පිස්සු ආච්චි සහ තාප්ප කරා



මෙන්න ඉතිං, අර ඉංග්‍රීසි පන්ති හොය හොය ගිය ගෝල්ඩ් fish ඇන්ඩ් යාළුවා පානදුරේ පන්තියට සෙට් වෙච්ච තැන ඉඳන් සිද්ධවුන විලිලැජ්ජ නැති කේස් ටික.
 
ගෝල්ඩ් fish කලිං කිව්වනේ මේ පන්තියේ ගෝල්ඩ් fish යාළුවෝ හෙන සෙට් එකක් හිටියා කියලා. ඉතිං ඒක නිසාම තමා මේ පන්තිය තෝර ගත්තේ. ඕනේ මරිසියකට සෙටාර් එකක්ම ඉන්නවනේ. ඔහොම අපි හොඳ සුවච කීකරු ළමයි වගේ මාසයක් විතර පන්ති යද්දි … අපේ සර් අපිට නියමිත පාඩම මුල ඉඳලම හරි ලස්සනට කරා. එක පරිච්චේදයක් ඉවර කලා මාසෙකින්. මෙන්න ඊට පස්සේ මාසෙත් අපිට හම්බුනා අළුත් පිටකවර තියෙන, අර කලිං කිව්වා වගේ දැක්කම බඩ පිරෙන ජාතියේ සිරා ටියුට්ස් සෙට් එකක්.
 
අපි ඉංගිරිස් පැත්තක තියලා ඕක රසවිඳිමින් ඉද්දී මෙන්න එක පාරටම සර් අපිව පාස් කරන් ඉස්සරහට යනවා. සර් අපිව දැක්කා. අපි අර ටියුට් එකේ ඉන්න කෙල්ලගේ කොට සාය උස්සලා බලන්න ඔන්න මෙන්න තියෙද්දී මේකා අපිව පාස් කරං ගියේ. ෂිඃ අපේ වුන්ට හරි අප්සට් වැඩේට. මොකද ඒ සර්ත් ජොලි පොර නිසා කටකැඩිච්චි කතාවක් අහගන්න වෙනවමයි වෙච්ච දේට. ඉතිං අපිත් කට ඇරගෙන කියන හැම දේම ග්‍රහණය කරගන්න බලාගෙන ඉද්දී… නැගිට්න්න ඔය පුතා… කියලා ගෝල්ඩ් fish ව පෙන්නුවා. හරි බඩු හරි වගේ… කියලා හිතා‍‍ගෙන නැගිට්ටා. ඔය පුතා මොනාද අළුත් ටියුට් එකේ රසකර කර බැළුවේ? වෙලාවට ඒක ඇහුවේ සිංහලෙන්. ඉංගිරිස් වලින් ඇහුවනම් එහෙම ගෝල්ඩ් fish ටත් වෙන්නේ… අර කාලෙකට කලිං ඇඩ් එකක් තිබුනේ ස්කෝලේ ළමයෙක් ස්කෝලේ ඉවර වෙලා පාර යන ගමන් බෑග් එකෙන් පසුපස ප්‍රදේශය ආවරණය කරගෙන, පස්ස හැරි හැරි ඒක දිහා බල බල යන සීන් එකක්… ඉතිං අන්න ඊට චුට්ටක් වෙනස් දේකට තමා මූන දෙන්න වෙන්නේ. කොහොමත් ඒ දවස් වලත් ගෝල්ඩ් fish ග්‍රැෆික් කාරයා නිසා, සර්ට කිව්වා… සර් මේකේ මාර කර්ල්ස්නේ සර් තියෙන්නේ… මාර ක්ලියර්… ලංකාවේ නෙමේද සර් සර් මේ ටියුට්ස් ප්‍රින්ට් කලේ කියලා.
 
මෙන්න සර් කියනවා… ෂා මාර අයි එකක්නේ පුතා. ඇත්තටම ඕක මං ගිය පාර ඉන්දියාවේ ගිහින් එද්දී එහෙන් ප්‍රින්ට් කරවගෙන ආපු එකක්. අන්න බලන්න ළමයි අන්න ඒ වගේ විචක්ෂනශිලී වෙන්න… කියලා වෙච්ච සීන් එක පැත්තක දාලා සර්ග් පම්පෝරියත් කියවලා මට ලකුණු ටිකකුත් දැම්මා. අනේ අම්මපා සර් දන්නවනම් අපි ඒ කෙල්ල දිහා බලාගෙන හිතපුවා, සර් එතෙනම බෙල්ලේ වැල දාගන්නවා. අපිනේ දන්නේ අපේ විචක්ෂනශීලිත්වය. හික්ස්…
 
මේකත් ඒ සීන් එකටම අදාලයි. දැන් අර කතාබහ ඉවර වෙලා පන්තිය පටන් ගත්තම අපිට ලියාගන්න කියලා නෝට්ස් වගයක් දුන්නා. ඉතිං ලියා ගෙන යද්දී ඒක නිකං කලිං ලියලා තියෙනවා වගේ. පස්සේ පොත ආපස්සට හරවලා බලද්දී. ඇත්තටම ගියා මාසෙත් අපි ඒ පාඩම කරලා. ඒත් කව්රුත් ප්‍රශ්න කරන්න ගියේ නෑ. මොකද මේ පාර ටිකක් ඇඩ්වාන්ස් වගේ නිසා. ඉතිං ඔය විදියට අපිට ඊට පස්සේ මාසේ ඒ කියන්නේ පන්තියට ගිහින් තුන්වෙනි මාසෙත් අපිට අළුත් ටියුට් සෙට් එකක් හම්බුනා. හැබැයි ඒකෙ තියෙන්නෙත් කලිං මාස දෙකේම වගේ එකම දේ. මේක ඉතිං මාර කේස් එකක්නේ. ඉතිං අපි ඒ පන්තියට ගිහින් මගදී නැවතුන යාළුවෙක්ගෙන් ඇහුවම තමා දැනගත්තේ සර් ඉන්දියාවේ ගිහින් ප්‍රින්ට් කරගෙන එන්නේ උසස් පෙළ සිලබස් එකේ මුල් කොටස විතරයි කියලා හැමදාමත්. අනේ ඉතිං මාස තුනකට පස්සේ අපි 30ක් විතර ඒ පන්තියෙන් නැවතුනා.
 
දැන් නම් සමහර මාළුවෝ දන්නවත් ඇති ඒ සර් කව්ද කියලා. නේද?
 
මේ සීන් එක වුනේ අර මාස තුන ඇතුලතදී දවසක. මේක තමා ජොලිම සීන් එක. අපි ඉතිං හැමදාමත් ටිකක් කලිං ගිහින් පන්තිය ඉස්සරහ කයිය දාන් ඉන්න පුරුදුවෙලා හිටියා. ඉතිං ගාළු පාර අයිනේ නිසා එක එක වාහන ගැන… එතකොට අනුන්ගේ වාහන ගැන, ඊට පස්සේ ලයිසන් නැතුව දුවන්න පුළුවන් පොදු වාහන ගැන වගේ තමා වැඩිහරියක් කතා වෙන්නේ. ඔහොම දවසක් ඉන්න කොට පිස්සු හැදිච්ච ලොතරැයි විකුණන ආච්චි කෙනෙක් ඇවිත් අපේ සම්පත් කියන යාළුවගෙන් ඇහුවා ටිකට් එකක් ගන්නවද කියලා. මූත් වැඩිය හිතන්නේ නැතුව අර ආච්චිගෙන් ඇහුවා… ආච්චි ගාන කීයද කියලා.
 
ඊට පස්සේ තමා කේස් එක. ආච්චි හිතලා තියෙන්නේ වැරදියට. අපි ඇහුවේ ලොතරැයියේ ගානනේ. ඒත් ආච්චිගේ නරක හිත නිසා එයා ඒක වෙන විදියකට හිතලා තියෙන්නේ. ආච්චි අපිට කියනවා, තොපි හිතුවද යකෝ මම වේ* කමේ ආවා කියලා. තොපිට නාඩි වැටෙනවම් නම් ඕනෙ හු**ක් එකයි නේද යකුනේ? කියලා පාර මැද්දේ කෑ ගහනවා. මළ විනාසයයි. එහෙන් පන්තියේ කෙල්ලෝ ටික බලාගෙන ඉන්නවා. පාරෙ මිනිස්සුත් බලං ඉන්නවා. දැන් එකෙකුටවත් කට උත්තර නෑ. පස්සේ අපි හිමීට ඇතුලට මාරු වෙද්දී ආච්චි ආයේ කෑගහනවා, කොහෙද තොපි යන්නේ, හිටපියව් තොපිට යවන්න කියලා, පාරේ අයිනේ තිබ්බ තඩි තාර කෑල්ලක් අරගෙන ගැහුවා අපිට. ආච්චිට මුකුත් කියන්නත් බැහැ, දැන් මාර සීන් එක. පස්සේ කට්ටිය එක හෙලාම තීරණය කලා පන්තියේ පිටිපස්සට දුවන්න කියලා. එ‍තෙන 10 ක් විතර හිටියා. ඉතිං ආච්චි තවත් ගල් කෑල්ලක් ගද්දිම අපිටික හුරේ රන් එක. පන්තියේ බිත්තියයි, ඒ ඉඩමේ තාප්පෙයි අතරින් තමා පන්තිය පිටිපස්සට යන්න තියෙන්නේ. ඉතිං ගෝල්ඩ් fish සුපුරුදු පරිදි අනිත් එවුන්ට යන්න දීලා යද්දී මෙන්න බොල ගඩොල් තාප්පෙ උඩින්… බිමින් යන අපිවත් පාස් කරන් හෙවනැල්ලක් ඇදෙනවා ඉස්සරහට. උඩ බලද්දී අපේ සම්පත්. ඌට තිබුන බයට අඟල් හතරක් පලල ගඩොල් වලින් බැඳලා තියෙන අඩි 4ක් විතර උස තාප්පේ උඩින් ඌ ‍නිකං ස්පෝට් මීට් එකේ මීටර් සීය දුනනවා වගේ දුවනවා. ඒ තාප්පෙත් අඩි 50ක් විතර දිගයි . මූ ඒ ලඟ පාත තියෙන වහලක්වත් අල්ලන්නේ නැතිව අරිනවා තියලා. ඔය ඔක්කොම වුනේ තත්පර 25ක් විතර ඇතුලත. ඊට පස්සේ සම්පත් අපිට කලින් පන්තිය පිටිපස්සට ගිහින් බිම වාඩිවෙලා හති අරිනවා.
 
ඉතිං අපිත් වතුර ටිකක් බීලා… හිනා වෙන ගමන් සම්පත් ගෙන් ඇහුවා, කොහොමද මචං බය නැතුව තාප්පෙ උඩින් දිව්වේ කියලා. මූ කියනවා… තොපි මාර යාළුවෝ තමා… මාව දාලා දුවගෙන ඇවිත් මෙතෙන මගුලක් කියවනවා කියලා. ඇත්තටම අපිට මීටර් වුනේ නෑ සම්පත්ට මොකද වුනේ කියලා. පස්සේ තමා දැනගත්තේ සීන් එක. අර ආච්චි අපි දුවද්දී සම්පත්ගේ අතින් ඇදලා අල්ලාගෙන, ආච්චිගේ පපුවට සම්පත්ගේ ඔලුව තියලා තද කරගෙන සම්පත්ට කියලා… ඉඳා දැන් තොට ගාන ගානක් ඕනෙ නැහැනේ… කියලා. මූ බය වෙච්ච පාරට ආච්චිව පැත්තකට තල්ලු කරදාලා තමා තාප්පෙ උඩින් ක‍රාටෙ කිඩ් ඇක්ට් කරලා තියෙන්නේ. පස්සේ ඉතිං කට්ටිය හිනා වෙනවා හෝ ගාලා. සම්පත් මන්ද මෝල් වෙලා වගේ ඔහේ බලාගෙන ඉන්නවා තිගැස්සුන තරමට. පස්සේ යන්තං පන්තියට එක්කං ගිහින් ගෙදරටම ගිහිල්ලත් බස්සලා තමා අපි හතර පස්දෙනෙක් ගෙදර ගියේ. හැබැයි මොනා වුනත් අනිත් වුන් වගේ සම්පත් පන්ති නෑවිල්ලනම් හිටියේ නෑ. අපි පන්තියෙන් නවතිනකම්ම සම්පත් අපිත් එකක්ම ආවා. ඒත් පිස්සු වැඩ නම් කලේ නෑ. ඉතිං අපි ඒ කේස් එක අල්ලලා මිනිහාට කාඩ් එකක් ගැහුවා… කරාටේ රනර් කියලා. පස්සේ නම කෙටි වෙලා, ටිකක් වෙනස් වෙලා එහෙම තාප්ප කරා කියලා භාවිතකරා. දැන්නම් ආයෙමත් සම්පත්. ඉඳලා හිටලා හම්බුනාම ඉතිං කාඩ් වලින් අමතන්න බැහැනේ. හැබැයි අදටත් එදා පන්ති ගිය සෙට් එකේ කාව දැක්කත් ඔය සීන් එකට හිනා ගිහින් තමා විස්තර අහන්න පටන් ගන්නේ.
 
ඉතිං අපි වගේ වීරක්‍රියා කොරපු මාළුවෝ වෙන ඉන්නවද මන්දා?
 
ඔය අකරතැබ්බයට පස්සේ තමා ගෝල්ඩ් fish එන්ජල්ගේ මව්තුමියගේ පන්තියට සෙට් වුනේ. නැත්තං බලයි මූ ඊට පස්සේ ඉංගිරිස් වලට පන්ති ගියේ නැද්ද කියලා.

%d bloggers like this: