එතකොට ටීචර්… ප්‍රශ්න වැල



මේ තමා අපි හැමෝගෙම තර්ක කිරීමේ, විවාද කිරීමේ දෙවන හා සාර්ථක ආරම්භය. මේ සීන් එකේ පළවෙනි පියවර පටන් ගන්නේ අපේ ගෙවල් වලදී. ඒ කියන්නේ අපිට චවනයක් දෙකක් කතා කරන්න පුළුවන් වෙච්චිදා ඉඳන්ම අපිට ඉතිං ප්‍රශ්නම තමා. ඉතිං හැම ඉලව්වක් ගැනම අම්මාගෙනුයි තාත්තගෙනුයි ප්‍රශ්න අහනවා. සමහර වෙලාවට උත්තර නැතුව ගියාම සූප්පුව කටේ ගහලා දෙන්නා එක්ක ශේප් වෙනවා. ඉතිං මේ තර්ක කේස් එක මේක ඉවර වෙන්නේ එක්කෝ තර්ක ශාස්ත්‍රය හදාරලා නීතිඥයෙක් වෙලා ඓහෙමත් නැත්තං කාගෙන් හරි හොඳ කනේ පාරක් කාලා හරි තමා.
 
ඉතිං ඉස්සර අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා අපි වගේ බබාලා හම්බුවෙන්නේ කොහොමද කියන එක. බලන්න ඉතිං උපන් දා ඉඳන්ම මුං වලත්තයිනේ. පොඩි එවුන්ට හිතන්න වටින එව්වද ඔය. ඔය ප්‍රශ්නෙ ඇහුවම අම්මල එක එක උත්තර දෙනවා. සමහරු කියනවා රෝස කැලෙන් කියලා, තව සමහරු කියනවා දෙයියෝ දුන්නා කියලා ඒ අස්සේ තවත් අම්මලා හඳ මාමවත් උගස් තියනවා. ඒ වුනාට අපි දැන් බබාලා හම්බුවෙන සීන් එක දන්නෝ… හූ… හූ… රෝස කැලෙයි, දෙවියොයි, හඳ මාමවයි අපි දැන් දන්නෝ….අම්මලා අපිට කියලා දුන්නේ නැත්තේ ලැජ්ජා හින්දා නේද…. හරි ඒ ගෙවල් වලනේ දැන් කියන්න යන්නේ ගෝල්ඩ් fish චූටි එකා දවස් වල එක එක ලෝකෙ නැති ප්‍රශ්න අහලා අහිසංක ගුරුවරුන්ව අමාරුවේ දාපු හැටි.
 
මුල්ම මට මතක එක තුන වසරෙදි… ඔන්න චිත්‍ර පීරියඩ් එකේදී ගෝල්ඩ් fish ලගේ මිස් කට්ටියටම කිව්වා චිත්‍රයක් අඳින්න කියලා. මාතෘකාවනම් දැං මතක නෑ. කොහොම හරි චිත්‍රය ඇඳලා ඉවරා වෙලා මිස් මේ ටික බලාගෙන බලාගෙන ගිහින් එක පාරට ගෝල්ඩ් fish ගාව නැවතුනා. එවේලේ මම නම් හිතුවේ මට ලකුනු 100ම දෙයි කියලා. මොන, කොහෙවත් නැති ප්‍රශ්නයක් අහලා මිස්ම නාගත්තා.
මිස් ගෝල්ඩ් fish ගෙන් ඇහුවා ඇයි පුතා මේ මල් වල පෙති කොල පාට කියලා. ඉතිං මාත් හපනා වගේ කිව්වා එහෙම ලස්සනයිනේ කියලා. මිස් ආයෙමත් කියනවා, එහෙම නෙමේ ළමයෝ මල් වල පෙති පාට කරන්නේ රතු පාට කහ පාට වගේ පාට වලින් කියලා. ඊට පස්සේ මිස් පන්ඩිතයා වගේ මාත් එක්ක තො‍දොල් වෙවී ඔලුව අතගගා මගෙන් අහනවා, හොඳ පුතා වගේ මට ‍මේ පැස්ටල් පෙට්ටියේ රතු පාට පෙන්නන්න කියලා. මිස් හිතන් ඉන්නේ මං අවුරුදු තුනක් තිස්සේ ස්කෝලේ ඇවිල්ලත් පාට අඳුරන්නේ නෑ කියලා. ඊට පස්සේ මාත් චන්ඩියා වගේ බො‍හොම උජාරුවෙන් පාට පෙට්ටියෙන් ගත්තා Blue කියලා ගහලා තිබ්බ පාට කූර. මෙන්න බොල මිස් කියනවා අනේ දරුවෝ ඔය නිල් පාට කියලා. පස්සේ මිස්ම මට පෙන්නුවා මේං රතු පාට කියලා. එතෙන තමා මිස්ට වැරදුනේ. තමන් දන්න බව පෙන්නන්නේ නැතුව මං තෝරගත්ත එක හරි කියලා එතනින් ගිහින් වෙන ළමයෙක්ගේ චිත්‍රයක් බැළුවනම් කිසි අවුලක් නැහැනේ.
 
පස්සේ මං ඇහුවා, ඇයි මිස් ඒ පාටට රතු කියන්නේ කියලා. මිස් කිව්වා ඒ ඒ පාටෙ නම කියලා. ඊට පස්සේ ආයෙමත් මං ඇහුවා ඇයි ඒ පාටට එහෙම කියන්නේ කියලා. මිස් මං අහපු ප්‍රශ්නෙට මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇයි පුතාට ගෝල්ඩ් fish කියන්නේ? ඒ ටීචර්, අපේ අම්මා මට දාලා තියෙන නමනේ… කියලා මං කිව්වා. මෙන්න ඊට පස්සේ මිස් කියනවා ඉතිං පුතේ ඔයාට ගෝල්ඩ් fish වගේ මේ පාටට කියන්නේ රතු කියලා. දැං ආයෙමත් මට ප්‍රශ්නයක්… මං ඇහුවා එතකොට… එතකොට ටීචර් රතු පාටේ අම්මා කව්ද? තත්පරයක් ගියේ නෑ අපේ අහිසංක මිස් මිසිං… මගේ ඒ ප්‍රශ්නෙට අද වෙනකම් කවදාවත් උත්තරයක් හම්බුනේ නෑනේ….
 
මෙන්න අනිත් එක, මේක වුනේ පහේ ශිෂ්‍යත්වෙට ලියන්න ඔන්න මෙන්න ඉද්දී. තව මාසදෙකක් විතර තියෙන්න ඇති විභාගෙට. ඔන්න ඒ පාරත් නා ගත්තේ මිස් කෙනෙක්. ඒ මිස් කියනවා දැං ළමයි විභාගෙට ලෑස්ති වෙන්න ඕනෙ කියලා. ඒ වෙලාවේ නම් මට නැගිටලා අහන්නත් හිතුනා ඉතිං මිස් අපි එක වසරේ ඉඳන්ම ලෑස්ති වුනා මදිද කියලා. පස්සේ ආයේ මිස් අපෙන් අහනවා, ඔයාලා දන්නවද ශිෂ්‍යත්වය කියන එකේ තේරුම මොකද්ද කියලා. විභාගෙට තව මාස දෙක වුනාට අපේ එකෙක් වත් ඒක දන්නේ නෑ. ඉතිං අපි මිස්ට කිව්වා දන්නේ නෑ කියලා. පස්සේ මිස් කිව්වා හෙට මම කියන්නම් පුළුවන්නම් ගෙදර ගිහින් හොයාගෙන එන්න කියලා.
 
ඉතිං ගෝල්ඩ් fishත් ගෙදර ගිහින් පොත් පෙරල පෙරල බැළුවා මේකෙ තේරුම. ම්හු… කොහෙවත් නෑ. හැම තැනම තියෙන්නේ ශිෂ්‍යත්වය කියලා විතරයි. දැං කොහොම හරි පහුවෙනිදා ස්කෝලේ ආවා. කාගෙන් හරි අහගන්න හිතා ගෙන තමා ආවේ. මොන මුන් එකෙක් වත් දන්නේ නෑ. පස්සේ මිස් පන්තියට ආපු ගමන් ඊයේ ප්‍රශ්නේ ඉදිරිපත් කලා. අ‍නේ මිස්ටත් අපේ සෙතේමයි. ඊයේ කොහෙන් වත් හොයාගන්න බැරි වෙලා වගේ බොහොම අසරන හිනාවක් දාලා… ඒක ඕනේ නෑ අද පාඩම ගස් වැල් හා සතුන් කියලා කියපි.
 
මේක වුනේ හත වසරෙදි. මේක නම් ‍ ගෝල්ඩ් fishට නෙමේ. අපේ පන්තියේ හිටිය ගෑනු ළමයෙක්ට. අපිට සමාජ අධ්‍යනය ඉගැන්නුවේ සර් කෙනෙක්. එයාම තමා පන්ති භාරව හිටියෙත්. අපේ පන්ති නායිකා කෙල්ල හරි පන්ඩිතයි. ඕනෙ දේකුත් නෑ එපා දේකුත් නෑ. හැම මගුලම දැනගන්න ඕනේ. ඉතිං දවසක් සමාජ අධ්‍යනය පාඩමේදී ශේෂ කඳු ගැන කියලා දෙද්දී… මේ කෙල්ල අහනවා ඒවා හැදෙන හැටි. ඊට පස්සේ සර් ඒක පහදලා දුන්නා. ඊට පස්සේ කිව්වා ඔය ගල් වලවල් වල ගල් කෑඩීමෙනුත් මේ වගේ ස්භාවික සම්පත් විනාශ වෙනවා… අරකයි මේකයි කියලා. සර්ත් පන්ඩිත වෙන්න යනවනේ. පස්සේ අපේ පන්ති නායිකාව කියනවා… ඔව් සර් අපේ පැත්තෙත් තියෙනවා ගල් කපන තැනක්. එකේ අපේ අයියා කෙනෙකුත් ඉන්නවා කියලා. ඒ දවස් වල ඉතිං අපේ ‍ළමයි හරි දියුණුයිනේ. ඉතිං ලාවට සූවක් එහෙම දාලා එකෙක් නැගිටලා සර්ගෙන් ඇහුවා… එතකොට සර්.. මොකද්ද සර් ගල් කපනවා කියන්නේ කියලා. දැන් ඉතිං සර්ටයි කොල්ලෝ ටිකටයි හිනා. ඒත් ගැහැනු ළමයි ටික බොහොම උනන්දුවෙන් සර්ගේ කට දිහා බලාගෙන ඉන්නවා මොකද්ද මේකෙ තේරුම කියලා දැන ගන්න. මොන… සර් කිව්වා, බොලත් එක්ක උගන්නන්න බෑ බං… කියලා සර් මාරු. ඉතිං ඒ ප්‍රශ්නෙටත් අද වෙනකම් විසඳුමක් නෑ.
 
මේක වුනේ ගෝල්ඩ් fish දහය වසරේදි. ඒ අවුරුද්දේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව අපි ගියේ, මාතලේ අළුවිහාරෙට. ගෑනු ළමයිනුත් ගිය නිසා ඉතිං අනුමත වෙන, ස්ටෙලා වැඩ වගේ ඒවා නෑ. සිංදු කියන එක තමා එකම වැඩේ. ඉතිං ඔහොම සින්දු කිය කිය ගිහින්, අළුවිහාරෙයි තව මොනාද මන්ද තැන් වගේකටයි ගිහින් එන ගමන්, ළමයින්ගේ රෙජිස්ටරේ අරං බැළුවා ඔක්කොම ඉන්නවද කියලා. ඔක්කොම ඉන්නවා අපේ වැඩියෙන්ම සිංදු කියපු එකා නෑ. මාර කේස් එක. පස්සේ දෙතුන් පාරක්ම නම කිව්වා ඌ නෑ. හැබැයි අපිත් එක්ක එක සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. මේ යකාගේ කටහඩ නෑ. මූ ඉන්නවා කියන්න කට ඇරියට ඒ සද්දේ ඇහෙන්නේ ළඟම ඉන්න එකාට විතරයි. පස්සේ ඉතිං මිනිහා ඉන්නවා කියලා එක දැම්මුවා. ඊට පස්සේ සර්ට කිව්වා මේක. සර් ආවා. මොකෝ බං? ……….. ……. ….. කටහඩ නැති යාළුවා මොනාද මොනාද කියනව වගේ. ඒත් සද්දේ නෑ. දැං මූ අඩන්න වගේ…. පස්සේ අපි සර්ගෙන් ඇහුවා ඇයි සර් මේ කියලා. සර් කියනවා දන්නේ නෑ බං…. වතුර ටිකක් දීලා බලමු කියලා. වතුර ටිකක් දීලා, ටිකක් ඇල කරලා තිබ්බම මිනිහට හොඳවුනා. ඒත් ප්‍රශ්නෙට උත්තරයක් නම් තවමත් නෑ….
 
මේං අනිත් එක. ගෝල්ඩ් fish උසස් පෙළ කරද්දී. පිස්ක්ස් වලට තියෙනවා පදාර්ථ කියලා දෙයක්. මට දැන් නම් හරියටම මතක නෑ. ඝන දේවල් වගේ ඒවා තමා පදාර්ථ වලට අයිති වෙන්නේ. ඒත් ගෝල්ඩ් fish කොහෙන් හරි දැකලා තිබුනා ගින්දර, ගිනි දැල්ල වගේ ඒවා පදාර්ථයක් නෙවේ,ප්ලාස්මාව කියලා එකක් කියලා. ඉතිං ගෝල්ඩ් fish ඕක ඇහුවා පිසික්ස් මිස්ගෙන්. මිස් ටිකක් වෙලා කල්පනා කරා… අනේ මං දන්නේ නෑ ළමයෝ ඕවා,‍ මෙන්න මේ ගාන ලියා ගෙන හදනවා කියලා කිව්වා. ඉතිං ඒ ප්‍රශ්නෙටත් මේ වෙනකං උත්තරයක් නෑ.

16 Responses to “එතකොට ටීචර්… ප්‍රශ්න වැල”

  1. අකීකරු හිත Says:

    මාළුවාටත් තියෙන ප්‍රශ්න….

  2. කැන්ඩි.... Says:

    නියම ප්‍රශ්න ටික අපෙත් හිටිය පිසික්ස් මිස් කෙනෙක් ප්‍රශ්නයක් අහුවම ඔය වගේ ගානක් දෙන..

  3. නවම් Says:

    මගෙ අම්මේ මේ මාලුවෙකුට තිබිල තියෙනෙ ප්‍රශ්ණ……

  4. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    මමත් අහපු ප්‍රශ්ණවලට ඇති වෙන්න කාලනම් තියෙනවා
    උදා ඇයි සර් ඉස්කෝලෙදි කැට ගැහුවම වෙන්න
    උත්තරනම් කන හරහා හම්බ වුණා හැබැයි ඉතින් හෝ හෝ ගලා ඇහුනේ අනෙ ඉතින් අතින් කියනවාට වඩා කටින් කිව්වනම් හැමෝටම හොදට ඇහෙනවානේ

  5. හිස් අහස Says:

    මාර ප්‍රශ්නයක් .

    අපේ ඉස්කෝලේ හිටියා සර් කෙනෙක් එයාගෙන අපි පුරස්නයක් ඇහුවම හැම වෙලාවෙම කීවේ එකම දෙයයි ඒක තමයි ” එහෙ….ම …..මට දුක……..” ඇදලා ඇදලා ඔන්න ඔච්චරයි කියන්නේ ..

    ජය වේවා !!

  6. සමාදි Says:

    අනේ මන්දන්නෙ නෑ, මේ මාලුවට කට පියන් ඉන්න බෑරි හෑටි. දෙය්යනේ කියලා මාලු කරනමක් හෙම ගහලා පාඩුවෙ ඉන්න බෑරිද?

  7. dinesh Says:

    හික්……රතු පාටෙ අම්ම කවුද කියල ටිකක් ලොකු පංතියකදි එහෙම ඇහුවනම්….හික්……

    උඹත් හරි පූස් මාළුව නේද??

  8. MaRlaN Says:

    ගෝල්ඩ් ‍ෆිශ් ප්‍රශ්න පත්තරයක්නේ බලාගෙන යද්දි…..

  9. සෝරෝ Says:

    හිහ්………….. උඹත් මාරම ඩයල් එකක් නේ…………….. 😀

    එළ එළ
    ජය වේවා…..!!

  10. Alchemiya Says:

    කෝ බං මේ මාළු ටැංකියේ ඉන්නේ ඒන්ජල්ස් ලා විතරමයි නේ….

    අපේ පොඩි එකා දවසක් මගෙන් ඇහුවා අම්මගේ tummy එකට බබාල එන්නේ කොහොමද කියලා. මම කිව්වා බැන්දාම ලමයි Tummy එකට එනවා කියලා…
    දැන් ඌට තව කවුරු හරි ඕන වෙලා හැමදාම අහනවා ආයෙ බඳින්නේ කවදද කියලා…..
    ඔන්න දැං හැදෙන පොඩ් උං….

  11. ගෝල්ඩ් fish Says:

    @ අකීකරු හිත – ඒ පුංචි කාලේ.. දැන් තියෙන්නේ ඔයිට වැඩිය අලි ඒවා…

    @ කැන්ඩි…. – ෆිසික්ස් කරන හැමෝම එහෙමද මන්දා

    @ නවම් – අපි ඉතිං චිචාරශිලි කොල්ලොනේ

    @ ක්ෂිතිජ විජේමාන්න | විත්ති – හෝ හඪ තාම මතකයි වගේ නේද? හී හී

    @ හිස් අහස – උඹලටම හරියන සර්ලා, ඒකට බලපං අපේ සර්ලා

    @ සමාදි – මේ දවස් වල පිනුම් ගහන්න තියා කෙලින් ඉන්නවත් බෑ අප්පා

    @ dinesh – උම නම් කනවා‍ මගෙන් ලඟදිම

    @ MaRlaN – හරියටම තේරුම් ගත්ත එකම එක්කෙනා

    @ සෝරෝ – අපි එහෙමයි මිතුර කිව්වා…


නවම් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: