ටී ෂර්ට් එක නම් ලස්සනයි… මගේ යශෝධරා වත 7


මේ කතාව, මං කුමාරයා යශෝධරාව බැහැදකින්න කියලා සුභ මාලිගයට ළඟඳී වතාවක ගිය වෙලාවේ වෙච්ච දෙයක් ගැන. හරියටම කියනවනම් 2010 දෙසැම්බර් වල. අළුත් අවුරුද්දට කලින් ගිහින් එන්න ඕනෙ කියලා හිතුන නිසාත්, කාලෙකින් යශෝධරාවට කියලා නඩුවක් ෆයිල් කරගන්න බැරිවෙච්ච හින්දා ඒ වැඩේටත් එක්ක තමා කුමාරිකාව බැහැදකින්න ගියේ.
 
ඉතිං මං කුමාරයා වෙනදට වගේම ටී ෂර්ට් එකක් තමා දාගෙන ගියේ. හැබැයි මට මතක විදියට මේක යශෝධරාව දැකලා තිබුනේ නෑ. ඔය අපේ බ්ලොග් ඇමති මන්ඩලේ කට්ටියටනම් මතක ඇති මං කුමාරයා අහවල් මීටිමට සහභාගී වෙද්දි ඇඳන් ආපු කාල වර්ණ ටී කට්ට. ඒක මාස දෙකක් විතර පරන වුනාට තාම එල භාන්ඩේ. ඉතිං ‍මේ කියන දවසෙත් මං කුමාරයා යශෝධරාව බලන්න ඇඳගෙන ගියේ ඒකම තමා. හැබැයි මං කැමාරයා ටිකක් බයෙන් තමා ගියේ. මොකද මං කුමාරයා යශෝධරාවට නීතියක් දාලා තිබුනා කළු අඳින්න එපා කියලා. මේ කෙල්ලත් ගත් කටටම කිව්වොත් එහෙම, ආ.. මෙයා මට කළු අඳින්න එපා කියලා මෙන්න මෙයා අඳිනවා කියලා… මං කුමාරයට කෙල වෙනවනේ. කළු අඳින්න එපා කිව්ව හේතුව තමා යශෝධරාව කළු ඇන්දම ගොඩක් ලස්සන නිසා. මොනා කරන්නද ඉතිං ආදරේ ආත්මාර්ථකාමී නිසා තමා එහෙම කිව්වේ. පස්සේ ඉතිං ඒ නීතිය වැඩිය බලපවත්වන්න ගියේ නෑ මං කුමාරයා… මොකද යශෝධරාවට හැඩට අඳින්න දෙන්න ඕනේ මේ කාලෙ නිසා. ආයේ ඉතිං වයසට ගිහිං සතර පෙර නිමිති දැක දැක, ගිහිගෙය හැරයන්න ඉද්දී ලස්සනට අන්දන්නයෑ. ඒක නිසා ඒ නීතිය දැන් නම් ටිකක් විතර ශේප්, නැත්තං මට අඳින්න වෙන්නෙත් නැහැනේ.
 
ඉතිං මං ගිහින් යශෝධරාවගේ පියතුමාට මම අරන් ගිය දින දසුන එහෙම දීලා, යශෝධරාවගේ මව්තුමිය එක්ක කතා කර කර ඉද්දී මෙන්න එනවා යශෝධරාව සිරියහන් ගැබේ ඉඳලා. ඇවිල්ලා පියතුමා ගාව තිබුන කැලැන්ඩරේ අරං මව්තුමිය ගාවට ඇවිත් ඒකෙ යහ ගුන වර්ණනා කරනවා. යහ ගුන කිව්වට ඉතිං වැඩි හරියක් ගුණ දොස් තමා. කැලැන්ඩරේ කොල හතරයි, කොල හතරෙම මොකක් හරි අඩුවක් පේනවනේ යශෝධරාවට. පස්සේ ඉතිං මාත් අරං බැළුවම වැඩේ ඇත්ත. පොඩි පොඩි අඩුපාඩු තිබුනා. ඒත් ඉතිං මං කුමාරයා හරියට බලල තිබුනේ නැති නිසා ඒවා පෙනිලා නෑ. කැලැන්ඩරේ අනිත් දවස් කෙසේ වුනත් නිවාඩු දවස් ටික හරියට තියෙනවනම් ඉතිං මං කුමාරයට වෙන දෙයත් ඕනෙ නෑ. ඒක නිසා ඉතිං වැඩි හෙවිල්ලක් නෑ ඒ ගැන. ඇත්තටම යශෝධරාව හරියන්නේ ඔය අච්චු කන්තෝරු වල ප්රූෆ් බලන වැඩේටද කියලත් මං කුමාරයට හිතුනා. හිතුනයි කියලා ඕවා කියන්න ගියේ නෑ… මොකටද නිකං පරණ අවුරුද්දේ චා වෙන්නේ.
 
ඊ‍ට පස්සේ යශෝදරාව එයාගේ අධ්‍යාපන කටයුතු ටික පටන් ගත්තා. ගනන් හදනවා, සමීකරන විසඳනවා එලෝ කෝටියක් වැඩ. ඔය අස්සේ වෙනදා නැති විදියට මගේ දිහාට එක එක කෝණයෙන් බැල්මකුත් දානවා. ඒත් ඉතිං මං කුමාරයට බැහැනේ, ඇයි මොකද බලන්නේ… මැජික් පේනවද? කියලා අහන්න. ඕක අහපු ගමන්… අපෝ වැඩේමයි, බලන්න… කියලා පුම්බා ගනියි. ඉතිං ඒකත් ඉවසගෙන මොකද්ද වෙන්න යන්නේ කියලා බලාගෙන හිටියා. ලඟ පත්තරේකුත් තිබුනා, ඉතිං මං කුමාරයා ඒක කියවන්න ගත්තා. හැබැයි ඇස් දෙක පත්තරේ වුනාට කන් දෙක සොඳුරිය ළඟ. කොයිවෙලේ මොනා කියයිද දන්නේ නැහැනේ… ඒක නිසා. ඔන්න ඊට පස්සේ මව්තුමිය තේ පැන් සංග්‍රහයක් පැවත්වුවා. ඒකත් භුක්තිවිඳින ගමන් යශෝධරාවගේ කටට බ්රේක් නැති වුනා.
 
මං කුමාරයාට මෙච්චර වෙලා ප්‍රශ්නයක් වෙලා තිබ්බ ‍යශෝධරාවගේ අමුතු බැල්මට උත්තරේ කටින් පැන්නා. අම්මේ… පුරුදු විදියටම, මවුතුමියගේ සහයෝගය ලබාගෙන තමා අදත් වැඩේ දෙන්න යන්නේ මං කුමාරයට. අම්මේ… මේ ටී ෂර්ට් එක නම් ලස්සනයි, ඒ ඇඳන් ඉන්න කෙනා තමා…. නේද…..? මව්තුමිය මුකුත් කියන්නේ නෑ. ඒ පාර මං කුමාරයා, හරි හරි ඉතිං තාත්තා ඉස්සරහා මට ලස්සනයි කියන්න බැරි නිසානේ නෝන්ඩි දාන්නේ… කිව්වම මෙන්න යශෝධරාවගේ සුදු මූන රතූ…. වෙනවා බලාගන ඉද්දී. පව් කෙල්ලට ලැජ්ජා හිතිලා ඒ මදිවට පියානන් වහන්ස ඉස්සරහා සෑහෙන අපහසු තාවයට පත්වෙලා මගේ රිප්ලයි එකෙන්.
 
මං කුමාරයා මොනා කරන්නද?, ඔය එක එක ඒවා නොකියා, ඔය ටී ෂර්ට් එක ලස්සනයි කිව්වනම් මුකුත් නැහැනේ. ආවා මෙතෙන මාව නෝන්ඩි කරන්න. පස්සේ මටත් දුක හිතුනා, ඒත් එතකොට පෙරහැරේ අන්තිම බෙරකාරයත් ගිහින්. ඉතිං මක්ක කොරන්නද, ටික වෙලාවක් සද්ද නැතිව හිටියා. ආයෙමත් කතාකරන පාටක් නැහැ. යශෝදරාව එයාගේ ස්කෝලේ වැඩ. ඔළුව උස්සලා මං ඉන්නවද , ගියාද කියලවත් බලන්නේ නෑ. පස්සේ ඉතිං එදත් මට නොදැනිම නඩුවක් ෆයිල් වෙලා. දැන් ඒකටත් වෙනදා වගේම වැරදි කාරයා මං කුමාරයාම තමා. ඇයි ඉතිං ‍නොහොබිනා කතාවක් කිව්වේ මමනේ. පස්සේ බොහෝම අමාරුවෙන් අර මගේ පෝස්ට් වගයක් හොරකම් කරපු එකාට බැනලා දාපු පෝස්ට් එකට අපෘෂ්ඨවංශිකයෙක් කියන නම අහගත්තේ යශෝධරාවගෙන් නිසා ඒකට ස්තූති කලා. ඊට පස්සේ නම් නඩුව පැත්තක තියලා ආයෙමත් අවුලක් නැතුව කතාකලා. පස්සේ ඉතිං පැය දෙකක් විතර ඉඳලා වැස්සක් කඩං හැලෙන්න ඔන්න මෙන්න තියෙද්දී මං කුමාරයා, නංගි… මම යනවා… කිව්වම, කටින් උත්තරයක් නොදී ඔළුව දෙපැත්තට වැනුවා මගේ දිහා බලාගෙන. මං හිතන්නේ, බුදුසරණයි, පරිස්සමින් යන්න, ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස් අනං මනං ඔක්කොම ටික ඔළුව වනලා කිව්වද කොහෙද…

9 Responses to “ටී ෂර්ට් එක නම් ලස්සනයි… මගේ යශෝධරා වත 7”

  1. deeps Says:

    මේවා කියවනකොට හිතෙන්නේ ඒක දෙයයි….ඇත්තටම ආදරේ නම් නඩු උනත් සුන්දරයි

  2. හිඟන්නා Says:

    ආව් ආව් වෑඩේ නෑගලා යනවා වගේ ……

    “කටින් උත්තරයක් නොදී ඔළුව දෙපැත්තට වැනුවා මගේ දිහා බලාගෙන. මං හිතන්නේ, බුදුසරණයි, පරිස්සමින් යන්න, ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස් අනං මනං ඔක්කොම ටික ඔළුව වනලා කිව්වද කොහෙද…” = ලව් සිග්නල් (*නිකම් සිග්නල් නෙවෙයි ඕවා , කෙල්න්ම සුපිරි …)

  3. dinesh Says:

    දැන් ඔහොම නඩුවක් ෆයිල් උනාම හිතට හරි වදේ නේද බං.මොන මඟුලකට ඒ වචනෙ කිව්වද කියල අපිට අපි එක්කම මල පනිනවා.කොහොම උනත් උඹේ ස්ටෝරියත් සුන්දරයි වාගෙ.
    හික්…….බලාගෙන මලයගෙන් ටිකක් පරෙස්සමෙන්…….;)

  4. pinibindu Says:

    ලස්සනයි යාළු මාලු ඔයාගෙ කතාව. අකුරු මැද්දෙන් කතාව මැවිලා පේනවා

  5. නවම් Says:

    නඩුවක් උනත් අව්ලක් නෑ බං ආදරී දානවනං. හැබැයි අවුලකට කියල තියෙන්නෙ පැමිණිලි කාරිත් නඩුකාරිත් දෙන්නම එක්කෙනෙක් වීම තමයි. කේස් එක බරපතලනං කියහං, මගෙ අර නිවාස අඩස්සියෙ ඉඳපු ලෝයර් ඉන්නව.

  6. හිස් අහස Says:

    රන් මාළුවාට හරි යනවනම් ඉතින් ආයේ මොනාද ? කවදා හරි ඔයාලගේ නඩුව අවසන් වෙලා . අවසන් තීන්දුව ලැබිලා රන් මාළු අයියා හිරේ වැටුන දවසට . මම දානව සද්දෙයක් බ්ලොග් අවකාසේ හැමෝටම ඇහෙන්න

    එදාට මම බොනවා නන්ස්ටොප් ! තියන හැම ජාතියකින්ම . මචෝ මටත් ආරාධනා කරපන් එදාට . අයියගේ ලවු එක දිනෙන් දින සාර්ථක වේවා !!

    ජය වේවා !!

  7. ගෝල්ඩ් fish Says:

    @ deeps – සුන්දරයි නම් තමා, ඒත් නඩුකාරියි, පැමිණිලිකාරියි දෙන්නම එක්කෙනා වුනාම කේස් එකක්…

    @ හිඟන්නා – තමා නැගලා යන්නේ නෑ බං, ඇවිදගෙන තමා….

    @ dinesh – පිස්සුද බං, අයියලා දැනං ඉන්න ඕනෙ මල්ලිලාගේ සපෝට් එක මේවගේ දේවල් වලට ගන්න.

    @ pinibindu – තෑන්ක්ස්

    @ නවම් – අනිවා, දරුණු කේස් එකක් ෆයිල් වෙච්ච ගමන් අයියට තමා කතා කරන්නේ….

    @ ක්ෂිතිජ විජේමාන්න | විත්ති – උඹ ඉතිං හිනාවෙවී හිටපං


හිඟන්නා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: