ඉස්සර වගේ බෑ…

දවස පුරා චැට් කරන්න,
බ්ලොග් ඔක්කොම කියවගන්න,
මටත් කමෙන්ට් කර දුවන්න,
තවත් බැරිය අදින් පසුව…

දවස ගානේ ලිපි ලියන්න,
ඒ අස්සේ කවි ලියන්න,
මගේ සිතුම් ලියලා යන්න,
තවත් බැරිය අදින් පසුව…

ගෝල්ඩ් fish ට පොඩි ප්‍රශ්නයක්. පොඩියි කිව්වට පොඩිම නෑ. සෑහෙන දරුණුයි. ඒක නිසා ඉදිරියේදී ලිපිලියන එක ගොඩක් අඩුවෙන්න පුළුවන්. සමහර විට ඉක්මනටම හරි යන්තත් පුළුවන්. ඒත් ඒ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. ඒක නිසා මගේ යාළු මාළුවෝ කට්ටියම මට සමාවෙන්න. මට මගේ පෝස්ට් එකක් වත් දාගන්න විදියක් නැතුව ඔයාලගේ පෝස්ට් කියවනව කියන්නේ හීනයක්. ඒත් මං පුළුවං හැම වෙලාවෙම ඒ බ්ලොග් ටික කියවනවා. කොහොමහරි කරලා සතියකට පෝස්ට් දෙකක් වත් දාන්න ට්‍රයි කරනවා.

ඒ වගේම මං ට්‍රිලියන් වලින් ‍ෆේස් බුක් ලොග් වෙලා දවස තිස්සෙම චැට් කරපු එක නම් සදහටම නවතියි. මොනා කරන්නද හෙනහුරා ලබපුවම. සිකුරා පේන තෙක් මානෙකවත් නෑ. ඒත් මට පුළුවන් උපරිමයෙන් පෝස්ට් එකක් දාන්න මං ට්‍රයි කරනවා.

%d bloggers like this: