මේක නං අර අපේ දිනේෂ්ගේ ස්වයං මොකද්ද එක වගේ…. ස්වයං මඩ පාරක්. ඒ කියන්නේ මේක ගෝල්ඩ් fish ට ගහගන්න මඩක්. අපි ඔය සමහරු සමහරියෝ වගේ එක එක් කෙනාට මඩ ගහන්නේ නැහැනේ… අපිටයි… අපි දන්න තව දෙතුන් දෙනෙකුටයි විතරක් පොඩි මඩ පාරක් ස්ප්‍රේ කරගෙන ලාවට ඉන්න උදවියනේ.
ඉතිං මේකයි ස්වයං මඩේ… ගෝල්ඩ් fish දැන් අවුරුදු ගානක ඉඳන් ජිම් එකකට පීනනවනේ ඇඟ පොඩ්ඩක් සයිස් කොරගන්න කියලා. නැත්තං ඉතිං අහල පහලින් යන මාලියෝ බලන්නේ නැහැනේ. ඒකයි. ඉතිං මයෙ හිතේ දැං අවුරුදු 3ක් විතර ඇති… මස් ජුංඩක් නං දාලා තියෙනවා, තව කෙල්ලක්ව වඩා ගන්නත් පුළුවන්, ඒ වගේම කෙල්ලක්ව බස් එකේදී වැටෙන්න ගියොත් ඉන වටේට අත දාලා අල්ල ගන්නත් පුළුවන්… හැබැයි කැත්තෙන්, උදැල්ලෙන් කොරන වැඩත් එහෙම්ම තමා. ආයේ යකා වගේ තමා… කියලවත් කියන්න වෙනවා එහෙම බැරි වුනත්. නැත්තං ඉතිං නෝන්ඩියිනේ.
ඉතිං මේකනේ සීන් එක… දවසක් ඉරිදාවක හවසක ගෝල්ඩ් fish ගියා ජිම්. එක අයියා කෙනෙක් විතරයි ඇවිත් හිටියේ සෙල්ලං කොරන්න. ඊට පස්සේ ඌත් එක්ක සහයෝගයෙන් ෂෙඩියුල් එක අහවර කොරලා මූන කට හෝදගෙන බයිසිකලේ ගන්න යද්දී… එතෙන ඉන්නවා එකෙක්. ඌව කලින් දැකලත් නෑ… මගේ සයිකලේට එහාට වෙන්න හිටගෙන වෙන සයිකලයක් ගාව. ඉතිං මාත් වැඩිය ගනන් ගත්තේ නෑ. සාමාන්‍යයෙන් එතෙන මිනිස්සු ගැවසෙන නිසා. පස්සේ මං පුටාර් එක අරං පැද්දා ගෙදරට. පස්සේ මෙන්න ජිම් එකේ තව එකෙක් ගෙන් කෝල් එකක්…
සංසාරයේ… හැම වාරයේ… මා… පැතුවේ ඔබයි.. මගේ ආදරී…
ටීක්…
ආ… කාලිංග කියපං මචං…
මේ උඹ දැක්කද බං…මගේ බයිසිකලේ කවුරු හරි අරගෙන යනවා?
නැහැ බං… ඇයි?
නැහැ බං මේනක අයියලාගේ අක්කා කිව්ව උඹ ගිය ගමන් කව්ද එකෙක් මගේ බයිසිකලේ අරං ගියා කියලා බං…
හුටා… ඉතිං දැන් පුටාර් එක නැද්ද?
නැහැ බං… උඹට ඌව මතකද?
අඩේ නැහැ බං… මං දැක්කේ ඌ පිටිපස්ස හැරිලා ඉන්නවා විතරයි බං.
හරි… අවුලක් නැහැ.. මං පොඩ්ඩක් බලන්නම් බං…
හරි මචං… මාර සීන් එකනේ බං….ෂිඃ….
හරි හරි බං… මං තිබ්බා…
හරි මචං කාලිංග එල එල බං..
ටීක්…
දැන් ඉතිං බඩු හරිනේ… කාලියාගේ පුටාර් එක උස්සලා. ඒ කේස් එක එහෙමම ගියා. ඊට පස්සේ මම ජිම් එකට ගියා… ගියාම මේනක කියන අපේ ඉන්ස්ට්රක්ටර්ගේ නංගි… මේනක අයියලාගේ අක්කා ඉන්නවා. එයා මගෙන් සීන් එක ඇහුවා. ඉතිං මං දැක්ක තරම කිව්වා. පස්සේ එයා කිව්වා, මට ඔයාට එවලේම කෝල් කලා ඒ නොම්මරේ භාවිතයේ නොමැත කිව්වා කියලා. මාත් කිව්වා ඒක වෙන්න බැහැනේ කියලා .. රෙජිස්ටරේ තියෙන නොම්මරේ චෙක් කලා. ආයෙමත් බඩුම තමා. ඒකෙ තියෙන්නේ මං කලිං පාවිච්චි කරපු එක්ස්ප්‍රස් යූවර් සෙල්ෆ් නොම්මරේ. පස්සේ අක්කා මගෙන් ඇහුවා දැන් තියෙන නොම්මරේ දෙන්න කියලා.
දැන් කොහෙද අක්කේ නොම්මර.. නොම්මර ටික කුඩුනේ …. කියලා කියන්න ගිහින් ඒක ගිලගෙන නොම්මරේ කියන්න ගියා… බිංදුවයි… හතයි.. එකයි…. දෙසිය… නෑ…නෑ තුන්සිය පනස්…. නෑ…… නෑ….. දෙසිය….. මාර සීන් එක මගේ ෆෝන් එකේ නොම්මරේ මට මතක නෑ. දහඅතේ කංපනා කරනවා කරනවා … ඒත් මතක් වෙන්නේ නෑ…. මගේ අර පරන නොම්මරෙයි අළුත් එකයි මඥ්ඥං වෙලා මික්ස් වෙලා… හරියට නිකං බිත්තර කොත්තුවක් වගේ වෙලා මට කෑල්ල කෑල්ල මතක් වෙනවා… ආයේ වෙන කෑල්ලක් මතක් වෙනවා…. ඉතිං මටත් මාර සීන් එක.. මේ මොකෝ මේ කියලා… පස්සේ ඉතිං ඕනෙ මගුලක් කියලා මල්ලිට කෝල් එකක් දාලා උගෙන් තමා මගේ නම්බර් එක ඉල්ල ගත්තේ… අනේ මන්දා මොනා වුනාද කියලා…
ඊට පස්සේ ඊයේ…. කලින්ම කිව්වනේ මේ ස්වයං එකයි… දන්න කියන කෙනෙකුටයි එක්ක වදින්නේ කියලා… එයා පවු නිසා කව්ද කියලා කියන්නේ නෑ. ඉතිං මෙයා ගෝල්ඩ් fish ගේ ස්කෝලේ හිටිය චීච කෙනෙක්… අර සුදු සාරි ඇඳපු අක්ක කෙනෙක් ඕං. දැන් නම් ඔන්න ස්පෝට් මීට් එකකට තව කව්ද මැන්ටල් කේස් එකක් එක්ක ඇර ගන්නවත් එක්කලු. ඉතිං මං මෙයාත් එක්ක දවස් ගානක් චැට් කොලා. මගේ පොටෝ කෑල්ලකුත් තියෙනවලු මෙයා ගාව. ඒත් ඒක මට ඊමේල් කරන්නම් කිව්වේ 2011 ජනවාරි 28 වෙනිදා පස්වරු තුනට විතර. අනේ තාමත් බඩු නෑ. සමහර විට ඊමේල් එක ගංවතුරට අහුවුනාද දන්නේ නෑ… ඉතිං ඔහොම ගිහින්.. ගිහින්… මං මේ සුදු අක්කියාගෙන් (මොකටද මගේ කට මමනේ දන්නේ පාට) එයාගේ සුකුරුත්තමේ නොම්මරේ ඉල්ලුවා. පලවෙනි පාර ලිස්සලා ගියා…. මාත් ඉතිං නොදන්න ගානට හිටියා. ආයේ දෙවෙනි පාර හෙන ටැකල් එකක් දාලා ඉල්ලුවාම දුන්නා. හ්ම්… ඒක දෙන්න අගේ කරපු තරමක්. තව කොහෙද අක්කියෝ මට උම්මා එකක් දෙන්න කිව්වනම් එහෙම…. අර අපේ ඉෂාර අක්කනම් එහෙම නෑ…උම්මා… එයා අලි සෝක්… ඉස්සර එයාගේ තොල් පෙති දෙක මගේ කම්මුලේමයි… ඒකට මේක.
ඉතිං මට චීච අක්කා දුන්නේ අනාගතයි අදයි එකයි. කොම්පැනියට වගේම අක්කටත් පිස්සු. නැත්තං කොහොමද අනාගතය අද වෙන්නේ… අනාගතය කියන්නේ මේ මොහොතේ ඉඳන් ඉදිරිය. මේ මොහොත එක තැන තියෙන්නේ නැහැනේ. ඒ වගේ තමා මේ මැන්ටලෙත්. මොනා උනත් හරි ෂෝයි.. ඉතිං මාත් රින් කට් එකක් තියලා මටත් ෆෝන් එකක් තියෙනවා කියලා එයාට පොඩි ඇඩි එකක් දුන්නා. (නැත්තං හරි නැහැනේ) පස්සේ ආයේ මං කිව්වා… මං ඕකට නම් කෝල් කරන්නේ ඔෆිස් ලයින් එකෙන් විතරයි කියලා. මොකද මම දැන් ඉකෝන් කරන නිසා…. අනාගතේට කෝල් ගද්දී ටිකක් වැඩිපුර ගෙවන්න ඕනේ. ඊටත් මම ගණකරාමු ඇක්ටිව් කොරලා නිසා ඉකෝන් එකකට කෝල් ගද්දී තවත් ගාන අඩුයි. ඉතිං මමත් බොහොම බලාපොරොත්තුවෙන් හිටියේ එයත් ඉකෝන් කරනවා ඇති කියලා. කෝ ඉතිං නැහැනේ. පස්සේ එයා මට කියනවා… මටත් ඉකෝන් එකක් තියෙනවා මල්ලී නොම්මරේ මතක නෑ බං … කියලා…
ඉතිං මං කිව්වා.. අනිවා කාගෙන් හරි තෑගි හම්බුවෙච්ච එකක් තමා කියලා. චීච අක්ක කියනවා… නැහැ බං මගේ උපහාරෙට පස්සේ ගත්ත එක කියලා. ඒත් නොම්මරේ මතක නෑලු. අනේ මන්දා මෙහෙමත් අක්කලා. අපි නම් මල්ලිලා… බැරිවෙලාවත් අයියෙක් ඉල්ලුවා නොම්මරේ… හා කියමු බලන්න එතකොට මොකෑ කොරන්නේ….? ඌටත් කියනවද මතක නෑ කියලා… එහෙම කිව්වොත් නම් ඉතිං… මේ කෙල්ලට මතකය නැතිවෙන ලෙඩක් තියෙනවා කියලා හරි, නැත්තං මේ ළමයට පිස්සු කියලා හරි හිතනවා අනිවා…. මොකද කියන්නේ අපේ සහෝදර පිරිස? ඔව්ද නැද්ද?
තව සීන් එකක් තියෙනවා… ඒක නම් කාගෙද කියන්නේ නෑ….
මල්ලී… බිසිද?
තුත්තක් විතල…ඇයි අක්කේ?
පොඩි දෙයක් තියෙනවා අහන්න.
මමත් කර කර හිටපු වැඩ ටික පැත්තක දාලා අහන්න යන ප්‍රශ්නෙට උත්තර දෙන්න සෙට් වුනා.
අහන්න අක්කේ…
මේ… කොහොමද තමන් කැමති කෙනෙක්ට, එයා ගැන අපි ඉන්ටරෙස්ටඩ් කියලා අඟවන්නේ….
දැං එතකොට මං කියලා දෙන්න ඕනේ අක්කාට, අක්කාගෙ මායම් ටික දාලා අර අහිංකයව දැලේ දාගන්න හැටි. ඔක්කොම කොරන්න පුළුවන්… මායමක් දෙකක් දාලා අයියා කාරයව කොටු කරගන්න බෑ… හොඳයි… හොඳයි…. එතකොට අක්කා බබා…… අනේ මයේ කට… ඇයි යකඩෝ මේ අහිංසක පුංචි මල් වගේ පිපෙන මල්ලිලාගෙන් අහන ප්‍රශ්නද ඔය?
2011 පෙබරවාරි 5 දින පෙ.ව. 7:45 ට
අර මස් ටිකක් දාලා තියෙනවා කිව්වේ කොහාටද ?
2011 පෙබරවාරි 5 දින පෙ.ව. 8:02 ට
යකෝ උඹේ නම්බර් එක උඹට මතක නැද්ද..?කොහොමද පින්න මලකට එහෙම හදිස්සියෙ දෙන්න උනානම් එහෙම.වහ කන්නයි වෙන්නෙ.
අවුරුදු 3ක් ජිම් ගියා……!!! දැන් එහෙනම සිල්වෙස්ටර් කොළුවට කිට්ටු කරල ඇති නේද?ඇඟ දනවනෙ බං.
2011 පෙබරවාරි 5 දින පෙ.ව. 8:11 ට
මෙන්න මාළුවෙක් ජිම් යනවලු…..
2011 පෙබරවාරි 5 දින පෙ.ව. 9:23 ට
හැක හැක හැක…. 🙂 අනේ බං ඔය අක්කල ගැනනං කතාකරල වැඩක් නෑ. සේරම ඔහොම්මමයි. එයාල බබාල ! අපි නොදන්න අක්කල
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:21 ට
@ Alchemiya – ඒක කියන්නේ නෑ… ඒක රහසක්…
@ dinesh – සිල්වෙස්ටර් කිව්වේ ටර්මිනේටර්ද බං?
@ අකිකරු හිත – එහෙම තමා… හ්ම්…
@ නවම් – අත්දැකීම් ඇති නෙව
2011 පෙබරවාරි 5 දින පෙ.ව. 9:40 ට
අක්කට උඹ එනපොට හරි නෑ කියලා තේරෙන්න ඇති බං…. ඒ නිසා එහෙම කතාවක් කියන්න ඇති.. උඹේ තියෙන කුප්පකමෙන් බේරෙන්න වෙන්න ඇති කියන්න ඇත්තේ…. අමතක කරලා දාපන්…. 😀
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:21 ට
අනිවා ඩෙෆා
2011 පෙබරවාරි 5 දින පෙ.ව. 10:20 ට
මාලුවන් ගෙන් ප්‍රවේසම් වෙනු…
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:22 ට
අනේ ඇයි ඒ
2011 පෙබරවාරි 5 දින පෙ.ව. 11:16 ට
හික් හික්..මාත් දන්න අක්කලා දෙන්නෙක් ඉන්නවා ඔහොමමයි..
මෙ උන් දෙන්නා නෙවෙ වෙන්ටෑ…
අඩෙ මල්ලි උඹෙ මස් කොහේද බං තිබුණේ..ඈ..
එතකොට එදා SBU එකේදී මං මාළුවා කියලා අදුරගත්ත එකා මොකාද යකෝ..ඌ නං හෙන පෙන්දා නෙව…
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:22 ට
පෙන්දා? උඹ එහෙනම් වැරදි එකෙක්ව දැකලා තියෙන්නේ…
2011 පෙබරවාරි 5 දින ප.ව. 12:36 ට
ජිම් නම් මතක් කොරන්න එපා..හික්ස්…මඩ ගහනවා කියන්නේ මේකද බොලේ..මට වදින මඩ වල හැටියට මේවා මක්කාද…..හික්ස්…කොහොම හරි මාලුවෝ ජිම් යනවා ඇහුවමයි ඕන්…..ඉකේයියා ද මම දන්නේ නෑ
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:23 ට
ඔව් ඔව් ඉකේයියා…
2011 පෙබරවාරි 5 දින ප.ව. 2:54 ට
මට නම් ඔය ජිම් යන කතන්දරෙ හරඉ යන්නෙ නෑ බන්. ඇග නම් ටිකක් මහතත් එක්ක මගේ. ඔය අංක අමතක වෙන සීන් 1 මට වෙනව බන්.ටික කාලයක් ගියාම ඕක හරි යනව
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:23 ට
මොන ටික කාලයක්ද බං? තාම එකපාරයි වුනේ..
2011 පෙබරවාරි 5 දින ප.ව. 3:02 ට
නොම්මරේ මතක නැත්නම් *132# කෙටුවනම් අහවරයිනෙ.
ඔය පිස්සු ගුරුතුමී නම් කවද හැදෙයිද මන්දා
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:24 ට
එල තමා .. තෑන්ක්ස් මචං
2011 පෙබරවාරි 5 දින ප.ව. 6:42 ට
බොලව් මම මෙහි කොමෙන්ටු දැමීමෙන් වලකිමි. (#$%^&*()(*&^%$#$%^&%#$%^%$#$)
නෙලුමා : අර නොම්මරේ වැඩ කරන්නේ කොයි කොම්පැණියේ එව්වට ද?
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:24 ට
ඔව් මොනවා කියලා දාන්නද නේ?
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 11:14 ට
හරි..මං හිතුව අක්කාලා දෙන්නාගෙන් එක්කෙනෙක්නං හරියටම හරි..මොකද මාත් දැක්කා එක්කෙනෙක් ඔය කියන දවසේ බිලී පිත්තත් දාං බලන් උන්නා…ඒකේ දෙකක් නැහැ..
දැන් තියෙන්නේ අනිත් අක්කා ගැන සැකේ තමයි…
2011 පෙබරවාරි 7 දින ප.ව. 12:24 ට
නෑ… නෑ… ඒ උඹලාගේ අක්කා නෙමේ…
2011 පෙබරවාරි 5 දින ප.ව. 9:25 ට
උඹ නං අක්කලා සෙට් කරගන්න කියාපු බඩුව …අක්කලා ගැන කියද්දී මටත් කට පියාගෙන ඉන්න හිතෙන්නෙම නෑ ..ඒත් මම අද බීල නෑ ඒක නිසා කට පරිස්සම් කරගන්නවා ..
තමන්ගේ නම්බර් එක අමතක එකෙක් මම මේ ඇහුවමයි …ඒන්ජල්ගේ නම්බර් එක මතකෙයි ? උදේට කෑවයි . කලිසම ඇඳලයි ඉන්නේ ? බලහං තව මොනා අමතකද කියලා …
ජය වේවා
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:25 ට
ඇයි කලිසම ඈඳලද අහන්නේ? උඹ ඇවිත් අන්දන්නද?
2011 පෙබරවාරි 6 දින ප.ව. 6:24 ට
ගෝල්ඩ් ෆිෂ් ජිම් ගියා වගෙයි, හික් හික්.. අපි දැක්ක මාළුවානම් ජිම් එකක් ලඟින්වත් ගිහින් නෑ නේද සුදු අයියේ… 😉
2011 පෙබරවාරි 7 දින පෙ.ව. 7:26 ට
අනේ මන්දා නංගියේ…..
2011 පෙබරවාරි 7 දින ප.ව. 3:52 ට
මම නම් මුලින් හිතුවෙ ගෝල්ඩ් fish තමයි bike එකට වැඩේ දෙන්න ඇත්තෙ කියල…..
හදිස්සියට අමතක වෙල ගෙනියන්න ඇති කියලයි හිතුවෙ……
මම වැරදිනෙ…..
මේ ලඟදි මම ගෙදර එන වෙලාවක phone එකේ battery බැහැලා …
ලඟ communication එකකට ගියා… හුටා… නොම්මරේ මතක නෑනෙ…මොනව කරන්නද …පාරේ ඉඳන් පයින්ම ගෙදර ගියා…
අක්කියලා නිකන් ආදරේ පාන්නේ අපිව කඩේ යවන්න තමයි ඉතින්…..