මඥ්ඥං වූ, මගේ කාලසටහන…



මේවා නම් කියලත් බෑ නොකියත් බෑ. මේ දවස් වල ගෝල්ඩ් fish ඉන්නේ ටිකක් හි‍තේ අමාරුවෙන්. ඒ ඉතිං එක එක ප්‍රශ්න නිසා.

ඉතිං ඒ හැම දේම අස්සේ කාලය කළමණාකරනය කියන්නේ… එළිවෙනකම් අපූරුවට දකින්න පුළුවන් හොද හීනයක්. මොනා කොරන්නද ඉතිං වැඩ වැඩි වුනාම ඔහොම තමා. දැන් කට්ටිය හිතයි දවස පුරාම ෆේස් බුක් ඉන්න මාළුවට මොනාද මෙච්චර තියෙන වැඩ කියලා. මේවනේ වැඩ….

ගෝල්ඩ් fish පුරුද්දක් විදියට දවසකට ෆිල්ම් තුනක් ඩවුන් කරගෙන ෆ්ලෑෂ් එකේ දාගෙන අර ගෙන යනවා. ඉතිං ඒ තුන ගෙදර ගිහිල්ලා ස්කිප් කර කර හරි බලනවා. හොඳ පට්ට එකක් සෙට් වුනොත් නම් ඉතිං නෝ ස්කිප් තමා. රෑ … පාන්දර වෙලා එළිවෙන්න කිට්ටු වෙනකම් හරි ඒක බලනවා.

ඒ වෙලාවට කෑම කන්න වෙලාවක් නෑ… ඒ වගේම ඉතිං නාන්නත් වෙලාව අඩුයි. එතකොට කරන්නේ ඇඟ ටිකක් හෝදගෙන වැඩට දුවන එක තමා. දැන් මේ ඔක්කොම අස්සේ තවත් මගුලක් සෙට්වෙලා. මම පුංචි කාලේ නම් මේක ආසාවෙන් කලා. ඒත් ඒක කොම්පූතරේ ගත්තට පස්සේ නැත්තටම නැතිවුනා. ඒ තමා මගේ පරිපථ අත්හදා බැලීමේ කාරිය. මේතට තරම් මං වෙන මක්කටවත් ආසා නැද්ද කොහෙද…

ඉතිං මේ දවස් වල එහෙම පරිපථයකුත් හාදාගෙන කඩාගෙන ආයේ හදාගෙන නිවනක් නැතුව ටැස් කොරනවා. අර තෝමස් අල්වා එඩිසන් මහත්තයත් 1000 සැරයක් ටැස් කොරලනේ බල්බ් එක හොයා ගත්තේ… ඉතිං ගෝල්ඩ් fish බැයිද අඩුම ගානේ 100 සැරයක් කොරලා හරි සීන් එක ගොඩ දාගන්න. ආහ්… මේ සර්කිට් කෑල්ල හදන්නේ ම‍ගේ තියෙන කම්මැලි කමට පිළියමක් විදියට. ඇත්තටම මට මාර කම්මැලියි… ඔෆීස් ඉවර වෙලා ගිහින් ඇඳට පැනලා ආයෙම නැගිටලා ඇඳ කෙලවරේ තියෙන මේසේ ගාවට ගිහින් ෆෝන් එකට සබ් එකේ ජැක් එක සෙට් කොරලා සිංදුවක් අහන්න. ඉතිං ඒකට පිළියමක් විදියට තමා මේ ඉලව්ව හදන්නේ. බ්ලූ ටූත් හෙඩ් සෙට් එකක් සබ් එකට සෙට් කිරීමේ අති භයානක භාරදූර කාර්යය තමා මේ දවස් වල කෙරීගෙන යන්නේ.

ඉතිං දරුවනේ ඔය අස්සේ ඔෆිස් එකේ ඔඩිට් එකකුත් සෙට් වෙලා. දැන් ඒකටත් ලෑස්ති වෙන්න ඕනේ.

ඉතිං දැං හරියට කන්න වෙලාවක් නෑ… නාන්න වෙලාවක් නෑ… ඇඳුම් ටිකනම් හෝදලා මැදලා අම්මා ලෑස්ති කරලා දෙන නිසා අවුලක් නෑ. ඒත් දවසගානේ ගෙනියන ෆිල්ම් ටික බලන්න වෙලාවක් නැති වුනාම.. ඇඩෙනවනේ… ඒවා දැන් බලන්නේ අපේ මල්ලී හරි අල්ලපු ගෙදර සමීරයා හරි තමා. තවත් එකක් අඩුම ගානේ බ්ලොග් එකට හිනා යන කතාවක් ලියාගන්නවත් වෙලවක් නෑ. මේ ටිකේම සේප් වුනේ එක එක නූල් සූත්තර වලින්.

ඉතිං බොලව් මේ ගෝල්ඩ් fish ගේ කාලසටහන මඥ්ඥං වෙලා නැද්ද?

යන්තං ලියපු පෝස්ට් තුන හතරක් ඇති ඒකවත් දානවා ඉස්සරහට… හම්මේ … පේනවනේ අද නිදහස් දවසෙත් ගෝල්ඩ් fish ට නිදහසක් නැති හැටි.

Advertisements

18 Responses to “මඥ්ඥං වූ, මගේ කාලසටහන…”

  1. Alchemiya Says:

    ඕකනේ මල්ලී කෙළවෙලා තියෙන්නේ….
    ඉස්සෙල්ලාම priority list එකක් හදාගන්න… වැඩිපුරම වැදගත් දෙවල් ඉස්ලේලා කරන්න…
    දවසට පැය 5 ක් වත් අවම නින්දක් ඕන. film බලන එක පොඩ්ඩක් පස්සට දාලා කරන්න තියෙන දේවල් ප්ලෑන් කරන්න….
    නාන එක නම් කොහොම හරි කරන්න, ලෝකයාගේ හිත සුව පිණිස…

    • ගෝල්ඩ් fish Says:

      වැඩ කොහොමද අයියා ප්ලෑන් කරන්නේ? ප්ලෑන් කරන වැඩේට වඩා ප්‍රමුකත්වය දිය යුතු එකක් සෙට් වුනොත් බඩුම තමා.

  2. The Ramblings Of A Demented Mind Says:

    ඉස්සර මාත් දවසට films දෙක ගානේ බලන්න ගිහින් වැඩ හොඳටම දෙල් කරගත්තා! දැන් නම් මම මීයා වගේ අහිංසක විදිහට ජීවත් වෙනවා!

  3. dinesh Says:

    දවසට පැය 30ක් විතර තිබුනනම් ෂෝයි නේ බං.උඹලගෙ office නම් සෑහෙන්න නිදහස් වාගෙ .මාළුන්ට තියන සැප ඉතිං අපිට කොයින්ද….?මටනම් ‍ෆිල්ම් ස්කිප් කොරල බලල වැඩක් නෑ .sub වලත් නොදන්න වචන පවා dic එකෙන් හොය,හොයා තමා බලන්නෙ.

  4. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    මමත් ඔය මොන වැඩේ තිබ්බත් ස්කිප් කර කර හරි ෆිල්ම් එකක් හරි ට්වි ඉපිසොඩ් එකක් බලන එකනම් අත හරින්නේ නැ

  5. අකිකරු හිත Says:

    අපි ඔරලෝසුවේ තව ඉලක්කම් ටිකක් දාමු 😀

  6. නවම් Says:

    මාත් දැනට කාලෙකට ඉස්සර දවසකට ‍ෆිල්ම්ස් දෙකක් විතර, ඔය නැගල යන ටී.වී සීරියස් එකක් එහෙම බලල සනීපෙට ඉඳියනෙව. දැං ඉතිං ඒව වානා. අදත් ඉතිං ෆුල්ම බිසී. ඒත් ඒකෙත් අමුතුම ජොලියක් තියෙනව මාළුවො ! හැබැයි මොනව උනත් නාන්න අමතක කරන්නෙ එහෙම නෑ. අර උඩින්ම ඇල්කෙමියත් කියල තියෙන්නෙ.

  7. රත්ගමයා Says:

    ෆිල්ම් බලන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද දෙයියනේ…අනික මම ෆිල්ම් බාන්නේ නැතුව ඉදියොත් ටෙලිකොම් එකෙන් ඇවිල්ලා වදිනවා…හික්ස්….

  8. හිස් අහස Says:

    නාන්නේ නැති එකෙක් මේ පැත්තේ ඉන්නවද ? මට මේ දුර්ගන්ධයක් හමාගෙන ආවා .. උඹට කියන්න මචං මම දවසට දෙපාරක් නානවා . උදේට සහ හවසට . නැත්නම් අම්මට මගේ ලඟින් මද්‍යසාර සුවඳක් හමනවලු .මම කීවා අල්ලපු ගෙදර මිනිහා ගාව තමයි ඔය අරක්කු ගඳ කියලා ..

    මට මේ බලන්න ෆිල්ම් නැතුව දඟලනවා ..ඔය බාන ඒව මට තැපැල් කරලා එවන්න ..ඔහාට වහිනවයි .. අපිට ගං වතුර ..අදත් වැස්සොත් හෙට නිවාඩු ..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: