ඉස්සර වගේ බෑ…

දවස පුරා චැට් කරන්න,
බ්ලොග් ඔක්කොම කියවගන්න,
මටත් කමෙන්ට් කර දුවන්න,
තවත් බැරිය අදින් පසුව…

දවස ගානේ ලිපි ලියන්න,
ඒ අස්සේ කවි ලියන්න,
මගේ සිතුම් ලියලා යන්න,
තවත් බැරිය අදින් පසුව…

ගෝල්ඩ් fish ට පොඩි ප්‍රශ්නයක්. පොඩියි කිව්වට පොඩිම නෑ. සෑහෙන දරුණුයි. ඒක නිසා ඉදිරියේදී ලිපිලියන එක ගොඩක් අඩුවෙන්න පුළුවන්. සමහර විට ඉක්මනටම හරි යන්තත් පුළුවන්. ඒත් ඒ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. ඒක නිසා මගේ යාළු මාළුවෝ කට්ටියම මට සමාවෙන්න. මට මගේ පෝස්ට් එකක් වත් දාගන්න විදියක් නැතුව ඔයාලගේ පෝස්ට් කියවනව කියන්නේ හීනයක්. ඒත් මං පුළුවං හැම වෙලාවෙම ඒ බ්ලොග් ටික කියවනවා. කොහොමහරි කරලා සතියකට පෝස්ට් දෙකක් වත් දාන්න ට්‍රයි කරනවා.

ඒ වගේම මං ට්‍රිලියන් වලින් ‍ෆේස් බුක් ලොග් වෙලා දවස තිස්සෙම චැට් කරපු එක නම් සදහටම නවතියි. මොනා කරන්නද හෙනහුරා ලබපුවම. සිකුරා පේන තෙක් මානෙකවත් නෑ. ඒත් මට පුළුවන් උපරිමයෙන් පෝස්ට් එකක් දාන්න මං ට්‍රයි කරනවා.

Advertisements

9 Responses to “ඉස්සර වගේ බෑ…”

  1. අකීකරු හිත Says:

    අනේ මේ මොකද

  2. හිස් අහස Says:

    මේ මොකෝ මාළුවෝ .. ජොබ් එකෙන් උසස් වීමක් වත් ලැබුවද ? නැත්නම් රැකියාවෙන් පහකලාද ? ….

    මොනවා උනත් අපි හැමදාම මේ මාළු ටැංකිය බලා ගන්නවා ..

    ජය වේවා !!

  3. සමාදි Says:

    අනේ ඒ මොකද? යාලු මාලු වෙන ගන්ගකටවත් යනවද?

  4. සින්ඩි ලංකා Says:

    mama sindi lanka hadanna kalin idalama oyage lipi kiyawapu kenek. aeth comment nam dala na. ayeth ikmanatama lipi walin apith ekka ekathu wenna.

  5. Friend Says:

    මලුවා ටැoකිය මාරු කරලා වගේ????

    අලුත් ටැoකියට සුභ පැතුම්…..

  6. නවම් Says:

    මං අහන්නෙ නෑ උඹට මොකද උණේ කියල, මොකක් හරි හොඳ හේතුවක් නැතුව උඹ මෙහෙම නවතින එකෙක් නෙමෙයි නෙ. පුළුවන් වෙලාවක මොනාවහරි කොටල දාපන්.

  7. RaNDi Says:

    ikamanata endoooooooooo

  8. pinibindu Says:

    ඉක්මනට එන්ඩෝ..

  9. ගෝල්ඩ් fish Says:

    @ අකීකරු හිත – ඔයා දන්නවනේ ඉතිං ‍කේස් එක

    @ හිස් අහස – රැකියාවෙන් පහකලා වගේ තමා බං

    @ සමාදි – ගඟනම් එකයි, ඒත් වෙන දිය වලකට ගියා

    @ සින්ඩි ලංකා – තෑන්ක්ස් මචං, පුළුවන් තරං ට්‍රයි කරනවා ලිපියක් දාන්න

    @ Friend – හ්ම්… ඒවගේ තමා බං

    @ නවම් – හේතුව නම් හොඳ එකක් නෙමේ අයියේ

    @ RaNDi – උපරිමෙන් ට්‍රයි කරනෝ

    @ pinibindu – හරි හරි එනෝ…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: