මඥ්ඥං වූ, මගේ කාලසටහන…



මේවා නම් කියලත් බෑ නොකියත් බෑ. මේ දවස් වල ගෝල්ඩ් fish ඉන්නේ ටිකක් හි‍තේ අමාරුවෙන්. ඒ ඉතිං එක එක ප්‍රශ්න නිසා.

ඉතිං ඒ හැම දේම අස්සේ කාලය කළමණාකරනය කියන්නේ… එළිවෙනකම් අපූරුවට දකින්න පුළුවන් හොද හීනයක්. මොනා කොරන්නද ඉතිං වැඩ වැඩි වුනාම ඔහොම තමා. දැන් කට්ටිය හිතයි දවස පුරාම ෆේස් බුක් ඉන්න මාළුවට මොනාද මෙච්චර තියෙන වැඩ කියලා. මේවනේ වැඩ….

ගෝල්ඩ් fish පුරුද්දක් විදියට දවසකට ෆිල්ම් තුනක් ඩවුන් කරගෙන ෆ්ලෑෂ් එකේ දාගෙන අර ගෙන යනවා. ඉතිං ඒ තුන ගෙදර ගිහිල්ලා ස්කිප් කර කර හරි බලනවා. හොඳ පට්ට එකක් සෙට් වුනොත් නම් ඉතිං නෝ ස්කිප් තමා. රෑ … පාන්දර වෙලා එළිවෙන්න කිට්ටු වෙනකම් හරි ඒක බලනවා.

ඒ වෙලාවට කෑම කන්න වෙලාවක් නෑ… ඒ වගේම ඉතිං නාන්නත් වෙලාව අඩුයි. එතකොට කරන්නේ ඇඟ ටිකක් හෝදගෙන වැඩට දුවන එක තමා. දැන් මේ ඔක්කොම අස්සේ තවත් මගුලක් සෙට්වෙලා. මම පුංචි කාලේ නම් මේක ආසාවෙන් කලා. ඒත් ඒක කොම්පූතරේ ගත්තට පස්සේ නැත්තටම නැතිවුනා. ඒ තමා මගේ පරිපථ අත්හදා බැලීමේ කාරිය. මේතට තරම් මං වෙන මක්කටවත් ආසා නැද්ද කොහෙද…

ඉතිං මේ දවස් වල එහෙම පරිපථයකුත් හාදාගෙන කඩාගෙන ආයේ හදාගෙන නිවනක් නැතුව ටැස් කොරනවා. අර තෝමස් අල්වා එඩිසන් මහත්තයත් 1000 සැරයක් ටැස් කොරලනේ බල්බ් එක හොයා ගත්තේ… ඉතිං ගෝල්ඩ් fish බැයිද අඩුම ගානේ 100 සැරයක් කොරලා හරි සීන් එක ගොඩ දාගන්න. ආහ්… මේ සර්කිට් කෑල්ල හදන්නේ ම‍ගේ තියෙන කම්මැලි කමට පිළියමක් විදියට. ඇත්තටම මට මාර කම්මැලියි… ඔෆීස් ඉවර වෙලා ගිහින් ඇඳට පැනලා ආයෙම නැගිටලා ඇඳ කෙලවරේ තියෙන මේසේ ගාවට ගිහින් ෆෝන් එකට සබ් එකේ ජැක් එක සෙට් කොරලා සිංදුවක් අහන්න. ඉතිං ඒකට පිළියමක් විදියට තමා මේ ඉලව්ව හදන්නේ. බ්ලූ ටූත් හෙඩ් සෙට් එකක් සබ් එකට සෙට් කිරීමේ අති භයානක භාරදූර කාර්යය තමා මේ දවස් වල කෙරීගෙන යන්නේ.

ඉතිං දරුවනේ ඔය අස්සේ ඔෆිස් එකේ ඔඩිට් එකකුත් සෙට් වෙලා. දැන් ඒකටත් ලෑස්ති වෙන්න ඕනේ.

ඉතිං දැං හරියට කන්න වෙලාවක් නෑ… නාන්න වෙලාවක් නෑ… ඇඳුම් ටිකනම් හෝදලා මැදලා අම්මා ලෑස්ති කරලා දෙන නිසා අවුලක් නෑ. ඒත් දවසගානේ ගෙනියන ෆිල්ම් ටික බලන්න වෙලාවක් නැති වුනාම.. ඇඩෙනවනේ… ඒවා දැන් බලන්නේ අපේ මල්ලී හරි අල්ලපු ගෙදර සමීරයා හරි තමා. තවත් එකක් අඩුම ගානේ බ්ලොග් එකට හිනා යන කතාවක් ලියාගන්නවත් වෙලවක් නෑ. මේ ටිකේම සේප් වුනේ එක එක නූල් සූත්තර වලින්.

ඉතිං බොලව් මේ ගෝල්ඩ් fish ගේ කාලසටහන මඥ්ඥං වෙලා නැද්ද?

යන්තං ලියපු පෝස්ට් තුන හතරක් ඇති ඒකවත් දානවා ඉස්සරහට… හම්මේ … පේනවනේ අද නිදහස් දවසෙත් ගෝල්ඩ් fish ට නිදහසක් නැති හැටි.

%d bloggers like this: