අපේ ඉංගිරිස් කෙරුවාව…


ඔන්න ඉතිං ගෝල්ඩ් fish සාමාන්‍ය පෙළ කරලා අර කවුරුත් වගේ ගන්ධබ්බ කාලයේ ඉද්දී, ගෝල්ඩ් fish ගේ අම්මා කිව්වා ඉංග්‍රිසි පංතියක් හොයාගෙන ඒකට යන්න කියලා‍. ඉතිං ගෝල්ඩ් fish කලේ ගෙවල් ළඟම තවත් යාළුවෙක්ව සෙට් කරගෙන පන්ති හෙව්ව එක. හෙව්වා කියන්නේ ඇත්තටම ටෙස්‍ට් කලා. ඒ කියන්නේ පන්ති වල තත්ත්වය හොයා බලන්න අපි පන්ති ගානේ ගියා. ඒ ගමන තමා මරුම. මාර ජොලි.
 
ඉතිං හා හා පුරා කියලා මුලින්ම ගියේ කළුතර සක්සස් එකේ තිබුන ඉංග්‍රිසි පන්තියට. ඒ තැන අද වගේම එදාත් ඉංග්‍රිසි වලට අත්පත් කරගෙන හිටියේ බුදුහාමුදුරු කෙනෙක්ගේ නමක් තියෙන සර් කෙනෙක්. ඉතිං ඒ දවස් වලට පාර පුරා කටවුට් ගහනවා, ඊට පස්සේ හැම බස් හෝල්ට් එකකම පෝස්ටර්, ඒත් සෙනග මදි වගේ නම් අනිත් පංති ගාවට ගිහින් අත් පත්‍රිකා බෙදනවා. ඔන්න ඔහොම ගහපු කටවුට් එකක් දැක්ලා තමා අපි දෙන්න අර සර්ගේ පන්තියට සෙට් වුනේ. වැරදුනා ටෙස්ට් කලේ.
 
ඒ කට්වුට් එකේ තිබුනේ මෙහෙම…

 
ආරම්භක දිනයේ, වටිනා සිංහල-ඉංග්‍රිසී ශබ්ද කෝෂයක් නොමිලේ…
 

ඉතිං අපිත් උඩපැනගෙන ගියා පන්තියට. ඒ දවස් වල මධුර එහෙම තිබුනේ නැහැනේ. ඒ මදිවට ශබ්ද කේෂයකුත් ටිකක් ගනන්නේ. ඉතිං පන්තිය පටන් ගන්න විනාඩි 10ක් විතර තියලා තමා පන්තියට ගියේ. අප්පට සිරි, ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ පන්තියේ. සූටි සූටි කෙල්ලොයි, අපිටත් වැඩිය ලොකු කොල්ලොයි පිරිලා. පළවෙනි වතාව නිසා නිකං අමුතුයි වගේ. පස්සේ අර කාඩ් බෙදන, සර්ගේ චූටියා ඉන්නවනේ, ඉතිං අපි ඌ ගාවට ගිහිං අපි ‍ඉංග්‍රිසි පන්තියට ආපු බව කිව්වම ඌ මාර සන්තෝස වෙලා, අපිට මාර ලස්සන, ෆෝ කලර් මදි වෙලා තව ස්පෙෂල් කලර් දෙකකුත් දාලා ඔෆ්සෙට් කරලා ලැමිනේටිං කරපු මැක්සා ෆයිල් එකක් දුන්නා. අම්මෝ ඒක ඉස්සරහා හිටිය කෙල්ල… තාම මයිල් කෙලින් වෙනවා, ඒ කෙල්ලගේ ඇස් දෙක මතක් වෙද්දී. පස්සේ අපි එතෙනම ඉඳගෙන බැළුවා වටිනා ශබ්ද කෝෂය තියේද කියලා. ඒක නෑ… අපි හිතුවේ වැරදීමක් වෙන්න ඇති කියලා. ඉතිං සර්ගේ චූටියාගෙන් ඇහුවා. මෙන්න බොල ඌ කියනවා… ආ… ඒක ඕනෙනම් පන්තියට ඇතුලත්වීමේ ගාස්තු ගෙවලා, කාඩ් එකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මගේ යාළු‍වා කිව්වා, ඒ වුනාට කටවුට් වල තියෙන්නේ නොමිලේ කියලනේ කියලා. පස්සේ චූටියා කියනවා, ඔව් ඉතිං පන්තියට රෙජිස්ටර් වුනාම නොමිලේ දෙනවා කියලා. අනේ තොගේ ආච්චිට… කියලා හිතී ගෙන ආවාට කටින් පයින්නනම් දු‍න්නේ නෑ.
 
ඊට පස්සේ ඉතිං අපේ ගොංකම අපිට තේරුම් ගිය නිසා, ශේප් එකේ පන්තියට ගිහින් වාඩි වෙලා සර්ගේ මහ ලොකු දේශනේ අහගෙන ඉඳලා එන්න ආවා. ඊට පස්සේ ඒ පන්තිය පැත්ත පලාතක ගියේ නෑ. ඒත් දෙයියනේ අර කෙල්ල. අර… අර … ෆයිල් එකේ හිටිය කෙල්ල. අම්බෝ… මාර ඇස් දෙක.
 
මෙන්න දෙවෙනි ටෙස්ට් එක. මේක තිබුනෙත් කළුතර. රෝයල් වේ ආයතනයේ. ඒකෙත් කටවුට් ගහලා තිබුනා. ඒ කටවුට් එකේ ලොකුවටම තිබුනේ ඉඩකඩ සීමිතයි කියලා. ඉතිං අපි සර්ගෙත් පංතියට විනාඩි 30ක් කලිං ගියා. ඇයි ඉතං අපිට එලියේ ඉන්න වුනොත් එහෙම‍ කියලා. පස්සේ ඒ සර්ගෙත් චූටියා අපිව 200කට විතර ඉන්න පුළුවන් ශාලාවක ඉස්සරහින් වාඩිකෙරෙව්වා. ඊට පස්සේ ඔන්න එකා දෙන්න ආවා. පස්සේ සර්ත් ඇවිල්ලා, පුරුදු පරිදි ලස්සන ගෑනු ළමයෙක් කොටට ඇඳන් ඉන්න පින්තූරක් දාපු මැක්සා ෆයිල් එකකුයි තවත් ඩේ කාඩ්ද අරවද මේවද හෙන තොගේකුයි දුන්නා. ඒත් දැන් අපිට මාර ප්‍රශ්නේ… ඇයි ඉතිං ඉඩකඩ සීමිතයි කිව්වට තව ඉඩ තියෙනවනේ. කොහොමහරි සර් පන්තිය පටන් ගත්තා. පැයක් විතර ලෙක්චර් එකක් දීලා, හරි දැන් ගෙවල් වලට යන්න කිව්වා. ඉතිං අපි නැගිටලා බලද්දී තමා දැක්කේ ඇවිල්ලා හිටිය සෙනග. මගේ අම්මෝ… ඒතරම් සෙනගක් මං කිසිම පන්තියක දැක්කේ නෑ…. අපිට ඉස්සරහින් 20ක් විතර හිටියා. අපිට පිටිපස්සෙනුත්.. සූ ගාලා 6ක් 7ක් විතර හිටියා. ඉතිං අපිට තේරුනා ඒ සර්ත් අපිට හොඳවැඩියි කියලා.ඒක නිසා අපි ඒ පන්තියටත් නොයා ඉන්න තීරනය කලා.
 
මෙන්න අපේ පන්ති සෙවිල්ලේ අන්තිම ලාස්ට් ෆයිනල් හෙවත් ටික කලකට ජයාග්‍රාහී පන්තිය. මේක තිබුනේ පානදුරේ. ඉතිං ගෝල්ඩ් fish ගේ ටැංකියේ ඉඳන් පානදුරේට හරියටම කිලෝමීටර් 10ක් නිසාත් ගමනට ගතවෙන කාලය විනාඩි 30 ක් නිසාත්, මගදී මොනාහරි නාඩගමක් නටන්නම ඕනෙ නිසාත් අපි පැයක් කලිං ගෙදරින් ආවා. නෑ… නෑ… ටැංකියෙන් පැන්නා. පස්සේ අර ඉතුරු පැය භාගෙ පානදුරේ රවුම් ගහ ගහා ඉඳලා ගානට පන්ති පටන් ගන්න ටයිම් එකට ආවා.
 
මෙන්න වැඩක්. ගෝල්ඩ් fish ‍ගේ ස්කෝලේ යාළුවොයි, අනිත් යාළුවාගේ ස්කෝලේ යාළුවොයි, තවත් අපි දන්න යාළුවෝ හෙන ගොඩකුයි ඒ පන්තියට සෙට් වෙලා. ඉතිං එතෙන කිසි පාළුවක් නෑ. පස්සේ එතෙනදිත් සර්ගේ චූටියා, අපිට අර වගේම ෆයිල් එකයි, ලීෆ්ලට් සෙට් එකයි දුන්නා. පස්සේ පන්තියට ගිහින් වාඩි වුනාම, මෙන්න ආයෙත් වැඩක්… අර පන්ති දෙකේම නැති තරං සූටි ගැණු ළමයි ප්‍රතිශතයක් මේ පන්තියේ ඉන්නවා. ඉතිං ඉංගිරස් නැත්තං වෙන මොනහරි දෙයක් වත් ඉගෙන ගන්න බැරියෑ කියලා අපි ඔක්කෝමලා දෙයියනේ කියලා ඒ පන්තියට සෙට් වුනා. ඊට පස්සේ හැමදාමත් සිකුරාදට අපි ඒ පන්තියට ගියා. ඉතිං ඔය යන අතරෙදි වෙච්ච ජොලිම ජොලි කතා ටික, ඊළඟ කොටසින් කියන්නම්…
 
ඒත් දැන් මට පොඩි ප්‍රශ්නයක්… ඇත්තටම අපි දෙන්නා විතරද මන්දා ඒ විදියට පන්ති ටෙස්ට් කලේ?

Advertisements

11 Responses to “අපේ ඉංගිරිස් කෙරුවාව…”

  1. හංසකිංකිණි Says:

    අනේ අනේ…. මේගොල්ලොත් ඔය උඩිං ඔපේ යටිං හපේ ඉංගිරිස් පන්ති ගානෙ ගිහින් හැඩයි.
    ආ ඒක නෙවෙයි…. කිරිබත් කෑවැයි…? හකුරුත් එක්ක….?

  2. නවම් Says:

    පිස්සුද මාළුවො, උඹ විතරක් නෙමෙයි, මාත් ඔහොම ටැස්ට් කොලා.. හරිම ජොලි බං ඒ දවස් වල. මාත් ඒ ලෙවල් කරන කාලෙ ගාල්ලෙ තිබුන හැම පන්තියකටම ගියා. කොට සායවල් ඇඳං ඉන්නෙ ලැමිනේට් කරපු කොල්ලො ඒදවස් වල මගෙ මේසෙ පුරාම. ඒ වැඩේ කොච්චර අල්ලල ගියාද කියනවනං ඒ ලෙවල් ඉවර වෙනකංම පන්ති මාරු කලා. ඒකෙන්ම විභාගෙත් කෙල උණා බං.

  3. අකීකරු හිත Says:

    අපුරු පන්ති යෑමක්නේ

  4. dinesh Says:

    මාත් ඔහොම ඇවිදල,ඇවිදල අන්තිමට කුරුණෑගල Y.M.B.A එකේ ස්තීර පදිංචිය හදා ගත්තා.මොකද ඒකෙ සැප හොඳයි.සැප මොනවද කියල කියන්න යන්නෙ නෑ ඕං.
    අඩේ අර ෆයිල් එක එදා මෙදා තුර පලවෙනි දවසට පොදු ධර්මතාවයක් නේද?ෆයිල් පැත්තකින් තියමුකො.හෑන්ඩ් බිල් දැක්කාම වැල පොටෝ එකක් දැක්ක වාගෙ හික්…..

  5. Ayesha Says:

    අපූරුවට ලියලා තියෙනවා යාළු ඉංගිරිස් කෙරුවාව ගැන

  6. හිස් අහස Says:

    මගේ ඉංගිරීසිය ගැනනම් මම ගෝල්පීස්ට දවසක් කීව මතක ඇති නේද ? ඇත්තම කීවොත් මම හරිම ආසාවෙන් පන්ති ගියා මම පන්ති යන්න ගෙදරි ගියා .. ඒත් කොහේ ගියාද කියලා මට මතකනෑ ..

    ජය වේවා !!

  7. රත්ගමයා Says:

    පන්ති කතා නම් අම්බානෙක…ඔය වගේ කුප්ප වැඩ කොරන්නේ කොල්ලෝ කුරුට්ටෝ පන්ති වලට ඇද ගන්න කියලා දැන් තමා අප්ප තෙරෙන්නේ….අර ඩික්සහ්නේරිය දෙන්න සෙට් උනා වගේ වඩක් මටත් උනානේ බොලේ…..හික්ස්…

  8. ගෝල්ඩ් fish Says:

    @ හංසකිංකිණි – කිරිබත් කෑවා. නියමයි. අක්කා ඒක මතක් කලාට තෑන්ක්ස්.

    @ නවම් – ෂා… අයිය මට වැඩිය හොඳට වැඩේ කරලනේ.

    @ අකීකරු හිත – එහෙම තමා හොඳ ළමයි.

    @ dinesh – උඹත් එහෙනම් ඉංග්‍රිසි පන්ති ගිහින් තියෙනවා නේද?

    @ Ayesha – සෑබෑ අත්දැකීම්නේ මචං…

    @ හිස් අහස – මට මතකයි තමා, උඹ දවසක් ඒ ගැන කිව්වා.

    @ රත්ගමයා – ඕවා පොදු දේවල් මල්ලී.

  9. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    මමත් කාලයක් ඉංගිරිසි පන්තියකට ගියා.හොදට ඉන්ගිරිසිනම් (නො ) ඉගෙනගත්තා.හැබයි ඉතින් අත්දැකීම් ටිකනම් ජීවිතෙට අමතක වෙන්න නැ.
    ඔයාගේ ඊලග කතා මාලාව බ්ලාපොරොත්තු වෙනවා සහෝ

    ඉක්මනට ලියන්න

    ඩික් මම කිව්වේ අර ඩික්ෂනරි සීන් එක නුගේගොඩ ක්ලාස් එකකදී ඔය වගේ වැඩක් වුණා.අපේ එකා සර්ගෙන්ම අහලා “සර් කෝ ඩික් එකකියලා ” ඌ ලස්සනට නාගෙන ඇවිත් තිබ්බා.ඒක වෙනම කතාවක්

  10. සාතන් Says:

    බලපන්කො මාළුවො…. සාතන්ගෙ අවාසනාවට ඔහොම ඉංග්‍රීසි පන්ති යන්න වුනේ නැහැනෙ…. අඩවිය කිට්ටුව තිබුන නයිට් ක්ලාස් එකකට විතරයි ගියෙ… කෙල්ලොත් නෑ…. ෆයිල් කවරත් නෑ…. දාර සයිස් අක්කල අයියල විතරයි හිටියෙ…. මෙලෝ රහක් නෑ….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: