වැනසෙන මිනිස්සු….


මේක නං මගේ හොඳම යාළුවෙක් ගැන. මේ කතාව කියන්න හිතුවේ මෙයා යාළුවෙක් වුනත් කරන නරක වැඩේ ගැන කියන්න තමයා. මුලින්ම මෙයාගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් බලමු.
 
මෙයාව ගෝල්ඩ් fish ට මුලින්ම සෙට් වෙන්නේ අට වසරෙදී පන්තියක යද්දීතමා. එදා ඉඳලා ඉතිං අඩු වැඩි වශයෙන් ආශ්‍රය කරලා… අන්තිමේ අපි දෙන්නා දැන් හොඳ යාළු‍වෝ. ඉතිං මෙයාත් මගේම වයසේ. මට වැඩිය මාස ගානක් තමා වැඩිමල් වෙන්නේ. නම නම් කියන්න විදියක් නැහැ. මොකද කවද හරි මේක බලපු දාට එයා දැක්කොත් හොඳ නැති නිසා. ඉතිං මේ යාළුවා සාමාන්‍ය පෙල කලා. ඊට පස්සේ උසස් පෙළ කරන්න ගිහින් මග නැවැත්තුවා. ඊට පස්සේ කාර්මික අධ්‍යාපනය ලබන්න කියලා සපුගස්කන්ද පැත්තේ ආයතනයකට ගියා. මාත් ඒ දවස් වල මිනිහා එක්ක තමා උදේට ග්‍රැෆික් ඩිසයින් පාඨමාලවට ගියේ. මගේ පාඨමාලවේ කාලය මාස 6යි. එයාගේ අවුරුදු දෙකයි. පස්සේ මම මගේ වැඩේ ඉවර කරලා ට්‍රේනින් යද්දීත් මෙයා එයාගේ අනිත් යාළුවොත් එකක් එයාගේ වැඩේට යනවා. ඊට පස්සේ මේ යාළුවා එයා හදාරමින් හිටිය පාඨමාලාව අවසන් වෙන්න සති දෙකක් තියෙද්දී පාඨමාලාව අතහැරලා දැම්මා.
 
ඊට පස්සේ එයා අඳුරව ගරාජ් එකක වැඩ කරන්න ගත්තා. එතනෙත් අවුරුද්දක් විතර වැඩ කලා‍. ඊට පස්සේ ගුවන් හමුදාවට බැඳුනා. ඒකෙදිත් එයාගේ ‍පුහුණුවීම් කාලය ඉවර කරල, ඇත්තටම සෑහෙන හොඳින් වැඩ කරගනෙ හිටියා. පස්සේ එයාලා එක්ක ඉන්න කව්ද යාළුවෙක් ගෑනු ළමයෙක්ගේ ෆෝන් නම්බර් එකක් දීලා මූට ඒ කෙල්ලව සෙට් කරලා තිබුනා. ඒ ගෑනු ළමයා අපේ ගෙවල් පැත්තමෙ තමා. පස්සේ නිවාඩු ආපු දවසක මිනිහා ඒ ළමයා හම්බුවෙන්න ගිහින් කතරකරලා ගෙවල්වලට කියලා එහෙම තියෙද්දී මූ හමුදාවේ වැඩට ආයේ යන්න බැහැ කිව්වා. ඒ කියන්නේ හමුදාවෙන් පැන්නා. ඊට පස්සේ ඉතිං දවල් කාලේ රස්සාවක් කරන්න බැරි නිසා රෑට එක එක පාර්සල් එහාට මෙහාට ගෙනියන ජොබ් එකකට සෙට් වුනා. ඊට පස්සේ ඒක කරගනෙ ඉද්දී මිනිහා හදිසි අනතුරකට මුහුන දීලා, කකුල කැඩුනා. තාමත් කකුල තියෙන්නේ ඇදේට. සපත්තු දාන්න එහෙම බෑ.
 
ඉතිං මෙහෙම අවුරුද්දක් විතර ඉඳලා මෙයා පටන් ගත්තා ළඟ පාත ඇඳුම් මහන අයියා කෙනෙක්ගේ වැඩට උදව් වෙන්න. ඒ කියන්නේ ඒ අයියට මහන්න එන ඇඳුම් වලින් කොටසක් මෙයා අරගෙන මහලා දීලා, කොටස් ගානට සල්ලි ගන්න වැඩක්. ඊට පස්සේ එයාටම කියලා ජුකි මැෂින් එකක් අරගෙන හොඳට වැඩේ කරගෙන ගියා. ඇත්තටම ගෝල්ඩ් fish මෙයා ගැන සංතෝස වුනා. මොකද මිනිහා කොයිතරම් වැඩ මග නැවැත්තුවත් නීති විරෝධි , මිනිස්සුන්ව අමාරුවේ දාන වැඩ කලේ නැහැ.මිනිහා පුළුවං තරං කලේ මිනිස්සුන්ට උදව් කරපු එක. ගිහි පිරිත් කියන්න ව‍ගේ දේවල් වලටත් සහභාගී වුනා. ඒත් දැන්නං පොඩි පොඩි නරක වැඩ වේගෙන යනවා.
 
මේ යාළුවා ඔය මහන වැඩේ කරගෙන යන ගමන්, කේන්දර බලන්න, නැකත් හදන්න, වාස්තු දෝෂ හොයන්න වගේ දේවල් ඉගෙන ගන්න පටන් ගත්තා. තාම ඉරව නැහැ ඒ වැඩ. ඒත්… දැන් මෙයා වැරදි වැඩක් කරගෙන යනවා. ඒ තමා අඳුරන මේසන් බාස් කෙනෙක් එකතු වෙලා, මිනිස්සු කතා කරලා කිව්වම අපේ ගෙදර පොඩ්ඩක් බලලා දෙන්න කියලා… මිනිහා ගිහින් දෝෂයක් නැති වුනත් අර බාසුන්නැහේටයි, මිනිහාටයි ගානක් එන්න වැඩක් සෙට් කරගන්න එක. ඇත්තටම දැනට ඒ වගේ දේවල් කීයක් වුනාද කියන්න නම් ගෝල්ඩ් fish දන්නේ නැහැ. ඒත් ඒක බොහොම පහත් වැඩක් කියලා තමා ගෝල්ඩ් fish ට නම් හිතෙන්නේ.
 
තවත් එකක් මේකට නම් මං වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. මොකද මීට වැඩිය දේවල් වෙන නිසා. දැන් මේ ළඟඳී දවසක මෙයා පත්තරේක මංගල දැන්වීම් තීරුවට යොජනාවක් දාලා… වාස්තු විද්‍යා උපදේශක කෙනෙක් තමන්ට ගැලපෙන කෙනෙක්ව හොයනවා කියලා. ඉතිං මේකට කීප දෙනෙක් කතා කරලා තිබුනා. ඒක නෙමේ ප්‍රශ්නේ තාමත් මාස හය හතක් ඇතුලත වාස්තු විද්‍යාව ඉගෙන ගන්න මගේ යාළුවා මේ තරම් ඉක්මනට වාස්තු විද්‍යා උපදේශක කෙනෙක් වුනේ කොහොමද? ඇත්තටම එයාට වාස්තු විද්‍යාව ගැන දැනුමක් තියෙනවා. ඒත් දෙයියනේ වාස්තු විද්‍යාව කියන්නේ බොහොම ලොකු පරාසයක විහිදිච්ච වටිනා ශාස්ත්‍රයක් මම දන්න විදියට. ඒක මාස කිහිපයකින් හදාරන ගමන් ඒ ගැන උපදේශක කෙනෙක් වෙන්න පුළුවන් කියන්නේ…. ගෝල්ඩ් fish ට තේරෙන්නේ නැහැ මේ යාළුවා ඉස්සරහට මොනා කරන්න හිතාගෙන ඉන්නවද කියලා. ඒ එක්කම මගුලකුත් පටල ගන්න හදනවා. මගුලක් නම් කරගත්තට කමක් නෑ. අපිත් සංතෝසයි ඒකට. ඒත් බොරු කියලා කෙනෙක්ව රවට්ටලා… එහෙම කරන කරන එක ටිකක් හරි නෑ වගේ නේද? අනිත් එක කවදා හරි වාස්තු විද්‍යාව ගැන හොඳ පොරකට මේකගේ බොරු අහුවුනොත් හිරේ යන්නත් වෙයි නේද ? මේ හැම දෙයක්ම මට හිතුනත් මේවා එයාට කියන්න විදියක් නැහැ. මොකද එයා කොයිතරම් යාළුවෙක් වුනත්, එයා හිතයි මේ හැම දෙයක්ම ගෝල්ඩ් fish කියන්නේ ඊර්ෂ්‍යාවට කියලා. ඉතිං ඉල්ලං කන්නේ නැතුව, වෙන දෙයක් බලං ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ.

11 Responses to “වැනසෙන මිනිස්සු….”

  1. Alchemiya Says:

    මාළුවෝ, ඕකට කියන්නේ කාලකන්නිකම කියලා.
    මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා ඔය වගේම පොරක්…
    මිනිහා අම්බලන්ගොඩ ධර්මාශෝකෙට ගියේ, එහේ ඉන්න බෑ කියලා රිච්මන්ඩ් එකට ගියා.
    රිච්මන්ඩ් එකේදි පිස්සු නටලා විභාග ඇණ ගත්තා. කොහොම හරි කාගෙ කාගෙ හරි පිහිටෙන් සීටීසී ඊගල් එකේ රක්‍ෂණ නියෝජිත කමක් ගත්තා.
    ඒක හොඳට කරගෙන ගියා. ඒක අතෑරලා බයින් ඇන්ඩ් සෙලින් කරන්න ඒ පාර ගරාජයක් දාගත්තා. නොදන්න මගුල නිසා ඒකත් ඇණගත්තා. අන්තිමට මගුලක් කරගන්න කියලා ඔන්න ඉඩම් කඩම් ඇති තැනකින් ඒකත් කරලා දුන්නා. ඒපාර මේකා රස්සාව නවත්තලා ඉඩකඩම් බලාගෙන බදාගෙන හිටියා, ඒ බැඳපු අක්කගේ දෙමාපියෝ කොහොමහරි කරලා මේ ඉඩකඩම් කොටස් පවුලේ අනිත් අයත් අතරේ බෙදලා දීලා. පොරට ලැබුනේ බොහොම ටිකයි. ඒකත් කරගෙන ඉන්න අතරේ කඩයක් දාගත්තා, ඒකත් බංකොලොත්. ළමයි තුන් දෙනෙකුත් ලැබුනා මේ අතරේ…ඊට පස්සේ මිනිහට දියවැඩියාව හැදිලා.. පොර ගොඩ වෙදකම් කර කර ඉඳලා අන්තිමට කකුලක් කපලා, ඒවයින් පරිස්සම් වෙන්නේ නැතුව අනෙක් කකුලත් කපන්න වෙලා… දැන් ඔන්න කඩේ ළඟම පොල්කටු අඟුරු හදන මොකක්ද එකක් දාගෙන ඉන්නවා….

    යස අගේට ජීවත් වෙන්න තිබුණ මනුස්සයා, හිතුවක්කාර වෙලා ජීවිතේ කාළකන්නි කරගත්තා.. නොලැබීම ද, හරි හැටි නොසිතීමද කියලා හිතාගන්න බෑ… හැබැයි හරිම හිත හොඳ මනුස්සයා… බාප්පලා අනෙක් අයට ඉරිසියා කළත්, අයියා නම් එහෙම මිනිහෙක් නෙවෙයි… ඒත් ඉතිං අපියි කියලා මොනව කරන්නද ?

  2. pinibindu Says:

    අනේ මන්දා ලස්සනට ජීවත් වෙන්න තියෙන ජීවිතේ කාලකණ්නි කරගන්නෙ අපේම වරද හන්ද නේද

  3. අකිකරුහිත Says:

    පුදුම මිනිස්සු….ඒත් වැඩි කාලයක් ඕවා කරන්න ලැබෙන්නෙ නැ..කවද හරි විදවන්න වෙනවා

  4. -HacKrisH- Says:

    මොනා කරන්නද අප්පා. කරුමේ තමා…

  5. arunishapiro Says:

    මටත් ඔහොම අරුම පුදුම මිනිස්සු හමුවෙලා තියෙනවා. එයාලගෙ හිත යන්නෙම මොකක් හරි විජ්ජුම්බරයක් කරන්න. ඒකෙන් සිතේ පැන නඟින අසහනය හා කළබැගෑනිය නැතිව එයාලට ජීවත් වෙන්න බැහැ, ඇබ්බැහියක් වගේ.

  6. හිස් අහස Says:

    මිනිහා කරන දේවල්වලට දවසක බැස්ටිය හම්බවේවි . මචෝ උඹ ඕකට මොනවත් කියන්න යන්න එපා . හැබැයි ඒකා උඹේ යාළුවෙක්ව එහෙම රවට්ටන්න ගියොත් අත දිග ඇරලා ගහපං කන පුරා යන්න .

  7. haree Says:

    උන්ගේ අම්මට ලියුමක් ලියපන් ඔය ගැන කියලා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: