මල්ලිට මඩක්….



මේක නම් ඕං කෙලින්ම ගෝල්ඩ් fish ගේ මල්ලිට මඩ ගැහිල්ලක්. මොකද මේ සම්බන්ධයෙන් ම‍ට මඩක් වදින්න තරම් දේවල් කියවිලා නෑ. අපේ මලයා මේක බලන්නේ නැති හින්දා අවුලකුත් නෑ.
 
මෙහෙමනේ සීන් එක. දැන් අපි චූටි කාලේදී එක එක දේවල් වලට කියන්නේ අපි දැන් කියන නම් නෙමේනේ. අපි ඒ දවස් වල කියන්නේ අපිට කව්රු හරි කියනවා අහුන එහෙමත් නැත්තං කවුරු හරි උගන්නපු දේවල් නේ. උදාහරණයක් විදියට හරකෙක් යනකොට අපි චූටි කාලේ කියන්නේ දාදා හරි තැත්තා කියලා හරිනේ. අන්න ඒ ව‍ගේ අපේ මෑන්ස් මල් වලට කිව්වේ ඩොකොල් ඩොකොල් කියලා… මං ඒ වගේ දෙයක් ඇහුවේ මිනිහාගේ කටෙන් විතරමයි.
 
ඒ වගේම අපේ මලයා මේ වචනේ ඉගෙන ගත්ත හැටි ගැන මට ඒ දවස් වල මාර ප්‍රශ්න. එයාට අවුරුදු එකාමාරක් විතර වෙද්දී මම ගිහින් ඌට කියනවා, මල්ලි ඕවට කියන්නේ මල් කියලා. මොන මූ කියන දෙයක් අහන්නේ නෑ. මගේ මූනට උගේ චූටි අතක් ගුටි කරලා හොඳවැයින් එකක් දෙනකම්ම මං මිනිහාට මල කියන්න උගන්නනවා. වැඩිය ඕනේ නෑ මේකා මොන්ටිසෝරි ගිහිල්ලත් කියලා තියෙන්නේ ඩොකොල් ඩොකොල් කියලනේ.
 
දැන් නම් ඉතිං මල් ගැන මෑන් දන්නවා. ඒ මදිවට මට හොරෙන් මල් කඩනවත් එක්ක. වැඩිය හිතන්න යන්න එපා… මිනිහා උගේ පට්ට ගහපු මොබයිල් එකෙන් සල්ලි නැතුව ෆේස් බුක් එකවුන්ට් එකක් හදාගෙන යාළුවෝ එකසිය ගානක් එක්ක චැට් කොරනවා. මටත් ඉතිං හිටි ගමන් ඔය වැඩේ වාසියි. මොකද මගේ මොබියේත් බඩු ඉවර වුනාම උගේ පිහිට තමා.
 
හරි ඩොකොල් ඩොකොල් මඩ පාර ඉවරයි. දැන් මේ වෙන මලක් ගැන මඩක්. ඒකත් මලයටම තමා. ඉස්සර ගෝල්ඩ් fish යි මල්ලියි ස්කෝලේ යන්නේ එකට. මල්ලි සිස්සස්සේ පාස් වෙලා මොරටුවේ ස්කෝලේකට එන්න ගත්තට දෙන්නම ගෙදරින් එන්නේ එකට යන්නෙත් හැමදාම එකම අළුත්ගම – කොළඹ බස් එකක. සමහර දාට හවසට ගෙදර එන්නෙත් එකට. ඉතිං ඔහොම කාලයක් යද්දී අපි යන බස් එක මාරු කරමු කියලා මල්ලී කිව්වා. මාත් ඉතිං සැලකිය යුතු තරම් හේතුවක් නැති නිසා හා කිව්වා. හැබැයි ඒත් අළුත්ගම බස් එකක්. තවත් පොඩි අමුත්තක් තියෙනවා. ඒ තමා මල්ලි‍ලාගේ ග්ර්ල් ස්කූල් එකේ, අර අපි කලිං ගිය බස් එකේම ගිය සූටි ලස්සන ගෑනු ළමයෙක් මේකෙත් යනවා.
 
දැං ඉතිං ගෝල්ඩ් fish ට ටිකක් සැකයි මේක. සති දෙකක් විතර ගියා, මල්ලි ඒ ළමයා එක්ක කතා කරන්නේවත් නෑ. මට කිසිදෙයක් කියන්නේත් නෑ. පස්සේ සඳුදා දවසක මෑන්ගෙන් බස් එකේදී මං ඇහුවා, අර ළමයාට අයිතිකාරයෙක් ඉන්නවද කියලා. මූත් ඉතිං බබා වගේ නෑ කිව්වා. පස්සේ මං කිව්වා එහෙනම් මට අහපං බලන්න කියලා. මූත් ටිකක් අදි මදි කරලා හා කිව්වා. පස්සේ එදා හවස මල්ලී 1.30 ට ඉවර වෙන ස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හවස 5.00යි. අම්මා මග බලාගෙන ඉන්නවා පොඩි පුතා එනකං. වෙනදා නං 2.30 වෙද්දී ගෙදරනේ. ඒත් අද නෑ.
 
පස්සේ ඔන්න ආවට පස්සේ නඩුව පටන ගත්තා. අම්මා අහනවා ඇයි පරක්කු වුනේ කියලා. මලයා කිව්වා බොරුවක්… ඒ බොරුවට අම්මගේ හිත උනුවෙලා ගිහින් ප්‍රශ්න අහන එක නවත්තලා දාලා ඌට බතුත් බෙදලා දීලා, තව බීම එකකුත් හදලා දුන්න‍ා. මොකද්ද දන්නවද බොරුව…. අපේ ස්කෝලේ මල්ලී කෙනෙක්ට අසනීපයි කියලා එයාව ගෙදර එක්කං යන්න කිව්වා, ඉතිං මායි තව යාළුවෙකුයි එයාව ගෙදර ගිහින් දාලා තමා ආවේ…. කාගෙ හිතද මේ වගේ දෙයකට උණු වෙන්නේ නැත්තේ. අහිංසක ළමයෙක්ව ගෙදර බස්සන්න ගිහින්නේ දෙයියනේ පරක්කු වෙලා තියෙන්නේ…
 
පස්සෙන්දා උදේ තමා මට ඇත්ත සීන් එක කිව්වේ. මල්ලී ස්කෝ‍ලේ යන්න පයින් යන ගමන් කියනවා… ඊයේ මං අළුත්ගම ගියා. මං ඇහුවා මොකටද? අර ගෑණු ළමයාව හමුබුවෙන්න. පස්සේ ඉතිං මටත් හරි ෆන්. මූ ගිහින් තියෙන්නේ ම‍ගේ වැඩේටනේ කියලා. ඊට පස්සේ ඌ කියනවා… මේ අයියේ මං ඒකට ට්‍රයි…. කියලා. ඈ……. ය‍කෝ මං තොගෙන් එදා ඇහුවම තෝ කිව්වේ අයිතකාරයෙක් නෑ කියලා. දැන් මොන මගුලක්ද කියන්නේ. මට මළ උපරිම. ඇත්තටම ඌ ඒකට ට්‍රයි කිව්වනම් මං ගිහින් ඌට ඒක අහලා වැඩේ කරලා දෙනවා. කොහෙද මේ ගෙම්බා මට ඒක හංගලා. මිනිහාට බය හිතිලා මං ඒක දාගනියි කියලා. ඒක තමා එදා ස්කෝලේ ඇරිලා එන ගමන් තනියම ගිහින් අර කෙල්ලත් එක්ක කතා කරලා තියෙන්නේ… හැබැයි ඒ ළමයා කැමති වුනාද නැද්ද කියන්න නම් දන්නේ නැහැ. මොකද මං ඊට පස්සේ මල්ලිගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ. පව්නේ මගේම සහෝනේ. හිත රිද්දන්න හොඳ නැහැනේ. ඒක නිසා. කොහොම හරි ඌ අයියට හොරෙන් ලව් කරන්න ගිහින් අතේම මාට්ටු වුනා. ඒ මදිවට ඌ එක්ට ට්‍රයි කියලා පාපොච්චාරනේකුත් කලා. මාත් මේ අයියලා ඉන්න මල්ලිලට කියන්නේ ඔය වගේ දේකදී අයියා කෙනෙක් ගෙන් උදව් අරගන්න තියෙනවා නම් සුපිරි. මොකද අයියලා කියන්නේ මල්ලිලට වැඩිය ඇඩ්වාන්ස් අයනේ… ඒකයි.

Advertisements

9 Responses to “මල්ලිට මඩක්….”

  1. නවම් Says:

    යකෝ මාළු මල්ලි බය වෙන්න ඇති බොට කියන්න දැනට කවුරුවත් නෑ. හැබැයි මං නං ට්‍රයි කියල. මොකෝ ඌ දන්නව ඇතිනෙව අයිය මාළුවගෙ විත්ති නේද? පව් වැඩේ බොල. ඌ.

  2. ඉලංදාරියා Says:

    අපේ මලයත් ඔහොමමයි..මට කියන්නේ නෑතුව තමයි කරගෙන යන්නේ ..ඉතින් අපිට පුලුවනෑ.. බලෙන් උදවු කරන්න නේ ද .. බොලේ

  3. හරී Says:

    මාළු කෑල්ලට මොකද වුනේ?

  4. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    මටත් මල්ලියෙක් හිටියනම්
    ඌට මම නම දාන්නේ ගෙම්බා කියලා

  5. මාරයාගේ හෝරාව... Says:

    ආ මල්ලී…

    මල්ලිට මඩක් ඔනමද..?

  6. හිස් අහස Says:

    අඩේ අයියටම හරියන මල්ලී . වෙලාවට තමයි මට මලයෙක් උන්නේ නැත්තේ . ඔයා තමා වැරදී පොඩි එකාට නොදී තනිවම කන්න ගියා මුලදීම .

    ඔයාට තිබුනා එදා බස් එකේදී “මල්ලී අර කෙල්ල ඔයාට ඕනද ?” කියලා අහන්න එහෙම ඇහුවනම් පොඩි එකා හා කියනවා නේ .

    අයියටයි මලයටයි දෙන්නටම ජය …

  7. dinesh Says:

    මේ වෙනකොට තත්වෙ කොහොමද දන්නෙ නෑ නේද..? හැබෑටම මලය මොකද බං “මල්” වලට ඩොකොල් කිව්වෙ.මලක අහලින්වත් යන්නෙ නැනෙ.හික්………හික්………මරු අයියයි මල්ලියි.

  8. ගෝල්ඩ් fish Says:

    @ නවම් – පව් කියන්නේ බං, අහපු වෙලේ කිව්වනම් අපි උදව් නොකර ඉන්නවද? මගේ අනාගත නෑනා පොඩ්ඩනේ බං.

    @ ඉලංදාරියා – උන් දන්නේ නෑ බං වැඩිහිටියන්ගෙන් උපදෙස් අරං, හරියට දෙයක් කරගන්න.

    @ හරී – දන්නේ නෑ බං

    @ විත්ති – උඹ ඌට ගෙම්බා කියලා දැම්මොත්, මල්ලී උඹට ‍ගෙඹී අයියා කියලා දායි.

    @ හිස් අහස – හපෝ උඹට මල්ලියෙක් නැති එකමයි හොඳ

    @ dinesh – ඌට ආතල් ඇති බං ඩොකොල් ඩොකොල් කියද්දී…. බලපං නිකං අපිටත් අමුතු කිචියක් යනවා නේද?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: