිංදුව තියෙන ඇල්බම් එකම ගිහින් දෙනවා. ඉතිං මේ කියන දවසෙත් මගෙන් එහෙම ඉල්ලපු දෙයක් ගේනකම් තමා එයා බලාගෙන හිටියේ…
එදා මං කුමාරයට ගෙනියන්න නියමිත වෙලා තිබුනේ කබි අල් විදා නා කෙහෙනා මූවි එක. ඒත් මං කුමාරයගේ පෙර අකුසල කර්මයක් නිසා, අවට රාජධානි හය හතකම තිබුන සීඩී සෙන්ටර් වල ඒ මූවි එක නෑ. ඒ දවස් වල ඉතිං අන්තර් ජාලේ භාවිතය මේ තරම්ම නැහැනේ. ඒක නිසා මං කුමාරයාට, යශෝධරාව බැහැදකින්න යන්න වුනේ… යශෝධරාව මට පවරපු කාර්යය ඉෂ්ට සිද්ධ කොරගන්න බැරුව හිස් අතින්ම තමා. ඒත් ඉතිං යශෝධරාවට අර ඕකේ කියන කේක් එකක් ගෙනිච්චා නම් සියළු හිත් අමනාප කම් දුරුවෙනවා. ඒක මං කුමරයා අත්දැකීමෙන් දන්න නිසා එකට දෙකක්ම අරගෙන ගියා.
ඊට පස්සේ ඉතිං යශෝධරාවගේ මව්තුමියගේ දෙවන බස පංතිය ඉවර වෙනකම්ම පුංචි යශෝධරා පැටික්ක, දොර උලුවස්සේ එල්ලී ගෙන බලාගෙන ඉන්නවා මං කුමාරයා දිහා. මං කුමාරයා රජ වෙලා හිටියනම් එහෙම,… ඇත්තමයි පන්තිය කැන්සල් කරලා දාලා යශෝධරා වස්තුව ගාවට යන එක එක යනවා. කොහෙද ඉතිං තාම ඔටුනු පලඳලා නැහැනේ. ඒක නිසා යශෝධරාවගේ මවුතුමියගේ සුවච කීකරු ගෝලයා විදියට ඉන්න වුනා. පස්සේ කොහොම හරි පන්තිය ඉවර වුන ගමන්ම දුවගෙන ඇවිත්… මේ මොට්ටස්, අරක ගෙනාවද? කියලා මං කුමාරයගෙන් අහගෙන මවුතුමියගේ අතේ එල්ලුනා. අනිවා එදත් නඩුවක් සෙට් වුනා. ඇයි ඉතිං ඉල්ලපු දේ නැහැනේ…. ඔන්න දැං ඉතිං යශෝධරාව නහයෙන් අඩනවා. අනේ අම්මේ… බලන්නකෝ මෙයා ෆිල්ම් එක අරං ඇවිත් නැහැනේ…. හරි සාක්ෂි කැඳවීමේ වාරය තමා දැන්. ඇයි පුතේ ගෙනාවේ නැත්තේ අමතක වුනාද? ඔය පටන් ගත්තේ නඩු කාරයාගේ කොටස. නෑ… මිස්… වීසීඩී සෙන්ටර් වල ඒ ෆිල්ම් එක තිබුනේ නෑ ඒකයි. මං හැම තැනම බැළුවා.
අනේ… බෑ… මට කොහෙන් හරි හොයලා ඕනේ…. ආයෙමත් යශෝධරාව හුරතල් වෙනවා. දැං ඉතිං මං කුමාරයටත් මාර අප්සට්. ඒත් ඉතිං මං කුමාරයා අහවල් එකක් කරන්නයෑ? පස්සේ… අනේ මැණික, මං හැමතැනම බැළුවා පැටියෝ, තිබුනේ නෑනේ… කියලා කිව්වම මේ කෙල්ල මගේ දිහා බොහෝම ආදරෙන්, ඇස් දෙකේ පැණි පුරෝගෙන බලාගෙන ඉන්නවා. මං කුමාරයා යශෝධරාවගෙන් ඒ තරම් කාලයකට ඒ වගේ ආදර බැල්මක් ලබලා නෑ. ඉතිං මේකට හේතුව කල්පනා කොරද්දී මං කුමාරයගේ ප්‍රඥාවට මීටර් වුනා,… මං මීට කලින් කවදාවත් යශෝධරාවට මැණික කියලා කතාකරලා නැහැ නේද කියලා. ඇත්තටම මං ඒක කිවුවා නෙමේ කියවුනා.
පස්සේ ඉතිං මං අරගෙන ගිය කේක් දෙක දුන්නා. ඊට පස්සේ … හ්ම් … කමක් නෑ. අනේ ඒක කොහෙන් හරි හොයලා දෙන්න හොඳද… කියලා කේක් දෙක උදුරගෙන සැටියට වෙලා තනියම වළඳවනවා. මං කුමාරයා වැඩියෙන්ම ආසා යශෝධරාව කෑම කන දිහා බලාගෙන ඉන්න. පුංචි ඇස් දෙක ටීවී එකේ තියාගෙන, රත්තරන් පාට කන් දෙක වටේට කළු කොන්ඩ කෑල්ලකුත් පටලවගෙන, රෝස පාට තොල් තද කරගෙන කෑම හපන කොට හරි ලස්සනයි. ඔහොම බලන් ඉද්දී… මොකෝ පෙරේතයා වගේ බලන් ඉන්නේ..? ආහ්…නෑ… නෑ… මිනිස්සුන්ට පෙරේතයා කියන්න හොඳ නෑ… කියලා මොනාදෝ මන්දා පඩි ටෝක් වගේකුත් දාලා ටීවී එක බලනවා.
පස්සේ මං කුමාරයාගෙන් අහනවා … තාත්ත ගෙනාපු ටයිටැනික් තියෙනවා බලමුද කියලා. මාත් ඒ වෙද්දී ටයිටැනික් ඒ තරම්ම හොඳට බලලා තිබුනේ නෑ… ඉතිං මාත් හා කිව්වා… ඔන්න ඉතිං අර රිමෝට් කන්ට්‍රෝල් එක කැඩුන හද්ද පරන ටීවී එකට වීසීඩී ප්ලේයර් එක සෙට් කරලා, යශෝධරාවම ගිහින් සීඩී එකත් දාලා ඇවිත්, මව්තුමියගේ උකුලට පැන්නා. දන්නවනේ ඉතිං ටයිටැනික් ගැන… හරී හොඳ ෆිල්ම් එකක්නේ… ඉතිං අනවශ්‍ය තැන් ස්කිප් කර කර බලනවා.
මෙන්න එනවා රෝස්ගේ නග්න රූපේ ජැක් චිත්‍රයට නගන සීන් එක. මල හත්තිලව්වයි… ඒ කෑල්ල ස්කිප් කරන්න රිමෝට් එක වැඩකරන්නේ නෑ. දැන් ඉතිං කෙලපංකෝ… යශෝධරාවත් දන්න සිල්ප ඔක්කොම දානවා, රිමෝට් එක හදාගන්න… ම්හු.. හරියන්නේ නෑ… දැන් ඉතිං මං කුමාරයා කට ඇරගෙන ටීවී එක දිහා බලාගෙන ඉන්නවා දැකපු මව්තුමිය අහක බලාගත්තා… යශෝධරාව, ඊළඟට වෙනදේ ගැන කුතුහලෙන් ඉන්නවා. ඔන්න එක පාරට රෝස් ඇවිත් අර ඇඳගෙන ඉන්න කළුපාට ඇදුම හලනවා… බඩුම තමා… යශෝධරාවට ලැජ්ජාවේ… ඊයා අම්මේ, අර කෙල්ලට ලැජ්ජා නැද්ද මන්දා… කියලා කියද්දීම කරන්ට් එක ගියා. යන්තං තුන් දෙනාගෙහ ඇඟට ලේ ටිකක් ඉනුවා. නැත්තං ඉතිං කොහොමද එකිනෙකා මූන බලන්නේ… ඔය වගේ ෆිල්ම් එකක් බලලා.
පස්සේ යශෝධරාව නැගිටලා ගිහින්, පිය තුමාට බැන බැන සීඩී එක අරං තිබුන තැනින් තියලා මගේ ගාවට ඇවිත් බලාගෙන ඉන්නවා. මං කුමාරය එවෙලේ තිගැස්සමකට බඳුන් වෙලා හිටයේ. ඇයි ඉතිං හොරෙන් හොරෙන් බැළුවට මේ විදියට බලන්න හිතුවේ කවද්ද? මොකෝ බය වෙලා වගේ… අම්මේ මේ… මෙයාට දාඩියත් දාලා.
එතකොට තමා මටත් තේරුනේ මට දාඩිය දාලා කියලා. පස්සේ මවු තුමිය නැගිටලා ගියා, ඉන්න මං තේ ටිකක් හදාගෙන එන්නම් කියලා. යශෝධරාවත් සිරියහන් ගැබට දිව්වා. පස්සේ මම තනිවුනාම තමා මතක් වුනේ… ටීවී විසි ගානකට වැඩ කරන රිමෝට් එකක් තියෙන ඔරලෝසුවත් මගේ අතේ නේද බොල කියලා. මං කුමාරයාගේ කරුමෙට ඒක අර වෙලාවේ මීටර් වුනේ නෑනේ. ඊට පස්සේ යශෝධරාවට මං කියන්න ගියෙත් නැහැ ඒක. මොකද නැත්තං යශෝධරාව හිතයි මං කුමාරයා මහ වලත්තයෙක් කියලා. ඒක නිසා කටපියාගෙනම හිටියා.
පස්සේ මං යශෝධරාවගේ මාලිගයෙන් පිටවෙලා එද්දී… අනේ … අඟහරුවාදාට අරක ගේන්න…කියලා කෑගහලා කියනවා ගෙයි උළුවස්ස ගාවට වෙලා. ඊට පස්සේ දවසේ නම් මං කුමාරයා ඉල්ලීම ඉෂ්ට කරා.
ඉතිං ඔන්න යශෝධරාව තමා මං කුමාරයාව නරක් කලේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි පෙන්නලා.
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 7:28 ට
හා හා…… කොහොම හරි තුන් දෙනාම එකතු වෙලා වල බැලුව නේද 😉 එල සීන් එක.
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 7:32 ට
හිතලා බැළුවේ නෑ බං.. බැලුනා…
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 8:20 ට
TITANIC කියන්නේ පරම පවිත්‍ර ප්‍රෙමයක් පිලිබද කිය්වෙන අපූරු කතාවක්……අනෙ මන්දා.
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 10:34 ට
මොකට කියනවද ඒ ගැන
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 8:26 ට
අනේ පව් අහිංසක ගෝල්ඩ් ෆිෂ් 😛
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 10:35 ට
අනේ උඹලගේ කැත හිත…
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 8:57 ට
අපිට ඉස්කෝලෙ එක පාරක් ටයිටැනික් පෙන්නුවා. ලමයි සූ ගාල ඇවිත්. අපිත් ගියා ඉතින්. ඔන්න ඉතින් අර සීන් එක පෙන්නන්න යන්නෙ. ළමයි කට ඇරන් බලන් ඉන්නවා. ජැක් චිත්‍රෙ අඳින්න පැන්සල උල් කරනවා පෙන්නුවා විතරයි මෙන්න ඊළඟට ජැක් රෝස්ව ඇදගෙන පණ කඩාගෙන දුවනවා. අර කෑල්ල එඩිට් කරලා. ඔන්න ඔහොමයි අපි ඉස්කෝලෙ ටයිටැනික් බලපු හැටි.
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 10:36 ට
නැතුව ඉතිං උඹ කියන්නේ, අර අහවල් කෑල්ලත් එකක් පෙන්නන්න කියලද? හොඳට හිටියි.
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 8:59 ට
paw ane ahinsaka maluwage sil bidala
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 9:06 ට
හිකිස්….හැබැයි ෆිල්ම් එකේ හොඳම හරිය ඊට පස්සෙ තියෙන්නෙ…..අපරාදේ වැඩේ කපල් එකට ඒ ටික බලන්න උනේ නැත්තේ…
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 10:33 ට
ඒකනේ බලන්නකෝ…
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 9:43 ට
හික් ! හපොයි මං ඕක බලනකොට අපේ පැත්තෙ වී.සී.ඩී තිබුනෙ නැද්ද කොහේද, ගෙදර ඉඳං හැතැක්ම පහක් පුටාර් එකෙන් ටවුන් පැදල, ෆිල්ම් කඩ හතරක විතර ඇවිදල යාන්තං ඩෙක් පීස් එකක් හොයාගෙන ආයෙමත් ඒ හැතැප්ම පහයි තව දෙකකුයි පැදල යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල ඌයි උගෙ අක්කයි එක්ක බැළුවෙ. අක්කත් එක්ක අරහෙම සීන් බලන්න ඇහැක, ඌ ඒක ස්කිප් කරන්න හැදුව විතරයි මෙන්න රෝස් හෙළුවැල්ලෙන් ටී වී අක පුරවල ඉන්නව, හෙල්ලෙන්නෙම නෑ. උගෙ ඩෙක් එකේ ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න බෑ පීස් හිරවෙනව. ආතල් ම සීන් එක කියන්නෙ උගෙ අක්ක ඌට “මෝඩය තියෙන විදියට බලන්නෙ නැතුව පණ්ඩිත වැඩ කරනව” කියල බැන්න.
2011 පෙබරවාරි 22 දින පෙ.ව. 10:34 ට
අපිට ඉතිං කරදර වෙන්න ඕනෙ වුනේ නැහැ… යශෝධරාවගේ තාත්ත ගෙනැල්ලම තිබුනනේ.. ඉඳා බලපල්ල කියලා 😀
2011 පෙබරවාරි 22 දින ප.ව. 4:21 ට
මම ඕක හෝල් එකේ බැලුව දෙපාරකට දෙන්නෙක්ම එක්කල.ඒ උනාට හරියට බලාගන්න බැරි උන හින්ද t.v එකේ පෙන්නපු වෙලාවෙ බැලුවා.ඒත් කොටු.අන්තිමට මේ ලඟකදි තමා හරියට බලා ගත්තෙ.හික්….
2011 පෙබරවාරි 23 දින පෙ.ව. 7:02 ට
හෝල් වලට යන්නේ ෆිල්ම් බලන්න නෙමෙනේ බං.
2011 පෙබරවාරි 22 දින ප.ව. 5:37 ට
අම්මපල්ල මම ටයි ටැනික් එක පාරක් බැලුවා ඒත් රිමෝට් එක අතේ තියාගෙන හිටපු අපේ නැන්දා හරියටම අවස්ථාවට ආවම අදාල කෑල්ල ඉදිරියට යැවුවේ නැතෑ. නැන්දා හරියටම දැනං උන්නා ඔය කොටස තියෙන්නේ කොතනද කියලා .
උඹටත් වෙන වැඩ කමක්නෑ ඔහොම චාන්ස් එකක් ආයේ එන්නේ නෑ . මම එහෙම ඔතන උන්නනම් අර සීන් එක පහු උනාට පස්සේ අතේ තිබ්බ රිමෝර්ට් එකෙන් ආයේ ඔය සීන් එක තියන තැනට ගන්නවා . අපරාදේ කරන්ට් එක ගියානේ . ෂි:හ්
මට මැවිලා පේනවා ..! සිද්දිය
2011 පෙබරවාරි 23 දින පෙ.ව. 7:02 ට
උඹලාගෙ නැන්දත් මාරයිනේ…
2011 පෙබරවාරි 22 දින ප.ව. 6:12 ට
යකෝ… වෙන්න නැන්දම්මත් එක්ක චාටර් සීන් එකක් බලපු එකම පෙම්වතා උඹ වෙන්න ඇති….. උඹ යකෙක්නෙ බන්….
2011 පෙබරවාරි 23 දින පෙ.ව. 7:03 ට
මොනා කරන්නද අබීත අයියා, නැන්දම්මගේ සුවච කීකරු ගෝලයනේ…
2011 පෙබරවාරි 22 දින ප.ව. 7:11 ට
ඒ මාලුවෝ උබ ඕක කලින් බලල තියෙනවා නේද බොල.. හෙහ් හෙහ් මරු සීන් 1 අප්පා..
2011 පෙබරවාරි 23 දින පෙ.ව. 7:04 ට
කෑගහන්න එපා බොල… ඒ අපේ අම්මට හොරෙන්නේ…
2011 පෙබරවාරි 23 දින පෙ.ව. 7:43 ට
මාළුවන්ටත් වෙන වැඩ
2011 පෙබරවාරි 23 දින ප.ව. 11:42 ට
ආහ් උඹත් රාජකීය කඩේ යාමක්නෙ ගිහින් තියෙන්නෙ.. 😀
2011 පෙබරවාරි 24 දින පෙ.ව. 7:20 ට
මොනා කරන්නද ඉතිං…
2011 සැප්තැම්බර් 5 දින ප.ව. 5:48 ට
අනේ පලයන් යන්න වල මාළුවා. කරන්ට් ඒක ගියාලු…..
2011 සැප්තැම්බර් 5 දින ප.ව. 9:01 ට
කට කට ….