ආයෙත් නගිනවද?


ඔව්නේ… ආයෙත් නගිනවා. අර සමහර අයියලා වගේ නම් නෙවේ… වෙනස්ම විදියකට.
 
මෙදා පාර ගෝල්ඩ් fish සිරීපාදේ නගින්නේ පිටරටින් අපේ ෆැක්ටරියට යම් නිෂ්පාදන දුව්‍යයක් ගෙන්වන ආයතනයක ලොක්කෝ දෙන්නෙක් එකක්. දෙන්නම චීනේ. අර චාං චූං රටේ අය. ඉතිං දැන් අපේ අකේලේ දිනේෂ් එහෙම කට්ටියට කිව්වනේ මිනිහා සිරීපාදේ ගිහින් ගත්ත ආතල් ගැන. ඒ අස්සේ අර තවත් අයිය කෙනෙකුත් කිව්වනේ. ඉතිං ඒ ඔක්කොම අස්සේ ගෝල්ඩ් fishත් තමන්ගේ නිකලැල් චරිතයට කෙලවා ගත්තනේ.
 
හැබැයි ඔය එක සෙල්ලමක්වත් මේ පාර නං බෑ. මොකද යන්නේ සුද්දෝ දෙන්නෙකුයි, අපේ ඔෆිස් එකේ ‍ලොක්කෝ දෙන්නෙකුයි එක්ක. ඉතිං පාඩුවේ සිරීපාදේ කරුණා කරලා… බැති සිතින් ආපහු බහිනවා කියලා තමා හිතාගෙන ඉන්නේ. කලින් පෝස්ට් එකක කිව්වට මේ ගමන යන්න වෙන්නේ පෙබරවාරියේ කියලා… ජනේරුව අන්තිමේම සෙට් වුනා ගමන. ඇත්තට මේක අළුත් අත්දැකීමක් වෙයි මයේ හිතේ. අපි හිතන් ඉන්නේ හැටන් වලින් රෑ වෙන්න නැගලා, ඉර සේවය එහෙම බලලා පාන්දර පහලට බහින්න. හැබැයි ඒත් හැටන් වලින්ම තමා. ඇත්තටම ගෝල්ඩ් fish නම් කැමති හැටන් වලින් නැගලා රත්නපුරෙන් බහින්න… ඒත් අර සුද්දෝ දෙන්නට රත්නපුරෙන් බහින්න ජිංතු නැතිවෙයි කියලා… අපි බහින්නෙත් හැටන් වලින්ම තමා. ඒක තමා මේකේ තියෙන එකම අවුල.
 
නැත්තං ඉතිං ගමන් ගාස්තු ෆ්‍රී… කෑම බීම ෆ්‍රී… එතකොට ඉඳුම් හිටුම්, අනං මනං ඔක්කොම ‍ෆ්‍රී. මේ ස්වීප් එක ඇදුනේ හදිසියේ. ඒක නිසා ඉතිං හරියකට ලෑස්ති වෙන්නවත් බැරිවුනා. මගේ වින්ටර් කැප් එක අපේ මලයයි, තාත්තයි දානවා. ඉතිං ආයෙ ඒක ඉල්ලන්නත් බැහැ. දැං වින්ටර් කැප් එකක් ගන්න ඕනේ. ඒ මදිවට මේ ටිකේ වහිනවලු. රේන් කෝට් එකක් දාපු කාලයක් මතක නැති නිසා රේන් කෝට් එකකුත් ගන්න ඕනෙ.
 
වැඩිය ඕනේ නෑ, ඔය ඔක්කොම කරගන්න ඕනේ මේ දැන් හරි, තව සුළු මොහොතකින් ඔෆිස් එකෙන් පිටත් වෙලා හැටන් නල්ලතන්නියට ගිහින් හරි තමා. ඉතිං මේ පෝස්ට් එක දාන්නේ සීරීපාද වන්දනාවේ යන්න පොඩ්ඩ වෙලාවක් තියලා. දැනටම කට්ටිය මාව හොයනවද දන්නෙත් නෑ… මම තාම මගේ ඔෆිස් එකේ. කොහොමහරි කමක් නෑ, මම ඇඳුම් ඔක්කොම නම් ලෑස්ති කරගෙන ආවේ… අර දෙක විතරයි තව ගන්න තියෙන්නේ.
 
ඉතිං යාළුවනේ වැඩි විස්තර කියන්න වෙලා නෑ. ගෝල්ඩ් fish පරක්කු වෙලා තියෙන්නේ, ඒක නිසා ඔන්න බොහොම කෙටියෙන් කිව්වා යන ගමන ගැන. මොකක් හරි නොහොබිනා වැඩක් කරගන්න ලැබුනොත් එහෙම ඇවිදින් ලියලා දාන්නම් ඒටිකත්. ආයේ ඉතිං අපිට ලැජ්ජාවක් කියලා එකක් තියෙන එකක්යෑ. කට වරද්ද ගන්නත් හොඳ නෑනේ… ඉතිං ඇත්තටම ඒක නිසා මේ පාර නම් බොහොම හොඳින් මේ සුභ ගමන අරඹලා, කිසිම කරදරයකින් පීඩාවකින් තොරව අවසන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අනික මේ පාර අපිට වැඩි වගකීමක් ගන්න වෙලා තියෙනවා. මොකද පිටරට අමුත්තෝ දෙන්නා මීට කලින් කවදාවත් සිරීපාදේ ගිය අය නෙවෙයි. ඉතිං ඒ අය අධික සීතලට, ඒ වගේම ගොඩක් දුර ඇවිදීමට ඔරොත්තු දෙනවද කියලවත් අපි හරියට දන්නේ නැහැනේ. ඒක නිසා ඉතිං අපිට පිස්සු කෙලින්න ලැබෙන්නේ නෑ ‍කොහොමත්. ඒ දෙන්නවත් පරිස්සම් කරගෙන තමා අපිටත් යන්න වෙන්නේ.
 
ඉතිං එහෙනම් ගෝල්ඩ් fish, 2011 වසරේ ප්‍රථම මංගල මුල්ම ෆස්ට් ට්‍රිප් එක ගිහින් එන්නම් යාළුවනේ… මේ පාර නම් හිත හොඳින්, නරක වැඩ කරන්නේ නැතුව සිරීපාදේ කරුණා කරලා… ආයෙත් ඒ හික්මීමම හිතේ තියාගෙන පහල බහිනවමයි. එහෙනම් ඕං ගෝල්ඩ් fish සිරීපාදේට පීනුවා… ආහ්‍‍‍… හෙට හවස් වෙද්දී ආයෙත් ටැංකියේ.

Advertisements

11 Responses to “ආයෙත් නගිනවද?”

  1. අකීකරු හිත Says:

    සුබ ගමන්…හික්මීමම හිතේ තියාගෙනම බහින්න ලැබේවා…. 😀

  2. deeps Says:

    සුබ ගමන් මාළුවෝ

  3. නවම් Says:

    අග්ගල කන් ඩෝං පුතා….. හෙලේ නගින් ඩෝං පුතා………..

    පරිස්සමින් ගිහින් වරෙන් මාළුවෝ…

  4. පූසා Says:

    සුභ ගමන් මචෝ..

  5. arunishapiro Says:

    වඳින්න යන ඔබෙ නඬේට සුමන සමන් දෙවි පිහිටයි!

  6. dinesh Says:

    මම මේ ලඟකදි ඉඳල දැක්ක,උඹේ බ්ලොගේට දාන්නෙ මෝල් මාතෘකා.මොකද බං ඒ….??

    අපරාදෙ බං හැමදාම යන ගමනක්යැ.අවුරුද්දකට සැරයක් විතරනෙ.ඒක හින්ද උඹට හොඳ චාන්ස් එකක් ලැබේවා…කියල ප්‍රාර්තනා කරණවා.පරෙස්ස්මෙන් ගිහින් වරෙන්.බුදු සරණයි..

  7. හිස් අහස Says:

    පරිස්සමෙන් ගොහිං එන්න …

    ජය වේවා !!

  8. පිණිබිඳු Says:

    පරිස්සමින් ගිහින් එන්න. කට වරද්ද ගන්නැතුව යන්ට ඕන්..

  9. නවම් Says:

    උඹ ඊයෙ හවස නේද එනව කිව්වෙ. මොකෝ තවම නැත්තෙ. කකුල් කඩිත්තුව හැදිල නිදිය?

  10. ගෝල්ඩ් fish Says:

    @ අකීකරු හිත – කරදරයක් නැතුව ආවා ඔන්න

    @ deeps – තෑන්ක්ස් … ආයෙමත් ටැංකියේ

    @ නවම් – ඇති යන්නං , උඹ විතරයි අග්ගල මතක් කරේ

    @ පූසා – එල එල

    @ dinesh – චාන්ස් නම් වැද්නේ නෑ බං.. පළවෙනි ප්‍රශ්නෙට උත්ත‍රේ උඹ ලංකාවට ආවම දෙන්නම්

    @ හිස් අහස – මං ආවෝ

    @ පිණිබිඳු – ඇවාට පස්සෙනේ ඔයා සුභ පතන්නේ…

    @ නවම් – ලෙඩ ගොඩයි බං අයියේ


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: