අපෝ මේක නම් කතා පෙට්ටියක්… මගේ යශෝධරා වත 8



මේක යශෝධරාව මුලින්ම… මුලින්ම හම්බුන කතාව. ඒ දවස් වල මං කුමාරයා අට වසරේ විතර. මගේ මව්තුමීය අහල පහල රාජධානී වල ඉන්න නැන්දිල මාමිල එක්ක කතිකා කොරල විස්තර හොයල බලල එහෙම, මාව දැම්ම දෙවන බස පන්තියකට.
 
ඉතිං මේක පැවැත්වුනේ අඟහරුවාදයි, සිකුරාදායි තමා. හවස ස්කෝලේ ගිහින් ආපු ගමන් මං කුමාරයා කරන්නේ පංති යන්න ලෑස්ති වෙන එක. ඒ දවස් වල මෝල් කලෙන්තෙ ඉහට ගහල නිසා අහල පහල රාජධානිවල කුමාරිකාවක් හිටියත් ඒකටත් බැල්මට් එක දාගෙන තමා ඔය පන්තියට යන්නේ. අනිත් එක තමා ඔය පන්තියට, ඒ කියන්නේ වෙන්ඩ යශෝධරාවගේ මව්තුමියගේ පන්තියට මං කුමාරයගේ යාළු ඇමති වරු කීපදෙනෙකුත් ආවා. ඒක නිසා ඉතිං කම්මැලි කමක් නෑ. ආ…. තව හේතු 2ක් තිබුනා මේ පන්තියට යන්න වැඩියෙන්ම ආසා කරපු. එකක් තමා මං කුමාරයා කන්තක එක්ක යශෝධරාවගේ මව්තුමියගේ පන්තියට එන්නේ පොල් තෙල් මෝලක් තියෙන පාරකින්. ඉතිං ඒ එන ගමන් පොල් තෙල් මෝලට ගිහින් රුපියල් 10ක විතර පැල මද අරගෙන බඩ පැලෙන්න තනියම ගාලා තමා පන්තියට එන්නේ. සමහරදාට හුස්ම ගන්නත් බෑ.
 
ඊට පස්සේ එහෙම පන්තියට ආවම, යශෝධරාවගේ මාලිගයට ඉස්සරහා වත්තේ කෑලෑවක් වගේ තමා තිබුනේ. ඉතිං මං පැල කාලා ටිකක් පරක්කු වෙලා එද්දී අනිත් ඇමති වරු සේරොමලා ඇවිත්. ඒත් පන්ති පටන් ගන්න තව විනාඩි 45ක් විතර තියෙනවා. ඉතිං අපි කරන්නේ අර අල්ලපු රාජකීය වනෝද්‍යානෙට පයින එක. ඒකෙ තියෙනවා, රඹුටන්, ලොවී, දං, බෝවිටියා, අන්නාසි… වෙරලු වගේ එක එක ඒවා. ඉතිං අපිට වැඩි හරියක් හම්බුවෙන්නේ ලොවි තමා. හැමදාම පන්ති පටන් ගන්න කලිං ලොවි කාලා දත් ටික දුඹුරු පාට කරගෙන තමා පන්තියට එන්නේ. හැබැයි මං කුමාරය‍ට වැඩිය කන්න බෑ. මොකද පැල මද හය හතකට වගකියලා එන නිසා වැඩියකන්න අමාරුයි. ඊට පස්සේ පන්තිය පටන් ගන්නවා.
 
ඔන්න වෙන්ඩ යශෝධරාව‍ගේ මව්තුමිය පන්තිය කරගනෙ යන ගමන් ප්‍රශ්න අහනවා. ඒ අහන ප්‍රශ්න වලට අ‍පේ ඇමතිවරු කාටවත් උත්තර නැහැ. මොකද උන් කරන්නේ පන්තිය පටන් ගන්න කලිං කාපු දේවල් ගැන කියෝ කියෝ ඉන්න එක. ඒත් මං කුමාරයට එහෙම බෑ. මොකද පැල මද කාල කාල හුස්ම ගන්නත් බැරුව ඉද්දී නිකංම පාඩටම කන හිටිනවා. පස්සේ ඉතිං මං කුමාරයා තමා අහන හැම එකටම උත්තර දෙන්නේ. හරිද වැරදිද කියන්න දන්නේ නෑ. ඔහේ කියනවා. පස්සේ මෙහෙම උත්තර දෙන ගමන් මව්තුමියගෙනුත් ප්‍රශ්න අහනවා. සමහර ඒවා කිසිම ‍තේරුමක් නැහැ. ඉතිං අනිත් එවුන් ගල් ගිලලා වගේ සද්ද නැතුව ඉද්දී, මං කුමාරයා ටිකක් කතා කලත් ඒක හරි සද්දෙන් ඝෝෂා කරනවා වගේ තමා අනිත් අයට. ඒ කියන්නේ මව්තුමියගේ, මව්තුමියට එහෙම… ඒ දවස් වල ඉතිං යශෝධරාව ගොඩක් පුංචියි. ඉතිං එයා ගැන හිතන්නේ නෑ. මං මගේ ලෝකේ අනිත් වුන් උන්ගේ කෑලෑ ලෝක වල.
 
පස්සේ දවසක් මෙහෙම මවුතුමිය ප්‍රශ්න අහද්දී, මං කුමාරයාත් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට උත්තරේ හම්බුනාම මම ආයේ ප්‍රශ්නයක් ඇහුවා. ඔහොම, ඔහොම මං කුමාරයා අන්තිමේ ගුරුතුමා වෙලා, මවුතුමිය ගෝලයා වුනා. මේක බලන් හිටිය යශෝධරාවගේ මිත්තනිය, ඇයි දුවේ දැන් මෙයාද උගන්නන්නේ කියලා, මං කුමාරයාගේ කන මිරිකලා, අහනවා ස්කෝලෙත් ඔය කොලු පැංචා ඔහොමමද කියලා. මට මේ ඥාව් කියාගන්න බැරුව ඉන්නවා, කන මිරිකලා නිසා, ඒ අස්සේ තව ප්‍රශ්නත් අහනවා. පස්සේ යන්තං කන අතෑරපු ගමන්, මං කුමාරයා කිව්වා, නෑ.. ස්කෝලේදී නෑ, මෙහෙදී විතරයි කියලා… දුවලා ගිහින් මව්තුමියගේ මව්තුමියට අහුවෙන්නේ නැතිවෙන්න, මව්තුමියගේ ලඟට ඇදුනා. ඊට පස්සේ මිත්තනිය කියනවා අපෝ මේක නම් කතා පෙට්ටියක් කියලා.
 
ඊට පස්සේ මව්තුමිය මට නමක් දැම්මා චැටර් ‍බොක්ස් කියලා. ඇයි ඉතිං කියවනවා කියවනවා ඉවරයක් නැහැනේ… ඒක නිසා.
 
ඊට පස්සේ ඔහොම ටික දවසක් යද්දී, මං කුමාරයා හැදුවා එල සර්කිට් කෑල්ලක්. ඒක තමා මං කුමාරයා මුලින්ම හදපු සාර්ථකම ට්‍රාන්ස්මීටරය. ඊට පස්සේ නම් ඊට වැඩිය සිරා එකක් හැදුවා. ඒත් ඒ දවස්වල හැටියට ඒක හෙන ලොකු දෙයක්. පස්සේ මේක මං කුමාරයා මගේ මාලි‍ගයේදී ටෙස් කරලා බැලුවම ටීවී එකේ යන චැනල් වලටත් හරස් කපන්න පුළුවන් ජාතියේ එකක්.
 
ඉතිං මං කුමාරයා යශෝධරාව‍ගේ ගෙදර පන්ති යන දාට එහේ ඉන්න යශෝධරාව පිරිවරාගත් අනිත් අංගනාවෝ දෙන්නා මහ හයියෙන් ටීවී එකේ කාටුන් බලනවා. පන්ති පටන් ගද්දී තමා ටීවී එක ඕෆ් කරන්නේ. ඉතිං දවසක් මං කුමාරයා මගේ ට්‍රාන්ස්මීටර් යන්තරේ පැන්සල් පෙට්ටියක අටවගෙන අරං ගියා, අද පෙන්නන්නං කාටුන් කියලා. යන ගමන් පැල මද කාලා ගිහින්, කන්තව පැත්තක තියලා ඇවිත් ඇමති වරු ටිකට කිව්වා සීන් එක. මුන් ටික එක පයින් කැමතියි. කාටුන් චැනල් එකට එරෙහිව යුද ප්‍රකාශ කරන්න. පස්සේ අපි යශෝධරාවගේ වත්තෙන් එලියට බැහැලා පාරට ආවමත් කාටුන් සද්දේ ඇහෙනවා. ඊට පස්සේ මං කුමාරයා පටන් ගත්තා වැඩේ.
 
ඔන්න ටියුන් කරනවා කරනවා, ඉවරයක් නෑ. සද්දයක් වත් නෑ. කාටුන් එක දිගටම වැඩ. මං කුමාරයා දැන් ටික ටික නෝන්ඩි වී ගෙන යන්නේ. ඉතිං බැළුවා මොකද්ද අවුල කියලා. පැල ගන්න සල්ලි හොයන්න සාක්කුවට අත දාද්දී වයර එකක් ගැලවිලා. ඊට පස්සේ ඉතිං ඒක හයි කරලා ආයෙත් වැඩේ පටන් ගත්තා… හරි බඩු වැඩ, යශෝදරාවගේ මාලිගයෙන් ඇතුලෙන් ඇහැනවා, ආච්චී…. ඇන්ටානේවේ කුරුල්ලෙක් වහලද බලන්න… කියලා, පුංචි කෙලි පොඩ්ඩක් කෑ ගහනවා. මිත්තනියත් ඇන්ටනාව බලලා… නෑ දූ… කියලා කිව්වා.
 
ඊට පස්සේ මෙන්න මවුතුමිය කතාකරනවා පන්තියට එන්න කියලා. පස්සේ ඉතිං පන්තියට ගියාම අර උපකරනේ සංඥා බලවත් අම්බානෙට. ඒ කියන්නේ ටීවී එකේ හැම චැනල් එකේම මොකක් හරි අවුලක්. එක්කෝ සද්දේ නෑ රූප විතරයි, නැත්තං රූප නෑ සද්දේ විතරයි එහෙමත් නැත්තං දෙකම තියෙනවා පාට නෑ වගේ විජ්ජුම්බර ගොඩයි. ඉතිං කවදාවත් නැතුව මේ වෙන දේ හිතා ගන්න බැරුව මවුතුමිය අපිට පන්තිය පටන් ගත්තා, ඕක වහලා දාන්න පුතේ… තව ටිකකින් හරියයි කියලා.
 
කොහෙ හරි යන්නද අපි ඉන්නකම්, කියලා මාත් බැටරියේ වයරය ගලෝලා දැම්මා. පස්සේ ආයෙත් නංගිලා ටීවී එක දැම්ම ගමන් මම වැඩේ පටන් ගත්දිම අපේ එක ඇමතියෙක් බකස් ගාලා හිනා වක් දාලා අපිව සෙට් කලා මරන දන්ඩනේට. දැන් ඉතිං මිත්තනියට මේක මීටර් වුනා. එයා ආවා අපි ගාවට, ඇවිත් කිසි කතාවක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්නවා. වැඩිහිටි කෙනෙක් නිසා මොකද කියලා අහන්නත් බැරි නිසා මං කුමාරයත් කට පියාගනෙ ඉන්නවා.
 
පස්සේ මවුතුමියට කියනවා, ඔයාගේ කතා පෙට්ටිය මොකක් හරි දෙයක් ටීවී එකට කරනවා වගේ කියලා. කොහොමද මිත්තනියගේ දිව්‍ය චක්කුව. අනේ ආච්චගේ රෙද්ද කියලා මං අරකේ වයරෙක තව ටිකක් හයියට ගැට ගහලා දැම්මා මගේ බෑග් එකට. ඊට පස්සේ මව්තුමිය කිව්වා මොකද්ද පුතේ කරන්නේ කියලා. මං කිව්වා, මිස් දීපු වැඩේනේ කියලා. ඊට පස්සේ ඔන්න මිත්තනිය ඇවිත් මං කුමාරයාගේ පිටට එකක් ගහලා, අහුවෙයන්කෝ හොර කොල්ලා කියලා ගියා යන්න. ඉතිං එදා අපි එනකම්ම යශෝධරාවට කාටුන් බලන්න හම්බුනේ නෑ. ඊට පස්සේ නම් මං ඒ වගේ වැඩක් ක‍ලේ නෑ ආයෙත් යශෝධරාවගේ මාලිගයට පන්ති යනකම්ම.
 
අනිත් එක තමා මට කතා පෙට්ටිය කියලා නම දාපු ආදරණිය යශෝධරාවගේ මිත්තනිය, අපි පන්තියෙන් නැවතුනාට පස්සේ යශෝධරාව එක්කම පාරෙ අයිනේ බස් එකක් එනකන් ඉද්දී හදිසි අනතුරක් වෙලා අන්ත්‍රා වුනා. ඇත්තටම අද එයා හිටියනම් හොර කොල්ලගේ හොර හිත මුලින්ම තේරෙන්නේ එයාට වෙන්න තිබුනා. ඒත් ඒ ආදරණීය කෙනා අද නෑ. එදා මං කුමාරයට පිටට ගැහුවෙත් කන මිරිකුවෙත් තරහෙන් නෙමේ ආදරෙන් කියලා මම අද දන්නවා. ඉතිං මං කුමාරයටත් ඒක මතක් වෙද්දී ගොඩක් දුක හිතෙනවා. මොනවා වුනත් මගේ යශෝධරාව මට බේරලා දීලා එයා අපෙන් ඈත් වුනා.
 
මොනා කරන්නද ඉතිං… ජීවීතේ තමා. ඇත්තටම අදටත් යශෝධරාවටයි මටයි තාමත් දුකයි, ආච්චි ගැන. හරිම හොඳ කෙනෙක්. ඒ ගති ගුණමද කොහෙද යශෝධරාවටත් පිහිටලා තියෙන්නේ. ඒකනේ මට හැමතිස්සෙම එක එක කාඩ් ගහන්නෙයි, නඩු පවරන්නෙයි.

8 Responses to “අපෝ මේක නම් කතා පෙට්ටියක්… මගේ යශෝධරා වත 8”

  1. deeps Says:

    දුක හිතෙනවා 😦 අපරාදේ අත්තම්මා නැතිවුනේ

  2. අකීකරු හිත Says:

    ආච්චිලාට ඕනම හොර වැඩක් ටක් ගාලා අල්ල ගන්න පුළුවන්…එයා නැති වුන එක ගැන දුකයි

  3. සිරි කොලුවා Says:

    අපුරුයි මිත්‍රයා… හික් හික් අර ට්‍රන්ස්මිටර් වැඩෙ නම් මල් 7යි කොල්ලො… :D:D පස්සෙ දවසක කිව්වෙ නැද්ද යශොදරාට එදා කටුන් චැනල් එකට උන ඇබැද්දියට හෙතුව ,…… ? :D:D

  4. නවම් Says:

    ඔය ට්‍රාන්ස්මීටර් කෙරුවාවනං හරිම ජොලි තමයි මාලුවො. මගේ වික්‍රමයකුත් මං ලියල ඇති. ඒකටනං පලාතෙම ටී. වී වලට කෙල උණා

  5. dinesh Says:

    උඹේ සීන් එක මාර ලස්සනයි බං.
    දැන් ඔය යශෝදරාවගෙ මව් තුමියගෙ සම්පූර්ණ අනු දැනුම පිටද උඹ ඔය මාළිගා වලට පීනන්නෙ?

  6. ගෝල්ඩ් fish Says:

    @ deeps – හ්ම්.. මටත් දුකයි

    @ අකීකරු හිත – ඒකනම් ඇත්ත

    @ නවම් – මම නොදන්වයෑ අයියගේ තරම


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: