සුදු වත මට පෙනෙයි කියලා මුතුමාලී
සැඟවී ගියා සෙනගක් මැද සියුමාලී
බස් වීදුරුව කැඩපත වී මට මාලී
පෙන්නුම් කලා සැඟවී ගිය හැඩමාලී
සුදු ගවුමක් ඇඳි විට නුඹ රන්මාලී
ඉටිරුවකට නොදැවෙනි වෙයි සිරිමාලී
සඳකැන් පෙරන මගේ වටිනා සඳමාලී
නුඹමයි ජීවිතය නොදැවෙනි මධුමාලී
හිත රිදුනම මගේ ළඟ හිටි සුරමාලී
අතේ එල්ලිලා දඟ කල දඟමාලී
වැස්සේ තෙමි තෙමී නැටු මගේ සුදුමාලී
ඇයි මේ ලෙසින් විරසකවී උපමාලී
පුංචි සිනහ මුව මිණිකැට පිරිමාලී
අමතන විට නෙළුම් සුවඳ දෙනමාලී
හිත හොරකම් කරගෙන ගිය හොරමාලී
ආයෙක් ඇවිත් හිත හදහන් මගෙමාලී
අද නම් ක්ස්ටියට කියන්නේ ඊයේ, මං තුමාටම වෙච්ච අකරතැබ්බයක් ගැන. මේ සීන් එක කෙලින් කියන්න හැකියාවක් නැහැ බොලව්. ඒක නිසා ව්‍යංගයෙන් ඇරලා දැම්මා. මේක ඇතුලේ තියෙනවා ගෝල්ඩ් fish ගේ, ඒන්ජල්ගේ නමේ කෑල්ලක් පුළුවන්නම් හොයාගන්න…
2011 පෙබරවාරි 2 දින පෙ.ව. 8:35 ට
මාළුවගෙ ගෑනු සතා මාලි ද?
2011 පෙබරවාරි 2 දින පෙ.ව. 8:41 ට
මාලි…..ලස්සනයි කවි ටික
2011 පෙබරවාරි 2 දින පෙ.ව. 9:10 ට
මධුමාලී ? උපමාලී? ????
2011 පෙබරවාරි 2 දින පෙ.ව. 9:43 ට
උපමාලි නේ….
2011 පෙබරවාරි 2 දින පෙ.ව. 11:14 ට
මොකද උඹට කෙලින් කියන්න බැරි…??මොකක් හරි නොහොබිනා වැඩක්වත් කරන්න ගියාද.
ඒන්ජල්ගෙ නම “උපමාලි” නේද…………කවි ට්ක ලස්සනයි බං.
2011 පෙබරවාරි 2 දින පෙ.ව. 11:47 ට
කවුද බන් අයියේ මේ මාලි….
(ප.ලි- ඉකේයියා…,. )
2011 පෙබරවාරි 2 දින ප.ව. 12:20 ට
සදමාලි වෙන්ඩැ මගෙ හිතේ..
2011 පෙබරවාරි 2 දින ප.ව. 1:58 ට
දැන් මාලි ඇවිත් හිත හැදුවෙයි….?
2011 පෙබරවාරි 2 දින ප.ව. 8:15 ට
මම දන්නවා මම දන්නවා .. ඒන්ජල්ගේ නම මධුමාලී නේ ?
අනිවා මොක් හරි අමන වැඩක් කරන්න ගිහිල්ලා ඒන්ජල්ගේ අතටම අහුවෙන්න ඇති …කියලා දාපං අයියේ අපටත් බලන්න .. මම වැඩිය හූ කියන්නේ නෑ .. පොඩ්ඩයි හූ කියන්නේ
2011 පෙබරවාරි 2 දින ප.ව. 9:40 ට
අපූරු කවි පද ටික යාළු
2011 පෙබරවාරි 3 දින පෙ.ව. 7:15 ට
සාදරයෙන් පිළිගන්නවා ඔයාව
2011 පෙබරවාරි 3 දින පෙ.ව. 10:36 ට
මේන් බලාපල්ලා….අපිට රිෆ්ලයි නෑ…පෙනේද ඉකේයියා කම…..
2011 පෙබරවාරි 3 දින ප.ව. 12:24 ට
අඩේ රිප්ලයි කරා බොල….
ආම්මට සිරි ඔක්කොටම එකට බං යැව්වේ.
2011 පෙබරවාරි 3 දින පෙ.ව. 7:13 ට
@ Ayesha – බොහොම ස්තූතියි
@ හිස් අහස – හරියට හරි… අමන වැඩ ටික තව ඉස්සරහට දාන්නම් බං.
@ MaRlaN – තාම නැහැනේ
@ gayan rupasinghe – ඒ පරන එක
@ රත්ගමයා – අඩෝ ඉකේයියා දාන්න එපා යකෝ.
@ dinesh – නොහොබිනා වැඩ ගැන කතාකරන්න එපා බං. ලැජ්ජයිනේ… නෑ උපමාලි නෙවේ.
@ Alchemiya – නහී….
@ සමාදි – පළවෙනි එක…
@ අකීකරැ හිත – හ්ම්… තෑන්ක්ස්
@ තාරා – අනේ මන්දා ඒකනම්
2011 පෙබරවාරි 3 දින පෙ.ව. 7:53 ට
මං නොදන්නවයි ඒක, මධුමාලි නෙව ඔහේගෙ සූකිරි කැටේගෙ නම.
ඊයෙ කුරුනෑගල යන්න උනා බං මළගෙදරක. පෝස්ට් ඇලර්ට් එක දැක්කෙ අම්බානෙක රැවෙලා.
2011 පෙබරවාරි 3 දින පෙ.ව. 8:19 ට
සූකිරි කැටේ… හි.. හී… එල ආ… දෙන්නම් වැඩක් ඔය කාඩ් එක යූස් කරලා මගේ සූකිරි කැටේට.
2011 පෙබරවාරි 3 දින පෙ.ව. 8:42 ට
සදමාලී ද ? මාලී, ලස්සන කවි පොඩ්ඩ
2011 පෙබරවාරි 5 දින ප.ව. 2:17 ට
පුංචි සිනහ මුව මිණිකැට පිරිමාලී
අමතන විට නෙළුම් සුවඳ දෙනමාලී
හිත හොරකම් කරගෙන ගිය හොරමාලී
ආයෙක් ඇවිත් හිත හදහන් මනමාලී
කිව්ව නං පට්ට
2011 පෙබරවාරි 5 දින ප.ව. 10:20 ට
හරිම ලස්සන කවි පෙල…. මේ කවි ටික පෙන්නුවානම් ඔය විරසකේ නැතිවෙයි ඕං……
2011 පෙබරවාරි 7 දින ප.ව. 2:49 ට
නෙලුම් නේද?
2011 පෙබරවාරි 7 දින ප.ව. 3:15 ට
නහී බෙටා.. නහි
2011 පෙබරවාරි 22 දින ප.ව. 2:22 ට
මධු ද?
මට නිකන් හිතෙන විදිහට සින් එක මට interpret උනේ මෙහෙමයි. හරිද දන්නේ නැහැ.
මාළුවා හිටියේ බස්එකේ එක කෙළවරකට ලංවෙන්න, කෙල්ල අනික් කෙලවරේ. මාළුවා කෙල්ලව දැක්ක, කෙල්ල මාළුවා දැක්ක. කෙල්ල සෙනග අස්සේ හැඟුනා. බට් මාළුවටට තවමත් කෙල්ලව පේනවා, බස් එකේ කන්නාඩියෙන්. අලිද?
2011 පෙබරවාරි 22 දින ප.ව. 3:40 ට
අඩෝ උඹ CID එකේද?
2011 පෙබරවාරි 22 දින ප.ව. 4:03 ට
ha ha..මොකක්ද හරි? නමද? විස්තරේද?
2011 පෙබරවාරි 22 දින ප.ව. 4:05 ට
ha ha.. ඕවවනම් මොනාද! බයිදවේ,මොකක්ද හරි? නමද? විස්තරේද?
2011 පෙබරවාරි 22 දින ප.ව. 4:21 ට
විස්තරේ ටිකක් හරි.. නමත් ලාවට වගේ හරි.