කොල්ලෝ තුන් දෙනෙක් බෝල ගහපු හැටි



ඔන්න එකමත් එක රටක ස්කෝලෙක හිටියා ක්‍රිකට් පිස්සෝ දෙ‍න්නෙක්. ඒ දෙන්නාගේ වැඩේම පන්තියේ ගුරුවරයෙක් නැති වෙලාවට පන්තිය ඇතුලෙයි, ඉන්ටර්වල් එකට පිට්ටනියේ කෙරවලකයි බෝල ගහන එක. හැබැයි මේ මහා ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ, අපේ මේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නා අතර විතරයි. මොකද වෙන එකෙක් හරි මේ ගේමට සම්බන්ධ වුනොත් ඒ තර‍‍ගේ මෙලෝ රහක් නැති වෙන බව ඒ දෙන්නා අත්දැකීමෙන් දන්න නිසා, කොයි තරම් අඩලා වැලපිලා , බිම පෙරලිලා පස් කාලා කිව්වත් වෙන එකෙක්වත් ගන්නේ නෑ.
 
අනිත් යාළුවොත් මේ දෙන්නාගේ ක්‍රිකට් තර‍‍ගෙට එන්න මෙච්චර උනන්දු ඇයි දන්නවද? ඒ දවස් වල දක්ෂ ක්‍රිකට් කාරයෝ දෙන්නා හිටියේ ස්කෝලේ හය වසරේ. ඉතිං හැමදාම විවේක වෙලාවට මේ දෙන්නාගේ තරගෙ බලන්න එන්න පුරුදු වෙලා හිටියා හතර වසරේ, පහ වසරේ වගේ පුංචි පුංචි හුරුබුහුටි ලස්සන නංගිලා හෙන ගොඩාරියක්. ඉතිං අර දෙන්නාගෙන් එක්කෙනෙක් බෝලෙ දානවා, අනිත් කෙනා බැට් කරනවා. එතකොට බෝලෙ ගිහින් කොහෙහරි වැටෙනවානේ… අන්න එතකොට අර පුංචි නංගිලා කට්ටිය දුවලා දුවලා ගිහින් බෝලෙ අහුලන් අර අයියලට ගෙනත් දෙනවා. ඒ කියන්නේ චූටි ගෑනු ළමයි ටික තමා බෝලෙ අහුලන්නේ, වතුර අදින්නේ.. වගේ වැඩ කරන්නේ. ඉතිං අනිත් අයියලට ආසා හිතෙන්නේ නැද්ද ඔය වගේ තරගෙකට සහභාගී වෙලා තමන්ගේ දක්ෂකම් පෙන්නන්න. හැබැයි ඔය මොනා කලත් ඒ ක්‍රිකට් සංචිතේට ඇතුලත් වෙන්න කාටවත් බැරිවුනා. අනිත් එක තමා අර සමහර අයියලා වෙන වෙන ආගම් වල බෝල වගේ ඇස් තියෙන සුදු නංගිලාව සෙට් ‍කර ගන්න කාල වලට එහෙම මේ දෙන්නගේ තරගෙ බොහොම සැරට පැවැත්වෙනවා. එතකොට ඉතිං ඉන්ටවල් හම්බුවෙන විනාඩි පහළොව විතරක් නෙවේ පැය දෙක තුනක් වුනත් දිගට තරගේ පැවැත්වෙනවා.
 
කොහොම හරි ඉතිං ඒ අයියලා දෙන්නා පිට්ටනියේ කොනක නංගිලා රොත්තක් වටකරං ක්‍රිකට් ගහද්දී අනිත් අයියලා ටික, පිට්ටනිය මැද්දේ ගස් පුච්චන සෙල්ලම කරනවා, තවත් කට්ටියක් බෝල ගහනවා. ඉතිං ඔය අතරෙදී අර ගස් පුච්චන අයියලාගෙන් කව්රු හරි කෙනෙක් අර අපේ දක්ෂයෝ දෙන්නගේ ක්‍රිකට් තරගේ තියෙන පැත්තට ගියොත් බඩුම තමා. ආයේ ඉන්ටර්වල් ඉවර වෙනකම් ඒ අයත් නංගිලාගේ ඇගේ හැප්පි හැප්පි අර දෙන්නගේ බෝල අහුලනවා. ඒ වගේම අර අනිත් ක්‍රිකට් ගහන අයියලාගේ ‍බෝලේ මේ දෙන්නගේ පැත්තට ආවොත් බෝලේ පස්සෙන් එලවන් එන අයියා බෝලෙත් අරං ආපහු යන්නේ ඉතිං ඉන්ටවල් ඉවර වුනාම තමා. එයාගේ බෝලේ සාක්කුවේ දාගෙන එයත් අර දෙන්නගේ බෝලේ අහුලනවා.
 
ඔය පන්තියේම හිටියා තව ළමයෙක්. එයා අර තුන්ඉරියව් ක්‍රීඩකයෝ දෙන්නා එක්ක මාර ෆිට්. හැබැයි ඉතිං එයා ආසා ගස් පුච්චන සෙල්ලමට. ඒක නිසා කාලයක්ම ඒ සෙල්ලම කලා. දවසක් වැරදීමකින් වගේ අර දෙන්නා සෙල්ලං කරන පැත්තට ඒ ළමයව යැවුනා. ඉතිං ආපහු ගියේ ඉන්ටවල් ඉවර වුනාම තමා. ඒ යාළුවා ටිකක් විතර මොල කාරයා. ඉතිං එයා හිතුවා මේ දෙන්නගේ තරගෙට කොහොම හරි සහභාගි වෙන්න ඕනේ කියලා. අඩුම ගානේ තර්ඩ් අම්පයර් විදියට හරි. ඒකත් ලොකු දෙයක්නේ. ඔන්න ඔහොම දවසක් දෙකක් යද්දී, මේ යාළුවා අනිත් යාළුවෝ දෙන්නගෙන් ඇහුවා, මේ මචං මටත් උඹලා එක්ක සෙල්ලං කරන්න දියංකෝ බං. මට දැන් ගස් පුච්චන එක එපා වෙලා තියෙන්නේ කියලා. පස්සේ අර දක්ෂයෝ දෙන්නා අනිත් යාළුවාගෙන් ඇහුවා, උඹට ක්‍රිකට් ගහන්න පුළුවන්ද කියලා. ඒත් ඉතිං අවාසනාවටක වගේ ඒ යාළුවට ක්‍රිකට් ගහන්න දන්නේ නෑලු. පස්සේ අනිත් යාළුවෝ දෙන්න කිව්වා එහෙනම් උඹ අම්පයර් හිටපං කියලා. කවදා කොරපුවද ඕවා කියලා හිතද්දී යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් අහනවා බැයිද කියලා. ආහ්… මොකද බැරි මං කරන්නම් කියලා දන්නේ නැති පන්ඩිත වැඩකට අත ගැහුවා අර අහිංසක යාළුවා. ඉතිං ඔන්න ඊළඟ දවසේ තරගේ පටන් ගත්තා. දැන් ක්‍රීඩකයෝ දෙන්නයි. අම්පයරුයි ඔක්කොම තුන් දෙනයි.
 
අර යාළුවා පඹයා වගේ හිටගෙන හිටියට මොකද ඌ දන්න අම්පයර් කමක් නෑ. වටේ ඉන්න පුංචි හා පැටවු ටික දිහා බලාගෙන තමා මිනිහා තීරන දෙන්නේ. පුංචි කෙල්ලෝ ටිකටත් මාර කික්. අළුත් අයියෙක් ඇවිල්ලනේ එයාල එක්ක සෙල්ලං කරන්න. ඉතිං ඒ ගොල්ලත් වෙනදට වැඩිය වුවමනාවෙන් පන්දු රකිනවා. බෝලේ අම්පයර්ගේ කකුල් දෙක ගාවට වැටුනත් නංගියෙක් ඇවිත් අම්පයර්ට ඒක අහුලලා දෙනවා. අහෙන් මෙහෙන් ඇගෙත් හැප්පෙනවා. ඉතිං අම්පයර්ටත් මාරම කික්. මිනිහාත් කොහොමහරි පුළුවන් උපරිමේට නිවැරදි තීරන දෙනවා. මේ තරගෙදී කැච් ඔට්ටු නෑ. එක්කෝ විකට් එකේ බෝලේ වදින්න ඕනේ. නැත්තං අර චූටි සුදු නංගි පැටියෙක් බෝල් කරන අයියට බෝලේ ඉක්මනට ගෙනත් දීලා බැට් කරන අයියව අවුට් කරන්න ඕනෙ. එහෙම තමා තරගේ ගියේ. ඔන්න ඉතිං දවස් කීපයක් යද්දී මේ තරගෙට අර කලින් නොතිබ්ච්ච නීතියක් ඇඩ් වුනා. කව්රු හරි නංගියෙක් අයියලා ගහන බෝලේ කැච් කරොත් බැට් කරපු අයියා අවුට්.
 
ඉතිං ඔය විදියට දෙන්න මාරුවෙන් මාරුවට අවුට් වෙවී තරගේ යද්දී අම්පයර්ට තමා ජොලිම. බැට් කරන අයියා අම්පයර් ගාවට බෝලේ ගැහුවොත් ඉතිං අම්පයර්ට ඊට වැඩිය දෙයක්නෑ. මොකද කොහේ හරි ඉඳන් දුවලා එන නංගි පැටියෙක් බෝලේ අල්ලන්න හෙන ට්‍රයි එකක් දෙනවා. ඒ වෙලාවට ඉතිං වටේ පිටේ තියෙන දේවල් ගැන ඒ අයට තැකීමක් නැහැනේ. ඉතිං අම්පයර්ගේ ඇ‍ගේත් ලාවට වගේ ගෑවෙනවා. ගිනි මද්දහනේ වුනත් හරීම කූල්. ඔහොම දවසක් ගේම යද්දී, අම්පයර්ට මාර කේස් එකකට මූන දෙන්න වුනා. ඒ අම්පයර්ට, අම්පයර් කම් කොලාට කැච් එකක් හරියට ගන්න බැහැ. බෝලේ අල්ලන්නේ ටෝච් ගහලා. එතකොට බෝලේ අතටම ඇවිත් අතේ වැදිලා පැත්තකට පනිනවා. ඉතිං සමහරදාට අර තුන් ඉරියව් ක්‍රීඩකයෝ දෙන්නා බෝල ගහද්දී ඒ බෝලේ ටිකක් උඩ ගිහින් හුලඟට එහෙමත් අහුවෙනවා. මොකද ඒ දෙන්නා , අර නංගි බබාලට බෝලේ වැදුනොත් සිදෙයි කියලා කඩදාසි ගුලියක් අරගෙන ඒකට රබර් පටි දෙකක් දාලා තමා බෝලේ හදාගනෙ තිබුනේ. ඉතිං අර බැට් කරන අයියා බෝලේට ගැහුවා අම්පයර්ගෙන් දකුණු පැත්තට, ඒත් බෝලේ හුළඟට අහුවුනා. අම්පයර් බෝලේ දිහා උඩ බලද්දී මෙන්න බොලේ බෝලේ අම්පයර්ගේ ඔලුවටම එනවා. ඉතිං අපේ අම්පයර් කලේ ටිකක් එහාට මෙහාට වෙලා මෙච්චර කාලෙකට ගන්න බැරි වුන සිරා කැච් එක්ක ගත්ත එක. එදානම් කරුමෙටම බෝලේ අම්පයර්ගේ අතින් පැන්නේ නෑ කියමුකෝ. මෙන්න බොලේ අම්පයර් අර කැච් එක ගත්තා විතරයි අර සූටි නංගිලා ටික හූ කියන්න ගත්තා… ආයේ අම්පයර්ට මුත්‍රා යන්න ඔන්න මෙන්න. හූ හඬ අස්සේ අර දක්ෂ කඩදාසි බෝල ක්‍රීඩකයෝ දෙන්න ඇවිත් අම්පයර්ගෙන් අහනවා, ඇයි යකෝ කැච් එක ඇල්ලුවේ කියලා. අම්පයර් ඇහව්වා, ඇයි බං කියලා. පස්සේ අර දෙන්නා කියනවා අම්පයර්ලා කැච් අල්ලන්නේ නෑ ඕයි කියලා. අම්මට සිරි මෙන්න ඒ පාර නංගිලා ටික අත් දික්කර කර හූ කියනවා. තවත් මෙතෙන හිටියොත් වැඩේ චාටර් වෙන බව දැනගත්ත අම්පයර් එතනින් මාරුවෙලා පන්තියට යද්දීත් අනේ අර යකින්නියෝ ටික හූ කිය කිය පන්තියටම ආවම… පන්තියේ අක්කලා ටිකත් දුන්නා අම්පයර්ට ආයේ ක්‍රිකට් ගහන්නවත්, අම්පයර් කම් නොකරන්නවත් හොඳට මතක හිටින හූවක්. එදාම අම්පයර්, අම්පයර් කමෙන් ඉල්ලා අස්වෙලා පුරුදු ගස් පිච්චිල්ට සෙට් වුනා. ඒත් ටිකක් ලොකු වෙලා අර තරගේ නවතිනකම්ම අම්පයර්ගේ හිත නම් ඒ තරගෙට මාර ආසාවෙන් තිබ්බේ. ඒත් ඉතින් ඒ පැත්තට යන්න බැහැනේ. හූ කියනවානේ…
 
කොහොම හරි ඒ නංගිලා ගොඩේ හිටිය එක නංගියෙකුත් අම්පයර් අයියා අයින් වුනාට පස්සේ කණ්ඩායමෙන් ඉල්ලා අස්වෙලා. අම්පයර් ඒවා දැනගත්තේ පස්සේ කාලෙක. එදා ඉඳන් ඒ නංගි කරලා තියෙන්නේ අම්පයර් ගස් පුච්චලා යාළුවන්ව බේරගන්න හැටි බලාගෙන තනියම පිට්ටනියේ කෙලවරකට වෙලා හිටිය එකලු… අම්පයර් අයියට දැනුත් ඒ මුහුන හිටිගමන් මැවිලා පේනවලු.

10 Responses to “කොල්ලෝ තුන් දෙනෙක් බෝල ගහපු හැටි”

  1. අකීකරු හිත Says:

    ඒ අම්පයර් අයියා අපි දන්න කියන කෙනෙක්ලු… එයාගෙ නම ලස්මන…… වගෙ එකක්ලු…. “ලු” හොදේ…

  2. කැන්ඩි.... Says:

    නියම අම්පයර්…………..
    එල එල..

  3. මයියා Says:

    හි හි….කැච් ඇල්ලුවෙ නැති උනාට, දොලොස් වෙනි ක්‍රීඩකයා හැටියට කණ්ඩායමට සෙල්ලO කරන අම්පයර්ස් ලා ඔය ඉන්ටනැෂනල් මැච් වලත් ඕන තරම් ඉන්නේ..

  4. ෴ හසියා ෴ Says:

    මරේ මරු අම්පයර්….ඇම්පියර් වෙනවා මේවා කියවලා‍‍…

    පට්ට පට්ට මාළු සහෝ…..!!!

  5. dinesh Says:

    අම්පයර් වැඩේ කෙරුවත් එතෙන්ටත් කෙල්ලො ගෑවිලා තියන හැටි.
    කතාව කියවනකොට හිතේ ඇ‍ඳෙන විදියට ලස්සනට ලියල තියනවා.

  6. සාතන් Says:

    හූ…. එතකොට ගොල්ඩ් ෆිෂ් ට හොඳ හූවක් හම්බු වුනා එහෙනම්……

  7. හිස් අහස Says:

    කවුද බොලේ ඒ අම්පයර් .. සල්ලිවලට ගන්න හිතෙනවා … අද නම් නියම කතාව හිනා වෙලා කටින් දුං දානවා ..! මදෑ කැච් ඇල්ලුවා

    පට්ට මචං ..

    ජය වේවා !!

  8. pinibindu Says:

    ඉතින් අම්පයර් අයිය පව්ලූ. ඒ හින්ද අපි හයියෙන් හූ කියන්නෑලූ.

  9. ගෝල්ඩ් fish Says:

    @ අකීකරු හිත – දෙන්නං සුදු නංගියො‍් රිටන් එක….

    @ කැන්ඩි…. – අපි එහෙමනේ…

    @ මයියා – මොනා කරන්නද බං?

    @ ෴ හසියා ෴ – ඇම්පියර් වෙනවනම් ෆියුස් එකක් දා ගත්තොත් හොඳ නැද්ද හසියා?

    @ dinesh – දිනේෂ්, මචං කෑමක් කෑවත් එතෙනත් කෙල්ලෙක් බං.

    @ සාතන් – හූ දෙකක් බං, පොඩි කෙල්ලන්ගෙන් එකයි, අපේ පංතියේ එවුන්ගෙන් එකයි.

    @ හිස් අහස – සඳරු, ඇත්ත කියපං… දුංදාන්නේ හිනාවෙලාද?…..?

    @ pinibindu – කො‍හොමද මෙයා හීං නූලෙන් ගේම දෙන හැටි?

  10. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    මදැයි පලවෙනි සැරේට කැච් එකක් ඇල්ලුවා
    නරක හාවෝ හූ කිව්වානේ


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: