ලයිට් කණුවයි… විනාඩි දෙකයි…

ඉතිං යාලූ මාළුවනේ ගෝල්ඩ් fish, මේ අවුරුද්දේ පළවෙනි මුල්ම ෆස්ට් ට්‍රිප් එක ගියේ සිරීපාදේ කරුණා කරන්නනේ. මේ ඉතිං ඒ ගිය ගමන ගැන විස්තර ටිකක්. ඉදිරියෙදී ශ්‍රී පාදේ යන්න ඉන්න අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි මං හිතන්නේ. ඒක නිසා කියවලා බලන්න.
 
ඇත්තටම අපි මේ ගමන ගියේ ජපානයෙන් හා තායිලන්තයෙන් ආපු අපේ ෆැක්ටරි ‍එකේ සම්පත් දායකයෝ දෙන්නෙක් එක්ක. ඒ වගේම අපේ ඔෆ්ස් එකේ සර්ලා දෙ‍න්නෙකුයි ගෝල්ඩ් fish ඇන්ඩ් මිතුරෙකුත් මේ ගමනට එකතු වුනා. ඉතිං පුරුද්දට මුල් තැන දීලා… වේලාව එහෙම නොවරදවා, අපිට ගමන යන්න එන්න කිව්ව වාහ‍නේ ඩ්‍රයිවර්ටත් පැය දෙකක විතර රැග් එකක් දීලා එහෙම දවල් 11ට විතර ගමන පටන් ගත්තා.
 
පස්සේ ඉතිං කට්ටය අඳුන ගෙන එහෙම යන ගමන් දවල් ලන්ච් එක කන්න නැවැත්තුවා. අපි දවල්ට කෑම කෑවේ… ලෙෂර් වර්ල්ඩ් එක පහුවුන ගමන්ම වගේ තියෙන අම්බලම කියන රෙස්ටෝරන්ට් එකෙන්. කියන්න වරදක් නෑ කෑම ටික නම් සුපිරි. හැබැයි එතෙනදී මීට කලින් නොදැකපු අමුතු පුරුද්දක් දැක්කා. ඒ තමා අර සුද්දෝ දෙන්නම කෑම කන ගමනුයි, කෑම කාලා ඉවරවෙලයි වතුර වෙනුවට බිව්වේ කොකා කෝලා.
 
පස්සේ ඉතිං ගෝල්ඩ් fish චුට්ටක් විතර නින්දට වැටුනා. පස්සේ ඇහැරිලා බලද්දී මෙන්න බොල ගිනිගත්හේනටම ඇවිල්ලා. ඇඩෙනවා… ම‍ට බොහෝම චුට්ටයි නින්ද ගිහින් තියෙන්නේ. ඒ අස්සේ වෑන් එකේ අයියත් මීටරේ කටු හැලෙන්න පාගලා. ඇත්තටම මං දැකපු පලපුරුදුම රියදුරා තමා මෑන්. ආයේ මොනාද වංගු එහෙම නතිං. ඒත් හරිම ආරක්ෂාකාරීයි. බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. විහිළුවට නෙමේ, මම හිතන්නේ මිනිහා බ්‍රේක් පැඩල් එකට කකුල තිබ්බෙම නැද්ද මන්දා. කල්ච් එක උපරිමේට බැලන්ස් කරගෙන ඇරියා ඇරිල්ලක්. නියමයි ඩ්‍රයිවර්ගේ පාට් එකනම්.
 
ඊට පස්සේ අපි නල්ලතන්නියට ආවා. පස්සේ අපේ වාහනේ පාක් කරා නල්ලතන්නියේ පාලම ගාව පාක් එකේ… ඒක කලින්ම වෙන්කරවගෙන හිටියේ. ඒ සියළුම විස්තර ඉස්සරහට ශ්‍රී පාදේ යන්න ඉන්න ඔයාලට වැදගත් වෙයි. ඒක නිසා ඒ හැම දෙයක්ම මම ඉස්සරහට කියන්නම්. ඔන්න පස්සේ, අපි අරං ආපු බිස්කට්, පාන්, වතුර බෝතල්… අරවා මෙව්වා, ඔක්කොම උස්ස ගෙන ශ්‍රී පාද කරූණාව පටන් ගත්තා. අපි ඒ ඔක්කොම උස්සන් ගියේ මේ ගමන මගදී හම්බුවෙන සිද්ධාලේප නවාතැනේ කැමර දෙකක් අපි වෙනුවෙන් බලා සිටින නිසා. ඒක තියෙන්නේ නල්ලතන්නියේ ඉඳන් ශ්‍රී පාදයට යන පාරේ කිලෝ මීටර් එකහා මාරක් උඩින්. අපි ඒ තැන කලින් වෙන් කරගෙන ගියේ. මොකද අපි අරගෙන යන හැම‍දේම උස්සන් යන්න බැහැනේ. ඒකයි.
 
ඊට පස්සේ අපි අපේ නවාතැනට ගිහින් අඅපේ බඩුමලු හෙම තියලා, උනු වතුර වොෂ් එකක් එහෙම දාගෙන ඒ තැනින්ම රාත්‍රි ආහාරත් ගත්තා. මස් මාලු වලින් තොර රසවත් කෑම වේලක් අපිට ලැබුනා. ඇත්තටම මේ ස්ථානය ඔයාලට වැදගත් වෙයි. මොකද අපි අරගෙන යන බඩුමලු ඔක්කොම උස්සගෙන යන්නෙ නැතුව නිදහසේ… පොඩි වෙලාවක් විවේක අරගෙන එහෙම බොහොම සැහැල්ලුවෙන් ගමන යන්න පුළුවන් නිසා.
 
ඉතිං අපි සෙට් එක රෑ 12.15ට තමා ඉතුරු ටික නගින්න පටන් ගත්තේ. අපිත් එකක් ගිය ජපන් ජාතිකයා නම් අර අපි නැවතුන තැනම හිටියා, අසනීප තත්වයක් නිසා. පස්සේ අපි පස්දෙනා නගිනවා.
 
ඇත්තටම හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමේ තමා වුනේ. අර ගෝල්ඩ් fish කලිං කිව්වේ එක සර් කෙනෙක් බොහොම අමාරුවෙන් තමා ගමන ආවේ කියලා. ඉතිං ඒ මහත්තයට ඉතුරු කිලෝ මීටර් තුනාමාරත් යන්න සෑහෙන ගේමක් දෙන්න වුනා. කොහොම හරි කරලා ගෝල්ඩ් fish ඒ සර්වත් උඩටම ඇදන් ගියා. ඇත්තටම සමරහ නීතිත් දාන්න වුනා. මොකද ඒ සර් මහන්සි නිසා පඩි 10 ක් විතර නැගලා නවතිනවා… ඉතිං ගෝල්ඩ් fish කිව්වා, සර් මේක කරන්න බෑ… නවතිනවනම් ලයිට් කනුවක් ගාව විනාඩි දෙක ගානේ නැවතිමු කියලා. සර්ත් හා කියලා.. නගින්න ගත්තා… ඇත්තටම එතකොට තමා ගමන ස්පීඩ් වුනේ. ඒ අස්සේ ආර තායිලන්ත ජාතිකයා අපව බිම තියලා ඩොට් වෙන්න නැගලා. පස්සේ කොහොම හරි ගෝල්ඩ් fish නැගලා නැගලා එයාට සෙට් වුනා. යන ගමන් මෑන්ස්ට අපේ සර් කෙනෙක් කිව්වා ශ්‍රි පාදයේ උඩ මළුවේ තියෙන ගංඨාරේ ගැන. ඒක ඉතින් මුලිංම යන කෙනාට ගහන්න බැහැනේ. දෙවෙනි පාර යන කෙනාට එක පාරක් පුළුවන්…. ඉතිං අර අපිත් එක්ක ගිය තායි ජාතිකයත් හා හොඳයි කියලා එහෙම ඒ කතාව පිළිගත්තා. හැබැයි උඩ මළුවට ගිහින් එයා ගංඨාරේ ගැහුවා. වැරදි විදියකට නෙමේ පිළිවෙතේ හැටියට හරි විදියට.. ඒක කරපු හැටි ඊළඟ කොටසින් දාන්නම්.
 
මේක කෑලි කරන්න වුනේ මේ ගමනේ තියෙන රසය අඩු වෙලා යනවා එක පෝස්ට් එකෙන් දැම්මොත් එහෙම. ඒ කියන්නේ ගොඩක් දේවල් නොලියා ඉන්න වෙනවා… ඒකයි….
 
දැන් මේ පෝස්ට් එක දාන්න පර්ක්කු වුනේ මම ඊයේ ගෙදර ගිහින් බලද්දී ලැපට කෙලවෙලා… පස්සේ ඒක හැදුවට සිංහල නෑ… ඊට පස්සේ උදේ ඔෆිස් ඇවිත් ලියන්න කියලා බලද්දී කාමරේ යතුර නෑ… ඊට පස්සේ කරන්ට් නෑ… පස්සේ ඔන්න යන්තං කොටලා කොටලා දැම්ම‍ා මේ දැං…

12 Responses to “ලයිට් කණුවයි… විනාඩි දෙකයි…”

  1. නවම් Says:

    ඒක මිසක් මං බැළුව මොකෝ මේ පරක්කුව කියල. බ්ලොග් එකට අළුත් ගැජට් එකක් දැම්මද පෝස්ට් එකක් දැම්ම ගමන් මිස් කෝල් එකක් එන්න හැහ් හැහ් 🙂 [පුංචි මීටිමක උන්නෙ ඒ වෙලාවෙ උඹෙ නොම්මරේට දාල තුබුනෙ “ඉස්සං මගුරං කියන මාළු සින්දුව. වස ලැජ්ජාව උනේ. විගහට අහක් කලා ඒක]

  2. dinesh Says:

    මෙහෙත් ඉන්නව තායි සෙට් එකක්,එවන්නද?උඹ වඩාගෙන උඩට එක්කගෙන යයි….හික්…….

    මරු මීටරේ.ලයිට් කණුවක් ගාව විනාඩි දෙකක්.යකෝ ඩ්‍රැවා ලෑල්ලට පෑගුවත් ගිනිගත්හේනට එනකන් නින්ද ගියා කියන්නෙ……!! එල,එල ඉතුරු ටිකත් දාපන්කො ඉක්මණට.

  3. සමාදි Says:

    අපොය් පලවෙනි පාරට යන අයට ගංඨාරේ ගහන්න බෑරිද? 😦

  4. kathandara Says:

    ජපානේ, තායිලන්තේ සුද්දෝ?
    කොණ්ඩෙ බැඳපු අයද?

  5. praසන්ன Says:

    වාහනේ පාගපු පෑගිල්ලෙ බයට නේද නිදාගත්තෙ.
    මං නං අහල තියෙන හැටියට මුලින්ම යන කෙනාටත් එකපාරක් ඝංඨාරෙ ගහන්න පුලුවං

  6. රත්ගමයා Says:

    අපිත් ගියා නේ සිරීපාදේ…ගෝල්ඩ්ෆිශ් අයියට කියන්න ගියේ බ්ලොග් ලියන එවුන් සෙට් එකක් එක්ක…ලමයා..රත්ගමයා…පොඩි මහත්තයා…බනියා…චේ උන්නැහේ වගේ තව කීප දෙනෙක් සෙට් උනා…ඔක්කොමල එකාට එකා දන්නේ නෑ….දුරකතන වලට පින් සිද්ද වෙන්න කොහොම කොහොම හරි එක තැනකට එකතු උනා…ඒ ගමන නම් අමතක වෙන්නේ නෑ කවදාවට්…දැනට සති 2ක් ඇති වැඩිම උනොත්

  7. ෴ හසියා ෴ Says:

    තෝ අපේ ගෙවල් පැත්තෙන් නේද ගියේ…ආ….ආයේ මේ පැත්ත පළාතේ පස් පාඟන්නෙ නෙවේ හොදද….ආ…

    හික් හික් නියම වන්දනාව…ඉතිරි ටිකත් දැම්මනම්….

  8. හිස් අහස Says:

    මම කවම කවදාවත් සිරිපා කරුණා කරලා නෑ …


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: