ගංඨාරේ ගහපු කතාව…



ඉතිං ගෝල්ඩ් fish කලින් පෝස්ට් එකේදී කිව්වනේ අර තායිලන්ත ජාතිකයා එක පාරක් ගිහින් උඩමළුවේ ගංඨාරේ දෙපාරක් ගැහැව්වා කියලා. එතෙන ඉඳන් තමා මේ…
 
ඔන්න ඉතිං අපේ අනිත් තුන්දෙනා, ඒ කිව්වේ සර්ලා දෙන්නයි, ම‍ගේ යාළුවයි… උඩ මළුවේ සීතල වැඩියි කියලා ඇහැල කණුවේ නතර වුනා. ඒත් මගේ කරුමෙට මං තායි ජාතිකයා පස්සෙන් වැටිලා හිටිය නිසා නිකංම වගේ මිනිහාගේ මග පෙන්වන්නා බවට මාව සෙට් වුනා. කොහොම හරි පාන්දර 3.45ට විතර අපි දෙන්න උඩ මළුවට ආවා.
 
ඊට පස්සේ අපි තුමන්ලා සපත්තු එහෙම ගලෝලා උඩ මළුවට ගියා. ඊට පස්සේ තායි ජාතිකයා මට ඩිංගක් පහලින්, සෙරප්පුත් තියන් ඉන්න කියලා මිනිහා ගියා සිරිපතුල වැඳගන්න. ගිහිල්ලා එයා ගෙනාපු ගොඩක් වටින වැහි කාලෙට අඳින සිවුරු වගයකුයි, තවත් මල් වගයකුයි සිරි පතුලට පූජා කරා. මං හිතන්නේ ඒ වැඩ ටිකට පැය භාගයක විතර යන්න ඇති. ඒ කියන්නේ මාත් පැය භාගයක් එය‍ා එනකන් හිටගෙන හිටියා.
 
ඊට පස්සේ අපි මළුවෙන් පිටත් වෙද්දී අපේ අනිත් තුන්දෙනා එනවා. හරියට නිකං වයසක උන්දලා වගේ… අම්බානෙට හන්ටර් වෙලා… පස්සේ අර තායි ජාතිකය මට ආයෙමත් ටිකක් ඉන්න කියලා ආයෙමත් ගියානේ සිරි පතුල වඳින්න.
 
අවුලක් නැහැනේ ඉතිං කීපාරක් වැන්දත්… පස්සේ කට්ටියම ආවා. මෙන්න ඊට පස්සේ අර යකා අහනවා දැන් ගංඨාරේ ගහන්න පුළුවන් නේද කියලා… බඩු හරිනේ… අවුලක් නෑ දෙපාරක් සිරිපතුල වැන්දනේ, ඊට පස්සේ ඉතිං එයාට ගංඨාරේ ගහන්න තහනමක් නෑ. කොහොමද පොරගේ මොලේ?දන්නවද ඒ මනුස්සයගේ වයස? අවුරුදු 58ක්…. එයා කිව්වා, මට ආයේ එන්න වෙන එකක් නෑ කියලා.
 
ඊට පස්සේ ගෝල්ඩ් fishයි තවත් සර් කෙනෙකුයි ගියා දොලොස් මහේ පහන ගාවට. ගිහිල්ලා අපේ අත් පහනට පිටින් තියෙන යකඩ කූරු අස්සෙන් දාගෙන රස්නේ විඳගත්තා. ඒක කොයිතරම්ද කියනවනම්… අපේ ඇඟිලි තුඩු රත් වෙලා ඇඟිලි වල අග කොනිති ගහනවා වගේ වෙනකම්ම අපි අත් දෙක ගින්දරට අල්ලන් හිටියා. මාර සනීපයි. සීතලක් ඇත්තෙම නැති තරම් එතෙන. පස්සේ එතෙනත් විනාඩි 45ක් විතර ඉඳලා අපි ආවා හිරු උදාව බලන්න. අර ඉර සේවය කියන්නේ.
 
ඊට පස්සේ බලන් ඉන්නවා ඉන්නවා ඉර නෑ…. ඉර නැගෙන වෙලාවත් පහුවෙලා. වටේටම ලස්සනට එක එක පාටින් පාට වෙලා තිබුනට හැමෝම බලාගෙන හිටිය ඉර නෑ. ඊට පස්සේ ලවුඩ්ස්පීකර් එකෙන් කව්දෝ මන්ද කිව්වා, අද අධික මීදුම නිසා ඉර සේවය බලන්න ලැබෙන්නේ නෑ කියලා. පස්සේ ඉතිං ගොඩක් ආසාවෙන් හිටිය ඒ බලාපොරොත්තුව හිතේම ගුලි කරගෙන ආපහු හැටන් වලින්ම බහින්න ගත්තා.
 
පස්සේ අපි බහිද්දී තමා නියම සීන් එක. අපි පඩි පෙළ වලට කකුල් තිබ්බම අනිත් කකුල නිකංම එනවා. නිකං මැජික් වගේ. කොහොම හරි හෙන ගේමක් දීලා වැටෙන්නේ නැතුව යාන්තං නවාතැන් පොළට ආවා.
 
ආහ්.. කියන්න බැරි වුනා, අර තායි ජාතිකයා අපි ඉර සේවය බලන්න නවතිද්දී , අපේ සර් කෙනෙකුට කියලා , එයා පහලට යනවා කියලා. ඉතිං අපි හිතුවේ මිනිහා පහල ඉඳිවි කියලා. මොන පොර නෑ. පස්සේ ඇහැල කණුව ගාවට වෙනකම්ම අපි ඇවිත් බැළුවා ඒත් නෑ. පස්සේ ගෝල්ඩ් fish ගේ යාළුවයි, සර් කෙනෙකුයි ආයෙත් සිරීපාදේ කරුණා කරා. මළුවේ හැම තැනම බලලා මිනිහා නෑ. ඊට පස්සේ අපි හිතුවා තායි ජාතිකය පහල කියලා කියන්න ඇත්තේ අපි හිටිය නවාතැනට වෙන්ට ඇති කියලා. පස‍්සේ අපි ආයෙමත් අර කලින් කිව්වා වගේ ආවා නවාතැනට.
 
මෙන්න ඉතිං ඇවිත් බලන කොට මූ නිදි සැපට. අපි අරෙහෙ චාටර් කනවා මේකා නිදා. එක්කෝ අපිට තේරෙන භාෂාවකින් කියලා එන්න ඕනේ…. කොහොම හරි උදේ කෑමත් අපි 10.00 ට විතර කාලා ආපහු පහලට එන්න ගත්තා. ඊට පස්සේ ඉතින් වැඩි දෙයක් වුනේ නෑ, වාහ‍නේ නැගලා එන්න ආවා. එතෙන්දිත් ගෝල්ඩ් fish චුට්ටක් දොයි ගත්තා, ඇහැරිලා බලද්දී අපේ රංගයියා වයිට් වෝටර් රාෆ්ටින් ගිය හරියේ… ඒ කියන්නේ කිතුල්ගල.
 
පස්සේ කිතුල් ගල තානායමෙන් දවල් කෑම කාලා අයෙමත් අවුලකින් තොරව ඔෆිස් එකට මංගැච්චුවා. ආ කියන්න ඕනේ… කිතුල්ගල තානායමේ කෑම ටිකනම් නියමයි… මාර ගති. අනිත් එක තමා අපි ගත්ත හැම කෑම වේලකදිම අර අපිත් එක්ක ගිය තායි සහ ජපන් ජාතිකයින් දෙදෙනා වතුර වෙනුවට බිව්වේ කොකා කෝලා. ඒක හරිම අමුතු පුරුද්දක්.
 
ඉතිං දැන් ඔන්න ගෝල්ඩ් fish සිරීප‍ාදේ කතාව ඉවරයි. අනිත් අයත් තම තමන්ගේ කතා දැම්මනම් එහෙම… දෙයියන්ගේ පිහිටෙන් මේ පාරනම් සීලෙ බිඳ ගන්නේ නැතුව ආපහු ආවා.
 


මෙන්න සිද්ධාලේප රෙස්ටෝරන්ට් එක වෙන් කරගැනීම සඳහා ඇමතිය යුතු අංක.
මෙතෙන ඇඳන් තුනක් තියෙන එක කාමරයකට රුපියල් 4000.00 ක් පමණ වෙනවා. ඒ වගේම උදෑසන ආහාර වේල නොමිලේ.
 
අජිත් ඩී. කැකුලවල
ප්‍රචාරක කළමණාකරු
 
දුරකථන – 072 244 6639

 
 
හෙට්ටිගොඩ කර්මාන්තායතනය
33/3, ධර්මාරාම පාර, රත්මලාන.
 
දුරකථන – 011 2736910
ෆැක්ස් – 011 2735465

%d bloggers like this: