යකරහොටා… මොකා? යකරහොටා බං… යකරහොටා…



මේක නම් ගෝල්ඩ් fish හිනා වෙලාම මැරෙන්න ගිය කතාවක්. මේක වුනෙත් ඉතිං ගෝල්ඩ් fish ඔෆිස් එකේම තමා. මේ පෝස්ට් එක ලියන මොහොතෙත් මට තනියම හිනා. ඒ රසවින්දනය යාළු මාළුවෝ හැමෝටමත් දෙන්න ට්‍රයි එකක් දෙනවා. බලමුකෝ වැඩේ හරියයිද කියලා…

ඉතිං පහුගිය දවසක ගෝල්ඩ් fish ගියා ඔෆිස් එකේ කලින් හිටිය තැනට. ඒක අඩි 100 ක් විතර දිග තියෙන පේන්ටින් වැඩ කරන අංශය. ඉතිං මේකේ වැඩ කරන්න 7 දෙනයි. කාලෙකින් වුන් ටිකට සෙට් වුනාම වුන්ටත් මාර හැපි ඉතිං. වැඩිය ඕනෙ නෑ හත් දෙනාම ආඩි හත්දෙනා වගේ තමා.

ඉතිං ඔන්න මම ගිය ගමන් කළුම කළු මිටි… නිකං ගෝඨයිම්බර වගේ එකෙක් ඉන්නවා කලුවා කියලා. මූ ඇවිල්ලා ආ වරෙන්… මචං ගෝල්ඩ් fish එල බඩුවක් තියෙනවා පෙන්නන්න කියලා මාව අතින් ඇදන් ගියා. මාත් ඉතිං ගියා මොකද මුං ගාව තියෙන්නේ කොහොමත් මාර බඩු. සබන් කෑලි වලින් කපපු ගැහැනු රූප, එතකොට රිජිෆෝම් වලින් හදපු  පිරිමින්ට වැදගත් වෙන ගැජට්… එක එක ඒවා.. පිස්සු ලෝකයක්… ඉතිං මූ මාව එක්කං යද්දී තරංග අයියායි, සූරීන් කියලා තව එකෙක් ආවා.

පස්සේ කළුවා ගිහින් පොඩි පෙට්ටියක් වහලා තිබුන ඉටිකොල කෑල්ලක් හිමීට අයින් කලා. අම්මද බොල චූටි කුරුල්ලෙක්. එහාට මෙහාට පනිනවා, ආයෙත් වැටෙනවා… බුවාට කාක්කෝ කොටලා.  ඉතිං මේ සෙල්ලම බලන් ඉද්දී තරංග අයියා මගේ කනට කරලා කියනවා ඔය කුරුල්ලට සිහිය නෑ බං. මට බකස් ගාලා හිනා ගියා.. ඇයි දෙයියනේ මේ හොඳට උඩ පැන පැන ඉන්න කුරුල්ලට සිහිය නෑ කියද්දී. කෝකටත් මාත් තව ටිකක් කිට්‍‍ටු කරලා බැළුවා ඇත්තටම මූට සිහිය නැද්ද කියලා. මොන ඇස් දෙකත් ඇරං දඟල දඟල ඉන්නවා. පස්සේ හිනා වෙන ගමන්ම මං තරංග අයියාගෙන් ඇහුවා.. යකෝ සිහිය නැත්තං මූ මේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ කියලා… තරංගයා ආයෙත් කනට කිට්ටු වෙලා කියනවා, ඉතිං බං අපේ සුරියත් ඉන්නේ…

විනාඩි පහක් විතර හිනාව නවත්තගන්න බැරුව ඇස් දෙකෙන් කඳුළු පනින කම්ම ගෝල්ඩ් fish හිනාවුනා…

ඊට පස්සේ කළුවා ලඟට ආවා. මං කිව්වා… කලුවෝ මූට කන්න මොනාහරි දාපං බං… බඩගින්නෙනේ ඉන්නේ කියලා… පස්සේ ආයෙත් තරංගයා ටිකක් දුර ඉඳන් හෙන සද්දදෙන් කියනවා, බිත්තර රොටි දෙකයි … යෝගට් තුනයි… කියලා. මං ඇහුවා මොකක්? කලුවා කියනවා ඔව් බං, මේ කුරුල්ලා තරංගයාට කියලා කැන්ටිමෙන් බිත්තර රොටි දෙකකුයි යෝගට් තුනකුයි ඌට ගෙනත් දියන් කියලා.

අනේ අම්මේ මගේ බඩත් කොරවුනා හිනා වෙලා හිනා වෙලා…

පස්සේ ඉතිං මං ඇහුවා මූ කොහෙන්ද බං කියලා? පස්සේ එතෙන හිටිය සංජීව කියනවා, බෝ ගහෙන් වැටුනා බං… කාක්කෝ කොටලා බං කියලා.. ඒකට ඉතිං හිනා වෙන්න දෙයක් නෑනේ.. අහිංසක සතානේ… පව් බං කියලා මාත් කිව්වා… පස්සේ ඔන්න මං යන්න කිට්ටු වෙලා ආයෙමත් කලුවාගෙන් ඇහුවා…

ඒයි කලූ මොකද්ද බං මුගේ නම?

යකරහොටා….

මොකා?

යකරහොටා බං යකරහොටා…

එතෙන ඉඳන් විනාඩි පහක් විතර ඇතුලත දේවල් නම් මට මතක නෑ….

පස්සේ තරංග ආයත් ලඟට ඇවිල්ලා… කලුවෝ උඹ ඔතනින් එහාට වෙයන්, නැත්තං කුරුල්ලා හිතයි බං  ලංකාවේ තිබුන බෝගහෙන් කෙලින්ම ඉතියෝපියාවට වැටිලා කියලා ……

මං එහෙම නම තියෙන කුරුල්ලෙක් ගැන ඒ ඇහුවමයි. ඇඟ කොල පාට හොට රෝස පාට මොකෙද්ද මන්දා පුංචි කුරුල්ලෙක්.. ගිරවෙක් නම් නෙමේ… ඊටත් ඌ සිංහල කතා කරන බිත්තර රොටියි යෝගටුයි කන අමුතු එකෙක්… මේ… කවුරු හරි තව මේ වගේ එකෙක් දැක්කොත් ගෝල්ඩ් fish ට පොඩි දැනුම් දීමක් කොරන්න ඈ… මොකද මූ පිරිමි එකෙක් කියලා තරංග අයියා කිව්වා. ඒ ටිකට තරංගයා උගේ ස්ත්‍රී  පුරුෂ  බවත් හොයාගෙන. වැඩක් නෑ කියලා. හොඳ වෙලාවට මම එදා හවස 3.45ට විතර ගියේ… උ‍දේම ගියා නම් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ… ඔය සීන් එකට හිනා යනවා.

ආහ්… තරංගගේ තව සීන් එකක් තියෙනවා. ඒ දවස් වල ගංවතුරට ඉබ්බෙක් ආවා ලඟ තියෙන වෙලක ඉඳන්. ඒකත් මුලින්ම දැකලා ‍ තියෙන්නේ ආඩි ටික තමා. පස්සේ මූ ඉබ්බව අල්ලලා උගේ කටුවේ අර හරකුන්ගේ වගේ… පිං කියලා ටිපෙට්ස් එකකින් ලියලා. පස්සේ ඌව අපේ පොකුනට දැම්මා. දැන් ඉතිං ඌට කෑම දෙනවා, කවනවා එක විකාරයයි. පස්සේ තරංග මූව ගෙනැල්ලා තිනර් වලින් කටුව හෝදලා, ටිපෙට්ස් ටික යවලා… මූව ලොකු පෝර උරයක දාගෙන අපේ එච්.ආර් මැනේජර් ගාවට ගෙනිහින්… ඉබ්බව ගෙදර ගෙනියන්න, ඉබ්බට ගේට් පාස් එකක් දා ගන්න. එච්.ආර් මැනේජර් කිව්වලු….ඕකාට මොන ගේට් පාස්ද තරංග ඕනේ නම් තමුසෙට එකක් දාලා දෙන්නම්, මගදි පොලිසයෙන් ඇල්ලුවොත් එහෙම ඕනෙ වෙයිනේ… කියලා.

වැඩක් නෑ වුන් හත් දෙනා ගැන කියලා පිස්සුම ලෝකයක්… තව මට හොඳට මතක හිටිය කතා ‍ දෙක තුනක් තියෙනවා ඒ ටිකත් දාන්නම්කෝ….

 

 

20 Responses to “යකරහොටා… මොකා? යකරහොටා බං… යකරහොටා…”

  1. පූසා Says:

    යකරහොටා! මොකාද බං ඒ?
    මරු සෙට් එකක්නේ උන්…. 😀

  2. blog gadol Says:

    හික් හික්!! මමනං හිතන්නෙ කොළ කොට්ටෝරුවෙක්ද කොහෙද?

  3. නවම් Says:

    ඉබ්බට ගේට් පාස් දාන්න. හිකිස්…. යකෝ සෙට් එකටම මෝල් නේද?

  4. සුදු හංසී Says:

    හී…. හී…. අදනේ මම මේ ටැංකියට වැට්නේ හරියටම… ෂෝයි කතාව හෑ…..

  5. කෙෂාන් විදුරංග Says:

    හිකේ උබල සැට් එකම එකයි.ඉකේයියා…මැක්සා කතාව (තවමත් හිනා වෙමින්)

  6. රත්ගමයා Says:

    දැන් මූ ගෝල්ඩ් ෆිශ් ගේ නෑයෙක් ද? ඉකේයියා නේ..යකරහොටා

  7. හිස් අහස Says:

    අපිත් පොඩිකාලේ කැලේ යනකොට ගහක හිටපු ගිරවෙක් අපට අමු කුනුහපෙන් බැන්නා !! මට මතක නොවෙන සිදුවීමක් තමයි ඒක ..

  8. ගෝල්ඩ් fish Says:

    @ සුදු පූසා – මොකෙද්ද මංදා බං, පොඩි කුරුල්ලෙක්

    @ බ්ලොග් ගඩොල් – ඒක කියන්නත් බෑ මචං…

    @ sameera – උඹට හිතෙන්නේ නැද්ද මටත් නිකං පිස්සු වගේ කියලා?


ක්ෂිතිජ විජේමාන්න | විත්ති වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: