අද ලිපිය දිගහැරෙන්නේ සමාජයේ මුල් බැසගත්, බොහෝ ආරවුල් වලට මුල්වෙන… ඒ නිසාම නොයෙක් දෙනා වාසි ලබාගන්නා හරි අපූරු දෙයක් ගැන. මේක කොයිතරම් අපූරුද කියනවනම් මේ ශක්තිය තියෙන කෙනෙකුට කෙනෙක් දිහා බලං ඉඳීමෙන් පමණක්ම වුනත් ඔහුට හානි පමුණුවන්න පුළුවන්. අපේ යාළුවෝ මාළුවෝ සමහර විට මාත් එකක් සකඟ වෙයි… නැත්තං මට මට බනියි බොරු මිත්යා මත පතුරවනවා කියලා.
කමක් නෑ මේ ඉතිං ගෝල්ඩ් fish ගේ අදහසනේ… ඉතිං මේක වැදගත්වෙන කෙනෙක් ඉන්නවනම් දිගටම කියවන්න නැත්තං ඉතිං අවුලක් නෑ. ඇත්තටම මේ ලිපිය ලියන්න හිතුනේ මං නොදැනුවත්වම වගේ මේ වගේ අවස්ථා වලට මුහුණ දීලා… ඒවායේ ප්රතිඵල වින්ද කෙනෙක් විදියට ගෝල්ඩ් fish ගේ අත්දැකීම් ටිකත් කියලා දාන්න ඕනෙ නිසා. මුලින්ම මේ ඇස්වහ කටවහ සීන් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්…
ඇත්තටම මේක මම හිතන විදියටනම් හරි අපූරු ශක්තියක්. ඒත් මේක යොදාගන්නේ වෙන කාව හරි වලට දාන්න නිසා හින්දා මේකෙ තියෙන අපූර්වත්වය නැතිවෙලා යනවා. මගේ මුල්ම අත්දැකීම මම ස්කෝලේ 9 හරි 10 හරි පන්ති වල ඉගෙන ගත්දී් තමා ලැබුවේ. ඒක මෙහෙමයි, මගේ ඉස්සර හොඳම යාළුවෙක් හිටියා. බැළුවොත් පොරයි මායි එකටමයි. මොකක් හරි කුප්ප වැඩක් කරොත් අනිවා අපි දෙන්නගේ නම් ඉස්සරහින්ම තියෙනවා. එයා මගේ ස්කෝලේ නම් නෙවෙයි. වෙන එකක. ඒත් අපි හැම දාම ස්කූල් වෑන් එකේදී හම්බුවෙනවා. හවස ගෙවල් වලදී සෙට් වෙනවා. එහෙම තමා අපේ කාලය ගෙවුනේ… ඉතිං දවසක් මම පොරගේ ගියාම එයාගේ අම්මා කිව්වා…. ගෝල්ඩ් fish කළු වුනාට හරි ප්රසන්නයි කියලා. මගේ නමත් එක්ක ඒ කතාව නියමෙට ගියා. ඉතිං මාත් හිනා වෙලා වැඩිය ගන්න ගන්නේ නැතුව හිටියා. ඇත්තටම ඒ දවස් වල ඇස්වහ කටවහ කියලා දෙයක් දන්නේ වත් නෑ. ඒත් ඊට පස්සේ දවසේ උදේ වෙද්දී මගේ මුහුනේ වම් පැත්තේ තරමක ලොකු ගෙඩියක් ඇවිල්ලා. ඒක රිදෙන්නේ නෑ… තියෙනවද කියලා ගානකුත් නෑ. පස්සේ මාව දන්න හැම දෙනාම පුදුම වුනා කොහොමද එක පාරට මෙහෙම වුනේ කියලා. හරියටම කියනවනම් ගංජා ගැය කියන්නේ… අන්න ඒ වගේ. ඒ දවස් වල ගෝල්ඩ් fish ගංජා තියා බියර් වත් දැකලා නෑ…
ඉතිං මට මේක රිදෙන්නේ එහෙම නැති නිසා මම වැඩිය උනන්දු වුනේ නෑ මේ ගැන. ඒ දවස් වල ඉතිං කන්ඩියෙන් මූණ බලනවා කියලා එකක් නෑ. ජෙල් පැකට් එක කැඩුවා ඔළුවේ උලා ගත්තා ගියා. මූනට හෙන ගැහුවත් කමක් නෑ. ඒක නිසා ඒක මට ඒ තරම් ක්ලික් වුනේ නෑ මම උසස් පෙළට එනකම්ම. පස්සේ ඒන්ජල්ගේ ගෙදර පන්ති යන්න ගත්තම එයා තමා මගෙන් ඇහුවේ මොකද්ද ඔය මූනේ ගෙඩියක් තියෙන්නේ කියලා… පස්සේ ඉතිං හිත හිත හිටියේ නෑ… තාත්තා අඳුරන ඩොකෙක් අල්ලලා ඔපරේෂන් කලා. ඒත් තාම කැලල එහෙම්මයි.
මෙන්න දෙවෙනි එක. මේක නම් වුනේ ගෝල්ඩ් fish ගේ ඔෆිස් එකේදී. මම අපේ ෆැක්ටරි එකේ හැමොත් එකක්ම වගේ ගොඩක් එකතුයි. ඉතිං හැම කෙනෙක්ම වගේ ආ… මල්ලී කොහොමද සැප සනීප?, මහත්තයා, කොහොමද මහත්තයා? වගේ දේවල් මගෙන් අහනවා. ඒත් දවසක් මට මාර සීන් එකක් වුනා. අපේ එක අයියා කෙනෙකුත් මගෙන් අර වගේ ඇහුවා. අම්මට සිරි මෙන්න මම යන්න ගත්ත ගමන ගිහින් ඉවර කරන්න හම්බ වුනේ නෑ… අම්බානෙට උන. කිසිම හේතුවක් නැතිව තමා උන ගත්තේ. එක පාරටම. හෙම්බිරිස්සාවක්, කැස්සක්, අඩුම ගානේ ඇඟ රිදෙන්නෙවත් නෑ. ඒත් හොඳටම උන. පස්සේ මම එහෙමම ගියා අපේ එච්.ආර් එකට. ගියාම එතෙන හිටිය දෙන්නටත් තේරුනා මම ගොඩක් අපහසුවෙන් ඉන්නේ. උදේ හිටිය ගෝල්ඩ් fish නෙමේ මේ ඉන්නේ කියලා. පස්සේ එයාල මගෙන් ඇහුවා මොකද බං? කියලා. මං කිව්ව එක පාරටම උන ගත්තා බං කියලා. පස්සේ එක මිතුරෙක් ගත් කටටම ඇහුවා උඹට එලාරිස් හම්බුනාද? කියලා. එලාරිස් කියන්නේ අර මිහිහාගේ කාඩ් එක. මමත් ඉතිං ඔව් කිව්වා. පස්සේ අර යාළුවෝ දෙන්න පැනඩෝල් දෙකක් දුන්නා. ඒක බීලා විනාඩි පහක් ගියේ නෑ.. උන හොඳයි. මට තාමත් පුදුමයි ඒ වැඩේ ගැන.
පස්සේ මට ඒ දෙන්නා කිව්වා එලාරිස් ගැන. මිනිහා දවසක් අපේ කර්මාන්තශාලාවේ එයාගෙම යාළුවෙක්ගෙන් අහලා, අඩෝ මෝටර් බයික් එක තාම එලකිරි වගේ නේද කියලා… එදාම අර බයික් එකේ අයිති කාරයා පාරට බයික් එක දාද්දී වාහනේක හැප්පිලා. බයික් එක අටපට්ටම්. ඒත් බයික් එකේ අයිතිකාරයට හීරීමක්වත් නැහැලු. මම මේ කතාව බයික් එකේ අයිති කාරයාගෙන් ඇහුවා… මිනිහාත් ඒක කතාව එහෙමම කිව්වා. ඇත්තටම එයාට පුංචි වේදනාවක්වත්, සීරීමක්වත් ඇති වෙලා නැහැ. ඒත් බයික් එක ඉවරයි.
ඉතිං තව මේ වගේ ඒවා තියෙනවා.. දන්නවද මේ වගේ කෙනෙක් ගැන ඇති වෙන ඊර්ෂ්යා සහගත සිතුවිල්ලකින් ගොඩක් දේවල් කරන්න පුළුවන් හැකියාවක් ඇති මිනිස්සු අපි අතරම ඉන්න වග? ඇත්තටම මේක ඒ අය කලින් ආත්මයක කරපු යම් කර්මයක් නිසා ඇති වෙන දෙයක් වෙන්න ඇති. ඇත්තටම මම නම් ඇස්වහ කටවහ කියන දේ මට ඔෆිස් එකේදී වුන දෙයින් පස්සේ විශ්වාස කරන්න තියාගත්තා. ඒත් මම තාමත් දන්නේ නැහැ ඇස්වහ කටවහ වලින් ආරක්ෂාවෙන්නේ කොහොමද කියලා. මොකද මම, ඇස්වහ කපනවා කියලා ලොකු සල්ලි කන්දරාවක් යට කරගෙන මිනිස්සු කරන දේවල් ගැන නම් විශ්වාස කරන්නේ නෑ. සමහර විට කාගෙ හරි අතින් අපිට ඇස්වහ කටවහ වදින්නේ ඒ දේ අපිට වෙන්න තියෙන නිසා වෙන්න ඇති මං හිතන්නේ. ඒත් සමහර මිනිස්සු අනුන්ගේ කර්මක පිහිටෙන් තමන්ගේ මඩිය තර කරගන්නවා. ඒව වැරදි දේවල්.
අන්තිමටම ඔන්න… දැන් ඉතිං කට්ටිය හෙන සීරියස් අරං ඇතිනේ මේ සීන් එක. ඒක නිසා ඒ ඔළුවේ තියෙන බර ගතිය යන්න ෆන් කතාවකින්ම ලිපිය ඉවර කරලා දාන්නම්. ඉස්සර ගෝල්ඩ් fish ඒන්ජල්ගේ ගෙදර ගියාම එයාගේ අම්මයි, අම්මගේ නංගියි, අම්මගේ නංගිගේ… ඒන්ජල්ගේ වයසේ දුවයි, එයාට වැඩිට බාල දුවයි පස්දෙනාම මාව වට කරගෙන කියවනවා කියවනවා… ඉවරයක් නෑ… පස්සේ මේක දවසක් ඒන්ජල්ගේ තාත්තා දැක්කා… මිනිහා කිව්වා… බලන්න එපැයි මූට තියෙන සැප… ගැනු පස්දෙනෙක් වටකරගෙන ඉන්න හැටි… කියලා විහිළුවට කිව්වා. මාත් ඉතිං හිනා වෙලා හිටියා. දැන් පේනවනේ ඒනජලුත් නෑ… වෙන කෙල්ලෙකුත් නෑ… තනි පංගලමේ වේලි වේලි ඉන්න හැටි… මට හිතෙන්නේ ඒන්ජල්ගේ තාත්තා කාරයක් ඇස්වහ කටහව… ඩිග්රි ගහපු පොරක්ද කොහෙද…
අනික මේ වගේ මිනිස්සුන්ට බැරිද? රස්සාවක් නැති, කසාදයක් බැඳගන්න බැරි වුන මිනිහෙකුට… උන්ගේ තියෙන අර කැත ශක්තියෙන් පිහිට වෙන්න? මං කියන්නේ මෙහෙම… දැන් රස්සාවක් නැති කෙනෙක්ව උදාහරණයකට ගත්තොත් …. මචං උඹට තාමත් රස්සාවක් නැහැ නේද කියලා? ඇහුවනම් ඊට පස්සෙන්දාම බඩු හරියන්න එපැයි පොතේ හැටියට… ඒත් අර වගේ මිනිස්සුන්ගේ ගතිය කියන්නේ… උන්ගේ කටවල් ඇරෙන්නේ මිහිහෙක් සතුටින්, හොඳින් ඉන්නවා පේනවානම් විතරයි.
ඉතිං මං වගේ තව වේලි වේලි ඉන්න අයියලා අක්කලා ඉන්නවනම් කට්ටියම එකතු වෙලා… හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් අල්ලලා ඇස්වහ කටවහ ටික කප්ප ගෙන කසාදයක් එහෙම බැඳගෙන(එච්චරයිනේ අඩු) පාඩුවේ ඉමුද? මොකද කියන්නේ?
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 8:39 ට
ඔතනදී මචෝ මුල් වෙන්නේ අපේ හිත..
ඔය වගේ දෙයක් වුනාම අපි හිතනවා එහෙමත් නැත්තන් අපිට කවුරු හරි කියනවා ඒ දේ සිද්ධ වුනේ අහවල් කෙනා කියපු/ කරපු දේ නිසා කියලා..
හැබැයි අපිට අර අහවල් පුද්ගලයා හමු වෙලා කියපු/ කරපුදේ මතක නැත්තන් අපිට ඔය ඇස්වහ වැදිලා කියලා හිතෙන්නේ නෑ නේ..
උඹ අන්තිමට කිවුවා වගේ අර පුද්ගලයෙක් වැරදිලා හරි උඹට රස්සාවක් නැති කාලේ “මචං උඹට තාමත් රස්සාවක් නැහැ නේද කියලා?” කියලා, හැරෙන තැපෑලෙන්ම උඹට රස්සාවක් ලැබුනා නම් උඹ විස්වාස කරනව ද ඒ රස්සාව ලැබුනේ අර පුද්ගලයාගේ ඇස්වහ නිසා කියලා.. සමහර විට උඹට එතකොට අර පුද්ගලයා කියපු කථාව මතක නැති වෙන්නත් පුළුවන්..
ජය වේවා..!!
ප.ලි – මගේ දැනිමේ හැටියට මම කිවුවේ.. වරදවා තේරුම් ගන්න එපා..
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 8:43 ට
පිස්සුද මචං… ඕනෙ දෙයක් කියපං… මට මගේ අදහස් වලට වැඩිය අනිත් අයගේ අදහස් වටිනවා බං. තෑන්ක්ස් මචං… ඒක ඇත්ත වෙන්න ඕනේ බං. මාත් පිළිගන්නවා.
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 8:43 ට
ඔය වගේ දේවල් සේරම තියෙන්නෙ හිතේ මාළුවො. මොනව හරි හේතුවකට වැරැද්දක් උනාම අපි හැමෝම එකට හේතු හොයනවනෙ. එ වෙලාවට ඒක ලේසියෙන්ම කැටගරයිස් කරන්න පුළුවන් වෙන්නෙ ඔය ඇස්වහ කටවහ වලට තමයි. එහෙමයි මටනං හිතෙන්නෙ. ඒත් මට ඔය කිසිම දෙයක් පිළිගන්නවත් ප්රතික්ෂේප කරන්නවත් සාධක නැතිහන්ද මං ඒවට පැත්තක ඉන්න ඉඩ අරිනව.
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 9:03 ට
එකඟ වෙමී…
2011 පෙබරවාරි 8 දින පෙ.ව. 7:21 ට
අනේ මන්දා අයියේ
2011 පෙබරවාරි 9 දින පෙ.ව. 9:57 ට
අනිවා
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 9:04 ට
කිවුව කතාවනම් අමුලික ඈත්ත මාලුවො
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 11:32 ට
මිනිස්සුන්ගෙ ඇස් වහ කියන්නෙ ඇත්තම ඇත්ත දෙයක්. මම දන්න ගෙදරක ඉන්නවා චූටි බබෙක්. සුදුයි ලස්සනයි. මෙයාලගෙ ගෙදර ගාව ඉන්නවා අර වගේ ඇස් වහ කට වහ වලට ප්රසිද්ධ එක්කෙනෙක්. දවසක් අර බබා හොඳට කාලා ඉන්න දවසක අර ගෑනු එක්කෙනා ඇවිත් කියලා අනේ ශෝක් බබා හොඳට කාල කාල බඩ බෝලයක් කරගෙන ඉන්නවා කියලා. ඒ ගෑණි ගියා විතරයි අර පොඩි එකා හොඳටම වමනෙ කරල දවස් ගානක් අසනීප වෙලා හිටියා. ඒ පොඩි එක එදයින් පස්සෙ අර තරම් කාලත් නෑ.
ඒක නෙමේ, අනේ ඒන්ජල් තාම ඔයා ලඟ ඇති කියලයි මම හිතාගෙන හිටියෙ. මොකද සහෝ උනේ.
2011 පෙබරවාරි 7 දින ප.ව. 12:07 ට
ඇස්වහ කටවහ වැදුනා තමා ඉතිං…
2011 පෙබරවාරි 7 දින ප.ව. 1:55 ට
මාගේ වචන හොරකම් කරන්න එපා හරිය…ඔය කුප්ප කියන වචනේ හොයා ගත්තේ මම…
අර ගන්ජා ගැට අපේ ඉස්කෝලේ කොල්ලෙකුටත් තිබ්බ..මූට කොල්ලො කියන්නේ ඉතින් ගන්ජා කියලා…මූට මේක මහ වදයක් වෙන්න ඇති…පස්සේ දවස මෙන්න මූ එනවා මූනටහෙන ප්ලාස්ටර් එකක් දාගෙන…ඇවිල්ලා කියාපි..
ආ..දැන් පෙන්නපිය බලන්න ගැටේ..මම ඩොකෙක්ට කියලා කැපුවා කියල…..
2011 පෙබරවාරි 7 දින ප.ව. 2:00 ට
අඩේ රත්ගම චවනේ ඉස්සුවට සමාවෙය බොල..
2011 පෙබරවාරි 7 දින ප.ව. 4:12 ට
අඩේ මංනම් ඕව දන්නෙ නෑ බං.සමහර විට උඹට ගුලියක්වත් විස වෙලා වෙන්න ඇති අර මූනෙ ගැටේ නම් එන්න ඇත්තෙ..හික්…හික්…
2011 පෙබරවාරි 8 දින පෙ.ව. 7:20 ට
නෑ නෑ බං… ඒ දවස් වල ගුලියක් දැකලවත් නෑ
2011 පෙබරවාරි 7 දින ප.ව. 6:14 ට
ගෝල්ඩ් ෆිෂ් ගේ කතාව අමුලික ඇත්ත තමා මේන් මේකත් බලන්න….
http://www.divaina.com/2010/03/21/scholast03.html
2011 පෙබරවාරි 8 දින පෙ.ව. 7:19 ට
එල තමා… තෑන්ක්ස් මචං ලින්ක් එකට
2011 පෙබරවාරි 7 දින ප.ව. 8:44 ට
ගංජා ගැට එන්නේ යටි පතුලේ බොලවු ..අද්දැකීමෙන් කියනේ ඉය මූනේ එන්නේ වෙන ජාතියක් ..
ඇවහ කතාවනම් සහතික ඇත්ත .මම ඇක්සිඩන්ට් වෙච්ච දවවෙ මම දැක්කා ඔය වගේ වාසනාවන්ත ඇන්ටි කෙනෙක්ව මූනටම . “ආ පුතා වැඩට යනවා වගේ කියලා” කියලා හරි මම හවස ඇක්සිඩන්ට් .. ඇස්වහ නම් ඕන්නෑ
2011 පෙබරවාරි 8 දින පෙ.ව. 7:19 ට
හී හී… පවු සඳරුවා
2011 පෙබරවාරි 7 දින ප.ව. 10:14 ට
ඈස් වහ කට වහ මාද අත්දෑක ඈත මචෝ.එක දවසක් මම පොඩි කාලේ අපේ ලොකු අප්පචි කෙහෙල් කෑනක් දිහා බලා ගෙන මේ කෑන නම් ලගදි කපන්න පුලුවන් වේයි වගේ මොකකදෝ කීවා එක කියලා එයාට යන්න එතෑනින් යන්න හම්බ උනේ නෑ,කෙහෙල් ගහ එයා ඉන්න තෑනම කඩගෙන වෑටුනා මම මගේ අස් දෙකෙන්ම දෑක්කා
2011 පෙබරවාරි 8 දින පෙ.ව. 7:19 ට
බොහොම ස්තූතියි මචං, අත්දැකීමක් බෙදාගත්තට
2011 පෙබරවාරි 9 දින පෙ.ව. 9:56 ට
බුදු අම්මෝ ඉර්ෂියාව බොහොම භයානකයි