දිය කෙළින්න අපිට තහනම්ද…?


 

මේක නම් ගෝල්ඩ් fish ලියන්නේ ලොකු කණගාටුවකුත් ඔළුවේ හිර කරගෙන. මං ගැන නම් නෙවෙයි, අපේ රටේ පොලිසිය ගැන. මේ සිද්ධිය මටම වුන එකක්‍. කවදාවත් කිසිම අපත වැඩකට පොලිසි නොගිය මට සාමාකාමී විදියට විනෝද වෙන්න ගිහින් තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක පැය 3ක් විතර පොලිසියේ ලගින්න වුනා. ගෝල්ඩ් fish මේ සිද්ධියට මුහුණ දීලා හරියටම මාස හයක් විතර වෙනවා. ඉතිං මේකයි සීන් එක. අපි හැමෝම වගේ කැමතියිනේ, හැමදාම ගෙදර ෂවර් එක ඇරලා ඔලුවා අල්ලලා නානවට වැඩිය… ටිකක් වතුරේ බැහැලා, දඟලලා… පීනලා… එහෙම ජොලියේ නාන්න. ඉතිං මේ වැඩේට කියාපු තැනක් තියෙනවා, වාද්දුව, ගෝනදුවේ පන්සල ගාවින් ඇතුලට ගියාම. ඒ ස්ථානයට ඒ පැත්තේ අය නම් කියන්නේ දික්වැල්ල කියලා. බන්ඩාරගම පාරෙන් හැරිලා කිලෝමීටර් තුන හතරක් යද්දී තමා ප්ලේස් එක හම්බුවෙන්නේ. ගෝල්ඩ් fish මෙතෙන්ට මුලින්ම යද්දී ගියේ… අඩි 10ක් විතර උස තාප්පෙක ලොකුවට, මිනිහෙකුට යන්න පුළුවන් තරම් වෙන්න හදපු ලොකු ඉඩකින් තමා. ඒ පළවෙනි පාර. ඔය විදියට තුන් හතර පාරක් යන්න ඇති. ඇත්තම කියන්න ඒ ඉඩම වෙන කෙනෙකුට අයිති ඉඩමක්. එක ඉඩමක් නෙවේ ඉඩම් යායක්. අර නාන්න සෙට් වෙන්නේ ‍බොල්ගොඩ ග‍ඟේ වතුර රැස්වෙන තැනක්. වතුර ටිකත් හරිම පිරිසිදුයි. කිසිම අවුලක් නැතුව ඔළුවෙන් උඩට වතුර තියෙන හරියට උනත්, පතුල බල බල යන්න පුළුවන්. ඒ තරමට වතුර පිරිසිදුයි. ඒ වගේම, ඔය ගෝල්ඩ් fish ගියා වගේ තවත් අනවස‍රයෙන් කට්ටිය එනවා එතෙන්ට. එන්නේ තම තමන්ගේ ළමයි අරගෙන, නෑදෑයෝ එක්ක එහෙම තමා. එතෙන ඇත්තටම ලස්සන තැනක්. අපි ගෝනදූවෙන් ගිහින් ඒ ජලාශයට බැස්සම එහා පැත්තේ ඉවුරේ පේන්නේ පානදුරේ තොටුපලක්. මට ඒකෙ නම නම් හරියට මතක නෑ. ඉතින් අපි කීපසරයක්ම ඔය වගේ එතෙන්ට ගියා. ඒත් කවදාවත් අරක්කු වගේ දේවල් නම් ගෙනිච්චේ නෑ. ඒත් එතෙන්ට එන අනිත් හැම කෙනෙක්ගෙම අතේ බෝතලයක් නම් වැරදුනේ නැහැ. ඉතිං ගෝල්ඩ් fishත් තවත් යාළුවෙකුත් ඊට පස්සේ දවසක යද්දී, තාප්පේ තිබුන ලොකු සිදුර වහලා දාලා. ඉතිං අපිට යන්න විදියක් නැහැ. ඒ පාර කරේ අර අඩි 10 ක් විතර උස තාප්පෙට බයිසිකල් තියලා නැගලා, එක්කෙනෙක් තාප්පෙ උඩ ඉඳන් සයිකල් අරගෙන එහා පැත්තට දානවා. පස්සේ අනිත් කෙනා පොල්පිත්තක් තියලා නගිනවා. ඉතිං ඒ තරම් කට්ට කාගෙන අපි ගියේ ඇත්තටම එතෙන තිබුන සුන්දරත්වයට අපි වශි වෙලා හිටිය නිසා. ඊට පස්සේ අපි තවත් මාස දෙකකින් විතර යද්දීත්… යන්න වුනේ අර විදියටම තමා. ඒ පාර නම් අපි තුන් දෙනෙක් හිටියා. ඉතින් ඒ පාර බයිසිකල් තාප්පෙට උඩින් ගන්න එක ඒ හැටි දෙයක් වුනේ නැහැ. පස්සේ ඉතිං අපි ගිහිල්ලා… පැයක් විතර ජොලියේ වතුරේ දඟල දඟලා ඉද්දී තවත් සෙට් එකක් ආවා. උන්ටත් මාර ෆන්. ඒ අය නම් ඇවිල්ලා අර කලින් කිව්වත් වගේ පොඩ්ඩක් අනුමත වෙලා එහෙම තමා… ක්‍රීඩාවට වැටුනේ. ඊට පස්සේ අපි ටිකක් ගොඩට වෙලා උන්ගේ විකාර බල බල ඉද්දී… අපි ඉන්න ඉඩමට ඇතුළුවෙන්න තියෙන ගේට්ටුව ඇරගෙන මෙන්න ‍බොල එනවා පොලිස් ජීප් එකක්. ඇවිල්ලා කාලකන්නි ටිකක් බැස්සා. උන් කිව්වා‍‍‍… හා දැන් ඉතිං යමල්ලා පොලිසියට, දාගන්නවා බයිසිකල් ටික ජීප් එකට කියලා. අපි කවුරුවත් කිසි දෙයක් කිව්වේ නෑ. මොකද අපි ඉන්නේ අනුන්ගේ ඉඩමක. කරලා තියෙන්නේ වැරැද්දක්. ඒක නිසා ඉතිං කටවල් පියාගෙන ඉන්න වුනා. ඒත් කවදාවත් පොලිසි ගානේ රස්තියාදු වෙලා නොතිබ්බ අපිට මේක හරිම ප්‍රශ්නයක්. පස්සේ අපේ බයිසිකල් තුනයි, අර අනිත් අයගේ සයිකලුයි ජීප් එකට දාගෙන සැමන් වගේ පැක් වෙලා ගියා පොලිසියට. පස්සේ එතෙන්ට ගියාම අපිට ඉඳගන්නවත් තැනක් නෑ. ඔක්කොමලා හිටගෙන. කිසිම ප්‍රශ්නයක් නෑ… අපිට, නඩුවේ තීන්දුව දීලා කරන දෙයක් කරානම්. ඒත් OIC කාරයා පොලිස් ලැගුම් හලේ දවල් කෑම ගන්නවලු. ඉතිං ඌ කෑම කනකන් අපි ඉවසන් හිටියා… පස්සේ පැය දෙකකට විතර පස්සේ ආයේ තව ගම්බට්ටෙක් ඇවිත් කියනවා… මහත්තයා නිදි, තව ටික්ක ඔහොම ඉන්නවලා… කියලා… ඇත්තමයි එවෙලේ ආපු කේන්තියට, ඒක පොලිසිය නෙවේනම්, ගම් බට්ටයි, අනිත් එවුනුයි ඔක්කොමලා ටිකට මොනා වෙයිද කියලා හිතන්න වත් බෑ. අපිත් එක්ක අල්ලගෙන ආපු අනිත් සෙට් එ‍ක පොලිසිය අවටම වුන්. ඉතිං උන්ගේ ගෙවල් වලින් ඇවිල්ලා එහෙම හිටියා. ඒත් ඉතිං අපිට එන්න එකෙක් නෑ. අපි ගෙවල් වලට කියලා, අවසර අරගෙන තමා ගියේ. ඒත් මේ වෙච්ච දේ අපිට කියන්න පුළුවන් කමක් නෑ. පස්සේ මාත් එක්ක ගිය එක යාළුවෙක්ගේ දන්න කියන කෙනෙක් ඉන්නවා ‍වෙන පොලිසියක. එයා මේ පොලිසියේ ලොක්කට වැඩිය ලොක්කෙක්. ඉතිං මගේ යාලූවා කතා කරලා සීන් එක කිව්වම, වැඩේ ගොඩ දාලා දෙන්නම් කියලා කිව්වා. කිව්වා වගේම වැඩේ ගොඩ. මෙච්චර වෙලා කිව්වේ කතාවේ නිමිත්ත. දැන් තමා හිත රිදුන හරිය එන්නේ. ඇත්තටම ස්වභාව දහමෙන් අපිට අයිති කරලා තියෙන දේවල් තාප්ප ගහලා… කම්බි ගහලා වෙන් කර ගත්තම හරිද? ඒවා සල්ලි කාරයෝ විතරක් භුක්ති වින්දම හරිද? අපිට ඉඩම් යායවල් ගන්න සල්ලී නැහැ. ඒත් අර වගේ කාලකන්නි ඒවා අරගෙන තාප්ප ගහලා කොටු කරගත්තම, අපි වගේ එවුන්ට වෙන්නේ හැම දාමත් ෂවර් එකට ඔළුව අල්ලලා නාගන්න තමා. ඇත්තටම එදා වුනේ ඉඩම අයිති කාරයාගේ සල්ලි වලට අර පොලිසියේ ලොක්කා ඔළුව නවපු එක. ඒ මේ ඇස් දෙක පනාපිටම දැක්කා. දාහේ කොල දහයක් විතර ලොක්කගේ මේසේ උඩට වැටෙන හැටි. ඉතිං ‍මේ වගේ ලස්සන රටක අපි ඉපදුනාට මට නම් හිතෙන්නේ අපි මහ පව්කාරයෝ කියලයි. මොකද අපිට අපේ පාඩුවේ ස්වභාව ධර්මය විඳගන්න නොදෙන්න තරම් මේ රටේ කාලකන්නි සල්ලි කාරයන්ට පොලිසියත් යටවෙලා. ඉතිං දැන් ගෝල්ඩ් fish ඇතුළු වතුරේ නටන්න කැමති වුන්ට වෙලා තියෙන්නේ පැයකට රුපියල් 150 ක් දීලා… පීනුම් තටාකෙක නාන්න තමා. ඒත් කවදාවත් අර ස්ථානයෙන් ලැබුන සැනසුම නම් හම්බුවෙන්නේ නෑ. මම දන්නේ නෑ මේ වගේ දේවල් ගැන කාටද කියන්න ඕනේ කියලා, ඉතිං හැමෝටම දැනගන්න ලියලා දැම්මා. ඊටත් කාට කිව්වත් වැඩකුත් නැතිවෙයි, අර ජරා මිනිස්සු ඇවිත් සල්ලි මිටි විසි කරද්දී… ආයෙමත් අපිට පොලිසිගානේ යන්න වෙයි.

33 Responses to “දිය කෙළින්න අපිට තහනම්ද…?”

  1. blog gadol Says:

    මොනවා කරන්නද බං? ගෝල්ඩ් ෆිෂ්ටත් වතුරට යන්න තහනම් නං අපි ගැන කවර කතාද?

  2. හසී Says:

    පූස් අයියලා කිව්වා වගේ මාළුන්ටත් වතුර තහනම් නම් අපිට කවර කථාද? දුක් වෙන්නෙපා සුදු අයියේ…

  3. පූසා Says:

    ඕවා බං මේ කොළඹ එවුන්ගේ ලොකු සීන්….

  4. තිවංක Says:

    කොහොමත් පොලිසිය කියන්නේ එක එක්කෙනාට එක එක විදියට සලකන තැනක්. ධර්මචක්‍රය නිල ඇඳුමේ තිබුනට කිසිම ධර්මයක් නැති තැනක් 🙂

  5. අකිකරුහිත Says:

    මාළුවන්ටත් වතුරට බහින එක තහනම් නම් ඉතින් තවත් ඒ ගැන මොනා කියන්නද… දුක තමයි

  6. ඉලංදාරියා Says:

    උබ සෑලෙන්න එපා සහෝ සල්ලිතියන උන් හිතාගෙන ඉන්නේ සහෝ ..උන්ට මේ හෑම දේම අයිතියි කියලා…

    අනික තමන්ගේ ඉඩමක් හරහා වතුර ගාලාගෙන ගියා කියලා ..
    කිසිම නිතියකින් එවා තමන්ට අයිටති කරගන්න බෑහෑනේ ..

    “මුදලේ බලේ”

    අපෙන් එකෙක් . මේ රටේ ලොකු පුරටුවක් වාඩි වෙනකම් ඕක හරියන්නේ නෑ …

  7. -HacKrisH- Says:

    ලංකාව ගැන කවර කතාද? මේ රටට හෙන ගහලා තියෙන්නේ ඔය වගේ උන් නිසා තමයි…

  8. නවම් Says:

    මම ඔය සිද්ධිය දකින්නෙ වෙන විදියකට බං. පොලීසියෙ සමහර අය සල්ලි වලට නැවෙන එක අපි දන්නෙ අද ඊයෙක නෙමෙයිනෙ. අනික සල්ලි වලට ඕන මගුලක් ඒ වගේ උන්ට කියල කරවගන්න පුළුවන් කියල දන්න සල්ලි කාරයො ගැනත් අපි අහල තියෙන්නෙ අදක ඊයෙක නෙමෙයිනෙ. ඒක එහෙම උනේ ඇයි කියන එක මෙතන කතා කරන එක සුදුසු නෑ වගේම එහෙම උනේ ඇයි කියල කියන්නතරං මගෙ දැනුමත් මදි. ඒත් අපි හොඳටම දන්න දෙයක් තමයි අනුන්ගෙ වත්තකට අවසර නැතුව ඇතුළු වීම වැ‍රැද්දක් කියල. ඒ වත්ත මැදින් දිය පාරක් ගලන එක වෙනම කාරණාවක්. ඒකෙ නාන්න ආසාවක් ඇතිවීමත් වෙනම කාරණාවක්. ඒ දෙකම අමතක කරල ආයෙමත් අර මූලික කාරණාව ගැන හිතුවොත් ඒක වැ‍රැද්දක් නෙමෙයිද?

    මට ඔය ඉඩම අයිති වෙලා තිබුන නම් මමත් ඒ වගේ සල්ලි කාරයෙක් වෙලා උන්නනම් මමත් ඔයිට දෙවෙනි වැඩක් කරන් එකක් නෑ. මොකද ඒක මගේ ඉඩම නිසා. මට අදාල නෑ ඒකෙ මැදින් තියෙන වතුරෙ නාන්න මිනිස්සුන්ට තියෙන ආසාව. මම කැමතියි මගේ දේපල මටම තියාගන්න.

    අනික අර යාළුවගෙ තාත්තට කියල වැඩේ ගොඩින් බෙරගත්තෙත් ඔය නරකයි කියන පොලීසියම නිසා නේද? පොලීසිය ඒ මනුස්සය කියන දේ අහන්නෙ නැතුව උන්නනම් සෙට් එකම ඇතුලට දාන්නත් තිබුන නේද? එතකොට සමහර විට ඒ සෘජු බව වැ‍රැද්දක් වෙන්න තිබුන නේද?

    හැම දෙයකම හරි වැ‍රැද්ද පේන්නෙ බලන කෝණයට අනුව, හැම දෙයක්ම සාපේක්ෂයි මාළුවො. ඔය වගේ දේවල් වලට හිත රිද්දගන්න නරකයි. ලඟදිම ඔය වතුර වල වෙනුවට විකල්පයක් ලැබෙයි. හිනා වෙලා හි‍ටු එතකන් !

  9. අපරාජිතයා :::: Aparajithaya Says:

    එකනේ බං මේකට ලංකාව කියන්නේ…… අර සුනිල් පෙරේරා මහත්මයාගේ සිංදුවකුත් තියෙන්නේ “මෙහෙම වෙන්නේ ඇයි අයි ඩෝන්ට් නො වයි” කියලා.
    මොකෝ උඹ වතුර හොයන වෙන තැනකට ගියේ.ගෙදර උන් උබ ඉන්න ටැංකිය සුද්ද කරලා නැතැයි… හික්ස්… 😀 😀

  10. asanka Says:

    ඔය ප්‍රශ්නය කොග්ගල පෑත්තෙත් තියන්වා,ඒ හරියේ වෑල්ල අයිනේ ඉඩම් සෙට් එකක්ම සුද්දෝ අරන් තියෙන්නේ.එ හරියෙ තියන ලස්සනම හරියක්,අපේ රටේ අපින නති නිදහසක් සුද්දෝ විඩිනවා,අනේ මන්දා….

  11. කෙෂාන් විදුරංග Says:

    අනිව අනිව අනිව දෙපා…. කරන්න දෙයක් නෑ බං.. ඒකට අපේ පැත්තෙ වර දෙන්නම් නාන්න ඇටි හැලෙන්න

  12. mahaveera Says:

    ඇයි යකඩෝ, මේ Sweden අපේ ආදරනීය මාතෘභූමිය නොවුනට අපි මෙහෙ ඔයිට වඩා නිදහසේ ඉන්නවනෙ
    දැන් ඔය ලොකු පුටුවෙ ඉන්නේ අපේ එකෙක් නේද ආයිබොන්ඩ

  13. Alchemiya Says:

    මරුම කතාව කියන්නේ ලොක්කා ආහාර වළඳලා ඌ නිදාගන්නත් ගිහින්….
    මුං වගේ අසමජ්ජාති කාලකන්නි ඉන්නකල් කොහෙද රටක් හැදෙන්නේ…
    අනේ අම්මපා මම හිටිය නං පොලීසිය කියලා බලන්නේ නෑ අර කොස්සට දෙකක් කියනවා….

  14. රත්ගමයා Says:

    පොලීසිය…මුගේ *************** රෙද්දේ පොලිසිය….වල් හැත්ත..මම කියපු අර වැලි ගොඩ දාපු කතා දෙක මතක ඇති නේ…සක්කිලි ඉකේයියා හැත‍්ත

  15. හිස් අහස Says:

    අනේ අම්මපා මගේ ඇඟේ මාළු ඩාන්ස් කරනවා . ඇයි බං ඇස් කං පියාගෙන ඉන්නේ අපි කියලා කාගෙවත් අතපල්ලෙන් වැටිලද ? උඹ හොඳ වැඩක් කරපං . උදැල්ලක් අරගෙන ගිහිල්ලා . වත්ත පහල කපපං ඇලක් . එන්න දෙන්න එපා උඹේ ඇලට එක මිනිහෙකුටවත් නාපං මචං තනියම . (මෙය විහිලුවකි)
    ………………………………………………………………………………………………………..

    මොනවා කරන්නද බං . අපි සල්ලි කාරයෝ නෙවේ නේද ? මට කියන්න තියෙන්නේ එක දෙයයි . ඕකගේ ඇල හිඳිය . අර කෑම කාල බුදියගත්ත පොලිස්කාරයට බඩ පලයං .. ඔය ඉඩම අයිති කාරයා පාරෙදි දැක්කොත් එල හින්ට් පොල්ලක් අතෑරපං මූනටම . මූනෙ දැලි ගෑවෙන්න


අපරාජිතයා :::: Aparajithaya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: