අනේ මං දන්නවා…. මොනාද අම්මේ මේකෙ තියෙන්නේ…. මගේ යශෝධරාවත…6



ඔන්න මං කුමාරයාට යශෝධරාව හම්බුන අළුතම මාස කීපයකට පස‍්සේ යශෝධරාවගේ උපන් දිනය යෙදුනා. එදාට ඉතිං මං කුමාරයත් මොනා හරි දෙන්න එපැයි. නැත්තං ඉතිං මං කුමාරයාගෙන් වැඩක් නැහැනේ.
 
ඉතිං මං කුමාරයා කරේ, ම‍ගේ යහළු ඇමතිවරු දෙන්නෙකුත් එක්ක කතිකා කරල එහෙම, ලස්සන තෑග්ගක් ලෑස්ති කරන්න ගත්ත එක. මොකද මං කුමාරයා මෙච්චර කාලෙකට කිසිම කුමාරියකට තෑගි දීලා තිබුනේ නැහැනේ. ඉතිං ඒක නිසා තමා අර පණ්ඩිතවරුන්ගෙන් උපදෙස් ගත්තේ. දැන් ඉතිං ඔන්න තෑග්ග දෙන්න ඕනේ දියඇලි, මල් වතු එහෙම එකතු කරන්න එක ඇමති කෙනෙක් භාර ගත්තා. ඒ ඇමතිතුමා සීඩී සල්පිල් ගානේ ගිහින් දියඇලියි, මල්වතුයි එකතු කරගෙන එන අතරෙදි, මං කුමාරයයි අනිත් ඇමතියි එක්ක ඒ ඇමතිගේ කොම්පූතරේට ෆ්ලෑෂ් දාන්න ගත්තා. ඒ අර ඉන්ට්‍රොඩක්ෂන් කියන එක හදන්න තමා. පස්සේ ඒ වැඩ ටික ඉවර ගෙන ලස්සන ස්ලයිඩ් ෂෝ වීඩියෝ ඩිස්ක් එකක් පුච්චගෙන අරං ගියා මගේ යශෝධරාව බැහැදකින්න. එතකොට යශෝධරාව හිටියේ සුරම්‍ය මාලිගයේ.
 
එදානම් නිකං අනම් මනම් නම් නැතුව යශෝධරාව කෙලින්ම එයාගේ මව්තුමියට කිව්වා, අම්මේ ….. මෙන්න අයියා ඇවිත් කියලා. ඉඳගන්න කියන්න පුතේ කියලා මව්තුමියත් කොහේදෝ ඉඳන් කිව්වා. ඔන්න ඉතිං යශෝධරාව හුරතල් වෙවී කියනවා, අම්මා කිව්වා වාඩි වෙලා ඉන්න කියලා… එහෙම කියලා මෙන්න යශෝධරාව කවදාවත් නැතුව සිරියහන් ගැබට දුවනවා. ඊට සුළු මොහොතකට පස්සේ තමා තේරුනේ ඒ ඇයි කියලා. යශෝධරාව ගෙට දුවලා තියෙන්නේ උපන් දිනේට මහපු අළුත් ගවුම ඇඳන් එන්න. අනේ එදාත් දෙයියනේ කියලා නඩුවක් සෙට් වුනා මං කුමාරයට. ඒක නම් යශෝධරාවගෙන් වත්, මව්තුමියගෙන් වත් නෙමේ. මව්තුමියගේ නංගිගෙනුයි, එයාගේ ලොකු දුව නොහොත් යශෝධරාවගේ අක්කාගෙනුයි. අම්මද බොල මේ කෙල්ල උදේ ඉඳන් ගවුම අදින්නෙ නැතුව පරන එකක් ඇඳන් ඉදලා තියෙන්නේ මෙයා එනකම් තමා එහෙනම්… කියලා මව්තුමියගේ නංගී කියද්දී, යශෝධරාව ඇඹරෙනවා ලැජ්ජාවෙන්. අද නඩුවටනම් මව්තුමියගේ සහයෝගයක් නැති පාටයි. මොකද එතුමිය ආහාර පිළියෙල කරනවද කොහෙද මං කුමාරයට පිළිගන්වන්න.
 
එහෙම හිතලා ඉවර කරන්න හම්බුනේ නෑ… මෙන්න මවුතුමිය එනවා, කේක් වගේකුයි කෙසෙල් ගෙඩියි අරගෙන. ආපු ගමන් යශෝධරාය දුවලා දුවලා ගිහින් මව්තුමියගේ අතේ එල්ලිලා, නඩුවේ විස්තර කියනවා. සුදු අම්මා මට විහිළු කරනවා…. කියලා තො‍‍දොල් වෙනවා. ඇයි පුතේ? මොනා කියලද? ඇහුවම ඔන්න ඉතිං යශෝධරාවගේ මව්තුමියගේ නංගිට විරුද්ධව තවත් අතුරු නඩුවක් ෆයිල් කලා. ඒක ඉතිං වැඩි දුර විභාග වුනේ නෑ. ලොකු අය නිසා ඒක යට ගැහුනා. හ්ම්… ඒකට මගේ නඩු, දවසකින් විසඳන්න බැරි වුනොත් දවස් ගනන් කල් යනවත් එක්ක. පස්සේ කොහොම හරි මම කේක් කන කොට යශෝධරාවත් එක්ක මව්තුමිය ඇවිත් මං කුමාරයාගේ ලඟින් අසුන් අරගෙන යශෝධරාවත් ගත්තා මව්තුමියගේ ඔඩොක්කුවට. දැන් මොනාද නංගිට ගෙනාවේ කියලා මව්තුමිය අහද්දී… ම්… යශෝධරාව බලනවා බැල්මක් පුංචි ඇස් දෙකෙන්… ඒ වෙලාවට නම් යශෝධරාව බදාගෙන ඉඹින්නමයි හිතෙන්නේ. කොහොම හරි ඉතිං සෑහෙන අධිෂ්ඨාන බලයක් දාලා ඒ සිතුවිල්ල යටපත් කරගත්තා මං කුමාරයා. ඊට පස්සේ මං අරගෙන මහඟු මිලකල නොහැකි ත්‍යාගය පිරිනැමුවා.
 
ඒක ගත්ත ගමන් මේ මොකද්ද? කියලා යශෝධරාව ඇහුවා. එදා යශෝදරාවගේ උපන් දිනේ කියලා ඉතිං මං කුමාරයට ගානක් නෑ. ඕක සීඩී එකක්නේ,කියලා මං කුමාරයා පුංචි නෝන්ඩියක් දැම්මා. අනේ මං දන්නවා…. මොනාද අම්මේ මේකෙ තියෙන්නේ…. කියලා මං කුමාරයගෙන් අහන්න බැරි කමට මව්තුමියගෙන් යශෝදරාව අහනවා. පස්සේ මව්තුමිය කියනවා මං කොහොමද දන්නේ අයියාගෙන් අහන්න කියලා. පස්සේ අම්මගේ ඔඩොක්කුවෙන් බැස්ස යශෝධරාව එයාලගේ ප්ලේයර් එක ගාවට ගිහින් දැම්මා සීඩී එක. දාලා රිමෝට් එකත් අරං ආයෙමත් මව්තුමියගේ ඔඩොක්කුවේ. මෙන්න ලස්සන මියුසික් එකකුත් එක්ක… හැපි බර්ත් ඩේ නංගි පැටියෝ කියලා ඉංග්‍රිසියෙන් ආවා. ඊට පස්සේ යශෝදරාව ආසාම සිංදු දෙක තුනක් එක්ක ලස්සන එයා ආසා කරන පින්තූර සෙට් එකක් යනවා.
 
දැන් යශෝධරාවට ගානක් වත් නෑ මං කුමාරයා ඉන්නවද කියලවත් කට ඇරගෙන මව්තුමියට තුරුල් වෙලා එයාගේ තෑග්ග රස විඳිනවා. හරියට තුසිත දෙව් ලොව දිව්‍යාංගනාවත් දිව්‍ය ලෝකේ සිරි නරඹනවා වගේ. කොහොම හරි විනාඩි 10කින් විතර මෙන්න නැවත මේ ලෝකයට පැමිනි යශෝධරාව, මව්තුමියට මගේ දිහා බලාගෙන කියනවා, ලස්සනයි නේද අම්මේ කියලා. ඉතිං මං කුමාරයාගේ බුද්ධි මහිමයට වැටහුනා ඒක කිව්වේ මං කුමාරයට තමා කියලා. ඊට පස්සේ ඉතිං ඒ සීඩී එක ආයෙම අරගෙන කේස් එකට දාලා යශෝධරාවගේ සිරියහන් ගබඩාවේ තැන්පත් කරගත්තා.
 
ඒ තමා මංකුමාරයා යශෝධරාවට දුන්න මුල්ම උපන්දින තෑග්ග. ඊට පස්සේ ඉතිං හිතෙන හිතෙන වෙලාවලට… ඒ කියන්නේ මංකුමාරයා රට තොට නරඹන්න ගියවෙලාවට එහෙම තෑග්ගක් ගෙනත් දෙනවා.
 
ඉතිං අද යශෝධරාවට එදා වගේම ලස්සන උපන් දිනයක් ලබනවා. එදානම් මගේ අතින්ම තෑග්ග දුන්නට අදනම් එහෙම කරන්න විදියක් නැහැ. මොකද අද මං කුමාරයා රැකියාවට ඇවිල්ලානේ ඉන්නේ. ඉතිං ‍මීට කලිං අවුරුදු දෙක තුනක වගේම යශෝධරාවට ගත්ත ත්‍යාගය එයාගේ මව්තුමිය ගාව ආරක්ෂිතව තියෙනවා. යශෝධරාවගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා සුභ මාලිගයට ගිය ගමන්ම මං කුමාරයගේ ත්‍යාගයයි, උපන් දින සුභ පැතුමයි දෙකම යශෝධරාවට ලැබෙයි. ඒත් එදා වගේ මාත් එක්ක හුරතල් වෙන්න නම් බෑ. කොහොම හරි කමක් නෑ… මගේ යශෝධරාවට සුභ උපන් දිනයක් වේවා කියලා මං කුමාරයා ප්‍රාර්ථනා කරනවා.
 


තබන තබන පය පියුමන් පිපෙනු ඇති
සිනහ නගන සොඳ මුව මල් සුවඳ ඇති
නිල් ඉඳුවර දෙනෙතත් මට අගේ ඇති
යශෝධරාවට මා හිත දැනෙනු ඇති
 
කළුවන් කෙස් කළඹ නිම් නැති සුළඟ වැදී
තාලෙට පැද්දේවි යස රස හැඟුම් දිදී
සිනිදු නළල සඳරැස් වැද දිදුලද්දී
මගේ දෙතොල් සිඹීවි රූ සඳ ලද්දී
 
රන්වන් රුසිරු රූ සිරුරඟ නලවන්නී
මගෙ සිහිනෙට හොරෙන්ම නූඹ ළංවෙන්නී
නුඹ නැතිවිට පාළුව හිත වපුරන්නී
මගේ ලෝකය සඳ එළියෙන් නාවන්නී
 
පුංචි හිතට ‍මගේ ආලය තේරෙන්නයි
ආයෙත් විගසින්ම මා වෙත ලංවෙන්නයි
රෝස කොපුලෙ උණුසුම මට විඳගන්නයි
මගේ සඳට කිරි පැනියෙන් උතුරන්නයි
 
අදින් ලබන නුඹෙ දිවියේ නව වසර
ජය පිට ජය දේවි මගෙ සෙනෙහස අතර
සොඳ නෙළුමක ගුණ රුව හැඩ යන ඉතිර
නූඹ වැජඹේවි කුමරිය ලැබ මා ඉසුර

Advertisements

10 Responses to “අනේ මං දන්නවා…. මොනාද අම්මේ මේකෙ තියෙන්නේ…. මගේ යශෝධරාවත…6”

  1. අකීකරු හිත Says:

    මාර ලස්සනයි කවි පෙළ…. මමත් සුබ පතනවා මුළු හදවතින්ම ඇයට

  2. ෴ හසියා ෴ Says:

    පට්ටම පට්ට සහෝ….

    අහ් මමත් හදවතින්ම සුභ පතනවා ඇයට….(උඹට නෙවේ ඕන්…) සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන්නත්…කියන කරන හැමදේම අතිසාර්ථක වෙන්නත් සාමය සතුට සමාදානය ආදරය පිරී ඉතිරෙන්නත් කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…!!!

  3. udaya Says:

    උඹේ යසෝදරාවටත් උඹටත් මගේ හදවතින්ම සුභ පැතුම්….!

  4. හසී Says:

    ඒන්ජල් අක්කාට සුබ උපන්දිනයක් වේවා…

    කවි ටිකනම් උපරිමයි

  5. dinesh Says:

    මචෝ කවි ටිකනම් පිස්සු කොරයි……………….
    උඹේ යශෝදරාවට ඔන්න අපිත් සුබ උපන් දිනයක් කිව්වා..ඒ වගේම දෙන්නට ඉදිරිමග ජයම වේවා………..!!

  6. tharu ahasa Says:

    kavi tika nam kiyanna deyak ne..
    magenuth suba pethum….!!!!!!!!!

  7. හිස් අහස Says:

    කවි ටික නම් සුපර් මචං ..! මමනම් කවදාවත් හිතුවේ නෑ ගෝල් ෆීස් කවි ලියයි කියලා . මේ ලියලා තියෙන්නේ ඇඬෙන්න ..

    ඔන්න ඔයාගේ යසෝදරාවට .මමත් පුංචි සුබපැතුමක් එක්කරනවා

    රන්මාලුවාගේ යසෝදරාවට . සුබම සුබ උපන්දිනයක් වේවා !!

    ජය වේවා !!

  8. Iresha Says:

    magenuth unusum subapathum 🙂
    lassana anagathayak prarthana karanawa oya dennatama.

  9. ගෝල්ඩ් fish Says:

    @ අකීකරු හිත – බොහොම ස්තූතියි

    @ ෴ හසියා ෴ – ඔක්කොම හොඳයි, උඹ මට සුභ පතලා නැහැනේ… තෑන්ක්ස් මචං

    @ udaya – බොහොම ස්තූතියි මචං

    @ හසී – අනේ ඒන්ජල් අක්කා නෙවේ , එයා ඔයාට වෙන්නේ නංගි. බොහොම ස්තූතියි හසී.

    @ dinesh – තෑන්ක්ස් මචං

    @ tharu ahasa – එල එල

    @ හිස් අහස – මල්ලි අපිට ඔය හැම එකම ටික ටික පුළුවන් හරිද… තෑන්ක්ස් සඳරු

    @ Iresha – ඔයා නම් අළුත්… සාදරයෙන් පිළිගන්නවා ටැංකියට. බොහොම ස්තූතියි

  10. Kalikala Says:

    යසෝදරාවට අපෙනුත් සුභ පැතුම්!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: