සුනිමල්ගේ මල්ලී කමෝන්…..



මේක නම් අපේ අක්කා කෙනෙක් මට කියපු කුනුහබ්බ කතාවක්. අනේ ඇත්තට අක්කලා මල්ලිලාට කියලා දෙන දේවල්…? මොනා කරන්නද මාත් ඉතිං මේ වගේ කතාවලට පොඩ්ඩක්වත් කැමති නැති නිසා හොඳ…ට අහගෙන හිටියා. කතාව කියලා අක්කා කිව්වා…. මේක කැමතිනම් නම් ගම් මාරු කරලා ඔයාගේ බ්ලොග් එකේ දාන්න කියලා. ඉතිං මෙන්න ඒ ඉකේයිය (රත්ගමයට උපහාර පිනිස- උගෙන් අවසර ගෙන ඇත) කතාව.

 

මං අර නොම්මරේ මතක නැති අක්කා කෙනෙක් ගැන කතාවක  කිව්වනේ, අපේ ස්කෝල වලට කළුතර පස්දුන් රට විද්‍යා පීඨයෙන් සුදු ඇඳගත්ත කළු අක්කලා, එතකොට සුදුයි කළුයි ඇඳගත්ත කිරි කෑලි වගේ අයියලා එහෙම  එනවා කියලා. ඉතිං එයාල පසදුන් රට පීඨෙ නේවාසිකව තමා ඉන්නේ. අවුරුදු දෙකක් හරි තුනක් හරි පුහුණුවකින් පස්සේ තමා ස්කෝල වලට එවන්නේ, පොඩි එවුන්ට වැඩ කිඩ – හැඩ පෙන්නලා උන්ව අමාරුවේ දාන්න. ඉතිං ඔය නේවාසික කාලය තුලදී පීඨෙ ඇතුලේ තියෙනවාලු ස්පෝට් මීට්… (වැරදිද මන්දා? අවුරුදු උත්සවයක්ද කොහෙද? කොහොම හරි ක්‍රිඩා උත්සවයක්නේ) ඉතිං මේකට මීටර් සීය දුවන එකත් අනිවාර්ය අංගයක් විදියට තමා තිබිලා තියෙන්නේ.

 

දැන් ඔන්න අපේ අක්කලාගේ බැචෙකුත් මීටර් සීයට තරඟ කරනවලු. ආහ්… මේ පීඨෙට ගිය ගමන් සෙට් වෙන පළවෙනි කිරිඩා උත්සවේලු. ඉතිං හෙන අලි (මට කතාව කිව්ව අක්කා වගේම) සයිස් පොරවල් එක්ක තමයිලු අක්කගේ බැචාට දුවන්න වෙලා තියෙන්නේ. ඒ ඔක්කොමලා අපේ මේ කියන සුනිමල් අයියට වැඩිය වැඩිමල්, කලිං බැච් එකේ සෙට් එකලු. ඒත් ඉතිං මූත් කිසි ගින්නක් නැතුව (අනිවා ඕකා ට්‍රයි බුල් එකක් වත් ගහන්න ඇති) පොඩි ජම්පින් පාරක් එහෙම දාලා වෝර්ම් අප් වෙලා එහෙම හෙන රෙඩි එකේ ඉන්නවලු, විසිල් එක දැන් පිඹියි දැන් පිඹියි කිය කිය…. පස්සේ ඉතිං ඔන්න කව්රු හරි විසිල් එක පිඹලා. දැන් ඉතිං අර දැවැන්ත කලින් බැචාලා ටිකත් එක්ක චූටි සුනිමල් අයියා හුරේ රන් එකලු. ඉතිං වැඩි වෙලාවක් තියෙන්නේ නැහැනේ මීටර් 100 දිවිල්ල. වැඩිම වුනොත් තත්පර පහළොවයි. ඔන්න ඒ අස්සේ අපේ අක්කලායි‍, ඒ බැච් එකේ අනිත් කස්ටියයි හෙන හුරේ එකක් දෙනවලු, සුනිමල් කමෝන්… සුනිමල් කමෝන්…. කියලා. ඉතිං මෙන්න අර කිව්වත් වගේ ටික වෙලාවකින් තරගේ නිම වෙලා. ඒ කියන්නේ කට්ටිය මීටර් 100 දුවලා ඉවර වෙලා දිනුම් කනුවට ඇවිල්ලා.

 

දැන් කව්ද මේකේ ජයාග්‍රාහකයා… වෙන කවුද ඉතිං සුනිමල් අයියම තමා. මිනිහා අර කලින් බැච් එකේ බුවාලා ටික පරද්දලා මෑන් ඔ‍ෆ් ද මැච් වෙලා. අපේ අක්කලාටත් හරි ජොලිනේ ඉතිං. කට්ටියම ගිහින් සුනිමල් අයියට විෂ් කොරන වල, ෂේක් හෑන්ඩ් කරනවලු එතෙන එක විකාරයයිලු. (මේවා ලියලා ඕකට අහුවුනොත් මට වෙඩි තියනවා) ඉතිං ඊට පස්සේ ඒ ජයග්‍රාහී උණූසුම මැද්දෙම අර කලින් බැච් එකේ අයියලා ටික එයාලගේ නේවාසික පුහුණුව ඉවරා කරලා, පුහුණු කාල සීමාව සඳහා පිටක් වෙලා ගියාළු. එතකොට සුනිමල් අයියා ප්‍රමුඛ අපේ අනිත් අයියලා අක්කලා තමා සීනියර් බැච් එක. ඉතිං ඔහොම ඉතුරු මාස ටිකත් යද්දී ආයෙම සෙට් වුනාලු අර වගේ කිරිඩා උත්සවයක්.

 

ඉතිං හැමෝගෙම බලාපොරොත්තුව මේ පාරත් මීටර් 100 ඉසව්වට සුනිමල් අයියව සහභාගී ‍කොරවන්න තමා‍. මොකද ගිය පාර අර හෙන පෙරිය සයිස් ලොකු අයියලා එකක් දුවලා එක වුනානම් මේ පාර ඉතිං මොනාද… ටොයිස් වගේ ඇතිනේ… ඉතිං අර වගේම ක්‍රීඩා උත්සවය දවසේදී සුනිමල් අයියා අර අඟල් නවයේ කලිසම් තියෙන්නේ… අන්න එයින් එකකුත් ඇඳගෙන එහෙම කලින් පාරට වැඩිය රෙඩි එකේ ඉන්නවලු තරගේ පටන් ගන්නකම්. මෙහෙම ඉද්දී, ගිය පාර තරගේ පටන් ගත්තම ඇහුන සුනිමල් කමෝන්… චියර් එක, මෙදා පාර තරගේ පටන් ගන්නත් කලියෙන් ඇහෙනවලු. ඉතිං සුනිමල් අයියත් හෙන කික් එකේ ඉඳලා තියෙන්නේ.

 

පස්සේ ඔන්න තරගේ පට්ටාං ගත්තලු. ඉතිං සුනිමල් අයියා මේ පාරත් මුල ඉඳලම අංක එකලු. ඉතිං අපේ අක්කලා කට්ටිය හෙන සපෝට් එකක් දෙනවලු සුනිමල් අයියට, කමෝන් සුනිමල්… කමෝන් සුනිමල් කියලා‍. ඒ අස්සේ අයියලා ටික සපෝට් එක දෙනවලු… සුනිමල්ගේ මල්ලී කමෝන්… සුනිමල්ගේ මල්ලී කමෝන් … කියලා‍. ඉතිං දැං අක්කලා බලනවලු ඇයි මේ කියලා.

මේකයි වෙලා තියෙන්නේ සුනිමල් අයියා අඟල් නවයේ ෂෝට ඇන්දට අන්ඩර් වෙයාර් එක ඇඳලා නෑ. ඉතිං සුනිමල් අයියා දුවද්දී අයියාට කලිං මල්ලි ඉස්සර වෙන්න පොරකනවලු. ඒක දැකපු අයියලා ටික තමා (කතාව කියපු අක්කනම් මට කිව්වේ එයාල ටියුබ් ලයිට් නිසා ඒ අයියලා කියපු එක තේරුනේ තරගේ ඉවර වුනාට පස්සේ කියලා. ඒ වුනාට මට හොඳටම ෂූවර් ඒක මුලින්ම දකින්න ඇත්තේ අක්කලා කට්ටිය කියලා…) සුනිමල්ගේ මල්ලී කමෝන් කියලා චියර් එක වෙනස් කරලා තියෙන්නේ… පස්සේ ඉතිං අන්තිමේ මොන මොන සීන් වුනත් සුනිමල් අයියා අංක වෙලා දෙවැනි වතාවටත්. හැබැයි දෙවෙනි පාර නම් අක්කලා ලඟට ගියාද කියලා පොඩි සැකයක් තියෙනවා… සමහරවිට පස්සේ නේවාසිකාගාරේදී සුනිමල් අයියා වොෂ් එකක් එහෙම දාලා, නෝමල් විදියට ඉද්දී විෂ් කරන්න ඇති…

සුනිමල් අයියත් ගෝල්ඩ් fish එක්ක ලැබ් එකේ වැඩ කරලා තියෙනවා. මිනිහාගේ තව කතාවක් තියෙනවා ඒකත් මේ ගමන්ම කියලා දාන්නම්… ඒ දවස් වල මායි සුනිමල් අයියයි ලැබ් එකේ ඉද්දී, මම මොකක් හරි පඩි වැඩක් කලාම සුනිමල් අයියා මට කතා කරන්නේ … අඩෝ කරියා කියලා… ඔය කරියා කියන්නේ ඒ වචනේ මුල් අකුරට යෙදෙන කෙටි ඇලපිල්ල කපලා දාලා අපේ ලේසියට අපි හදා ගත්ත වචනයක්. ආයේ මොනාද ප්‍රින්සිපල් ඉස්සරහ වුනත් ඕක කියන්න පුළුවන්. මොකද ඉතිං කරියා කියන්නේ කුණුහරුපයක් නෙවේනේ…

Advertisements

18 Responses to “සුනිමල්ගේ මල්ලී කමෝන්…..”

  1. සුදු හංසී Says:

    හේයි… මාළු කෝ ඉතිරි ටික……

  2. ප්‍රශාන් ප්‍රනානදු Says:

    මට නම වැඩේ මීටර් උනේ නැහැ….ටියුබ් ලයිට් වගේ….පොඩ්ඩක් විස්තර කොරල පලියක් වත් දානවකෝ අපි වගේ උන්ට.

    • ගෝල්ඩ් fish Says:

      සමා වෙලා ආයෙත් කියවන්නෝ… හෙන වැඩ ගොඩක් අස්සේ දැම්මේ… කෑල්ලක් අඩු වෙලා…

  3. මයියා Says:

    හි හි…මොනා ඇන්දත් ඉතින් කාටත් කලින් ගමන යන්නේ මල්ලිලා තමයි…ඇන්දෙ නති උනාම අනිත් අයටත් පේනවා…

  4. නවම් Says:

    ඈ බං සුනිමල් අයිය තවමත් දුවනෙ එහෙමද දන්නෙ නෑ. එහෙමනං ෂුවර් එකටම මල්ලි දැන් දනිස්ස කිට්‍ටුවටම බැහැල ඇත්තෙ නේද?

  5. රත්ගමයා Says:

    පෙරේදා මට කොල් එකක් එනවා…එකෙක් ගෙන
    “අඩෝ රත්ගමයා”
    ඔව් කියන්න
    මම බ්ලොග් එකේ ඉකේයියා එක උබට උපහාර පිනිස කියල දාන්නම් නේ
    හා දාන්න කමක් නෑ..

    නොදකින් ය,.,ඉකේයියා ය…මාගේ ඉකේයියාව මම ජනසතු කරමි….
    නැතිනම් ඉකේයියා ලියනා ලියනා පාරට මට කෝල් එනු ඇත…හික්…
    අනේ මෙහෙමත් අක්කලා වාසනාවන්………..

  6. sameera Says:

    ela akkieyak nae ban

  7. අපරාජිතයා :::: Aparajithaya Says:

    සුනිමල් අයියගේ මල්ලිව දැක්කට පස්සේ උඹල ටෝක් කරපු කෑලි බෑලි එහෙමත් සුනිමල් අයියට වහ වැටිලා පස්සෙන් යන්න ඇති නේද මචං…… හික්ස්…..
    බලන් යද්දී මීටර් 100 ය ගහල තියෙන්නේ සුනිමල් අයියා නෙමෙනෙ බොල….

    • ගෝල්ඩ් fish Says:

      අපි ටෝක් කරේ නෑ බං. ඔය කතාව කියපු අක්කලාටනම් මොනා හිතුනද දන්නේ නෑ.

  8. Sanju Says:

    අනියෝ අපේ කොලීජියේ නේද? මේ මේ අපේ අයියලා ට මඩ ගහන්න එපා හරිද???

  9. හිස් අහස Says:

    ඔය තරගෙන් දින්නට සම්මාන එහෙමත් හම්බවෙන්න ඇති නේද ? ඒ සම්මාන අනිවා වෙන් කරන්න ඕන සුනිමල්ගේ මල්ලිට . මටනම් හිතෙන්නේ සුනිමල් කාරයා අක්කලා කස්ටියෙගෙන් චියර් එක දාගන්න තමයි මල්ලිව ඉස්සර කරගෙන ඇවිල්ලා තියෙන්නේ ..ආ නැද්ද ?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: