ගෝල්ඩ් fish ට වැදුන කාඩ්… II


මෙන්න ගෝල්ඩ් fish ගේ කාඩ් වල දෙවැනි කොටස.
 
මේකත් ඒන්ජල්ගේ ආච්චි කාඩ් එක ගහපු දවස් වලම වැදුන කාඩ් එකක්. කලිං කාඩ් ටික දැකපු නැති යාළුවෝ ටික මෙතනින් ගිහින් බලලා ඉන්න. මේ කාඩ් එක යෝජනා කලේ දහම් පාසලේ හාමුදුරුනමක්, යෝජනාව ස්ථිර කලේ අපේ පන්තියේ හිටිය මක්කලි ගෝසලලා ටික. ගෝල්ඩ් fish දහම් පාසල් යද්දී, උදේට පන්සිල් දෙන හාමුදුරුවෝ ගෝල්ඩ් fish ලාගේ පන්තියේ උපාසක අප්පුලා එක්ක ගොඩක් ෆිට්. ඉතිං අපිට නෝන්ඩි දාන්න, ඒ ව‍ගේම අවශ්‍ය අවස්ථාවල උදව් කරන්නත් ඕනෙ වෙලාවක රෙඩි පිට හිටියේ. ඉතිං දැන් උදේට පන්සිල් දෙද්දී ගාථාවක් තියෙනවා, ගනා පසන්නා කියලා කෑල්ලක් තියෙන. හාමුදුරුවෝ ඔය ගනා පසන්නා කියන කොටස අපේ පන්තියේ අනිත් උන්ට හයිලයිට් වෙන්න ටිකක් සද්දෙන් කියනවා. අපේ එවුන් ඉතිං ගෝල්ඩ් fish ට අනිනවා, හිනාවෙනවා… එක විකාරයයි එ‍තෙනත්. දහම් පාසලෙන් පස්සේ නම් ඒක නැවතුනා. මොකද ඊට පස්සේ භක්ති ගීත බලන්න ඇරෙන්න පන්සලට යැවෙන්නෙම නැති නිසා.
 
මේකත් නිකං ඉල්ලං කාපු සීන් එකක්. අපි ගියා එකොලහ වසරෙදි බෝපත් ඇල්ලේ. ඉතිං යනකොට ඒ දවස් වල ගෝල්ඩ් fish ගේ පන්තියේ හිටියා සුදු ගෑනු ළමයෙක්. එයා හරි ෂෝයි. කොන්ඩේ බෝනිකි කට් කපලා හරී හුරතල්. ඉතිං, ගෝල්ඩ් fish ඒ දවස් වල ලාවට පැනි පෙර පෙර හිටිය නිසා අර සුදු ළමයාටත් දැම්මා බැල්ම. යාළු වුනේ නෑ ඒත් හොඳට ෆිට්. ඉතිං ඔය ෆිට් වැඩි කමට බෝපත් ඇල්ලේ ගිහින් එන ගමන් ඒ ළමයා ගෝල්ඩ් fishට කිව්වා, මට අර මැටි පූසෙක් අරං දෙනවකෝ කියලා. ආයේ ඉතිං එහෙම කියද්දී බෑ කියන්න පුළුව‍නෑ. ඉතිං රුපියල් 130ක් දී ගත්තා මැටි පූසෙක්ව. මෙන්න බොල බස් එකට නගිද්දී අනිත් කෙල්ලෝ කෑගහනවා මැටි පූසා කියලා. ඒකත් තමා පාවිච්චියේ තියෙනවා. හිටපු ගමං පරන යාළුවෙක් හම්බුවුනාම කන පුරා මගෙන් අහගන්නේ ඔය කාඩ් එක මතක් කලාම තමා. පරන මෝඩකම් මතක් කරනවට කව්ද කැමැති?
 
මේක පස්සේ එන්න ඕනේ එකක්. හැබැයි මෙතෙන්ටම කියන්න ඕනේ. ඔය මැටි පූසා කාඩ් එක මම දැන් වැඩ කරන ඔෆිස් අක්කා කෙනෙකුත් මට ගැහුවා. එයාටනම් මුකුත් අරං දීලා නෙමේ, මගේ නම කියන්න බෑ කම්මැලියි වගේ කියලා එක පාරටම මේකි, මැටි පුස් කියන එක හොඳයි නේද කියලා ඇහුවා. වෙලාවටම එතෙන හිටියේ අලුත උපන් බබාලගේ නම් රෙජිස්ටර් කරන උන් දෙන්නෙක්. ඉතිං දෙන්න එක්ක සාර්ථකව ඒ වැඩේ කලා. අදටත් ඒ කාඩ් එක පාවිච්චි වෙනවා. හිටපු ගමන් ෆොටෝ කොපියක් ගහන්න එහෙම යද්දී ජනෙල් අස්සෙන් ඥාව් ඥාව් සද්ද එහෙම එනවා. ආ… මේ කාඩ් එක අර අක්ක මට රෙජිස්ටර් කලේ මගේ පරණ සීන් එක දැනගෙන නෙමේ. හැබැයි මං චුට්ටක් විතර පැනි හැළුවද කොහෙද ඒ අක්කටත්. ඒ ඉතිං ඕවර් ටයිම් ටික හරියට දම්ම ගන්න, නිවාඩු ටික හරියට මාක් කරවගන්න තමා. වෙ අහවල් එකකට නම් නෙමේ. (චරිතය ඝාතනය කරගන්න දන්නේ නැත්තං ගෝල්ඩ් fishගෙන් ඒකත් ඉගෙන ගන්න පුළුවන්)
 
මෙන්න අනිත් එක, මේක වැදුනේ උසස් පෙළ කරද්දී. උසස් පෙළ රසායන විද්‍යා පන්ති ගියේ ප්‍රසන්න බද්දෙවිතාන සර් ගාවට‍නේ. ඉතිං අර නමේ මුල් කෑල්ල මටත් තියෙන නිසා අපේ සෙට් එක මටත් බද්දෙ කියන්න ගත්තා. ඒක නම් එච්චර කල් තිබුනේ නෑ, ස්කෝලේ ගිහිං ඉවර වෙද්දි ඒක ඉවරයි.
 
මට වැදුන සුපිරිම කාඩ් එක. අපේ රන්දිල් , හිස් අහස, එතකොට අර අකේලේ දිනේෂ්, ඒවගේම අපේ පූසෝ සෙට් එක එහෙමත් මේ ගැන අහලා තිබුනනේ. ස්කෝලේ යන දවස් වලම තමා
ගෝල්ඩ් fish කාඩ් එක වැදුනේ. ඒක ඉතිං ආයේ මෙතෙන කෙටියෙන් ලියන්න ඕනේ නැහැ‍නේ. මුළු කතාවම මම ලිව්වා කලින් පෝස්ට් එකක. දන්නේ නැති යාළු මාළුවෝ ටික මෙතනින් ගිහින් බලන්නකෝ. ඒක තමා මං ආසාම කාඩ් එක.
 
ඊට පස්සේ එන්නේ සුදු මහත්තයා කාඩ් එක. ඒක ගැහුවේ මං උදේට ඔෆිස් එන බස් එකේ කොන්දා. ඒකතාවත් මං කලින් දැම්මා. මෙන්න ඒකට ලින්ක් එක. සුදු මහත්තයා කතාවත් කෙටියෙන් මෙතෙන දාලා වැඩක් නැහැනේ. ඔන්න තියෙනවා පෝස්ට් එකක්ම ඒ ගැන.
 
ඊට පස්සේ දැන් වැඩ කරන ඔෆිස් එකට ආවම තව එකක් වැදුනා. මේකත් නිකං කියන්න මොකද්ද වගේ. ඒත් ඉතිං ඔන්න ඔහේ කියලා දානවා. ගෝල්ඩ් fish කවි ලියනවනේ. ඉතිං කොයි වෙලේත් ෆෝන් එකේ හරි ෆ්ලෑෂ් එකේ හරි ලස්සන පුංචි ගෑනු ළමයන්ගේ, මුහුදු වෙරලේ වගේ ලස්සන ලස්සන පින්තූර තියෙනවමයි. ඉතිං දවසක් අපි දවල් ලන්ච් එකේ කෑම කද්දී අපි අතර පොඩි කතාවක් ඇති වුනා ගෑණු ළමයි තොල් පාට කරන එක ගැන. ඉතිං ගෝල්ඩ් fish නම් කැමති නෑ ඕකට. අනිත් කොල්ලෝ ටිකත් එහෙමම තමා. ඒත් අර බලන්න කැත කියලා අත දික්කරලා පෙන්නන් පුළුවං කෙනෙක් හිටියේ නෑ ලඟ පාතක ලිප්ස් ට්ක් ගාගෙන. ඉතිං ගෝල්ඩ් fish කරේ ෆෝන් එකේ තියෙන ලස්සන කෙල්ලෙක්ගේ පාට කරපු තොල් ටික සූම් කරලා පෙන්නපු එක. මෙන්න බොල හැරෙන තැපෑලෙන් කාඩ් එකක් වැදිලා තොල් පප්පා කියලා. ඊට පස්සේ කොල්ලෝ අතරේ නෙමේ ඒක වැඩියෙන්ම ඇදුනේ කෙල්ලෝ අතරේ. පස්සේ කොහොම හරි ඔෆිස් එකේ මගේ වයසෙම සහෝදරියක් මැදිහත් වෙලා ඒ කාඩ් එක අන්-රෙජිස්ටර්ඩ් කරලා දැම්මා, අනිත් අය දැනගත්තොත් හොඳ නැති නිසා. දැන් ඒක… කාඩ් නොට් ඉන් යූස්, ප්ලීස් චෙක් ද කාඩ් ඇන්ඩ් රි කෝල්.
 
ආ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අර මටයි මල්ලිටයි සනත් ඇන්ඩ් හෂාන් කියලා කාඩ් ගහපු බට්ටි අක්කගේ කෙලි පොඩ්ඩත් දැන් මට කාඩ් එකක් ගහලා. දවසක් ඒකි හුරතලේට අපේ අම්ම අතට වෙලා ඉද්දී මං කිචි කැව්වා. මෙන්න බොල ඊට පස්සෙන්දා මම ඔෆිස් ගිහින් ගෙදර එද්දී එයාල‍ගේ ගේ ගාව ඉඳන් කිචි කිචි මාමේ… කිචි කිචි මාමේ… ගාලා කෑගහනවා. මටත් හිතාගන්න බැරිවුනා ඇයි මේ කියලා. පස්සේ අපේ අම්මා තමා කිව්වේ ඊයේ කිචි කවපු හින්දා කියලා. පෙනේද දැන් හැදෙන පොඩි එවුන්. ආදරේට කිචි කවන්න බෑ කාඩ් එකක් ගහනවා. ආයේ නම් ඉතිං චූටි එකෙක්ව වඩා ගන්නත් බයයි. ඊට පස්සේ මොනා කියයිද දන්නේ නැහැනේ. අනික අම්මගේම දූනේ. මරු ඩබල.
 
ඔන්න දෙයියනේ කියලා මගේ කාඩ් කෙරුවාව ඉවරයි… හැබැයි දැන් තව ටිකක් පරිස්සම් වෙන්න වෙයි වගේ. ඇයි ඉතිං බ්ලොග් සයුරේ ඉන්නේත් මහා නසරානී දූලා පුතාලා සෙට් එකක්නේ.
 
ඉවරයි කියලා, බ්ලොග් යාළුවෝ ගැන කිව්වම මතක් වුනේ. ගෝල්ඩ් fish, අපේ අකීකරු හිත එක්ක දවස පුරා චැට් කරන දවස් වල, අකීකරු හිත ටෙක්ස්ට් කරන දේවලින් බාගෙක විතර ස්පෙලිං මිස්ටේක්. ඉතිං මං නිසාම කාඩ් සුළු ප්‍රමාණයක් රෙජිස්ටර් කරගෙන බේරුනා, නැත්තං ඉතිං අකීකරු හිත නාගෙන මෙලහට. ඉතිං ඔහොම චැට් කර කර ඉද්දී මගේ අතින්ම මට කාඩ් එකක් ගහගන්න පිනා චාන්ස් එකක් සෙට් වුනා. කරුමේ කියන්නේ එදා අකීකරු හිතයි මායි, එයාගේ වචන වැරදීම නිසා වදින කාඩ් ගැනමයි කතා කර කර හිටියේ. පුරුවේ කරුමෙකට මටත් වචනයක් වැරදුනා. ලස්සනයි කියන එකට ලස්මනයි කියලා කෙටුනනේ. පස්සේ එයා ඒක රෙජිස්ටර් කරගත්තා. මේක කියන්න නෙමේ හිටියේ, ඒත් පවුනේ මේක නොකිව්වොත් අකීකරු හිත මේකට තව බොරු දාහක් විතර දාලා ඔයාලට කියයි. ඒකයි මං මේ ජාමේ බේරගන්න හිතාගෙන ඉවර කරපු පෝස්ට් එක ආයෙත් පටන් අරං කෑල්ලක් ලිව්වේ. ඒ වගේම මේක තමා ලේටස්ට්ම කාඩ් එක. අකීකරු හි‍තට වැදුන කාඩ් ලිස්ට් එක ටික දවසකින් දාන්න බලමු. තාම තියෙන්නේ කාඩ් 6ක් 7ක් ක් විතර තමා. මදිනේ පෝස්ට් එකක් දාන්න තරම්. තරහා නෑනේ සුදු නංගී?

 
දැන් නම් ඉවරෙටම ඉවරයි ඕං ගෝල්ඩ් fish ගේ කාඩ් ලිස්ට් එක.
රජයේ අවවාදය… මේ කාඩ් ප්‍රසිද්ධියේ භාවිත නොකරන්න.

Advertisements

9 Responses to “ගෝල්ඩ් fish ට වැදුන කාඩ්… II”

  1. මාධව හබරකඩ Says:

    උඹ නම් පට්ට ඩයල් එකක්නෙ. මෙච්චර කාඩ් තියෙන එකෙක් මම දැකලම නැතුව ඇති. 😀 😀 😀

  2. නවම් Says:

    මැටි පූසා, හික් හික්.. ඒකනං එලම එල කාඩ් එක. උඹ කාර්ඩ් චක්‍රවර්ති නෙ බං බලං ගියාම

  3. අකීනරු හිත Says:

    මම එච්චර වරද්දන්නෙ නැ අයියෝ… ඔහොම මඩ ගහන්න එපා. මම ගැන පෝස්ට් දාන්න නම් හිතන්න එපා හරිද? මම හරි වසයි

  4. dinesh Says:

    ඇත්ත තමයි,”ගෝල්ඩ්fish ” කාඩ් එක තමා ලස්සනටම වැදිල තියෙන්නෙ.
    දැන් ඒන්ජල් හම්බ වෙලා අවුරුදු 6ක් නේද බං.ඒ අවුරුදු හයට උඹ තව කෑලි කීයකට ට්‍රයි කලාද කියපන්.හික්……..

  5. Hasitha ජයසූරිය Says:

    හෙහේ… මාර කාඩ් සෙට්එකක්නෙ වැදිල තියෙන්නෙ 😀

    • ගෝල්ඩ් fish Says:

      උඹව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා මචං…
      අපි ඉතිං එහෙමයි… යන යන තැන නම තියලානේ එන්නේ…

  6. kathandara Says:

    ඔච්චර කාඩ් තියෙන ප්‍රසන්න මලයාට මෙන්න මගෙනුත් කාඩ් එකක්:

    “මල-කාඩ්”

    😉

    • ගෝල්ඩ් fish Says:

      කතන්දර මහත්තයව සාදරයෙන් පිළිගන්නවා ටැංකියට…

      ඒත් ඇයි අයියේ ඔයත් මට කාඩ් එකක් ගැහුවේ… මල-කාඩ්… මාර කාඩ් එකක් අප්පා. වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා අයියේ…

  7. ගෝල්ඩ් fish Says:

    @ මාධව – අපි එහෙමනේ බං, යන යන තැන නාගන්න සිරිතක් තියෙනවනේ.

    @ නවම් – අඩේ අයියේ, කාඩ් එක එල වුනාට කමක් නෑ, වැරදිලාවත් හම්බුනදාට කටත් ඇරලා කියන්න නම් එපා ඕං.

    @ අකීනරු හිත – අනේ අනේ ඔයාගේ සැර, මම නොදන්නවයෑ.

    @ dinesh – ඒ බං… පෞද්ගලිකව අහන්න ඕනෙ ප්‍රශ්න මෙතෙන අහන්න එපා යකෝ…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: