වෙනසකටත් එක්ක… මාලී…..


සුදු වත මට  පෙනෙයි කියලා     මුතුමාලී

සැඟවී ගියා සෙනගක් මැද         සියුමාලී

බස් වීදුරුව කැඩපත වී               මට මාලී

පෙන්නුම් කලා සැඟවී ගිය        හැඩමාලී

 

සුදු ගවුමක් ඇඳි විට නුඹ        රන්මාලී

ඉටිරුවකට නොදැවෙනි වෙයි    සිරිමාලී

සඳකැන් පෙරන මගේ වටිනා    සඳමාලී

නුඹමයි ජීවිතය නොදැවෙනි      මධුමාලී

 

හිත රිදුනම මගේ ළඟ හිටි         සුරමාලී

අතේ එල්ලිලා දඟ කල               දඟමාලී

වැස්සේ තෙ‍මි තෙමී නැටු මගේ   සුදුමාලී

ඇයි මේ ලෙසින් විරසකවී         උපමාලී

 

පුංචි සිනහ මුව මිණිකැට           පිරිමාලී

අමතන විට නෙළුම් සුවඳ          දෙනමාලී

හිත හොරකම් කරගෙන ගිය     හොරමාලී

ආයෙක් ඇවිත් හිත හදහන්        මගෙමාලී

 

අද නම් ක්ස්ටියට කියන්නේ ඊයේ, මං තුමාටම වෙච්ච අකරතැබ්බයක් ගැන. මේ සීන් එක කෙලින් කියන්න හැකියාවක් නැහැ බොලව්. ඒක නිසා ව්‍යංගයෙන් ඇරලා දැම්මා. මේක ඇතුලේ තියෙනවා ගෝල්ඩ් fish ගේ, ඒන්ජල්ගේ නමේ කෑල්ලක් පුළුවන්නම් හොයාගන්න…

26 Responses to “වෙනසකටත් එක්ක… මාලී…..”

  1. අකීකරැ හිත Says:

    මාලි…..ලස්සනයි කවි ටික

  2. dinesh Says:

    මොකද උඹට කෙලින් කියන්න බැරි…??මොකක් හරි නොහොබිනා වැඩක්වත් කරන්න ගියාද.

    ඒන්ජල්ගෙ නම “උපමාලි” නේද…………කවි ට්ක ලස්සනයි බං.

  3. රත්ගමයා Says:

    කවුද බන් අයියේ මේ මාලි….
    (ප.ලි- ඉකේයියා…,. )

  4. MaRlaN Says:

    දැන් මාලි ඇවිත් හිත හැදුවෙයි….?

  5. හිස් අහස Says:

    මම දන්නවා මම දන්නවා .. ඒන්ජල්ගේ නම මධුමාලී නේ ?

    අනිවා මොක් හරි අමන වැඩක් කරන්න ගිහිල්ලා ඒන්ජල්ගේ අතටම අහුවෙන්න ඇති …කියලා දාපං අයියේ අපටත් බලන්න .. මම වැඩිය හූ කියන්නේ නෑ .. පොඩ්ඩයි හූ කියන්නේ

  6. ගෝල්ඩ් fish Says:

    @ Ayesha – බොහොම ස්තූතියි

    @ හිස් අහස – හරියට හරි… අමන වැඩ ටික තව ඉස්සරහට දාන්නම් බං.

    @ MaRlaN – තාම නැහැනේ

    @ gayan rupasinghe – ඒ පරන එක

    @ රත්ගමයා – අඩෝ ඉකේයියා දාන්න එපා යකෝ.

    @ dinesh – නොහොබිනා වැඩ ගැන කතාකරන්න එපා බං. ලැජ්ජයිනේ… නෑ උපමාලි නෙවේ.

    @ Alchemiya – නහී….

    @ සමාදි – පළවෙනි එක…

    @ අකීකරැ හිත – හ්ම්… තෑන්ක්ස්

    @ තාරා – අනේ මන්දා ඒකනම්

  7. නවම් Says:

    මං නොදන්නවයි ඒක, මධුමාලි නෙව ඔහේගෙ සූකිරි කැටේගෙ නම.
    ඊයෙ කුරුනෑගල යන්න උනා බං මළගෙදරක. පෝස්ට් ඇලර්ට් එක දැක්කෙ අම්බානෙක ‍රැවෙලා.

  8. කුම්භකර්ණයා Says:

    පුංචි සිනහ මුව මිණිකැට පිරිමාලී

    අමතන විට නෙළුම් සුවඳ දෙනමාලී

    හිත හොරකම් කරගෙන ගිය හොරමාලී

    ආයෙක් ඇවිත් හිත හදහන් මනමාලී

    කිව්ව නං පට්ට

  9. සමනලී Says:

    හරිම ලස්සන කවි පෙල…. මේ කවි ටික පෙන්නුවානම් ඔය විරසකේ නැතිවෙයි ඕං……

  10. Prashan Fernando Says:

    මධු ද?
    මට නිකන් හිතෙන විදිහට සින් එක මට interpret උනේ මෙහෙමයි. හරිද දන්නේ නැහැ.
    මාළුවා හිටියේ බස්එකේ එක කෙළවරකට ලංවෙන්න, කෙල්ල අනික් කෙලවරේ. මාළුවා කෙල්ලව දැක්ක, කෙල්ල මාළුවා දැක්ක. කෙල්ල සෙනග අස්සේ හැඟුනා. බට් මාළුවටට තවමත් කෙල්ලව පේනවා, බස් එකේ කන්නාඩියෙන්. අලිද?


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: