ලයිට් කණුවයි… විනාඩි දෙකයි…

ඉතිං යාලූ මාළුවනේ ගෝල්ඩ් fish, මේ අවුරුද්දේ පළවෙනි මුල්ම ෆස්ට් ට්‍රිප් එක ගියේ සිරීපාදේ කරුණා කරන්නනේ. මේ ඉතිං ඒ ගිය ගමන ගැන විස්තර ටිකක්. ඉදිරියෙදී ශ්‍රී පාදේ යන්න ඉන්න අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි මං හිතන්නේ. ඒක නිසා කියවලා බලන්න.
 
ඇත්තටම අපි මේ ගමන ගියේ ජපානයෙන් හා තායිලන්තයෙන් ආපු අපේ ෆැක්ටරි ‍එකේ සම්පත් දායකයෝ දෙන්නෙක් එක්ක. ඒ වගේම අපේ ඔෆ්ස් එකේ සර්ලා දෙ‍න්නෙකුයි ගෝල්ඩ් fish ඇන්ඩ් මිතුරෙකුත් මේ ගමනට එකතු වුනා. ඉතිං පුරුද්දට මුල් තැන දීලා… වේලාව එහෙම නොවරදවා, අපිට ගමන යන්න එන්න කිව්ව වාහ‍නේ ඩ්‍රයිවර්ටත් පැය දෙකක විතර රැග් එකක් දීලා එහෙම දවල් 11ට විතර ගමන පටන් ගත්තා.
 
පස්සේ ඉතිං කට්ටය අඳුන ගෙන එහෙම යන ගමන් දවල් ලන්ච් එක කන්න නැවැත්තුවා. අපි දවල්ට කෑම කෑවේ… ලෙෂර් වර්ල්ඩ් එක පහුවුන ගමන්ම වගේ තියෙන අම්බලම කියන රෙස්ටෝරන්ට් එකෙන්. කියන්න වරදක් නෑ කෑම ටික නම් සුපිරි. හැබැයි එතෙනදී මීට කලින් නොදැකපු අමුතු පුරුද්දක් දැක්කා. ඒ තමා අර සුද්දෝ දෙන්නම කෑම කන ගමනුයි, කෑම කාලා ඉවරවෙලයි වතුර වෙනුවට බිව්වේ කොකා කෝලා.
 
පස්සේ ඉතිං ගෝල්ඩ් fish චුට්ටක් විතර නින්දට වැටුනා. පස්සේ ඇහැරිලා බලද්දී මෙන්න බොල ගිනිගත්හේනටම ඇවිල්ලා. ඇඩෙනවා… ම‍ට බොහෝම චුට්ටයි නින්ද ගිහින් තියෙන්නේ. ඒ අස්සේ වෑන් එකේ අයියත් මීටරේ කටු හැලෙන්න පාගලා. ඇත්තටම මං දැකපු පලපුරුදුම රියදුරා තමා මෑන්. ආයේ මොනාද වංගු එහෙම නතිං. ඒත් හරිම ආරක්ෂාකාරීයි. බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. විහිළුවට නෙමේ, මම හිතන්නේ මිනිහා බ්‍රේක් පැඩල් එකට කකුල තිබ්බෙම නැද්ද මන්දා. කල්ච් එක උපරිමේට බැලන්ස් කරගෙන ඇරියා ඇරිල්ලක්. නියමයි ඩ්‍රයිවර්ගේ පාට් එකනම්.
 
ඊට පස්සේ අපි නල්ලතන්නියට ආවා. පස්සේ අපේ වාහනේ පාක් කරා නල්ලතන්නියේ පාලම ගාව පාක් එකේ… ඒක කලින්ම වෙන්කරවගෙන හිටියේ. ඒ සියළුම විස්තර ඉස්සරහට ශ්‍රී පාදේ යන්න ඉන්න ඔයාලට වැදගත් වෙයි. ඒක නිසා ඒ හැම දෙයක්ම මම ඉස්සරහට කියන්නම්. ඔන්න පස්සේ, අපි අරං ආපු බිස්කට්, පාන්, වතුර බෝතල්… අරවා මෙව්වා, ඔක්කොම උස්ස ගෙන ශ්‍රී පාද කරූණාව පටන් ගත්තා. අපි ඒ ඔක්කොම උස්සන් ගියේ මේ ගමන මගදී හම්බුවෙන සිද්ධාලේප නවාතැනේ කැමර දෙකක් අපි වෙනුවෙන් බලා සිටින නිසා. ඒක තියෙන්නේ නල්ලතන්නියේ ඉඳන් ශ්‍රී පාදයට යන පාරේ කිලෝ මීටර් එකහා මාරක් උඩින්. අපි ඒ තැන කලින් වෙන් කරගෙන ගියේ. මොකද අපි අරගෙන යන හැම‍දේම උස්සන් යන්න බැහැනේ. ඒකයි.
 
ඊට පස්සේ අපි අපේ නවාතැනට ගිහින් අඅපේ බඩුමලු හෙම තියලා, උනු වතුර වොෂ් එකක් එහෙම දාගෙන ඒ තැනින්ම රාත්‍රි ආහාරත් ගත්තා. මස් මාලු වලින් තොර රසවත් කෑම වේලක් අපිට ලැබුනා. ඇත්තටම මේ ස්ථානය ඔයාලට වැදගත් වෙයි. මොකද අපි අරගෙන යන බඩුමලු ඔක්කොම උස්සගෙන යන්නෙ නැතුව නිදහසේ… පොඩි වෙලාවක් විවේක අරගෙන එහෙම බොහොම සැහැල්ලුවෙන් ගමන යන්න පුළුවන් නිසා.
 
ඉතිං අපි සෙට් එක රෑ 12.15ට තමා ඉතුරු ටික නගින්න පටන් ගත්තේ. අපිත් එකක් ගිය ජපන් ජාතිකයා නම් අර අපි නැවතුන තැනම හිටියා, අසනීප තත්වයක් නිසා. පස්සේ අපි පස්දෙනා නගිනවා.
 
ඇත්තටම හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමේ තමා වුනේ. අර ගෝල්ඩ් fish කලිං කිව්වේ එක සර් කෙනෙක් බොහොම අමාරුවෙන් තමා ගමන ආවේ කියලා. ඉතිං ඒ මහත්තයට ඉතුරු කිලෝ මීටර් තුනාමාරත් යන්න සෑහෙන ගේමක් දෙන්න වුනා. කොහොම හරි කරලා ගෝල්ඩ් fish ඒ සර්වත් උඩටම ඇදන් ගියා. ඇත්තටම සමරහ නීතිත් දාන්න වුනා. මොකද ඒ සර් මහන්සි නිසා පඩි 10 ක් විතර නැගලා නවතිනවා… ඉතිං ගෝල්ඩ් fish කිව්වා, සර් මේක කරන්න බෑ… නවතිනවනම් ලයිට් කනුවක් ගාව විනාඩි දෙක ගානේ නැවතිමු කියලා. සර්ත් හා කියලා.. නගින්න ගත්තා… ඇත්තටම එතකොට තමා ගමන ස්පීඩ් වුනේ. ඒ අස්සේ ආර තායිලන්ත ජාතිකයා අපව බිම තියලා ඩොට් වෙන්න නැගලා. පස්සේ කොහොම හරි ගෝල්ඩ් fish නැගලා නැගලා එයාට සෙට් වුනා. යන ගමන් මෑන්ස්ට අපේ සර් කෙනෙක් කිව්වා ශ්‍රි පාදයේ උඩ මළුවේ තියෙන ගංඨාරේ ගැන. ඒක ඉතින් මුලිංම යන කෙනාට ගහන්න බැහැනේ. දෙවෙනි පාර යන කෙනාට එක පාරක් පුළුවන්…. ඉතිං අර අපිත් එක්ක ගිය තායි ජාතිකයත් හා හොඳයි කියලා එහෙම ඒ කතාව පිළිගත්තා. හැබැයි උඩ මළුවට ගිහින් එයා ගංඨාරේ ගැහුවා. වැරදි විදියකට නෙමේ පිළිවෙතේ හැටියට හරි විදියට.. ඒක කරපු හැටි ඊළඟ කොටසින් දාන්නම්.
 
මේක කෑලි කරන්න වුනේ මේ ගමනේ තියෙන රසය අඩු වෙලා යනවා එක පෝස්ට් එකෙන් දැම්මොත් එහෙම. ඒ කියන්නේ ගොඩක් දේවල් නොලියා ඉන්න වෙනවා… ඒකයි….
 
දැන් මේ පෝස්ට් එක දාන්න පර්ක්කු වුනේ මම ඊයේ ගෙදර ගිහින් බලද්දී ලැපට කෙලවෙලා… පස්සේ ඒක හැදුවට සිංහල නෑ… ඊට පස්සේ උදේ ඔෆිස් ඇවිත් ලියන්න කියලා බලද්දී කාමරේ යතුර නෑ… ඊට පස්සේ කරන්ට් නෑ… පස්සේ ඔන්න යන්තං කොටලා කොටලා දැම්ම‍ා මේ දැං…

ආයෙත් නගිනවද?


ඔව්නේ… ආයෙත් නගිනවා. අර සමහර අයියලා වගේ නම් නෙවේ… වෙනස්ම විදියකට.
 
මෙදා පාර ගෝල්ඩ් fish සිරීපාදේ නගින්නේ පිටරටින් අපේ ෆැක්ටරියට යම් නිෂ්පාදන දුව්‍යයක් ගෙන්වන ආයතනයක ලොක්කෝ දෙන්නෙක් එකක්. දෙන්නම චීනේ. අර චාං චූං රටේ අය. ඉතිං දැන් අපේ අකේලේ දිනේෂ් එහෙම කට්ටියට කිව්වනේ මිනිහා සිරීපාදේ ගිහින් ගත්ත ආතල් ගැන. ඒ අස්සේ අර තවත් අයිය කෙනෙකුත් කිව්වනේ. ඉතිං ඒ ඔක්කොම අස්සේ ගෝල්ඩ් fishත් තමන්ගේ නිකලැල් චරිතයට කෙලවා ගත්තනේ.
 
හැබැයි ඔය එක සෙල්ලමක්වත් මේ පාර නං බෑ. මොකද යන්නේ සුද්දෝ දෙන්නෙකුයි, අපේ ඔෆිස් එකේ ‍ලොක්කෝ දෙන්නෙකුයි එක්ක. ඉතිං පාඩුවේ සිරීපාදේ කරුණා කරලා… බැති සිතින් ආපහු බහිනවා කියලා තමා හිතාගෙන ඉන්නේ. කලින් පෝස්ට් එකක කිව්වට මේ ගමන යන්න වෙන්නේ පෙබරවාරියේ කියලා… ජනේරුව අන්තිමේම සෙට් වුනා ගමන. ඇත්තට මේක අළුත් අත්දැකීමක් වෙයි මයේ හිතේ. අපි හිතන් ඉන්නේ හැටන් වලින් රෑ වෙන්න නැගලා, ඉර සේවය එහෙම බලලා පාන්දර පහලට බහින්න. හැබැයි ඒත් හැටන් වලින්ම තමා. ඇත්තටම ගෝල්ඩ් fish නම් කැමති හැටන් වලින් නැගලා රත්නපුරෙන් බහින්න… ඒත් අර සුද්දෝ දෙන්නට රත්නපුරෙන් බහින්න ජිංතු නැතිවෙයි කියලා… අපි බහින්නෙත් හැටන් වලින්ම තමා. ඒක තමා මේකේ තියෙන එකම අවුල.
 
නැත්තං ඉතිං ගමන් ගාස්තු ෆ්‍රී… කෑම බීම ෆ්‍රී… එතකොට ඉඳුම් හිටුම්, අනං මනං ඔක්කොම ‍ෆ්‍රී. මේ ස්වීප් එක ඇදුනේ හදිසියේ. ඒක නිසා ඉතිං හරියකට ලෑස්ති වෙන්නවත් බැරිවුනා. මගේ වින්ටර් කැප් එක අපේ මලයයි, තාත්තයි දානවා. ඉතිං ආයෙ ඒක ඉල්ලන්නත් බැහැ. දැං වින්ටර් කැප් එකක් ගන්න ඕනේ. ඒ මදිවට මේ ටිකේ වහිනවලු. රේන් කෝට් එකක් දාපු කාලයක් මතක නැති නිසා රේන් කෝට් එකකුත් ගන්න ඕනෙ.
 
වැඩිය ඕනේ නෑ, ඔය ඔක්කොම කරගන්න ඕනේ මේ දැන් හරි, තව සුළු මොහොතකින් ඔෆිස් එකෙන් පිටත් වෙලා හැටන් නල්ලතන්නියට ගිහින් හරි තමා. ඉතිං මේ පෝස්ට් එක දාන්නේ සීරීපාද වන්දනාවේ යන්න පොඩ්ඩ වෙලාවක් තියලා. දැනටම කට්ටිය මාව හොයනවද දන්නෙත් නෑ… මම තාම මගේ ඔෆිස් එකේ. කොහොමහරි කමක් නෑ, මම ඇඳුම් ඔක්කොම නම් ලෑස්ති කරගෙන ආවේ… අර දෙක විතරයි තව ගන්න තියෙන්නේ.
 
ඉතිං යාළුවනේ වැඩි විස්තර කියන්න වෙලා නෑ. ගෝල්ඩ් fish පරක්කු වෙලා තියෙන්නේ, ඒක නිසා ඔන්න බොහොම කෙටියෙන් කිව්වා යන ගමන ගැන. මොකක් හරි නොහොබිනා වැඩක් කරගන්න ලැබුනොත් එහෙම ඇවිදින් ලියලා දාන්නම් ඒටිකත්. ආයේ ඉතිං අපිට ලැජ්ජාවක් කියලා එකක් තියෙන එකක්යෑ. කට වරද්ද ගන්නත් හොඳ නෑනේ… ඉතිං ඇත්තටම ඒක නිසා මේ පාර නම් බොහොම හොඳින් මේ සුභ ගමන අරඹලා, කිසිම කරදරයකින් පීඩාවකින් තොරව අවසන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අනික මේ පාර අපිට වැඩි වගකීමක් ගන්න වෙලා තියෙනවා. මොකද පිටරට අමුත්තෝ දෙන්නා මීට කලින් කවදාවත් සිරීපාදේ ගිය අය නෙවෙයි. ඉතිං ඒ අය අධික සීතලට, ඒ වගේම ගොඩක් දුර ඇවිදීමට ඔරොත්තු දෙනවද කියලවත් අපි හරියට දන්නේ නැහැනේ. ඒක නිසා ඉතිං අපිට පිස්සු කෙලින්න ලැබෙන්නේ නෑ ‍කොහොමත්. ඒ දෙන්නවත් පරිස්සම් කරගෙන තමා අපිටත් යන්න වෙන්නේ.
 
ඉතිං එහෙනම් ගෝල්ඩ් fish, 2011 වසරේ ප්‍රථම මංගල මුල්ම ෆස්ට් ට්‍රිප් එක ගිහින් එන්නම් යාළුවනේ… මේ පාර නම් හිත හොඳින්, නරක වැඩ කරන්නේ නැතුව සිරීපාදේ කරුණා කරලා… ආයෙත් ඒ හික්මීමම හිතේ තියාගෙන පහල බහිනවමයි. එහෙනම් ඕං ගෝල්ඩ් fish සිරීපාදේට පීනුවා… ආහ්‍‍‍… හෙට හවස් වෙද්දී ආයෙත් ටැංකියේ.

මං තරහයි… මගේ යශෝධරා වත 9


 
මගේ යශෝධරාවතේ කතා කීපයක් දැන් ඔය කුමාරයෝ, කුමාරියෝ කියවලා කියෙනවනේ. මං කුමාරයා ඉතිං මේක ලියන්නේ මං කුමාරයට මතක් වෙන විදියට තමා. මොකද අවුරුදු කීපයක, මං කුමාරයාගේ හිතට කාවැදුන දේවල් පිළිවෙලට ලියන්න අමාරුයි. ඒක නිසා ඉතිං පිළිවෙලක් ගැන බල බල ඉන්න බෑ, හිතට ආපු කතාව ලියනවා මිසක්.
 
ඇත්තටම යශෝධරාවතේ මුල්ම කතාව වෙන්න ඕනේ හරිනම් මේක. යශෝධරාවතේ විතරක් නෙමේ මං කුමාරයාගේ හිතට වැදුන මුල්ම සෙනෙහසේ කතාව පටන් ගන්නෙත් මෙතනින් තමා. ඒ කියන්නේ යශෝධරාව මා එක්ක මුලින්ම කතා කල දවස ගැන තමා මේ කතාව.
 
මේ ඉතිං යශෝධරාව සුරම්‍ය මාලිගයේ වැඩ වාසය කරද්දී, වෙච්ච දෙයක්. දෙවන බසට පන්ති හොය හොය අහල පහල රාජධානි වල කුමාරියන්ට බැල්ම දදා ඉද්දී, මගේ මව්තුමිය එකහෙලාම ප්‍රකාශ කර සිටියා, දැන් ඔය ඉංග්‍රිසි පන්ති හෙව්වා ඇති, අර මුලින් ගිහින් නවත්තපු පන්තියට ආපහු යන්න, ඒ මිස් හොඳට උගන්නනවනේ… කියලා. අනේ ඉතිං මං කුමාරයට පෙර කල පිං පලදෙන්න ගත්තේ ඊට පස්සේ තමා. එහෙම කියලා සතියක් ගියේ නෑ, ඊළඟට පන්ති තිබුන දවසේම මං කුමාරයයි, තවත් ඇමතියෙකුයි ගියා පන්තියට. බුදු සන්‍තෝ, මං කුමාරයාගේ පුංචි කාලේ ඉඳන් එක බත් එක නෙළුං කොලයට බෙදං කාපු උං ඔක්කොම යශෝධරාවගේ මව්තුමිය ගාව පන්ති ඇවිත්. මුන් එකෙක් වත් මං කුමාරයට නිකමටවත් මෙහෙම පන්තියක් තියෙනවා යමුද කියලා ඇහුව්වේ නෑ. යාළුවෝ ටික තනියම බුදුවෙන්න හිතාගෙන පන්ති ගිහින්. ඇත්තටම මට එදා නම් මගේ යාළුවෝ ටික ගැන සෑහෙන කළකිරුණා. ඒ කළකිරීම අදටත් එහෙම්මයි.
 
පස්සේ මං කුමාරයා ගිය දවසෙම, යශෝධරාවගේ මව්තුමියට මාව හොඳට මීටර්. මොකද මේ කුමාරයා මීට අවුරුදු දෙක තුනකට කලිනුත්, යශෝධරාව වෙනත් මාලිගයක ඉන්න කාලෙ එතෙන්ට පන්ති ඇවිත්, පෙන්නපු ශිල්ප එහෙම යශෝධරාවගේ මව්තුමියට මතක තිබුනා. (ඒ කතාව කලිං දැම්මා) ඉතිං මව්තුමියට හරි සතුටුයි මං කුමාරයා පන්ති එන එක ගැන. ඒ පන්තියට ආවා මං කුමාරයාගේ තවත් හොඳ යහළු ඇමතියෙක්. එයා ඔය කොම්පියුටර් ශිල්පෙට සම්බන්ධ දේවල් ගැන පන්ඩිත වැඩ කරන්න ගිහින් වැඩේ මකබාස්ට ගියාම, උපදෙස් ගන්නේ මං කුමාරයගෙන් තමා. ඊට පස්සේ ඉතිං ඒ ඇමතිටත් හෙන හැපී. ඇයි ඉතිං මං කුමාරයව නිතරම හම්බුවෙනවනේ. දැන් මිනිහාට හිතේ බයක් නැහැ කොම්පියුටර් ගැන. ඉතිං මේ ඇමති යශෝධරාවගේ මව්තුමියගේ පාසලේ, ඇයගේම සිසුවෙක්. ඉතිං මව්තුමිය අහනවා ඇමති ගෙන් කොහොමද මෙයාව දන්නේ කියලා. ඌත් ඉතිං මං කුමාරයා උගේ කොම්පුතරේට කෙලව ගත්තා අවස්ථා වලදී ගොඩදාලා දුන්න විදිය එහෙම කියනවා මව්තුමියට ඇඩෙන්න. ඒ තමා මට මව්තුමියගෙන් ලකුණු වැටුන පළවෙනි පාර. ඉතිං අර යාළුවට හිතින්ම පින්දීදී, තව කියපිය තව කියපිය කිය කිය මං කුමාරයා තුන් හිතින්ම හිතනවා.
 
කොහොම හරි, ඊට පස්සේ ටික දවසක් එහෙ පන්ති යද්දී, මව්තුමිය මට පුත් කුමාරයෙකුට වගේම ආදරේ වුනා. දූ කුමාරියක් විතරක් ඉන්න නිසා, ඒ කුමාරිට ආරක්සාවටත් එක්ක පුත් කුමාරයෙක් ඉන්න එක කොහොමත් හොඳයිනේ. කොහොම හරි ඉතිං මට නොකියා පන්ති ආපු මගේ යහළු ඇමැතිවරු ටික මොකක් හරි වෙලා පන්තියෙන් නැවතුනා. ඉතිං ඔහොම ඉද්දී නිලවරණ කාලයක් ආවා. ඒ කියන්නේ ඡන්දක් තියෙන කාලයක්. ඉතිං හැම ගෙදරටම ඡන්ද නාම ලේඛනද මොනාද කියලා, අර අඩි හතර පහක් දිග තියෙන තඩි කොලයක් බෙදනවානේ…. ඉතිං මෙයිං කොලයක් යශෝධරාවගේ සුරම්‍ය මාලිගයටත් ලැබිලා. පස්සේ මව්තුමිය පාඩම කර කර ඉන්න ගමන් ඇක්ටිවිටියක් දීලා මාලිගයට ගියා. ගිහින් මෙන්න අරං එනවා, අර සරුංගල් නැට්ට වගේ දිග කොලේ. ගෙනැල්ලා මං කුමාරයටයි, අර මට ලකුණු දාලා උඩට ගත්තා ඇමතිටයි පෙන්නනවා, මේ බලන්න, අර ළමයා කරලා තියෙන දේ, ‍…. කියලා නමක් පෙන්නුවා. වෙලා තියෙන්නේ මේකයි, යශෝධරාවගේ වාසගම තියෙන කෙනෙක් ඡන්දෙ ඉල්ලලා. ඉතිං මේක දැකපු පුංචි යශෝධරාව අර යකාගේ නම කපලා එයාගේ නම දාලා වාසගම කෑල්ල විතරක් ඉතුරු කරලා.
 
මං කුමාරයා එදා තමා යශෝධරාවගේ අත් අකුරු දැක්කේ. මුතු බෝල වගේ, ඒ අකුරු වල උල් තැන් එකක් වත්නෑ. රවුම්ම රවුම්. නිකං දිව්‍ය අක්ෂර වගේ. ඉතිං පස්සේ මං කුමාරයා ඇහුවා මව්තුමියගෙන්, මේ අකුරු නංගිගෙද? කියලා. පස්සේ මව්තුමිය කිව්වා. ඔව් කියලා. ඊට පස්සේ මං කුමාරයා කිව්වා, කෝ ඉතිං අපිත් එක්ක කතාකරන්නේ වත් නැහැනේ, හරි ආඩම්බරයිනේ එයා… කියලා. ඇත්තටම ඒ චවන ටික නම් මං කුමාරයාගේ කටින් පිටවෙන්න ඇත්තේ පෙර කාලෙක ඉඳන් රැක ගෙන ආපු සීලෙක ආනුභාවෙන් තමා. නැත්තං තමන්ගේ ගුරුවරයාගේ දූ කුමාරිගැන ඔහොම භය නැතිව කතා කරන්න පුළුවන් මොන කුමාරයටද? පස්සේ මේක අහන් හිටිය මගේ යාළු ඇමතියත් කියනවා, තෝ මොනාද ඌරෝ කිව්වේ මිස්ට? කියලා. ඌට මාවත් පෙනිලා තියෙන්නේ ඌරෙක් වගේ. පස්සේ මං කුමාරයා ඇහුවා, ඇයි බං ඇහුනේ නැද්ද කියලා. ඇහුන… ඇහුනා, දැන් යකෝ අපිට හෙට ඉඳන් වෙන පන්තියක් හොයා ගන්න වෙයිද දන්නෙත් නෑ… කියලා මූ මං කුමාරයව බය කරනව. ඒ මදිවට මං අර කතාව කිව්ව ගමන් මවුතුමිය ගෙට ගියා. මටත් ඒ වෙලාවේ පොඩි අමුත්තක් දැනුනට ඔයතරම් හිතන්න ගියේ නෑ.
 
දැන් මං කුමාරයත් භය වෙලා. මොකද අර ඇමතියා ඉතිං උන‍්ගේ පාසැලේ ගුරුවරයෙක් ගැන මට වැඩිය දන්න‍වනේ… ඒකයි. පස්සේ මෙන්න ‍එනවා මව්තුමිය, හිනා වෙවී. ඇවිත් කිව්වා, මං අර ආඩම්බර කෙනාට එන්න කිව්වම බැහැ ලැජ්ජයි කියලා අන්න ඉන්නවා ගේ ඇතුලට වෙලා. ඇත්තටම ඒ වෙනකම් මම යශෝදරාව දැකලා තිබුනේ නෑ. හුරතල් කටහඩ නම් අහලා තිබුනා. පස්සේ මං කුමාරයා ඕනෙ දෙයක් වුනාදෙන් කියලා, මව්තුමියගෙන් ඇහුවා නංගිගේ ෆොටෝ එකක් නැද්ද? කියලා. එතකොටම මව්තුමිය මාලිගයට ගියා. මෙන්න එක පාරටම ම‍ගේ වැලමිටට හෙන ගැහුවා වගේ කරන්ට් එකක් වැදුනා. අර මගේ යාළු ඇමතියා මට නෙලනවා හෝ ගාලා. මොනාද යකෝ තෝ කරන්නේ, දැන් හු** මටනේ, හෙට ඉස්කෝලේදී කන්න වෙන්නේ යකෝ… කිය කිය කුණුහර්පත් කිය කිය මූ මට බනිනවා හෝ ගාලා. පස්සේ මව්තුමිට එද්දීම, අනේ ටීච මං නම් මූව දැනගෙන ගොඩක් කල් නෑ, ටික දවසයි… කිය කිය දොඩවනවා. ඇමතියා බය වෙලා අසූහාරදාහටත් චුට්ටක් වැඩියෙන්. ඌට අදහාගන්න බෑ මං කුමාරයා හොඳ සිහියෙන්ද, බීලද කියලා. මොකද මෙච්චර පුරුෂ ශක්තියක්… තමන්ගේ ගුරුවරියගේ දුවගේ ‍ෆොටෝ එකක් ඉල්ලන්න තරම් හයියක්… මං කුමාරයට තියෙනවා කියලා මේ ඇමතියට අදහගන්න බෑ. පස්සේ මව්තුමිය මට දුන්නා යශෝධරාවගේ පුංචි කාලේ ගත්ත, සුංරගනාවියක් වගේ සුදු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න ‍ෆොටෝ එකක්.
 
පස්සේ ඇමතිත් බලනවා. මං කුමාරයා, ඉඳා බලපිය කියලා ඌට ෆොටෝ එක දුන්නා. පස්සේ ඒක බලන ගමන් ඇමති තුමා මව්තුමියත් එක්ක ටෝක. මේක නිකං ඌට දුන්න ෆොටෝ එක වගේ හැම පැත්තම කරකවා කරකවා බලලා, මව්තුමියගෙන් අහ‍නවා, ටීච ස්කෝලේ එක්කන් එද්දී මෙයා පුංචියිනේ කියලා. ඒ කියන්නේ ‍මේ නරියා මට කලිං යශෝධරාව දැකලා තියෙනවා. අවුලක් නෑ. ඊට පස්සේ මං ඇහුවා නංගිගේ සම්පූර්ණ නම් මොකද්ද කියලා. මව්තුමිය ඇහුවා ඇයි කියලා. මං කුමාරය කිව්වා පොඩි ඡන්ද දැන්වීමක් හදන්න කියලා. ඊට පස්සේ නම කිව්වා. පස්සේ මං කුමාරයා ඇහුවා මිස් මේ ෆොටෝ එක දෙනවද ස්කෑන් කරලා සිකුරාදාට දෙන්නම් කියලා. අවුලක් නෑ ඒකත් හම්බුනා. දැන් ඇමතියාගේ ඇස් උඩ ගිහින්. පස්සේ ඉතිං මං කුමාරයා මගේ පාසලෙන්ම ස්කෑන් කරගෙන හැදුවා ලස්සන ඡන්ද කාඩ් එකක්.
 
ඒක ලකුණ මල, කියලා ෆොටෝ ෂොප් වලින් මලක් දාලා, අංකය 5 කියලා දාලා ඒකට උඩින් කතිරයක් දැම්මා. ඊට පස්සේ බැක්ග්‍රවුන්ඩ් එකකුත් දාලා, යශෝදරාවගේ ෆොටෝ එක අයිනට දාලා හැදුවා, ඉතිහාසේ ප්‍රථම මංගල හා ඡන්ද දැන්වීම. දැන් ගෙනියන්න විදියක් නෑ මේක. ඒ දවස් වල ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් නෑ, ඩිස්කට් තමා හැම මංගල්ලෙටම. ඉතිං අමාරුවෙන් එකක් හොයාගෙන අරං ගියා යශෝධරාවගේ මාලිගයට. එතකොට තමා මතක් වුනේ යශෝදරාවගේ මාලිගයේ කොම්පුතරයක් නෑ කියලා. ඒත් වෙලාව කියන්නේ යශෝධරාවගේ මව්තුමිය ස්කෝලේ කොම්පියුටර් එකක් ගෙදර ගෙනැල්ලා හදිසි වැඩ වගයක් කරගන්න. මං කුමාරයට මතක විදියට ප්‍රශ්න පත්තර වගයක් ටයිප් කරන්නද කොහෙද… ඉතිං මාත් වීරයා වගේ ගිහින් යශෝධරාවගේ මව්තුමියට දුන්නා, මිස් මේක බලන්න… කියලා ඩිස්ක් එක. මවුතුමියත් යශෝධරාව ඔඩොක්කුවට අරගෙන එහෙම බලන්න ලෑස්ති වෙලා ආයෙමත් මට කතා කරලා කියනවා පුතාම ඕපන් කරලා පෙන්නන්න කියලා. පස්සේ මං එතෙන්ට ගිහින් පුටුවේ වාඩි වුනාම යශෝධරාව හිමීට මවුතුමියගේ ඉන වටේට අතක් දාගෙන මගේ පිටිපස්සේ ඉඳන් බලං ඉන්නවා එයාගේ ඡන්ද කාඩ් එක පෙන්නනකං. ඒ තමයි මං මුලින්ම යශෝධරාව ලයිව් දැකපු දවස.
 
ඩබල් ක්ලික් කලා. බඩු හරි, ෆුල් ස්ක්‍රීන් තියෙනවා. තත්පර තුනක් හතරක් විතර ගියා… මෙන්න පටන් ගත්තා ආත්ම ගානක ඉඳන් පිරිලා තිබුන ආදර ගඟ දෝර ගලන්න. එක පාරටම මං කුමාරයට ඇහෙනවා, ලස්සන කොවුල් කට හඩකින් පුංචි කුමාරිකාවක්, මං තරහා…යි කියලා ඇදල පැදල කියනව. ඊට පස්සේ මව්තුමිය ඇහුවා මාත් එක්කද අයියත් එක්කද කියලා. ඒකට නම් උත්තරයක් හමුබුනේ නෑ. ඒ තමා යශෝධරාව මාත් එක්ක කතාකරපු මුල්ම දවස.
 
හැබැයි මුලින්ම කියපු වචනේ තමා ටිකක් අසුබ. මොකද මුලින්ම කිව්වේ මං තරහයි කියලා. මොනාවුනත් ඉතිං ඒ ලැජ්ජා හිතුන නිසානේ කියලා මං කුමාරයා වැඩිය ගනන් ගන්නේ නැතිව හිටියා. ඊට පස්සේ ඉතිං අඩු වැඩි වශයෙන් එක එක දේවල් ගැන අපි කතා කලා. අදටත් වැඩිය කතාවක් නැති වුනාට ඒ කතා නොකර ඉන්න ඔක්කොම කාලටෙ හරියන්න ඇරියස් අල්ලලා අපි දෙන්නටම කතා කරන්න පුළුවන් වෙයි කියලා බලාගෙන, මං කුමාරයා තාමත් ඇසිපිය වදින වදින ගානේ මතක් කර කර ආ‍දරේ වැඩි කරගෙන ඉන්නවා යශෝධරාව ගැන.
 


ඒ වගේම අද මං කුමාරයට විශේෂ දවසක්. මොකද මේ තමා මං කුමාරයාගේ 100 වෙනි පෝස්ට් එක. ඉතිං මෙච්චර කාලයක් මාව දිරිගන්වපු, මගේ පිස්සු කතා ටික කියවපු හැම යාළු මාළුවෙක්ටම හද පතුලින්ම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මං කුමාරයට බ්ලොග් එකක් ලියන්න සිතුවිල්ල ඇති කරපු… ඉබ්බාට, පූසෝ සෙට් එකට, පුතාට බොහෝම ස්තූතියි. ඒ අයගේ බ්ලොග් කියවපු නිසා තමා මං කුමාරයටත් මගේ වික්‍රම ටික ටැංකියක් බැඳගෙන ඒකට ගොනු කරන්න හිතුනේ. ඒ වගේම හම්බුන යාළුවෝ ටික… ඔක්කොටම වැඩිය වටින්නේ ඒ අයව තමා. ඇත්තටම හරිම සැහැල්ලුවක් දැනෙනවා මෙච්චර කල් හිතේ පුරෝගෙන හිටිය කතා එලියට දැම්මම. එහෙනම් ඉතිං ගෝල්ඩ් fish ගේ බ්ලොග් ටැංකියත් එක්ක, යාළු මාළුවෝ ටික තවදුරටත් රැඳීසිටියි කියලා බලාපොරොත්තු වෙනවා.

අප්සට් සර් කෙනෙක්



මේක නම් ටිකක් අස්පට් කතාවක්‍. තාමත් පාසල් යන දරු දැරියෝ ඉන්නවනම් නොබැළුවත් කමක් නෑ. ගෝල්ඩ් fish ස්කෝලේ ගිහින් ඉවර වෙලාත් අවුරුදු 2ක් විතර ස්කෝලේ ගියා. ඒ ගියේ ස්කෝලේ පරිගණක විද්‍යාගාර සහයක විදියට. ඉතිං කාලෙන් කාලෙට පාටෙන් පාටට ‍විද්‍යා පීඨ වලින් සුදු ඇඳගත්ත අක්කලා එනවනේ. ඒ අස්සේ අයියලත් එනවා. මේ කතාව ඒ ආපු නෝටි අයිය කෙනෙක් ගැන.
 
මේ කන්ඩායමේ හිටියා අක්කලා දෙන්නෙකුයි හෙන තඩි වට අඩි හතර පහක ඉනක් තියෙන මුස්ලිම් අයිය කෙනෙකුයි. මේ සෙට් එක ආවේ අපේ සංජු ටීච ගෝල්ඩ් fish ලාගේ ස්කෝලෙට ඇවිත් ගියාට පස්සේ ආපු කණ්ඩායම විදියට. ඉතිං අර අක්කලා දෙන්න නම් හරි හොඳයි. අදටත් ගෝල්ඩ් fish එක්ක කතා කරනවා. අයියගෙත් ඉතින් වරදක් කියන්නම නැහැ. පොඩ්ඩක් වලත්ත ගතිය ඇරෙන්න.
 
ඉතිං මේකයි සීන් එක. අර කියපු ට්‍රේනින් අයියා වැල මරුවා. ඌට ස්කූල් නෙට් එකේ ෆිල්ටරේ ඇරිය දාට රජ මගුල්. වෙන කිසි දෙයක් කරන්නේ නෑ ගූගල් කරනවා ඩවුන් කරනවා. හැබැයි ඔක්කෝම ෆොටෝ කෑලි විතරයි. මූවිස් නෑ. ඒ තමා මිනිහගේ ෆේවරිට් එක. ඉතිං මෙහෙම වැඩ කරත් එයා පන්ති වලට උගන්නද්දී නම් හරිම හොඳ ගුරුවරයෙක්. ඇත්තටම හැමෝගාවටම ගිහින් හොඳට හැම දෙයක්ම කියලා දෙනවා‍.
 
ඔහොම ඉද්දී දවසක් ස්කූල් නෙට් එකේ ෆිල්ටරේ ඇරලා තිබුනා වැඩිදියුණු කිරීමේ කාර්යයකට. දැන් අපේ ට්‍රේනින් අයිය කලේ දඩ බඩ ගාලා ෆොටෝ 100ක් 200ක් බාගත්තා මිනිහගේ ෆ්ලෑෂ් එකට. ඉතිං ඒ වැඩේ එදායින් ඉවරයි. පස්සේ දවසක මිනිහාගෙම අසයිමන්ට් එකක වැඩකට අපේ කොම්පියුටර් එකකට ඉන්ස්ටෝස් කලා නීරෝ, කොරල් ඩ්‍රෝ… තවත් මොනාද මන්දා හෙන සොෆ්ට් වෙයාර් ගොඩක්. ඒ අස්සේ අර ගූගල් පිකාසා, ඒ සී ඩී සී වගේ ඉමේජ් වීවර් ටූල් එකකුත් ඉන්ස්ටෝල් වෙලා. ඉතිං අර අයියා එයාගේ ෆයිල් වගයක් අර අක්ක කෙනෙකුට පෙන්නන්න කියලා ළඟට කතා කරලා, ගැහුවා ෆ්ලෑෂ් එක යූඑස්බී එකට.
 
ෂා…. අර ඉමේජ් වීවර් එකෙන් මුළු ෆ්ලෑෂ් එකේම තිබුන ඉමේජස් ඔක්කොම ටික ‍ෆ්ලෑෂ් එක ප්ලග් කල ගමන්ම රීඩ් කරලා පෙන්නුවේ නැතෑ මුළු ඩෙස්ක්ටොප් එකම වැහෙන්න. දැන් අර අක්කට ලැජ්ජාවේ බෑ. ඇයි අප්පා එක එක ජාතියේ දිලිසෙන, සුදු, කළු, රෝස, රතු… තවත් එක එක ජාතියේ පින්තූර ගොඩයි. අර අයියත් ෆ්ලෑෂ් එක ප්ලග් කරලා ප්‍රින්ට් කරන්න කොල වගයක් ගේන්න ටිකක් එහාට වු‍නා. මිනිහා තත්පර 30කින් විතර එනකනුත් අක්ක අරක දිහා බලාගෙන. දැන් අර අයියට මාර කේස් එක. මිනිහාට කරගන්න දෙයක් නෑ. ඇදලා ගත්ත ෆ්ලෑෂ් එක, අපි හෙට වැඩේ කරමු කියලා මිනිහා ගෙදර ගියා. අර අක්කා ඇවිල්ලා ගෝල්ඩ් fish ගෙන් තමා ඉතිං විස්තර අහන්නේ සිද්ධ වෙච්ච දේ ගැන. ඉතිං මොන හිතකින්ද අප්පා කොල්ලෙක්ව පාවා දෙන්නේ, ඒක නිසා ගෝල්ඩ් fish අර අක්කට කිව්වා, එයාගේ නෙමේ වෙන්න ඇති වෙන කවුරු හරි එයාගේ ෆ්ලෑෂ් එකට දාන්න ඇති කියලා. පස්සේ අර අක්කා… අනේ පලයං කොල්ලෝ යන්න, කොල්ලෝ ඔක්කොම එකයි කියලා මටත් ඔරවගෙන පැත්තකට ගියා.
 
ඊට පස්සෙන්දා අර අයියා ඇවිත් කිසිදෙයක් සිදු නොවුන ගානට වැඩේ කරගෙන ගියා. එදායින් පස්සේ නම් ෆ්ලෑෂ් එක ගෙනවාද කියලවත් දැක්කේ නෑ.

පිස්සු ආච්චි සහ තාප්ප කරා



මෙන්න ඉතිං, අර ඉංග්‍රීසි පන්ති හොය හොය ගිය ගෝල්ඩ් fish ඇන්ඩ් යාළුවා පානදුරේ පන්තියට සෙට් වෙච්ච තැන ඉඳන් සිද්ධවුන විලිලැජ්ජ නැති කේස් ටික.
 
ගෝල්ඩ් fish කලිං කිව්වනේ මේ පන්තියේ ගෝල්ඩ් fish යාළුවෝ හෙන සෙට් එකක් හිටියා කියලා. ඉතිං ඒක නිසාම තමා මේ පන්තිය තෝර ගත්තේ. ඕනේ මරිසියකට සෙටාර් එකක්ම ඉන්නවනේ. ඔහොම අපි හොඳ සුවච කීකරු ළමයි වගේ මාසයක් විතර පන්ති යද්දි … අපේ සර් අපිට නියමිත පාඩම මුල ඉඳලම හරි ලස්සනට කරා. එක පරිච්චේදයක් ඉවර කලා මාසෙකින්. මෙන්න ඊට පස්සේ මාසෙත් අපිට හම්බුනා අළුත් පිටකවර තියෙන, අර කලිං කිව්වා වගේ දැක්කම බඩ පිරෙන ජාතියේ සිරා ටියුට්ස් සෙට් එකක්.
 
අපි ඉංගිරිස් පැත්තක තියලා ඕක රසවිඳිමින් ඉද්දී මෙන්න එක පාරටම සර් අපිව පාස් කරන් ඉස්සරහට යනවා. සර් අපිව දැක්කා. අපි අර ටියුට් එකේ ඉන්න කෙල්ලගේ කොට සාය උස්සලා බලන්න ඔන්න මෙන්න තියෙද්දී මේකා අපිව පාස් කරං ගියේ. ෂිඃ අපේ වුන්ට හරි අප්සට් වැඩේට. මොකද ඒ සර්ත් ජොලි පොර නිසා කටකැඩිච්චි කතාවක් අහගන්න වෙනවමයි වෙච්ච දේට. ඉතිං අපිත් කට ඇරගෙන කියන හැම දේම ග්‍රහණය කරගන්න බලාගෙන ඉද්දී… නැගිට්න්න ඔය පුතා… කියලා ගෝල්ඩ් fish ව පෙන්නුවා. හරි බඩු හරි වගේ… කියලා හිතා‍‍ගෙන නැගිට්ටා. ඔය පුතා මොනාද අළුත් ටියුට් එකේ රසකර කර බැළුවේ? වෙලාවට ඒක ඇහුවේ සිංහලෙන්. ඉංගිරිස් වලින් ඇහුවනම් එහෙම ගෝල්ඩ් fish ටත් වෙන්නේ… අර කාලෙකට කලිං ඇඩ් එකක් තිබුනේ ස්කෝලේ ළමයෙක් ස්කෝලේ ඉවර වෙලා පාර යන ගමන් බෑග් එකෙන් පසුපස ප්‍රදේශය ආවරණය කරගෙන, පස්ස හැරි හැරි ඒක දිහා බල බල යන සීන් එකක්… ඉතිං අන්න ඊට චුට්ටක් වෙනස් දේකට තමා මූන දෙන්න වෙන්නේ. කොහොමත් ඒ දවස් වලත් ගෝල්ඩ් fish ග්‍රැෆික් කාරයා නිසා, සර්ට කිව්වා… සර් මේකේ මාර කර්ල්ස්නේ සර් තියෙන්නේ… මාර ක්ලියර්… ලංකාවේ නෙමේද සර් සර් මේ ටියුට්ස් ප්‍රින්ට් කලේ කියලා.
 
මෙන්න සර් කියනවා… ෂා මාර අයි එකක්නේ පුතා. ඇත්තටම ඕක මං ගිය පාර ඉන්දියාවේ ගිහින් එද්දී එහෙන් ප්‍රින්ට් කරවගෙන ආපු එකක්. අන්න බලන්න ළමයි අන්න ඒ වගේ විචක්ෂනශිලී වෙන්න… කියලා වෙච්ච සීන් එක පැත්තක දාලා සර්ග් පම්පෝරියත් කියවලා මට ලකුණු ටිකකුත් දැම්මා. අනේ අම්මපා සර් දන්නවනම් අපි ඒ කෙල්ල දිහා බලාගෙන හිතපුවා, සර් එතෙනම බෙල්ලේ වැල දාගන්නවා. අපිනේ දන්නේ අපේ විචක්ෂනශීලිත්වය. හික්ස්…
 
මේකත් ඒ සීන් එකටම අදාලයි. දැන් අර කතාබහ ඉවර වෙලා පන්තිය පටන් ගත්තම අපිට ලියාගන්න කියලා නෝට්ස් වගයක් දුන්නා. ඉතිං ලියා ගෙන යද්දී ඒක නිකං කලිං ලියලා තියෙනවා වගේ. පස්සේ පොත ආපස්සට හරවලා බලද්දී. ඇත්තටම ගියා මාසෙත් අපි ඒ පාඩම කරලා. ඒත් කව්රුත් ප්‍රශ්න කරන්න ගියේ නෑ. මොකද මේ පාර ටිකක් ඇඩ්වාන්ස් වගේ නිසා. ඉතිං ඔය විදියට අපිට ඊට පස්සේ මාසේ ඒ කියන්නේ පන්තියට ගිහින් තුන්වෙනි මාසෙත් අපිට අළුත් ටියුට් සෙට් එකක් හම්බුනා. හැබැයි ඒකෙ තියෙන්නෙත් කලිං මාස දෙකේම වගේ එකම දේ. මේක ඉතිං මාර කේස් එකක්නේ. ඉතිං අපි ඒ පන්තියට ගිහින් මගදී නැවතුන යාළුවෙක්ගෙන් ඇහුවම තමා දැනගත්තේ සර් ඉන්දියාවේ ගිහින් ප්‍රින්ට් කරගෙන එන්නේ උසස් පෙළ සිලබස් එකේ මුල් කොටස විතරයි කියලා හැමදාමත්. අනේ ඉතිං මාස තුනකට පස්සේ අපි 30ක් විතර ඒ පන්තියෙන් නැවතුනා.
 
දැන් නම් සමහර මාළුවෝ දන්නවත් ඇති ඒ සර් කව්ද කියලා. නේද?
 
මේ සීන් එක වුනේ අර මාස තුන ඇතුලතදී දවසක. මේක තමා ජොලිම සීන් එක. අපි ඉතිං හැමදාමත් ටිකක් කලිං ගිහින් පන්තිය ඉස්සරහ කයිය දාන් ඉන්න පුරුදුවෙලා හිටියා. ඉතිං ගාළු පාර අයිනේ නිසා එක එක වාහන ගැන… එතකොට අනුන්ගේ වාහන ගැන, ඊට පස්සේ ලයිසන් නැතුව දුවන්න පුළුවන් පොදු වාහන ගැන වගේ තමා වැඩිහරියක් කතා වෙන්නේ. ඔහොම දවසක් ඉන්න කොට පිස්සු හැදිච්ච ලොතරැයි විකුණන ආච්චි කෙනෙක් ඇවිත් අපේ සම්පත් කියන යාළුවගෙන් ඇහුවා ටිකට් එකක් ගන්නවද කියලා. මූත් වැඩිය හිතන්නේ නැතුව අර ආච්චිගෙන් ඇහුවා… ආච්චි ගාන කීයද කියලා.
 
ඊට පස්සේ තමා කේස් එක. ආච්චි හිතලා තියෙන්නේ වැරදියට. අපි ඇහුවේ ලොතරැයියේ ගානනේ. ඒත් ආච්චිගේ නරක හිත නිසා එයා ඒක වෙන විදියකට හිතලා තියෙන්නේ. ආච්චි අපිට කියනවා, තොපි හිතුවද යකෝ මම වේ* කමේ ආවා කියලා. තොපිට නාඩි වැටෙනවම් නම් ඕනෙ හු**ක් එකයි නේද යකුනේ? කියලා පාර මැද්දේ කෑ ගහනවා. මළ විනාසයයි. එහෙන් පන්තියේ කෙල්ලෝ ටික බලාගෙන ඉන්නවා. පාරෙ මිනිස්සුත් බලං ඉන්නවා. දැන් එකෙකුටවත් කට උත්තර නෑ. පස්සේ අපි හිමීට ඇතුලට මාරු වෙද්දී ආච්චි ආයේ කෑගහනවා, කොහෙද තොපි යන්නේ, හිටපියව් තොපිට යවන්න කියලා, පාරේ අයිනේ තිබ්බ තඩි තාර කෑල්ලක් අරගෙන ගැහුවා අපිට. ආච්චිට මුකුත් කියන්නත් බැහැ, දැන් මාර සීන් එක. පස්සේ කට්ටිය එක හෙලාම තීරණය කලා පන්තියේ පිටිපස්සට දුවන්න කියලා. එ‍තෙන 10 ක් විතර හිටියා. ඉතිං ආච්චි තවත් ගල් කෑල්ලක් ගද්දිම අපිටික හුරේ රන් එක. පන්තියේ බිත්තියයි, ඒ ඉඩමේ තාප්පෙයි අතරින් තමා පන්තිය පිටිපස්සට යන්න තියෙන්නේ. ඉතිං ගෝල්ඩ් fish සුපුරුදු පරිදි අනිත් එවුන්ට යන්න දීලා යද්දී මෙන්න බොල ගඩොල් තාප්පෙ උඩින්… බිමින් යන අපිවත් පාස් කරන් හෙවනැල්ලක් ඇදෙනවා ඉස්සරහට. උඩ බලද්දී අපේ සම්පත්. ඌට තිබුන බයට අඟල් හතරක් පලල ගඩොල් වලින් බැඳලා තියෙන අඩි 4ක් විතර උස තාප්පේ උඩින් ඌ ‍නිකං ස්පෝට් මීට් එකේ මීටර් සීය දුනනවා වගේ දුවනවා. ඒ තාප්පෙත් අඩි 50ක් විතර දිගයි . මූ ඒ ලඟ පාත තියෙන වහලක්වත් අල්ලන්නේ නැතිව අරිනවා තියලා. ඔය ඔක්කොම වුනේ තත්පර 25ක් විතර ඇතුලත. ඊට පස්සේ සම්පත් අපිට කලින් පන්තිය පිටිපස්සට ගිහින් බිම වාඩිවෙලා හති අරිනවා.
 
ඉතිං අපිත් වතුර ටිකක් බීලා… හිනා වෙන ගමන් සම්පත් ගෙන් ඇහුවා, කොහොමද මචං බය නැතුව තාප්පෙ උඩින් දිව්වේ කියලා. මූ කියනවා… තොපි මාර යාළුවෝ තමා… මාව දාලා දුවගෙන ඇවිත් මෙතෙන මගුලක් කියවනවා කියලා. ඇත්තටම අපිට මීටර් වුනේ නෑ සම්පත්ට මොකද වුනේ කියලා. පස්සේ තමා දැනගත්තේ සීන් එක. අර ආච්චි අපි දුවද්දී සම්පත්ගේ අතින් ඇදලා අල්ලාගෙන, ආච්චිගේ පපුවට සම්පත්ගේ ඔලුව තියලා තද කරගෙන සම්පත්ට කියලා… ඉඳා දැන් තොට ගාන ගානක් ඕනෙ නැහැනේ… කියලා. මූ බය වෙච්ච පාරට ආච්චිව පැත්තකට තල්ලු කරදාලා තමා තාප්පෙ උඩින් ක‍රාටෙ කිඩ් ඇක්ට් කරලා තියෙන්නේ. පස්සේ ඉතිං කට්ටිය හිනා වෙනවා හෝ ගාලා. සම්පත් මන්ද මෝල් වෙලා වගේ ඔහේ බලාගෙන ඉන්නවා තිගැස්සුන තරමට. පස්සේ යන්තං පන්තියට එක්කං ගිහින් ගෙදරටම ගිහිල්ලත් බස්සලා තමා අපි හතර පස්දෙනෙක් ගෙදර ගියේ. හැබැයි මොනා වුනත් අනිත් වුන් වගේ සම්පත් පන්ති නෑවිල්ලනම් හිටියේ නෑ. අපි පන්තියෙන් නවතිනකම්ම සම්පත් අපිත් එකක්ම ආවා. ඒත් පිස්සු වැඩ නම් කලේ නෑ. ඉතිං අපි ඒ කේස් එක අල්ලලා මිනිහාට කාඩ් එකක් ගැහුවා… කරාටේ රනර් කියලා. පස්සේ නම කෙටි වෙලා, ටිකක් වෙනස් වෙලා එහෙම තාප්ප කරා කියලා භාවිතකරා. දැන්නම් ආයෙමත් සම්පත්. ඉඳලා හිටලා හම්බුනාම ඉතිං කාඩ් වලින් අමතන්න බැහැනේ. හැබැයි අදටත් එදා පන්ති ගිය සෙට් එකේ කාව දැක්කත් ඔය සීන් එකට හිනා ගිහින් තමා විස්තර අහන්න පටන් ගන්නේ.
 
ඉතිං අපි වගේ වීරක්‍රියා කොරපු මාළුවෝ වෙන ඉන්නවද මන්දා?
 
ඔය අකරතැබ්බයට පස්සේ තමා ගෝල්ඩ් fish එන්ජල්ගේ මව්තුමියගේ පන්තියට සෙට් වුනේ. නැත්තං බලයි මූ ඊට පස්සේ ඉංගිරිස් වලට පන්ති ගියේ නැද්ද කියලා.

අපේ ඉංගිරිස් කෙරුවාව…


ඔන්න ඉතිං ගෝල්ඩ් fish සාමාන්‍ය පෙළ කරලා අර කවුරුත් වගේ ගන්ධබ්බ කාලයේ ඉද්දී, ගෝල්ඩ් fish ගේ අම්මා කිව්වා ඉංග්‍රිසි පංතියක් හොයාගෙන ඒකට යන්න කියලා‍. ඉතිං ගෝල්ඩ් fish කලේ ගෙවල් ළඟම තවත් යාළුවෙක්ව සෙට් කරගෙන පන්ති හෙව්ව එක. හෙව්වා කියන්නේ ඇත්තටම ටෙස්‍ට් කලා. ඒ කියන්නේ පන්ති වල තත්ත්වය හොයා බලන්න අපි පන්ති ගානේ ගියා. ඒ ගමන තමා මරුම. මාර ජොලි.
 
ඉතිං හා හා පුරා කියලා මුලින්ම ගියේ කළුතර සක්සස් එකේ තිබුන ඉංග්‍රිසි පන්තියට. ඒ තැන අද වගේම එදාත් ඉංග්‍රිසි වලට අත්පත් කරගෙන හිටියේ බුදුහාමුදුරු කෙනෙක්ගේ නමක් තියෙන සර් කෙනෙක්. ඉතිං ඒ දවස් වලට පාර පුරා කටවුට් ගහනවා, ඊට පස්සේ හැම බස් හෝල්ට් එකකම පෝස්ටර්, ඒත් සෙනග මදි වගේ නම් අනිත් පංති ගාවට ගිහින් අත් පත්‍රිකා බෙදනවා. ඔන්න ඔහොම ගහපු කටවුට් එකක් දැක්ලා තමා අපි දෙන්න අර සර්ගේ පන්තියට සෙට් වුනේ. වැරදුනා ටෙස්ට් කලේ.
 
ඒ කට්වුට් එකේ තිබුනේ මෙහෙම…

 
ආරම්භක දිනයේ, වටිනා සිංහල-ඉංග්‍රිසී ශබ්ද කෝෂයක් නොමිලේ…
 

ඉතිං අපිත් උඩපැනගෙන ගියා පන්තියට. ඒ දවස් වල මධුර එහෙම තිබුනේ නැහැනේ. ඒ මදිවට ශබ්ද කේෂයකුත් ටිකක් ගනන්නේ. ඉතිං පන්තිය පටන් ගන්න විනාඩි 10ක් විතර තියලා තමා පන්තියට ගියේ. අප්පට සිරි, ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ පන්තියේ. සූටි සූටි කෙල්ලොයි, අපිටත් වැඩිය ලොකු කොල්ලොයි පිරිලා. පළවෙනි වතාව නිසා නිකං අමුතුයි වගේ. පස්සේ අර කාඩ් බෙදන, සර්ගේ චූටියා ඉන්නවනේ, ඉතිං අපි ඌ ගාවට ගිහිං අපි ‍ඉංග්‍රිසි පන්තියට ආපු බව කිව්වම ඌ මාර සන්තෝස වෙලා, අපිට මාර ලස්සන, ෆෝ කලර් මදි වෙලා තව ස්පෙෂල් කලර් දෙකකුත් දාලා ඔෆ්සෙට් කරලා ලැමිනේටිං කරපු මැක්සා ෆයිල් එකක් දුන්නා. අම්මෝ ඒක ඉස්සරහා හිටිය කෙල්ල… තාම මයිල් කෙලින් වෙනවා, ඒ කෙල්ලගේ ඇස් දෙක මතක් වෙද්දී. පස්සේ අපි එතෙනම ඉඳගෙන බැළුවා වටිනා ශබ්ද කෝෂය තියේද කියලා. ඒක නෑ… අපි හිතුවේ වැරදීමක් වෙන්න ඇති කියලා. ඉතිං සර්ගේ චූටියාගෙන් ඇහුවා. මෙන්න බොල ඌ කියනවා… ආ… ඒක ඕනෙනම් පන්තියට ඇතුලත්වීමේ ගාස්තු ගෙවලා, කාඩ් එකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මගේ යාළු‍වා කිව්වා, ඒ වුනාට කටවුට් වල තියෙන්නේ නොමිලේ කියලනේ කියලා. පස්සේ චූටියා කියනවා, ඔව් ඉතිං පන්තියට රෙජිස්ටර් වුනාම නොමිලේ දෙනවා කියලා. අනේ තොගේ ආච්චිට… කියලා හිතී ගෙන ආවාට කටින් පයින්නනම් දු‍න්නේ නෑ.
 
ඊට පස්සේ ඉතිං අපේ ගොංකම අපිට තේරුම් ගිය නිසා, ශේප් එකේ පන්තියට ගිහින් වාඩි වෙලා සර්ගේ මහ ලොකු දේශනේ අහගෙන ඉඳලා එන්න ආවා. ඊට පස්සේ ඒ පන්තිය පැත්ත පලාතක ගියේ නෑ. ඒත් දෙයියනේ අර කෙල්ල. අර… අර … ෆයිල් එකේ හිටිය කෙල්ල. අම්බෝ… මාර ඇස් දෙක.
 
මෙන්න දෙවෙනි ටෙස්ට් එක. මේක තිබුනෙත් කළුතර. රෝයල් වේ ආයතනයේ. ඒකෙත් කටවුට් ගහලා තිබුනා. ඒ කටවුට් එකේ ලොකුවටම තිබුනේ ඉඩකඩ සීමිතයි කියලා. ඉතිං අපි සර්ගෙත් පංතියට විනාඩි 30ක් කලිං ගියා. ඇයි ඉතං අපිට එලියේ ඉන්න වුනොත් එහෙම‍ කියලා. පස්සේ ඒ සර්ගෙත් චූටියා අපිව 200කට විතර ඉන්න පුළුවන් ශාලාවක ඉස්සරහින් වාඩිකෙරෙව්වා. ඊට පස්සේ ඔන්න එකා දෙන්න ආවා. පස්සේ සර්ත් ඇවිල්ලා, පුරුදු පරිදි ලස්සන ගෑනු ළමයෙක් කොටට ඇඳන් ඉන්න පින්තූරක් දාපු මැක්සා ෆයිල් එකකුයි තවත් ඩේ කාඩ්ද අරවද මේවද හෙන තොගේකුයි දුන්නා. ඒත් දැන් අපිට මාර ප්‍රශ්නේ… ඇයි ඉතිං ඉඩකඩ සීමිතයි කිව්වට තව ඉඩ තියෙනවනේ. කොහොමහරි සර් පන්තිය පටන් ගත්තා. පැයක් විතර ලෙක්චර් එකක් දීලා, හරි දැන් ගෙවල් වලට යන්න කිව්වා. ඉතිං අපි නැගිටලා බලද්දී තමා දැක්කේ ඇවිල්ලා හිටිය සෙනග. මගේ අම්මෝ… ඒතරම් සෙනගක් මං කිසිම පන්තියක දැක්කේ නෑ…. අපිට ඉස්සරහින් 20ක් විතර හිටියා. අපිට පිටිපස්සෙනුත්.. සූ ගාලා 6ක් 7ක් විතර හිටියා. ඉතිං අපිට තේරුනා ඒ සර්ත් අපිට හොඳවැඩියි කියලා.ඒක නිසා අපි ඒ පන්තියටත් නොයා ඉන්න තීරනය කලා.
 
මෙන්න අපේ පන්ති සෙවිල්ලේ අන්තිම ලාස්ට් ෆයිනල් හෙවත් ටික කලකට ජයාග්‍රාහී පන්තිය. මේක තිබුනේ පානදුරේ. ඉතිං ගෝල්ඩ් fish ගේ ටැංකියේ ඉඳන් පානදුරේට හරියටම කිලෝමීටර් 10ක් නිසාත් ගමනට ගතවෙන කාලය විනාඩි 30 ක් නිසාත්, මගදී මොනාහරි නාඩගමක් නටන්නම ඕනෙ නිසාත් අපි පැයක් කලිං ගෙදරින් ආවා. නෑ… නෑ… ටැංකියෙන් පැන්නා. පස්සේ අර ඉතුරු පැය භාගෙ පානදුරේ රවුම් ගහ ගහා ඉඳලා ගානට පන්ති පටන් ගන්න ටයිම් එකට ආවා.
 
මෙන්න වැඩක්. ගෝල්ඩ් fish ‍ගේ ස්කෝලේ යාළුවොයි, අනිත් යාළුවාගේ ස්කෝලේ යාළුවොයි, තවත් අපි දන්න යාළුවෝ හෙන ගොඩකුයි ඒ පන්තියට සෙට් වෙලා. ඉතිං එතෙන කිසි පාළුවක් නෑ. පස්සේ එතෙනදිත් සර්ගේ චූටියා, අපිට අර වගේම ෆයිල් එකයි, ලීෆ්ලට් සෙට් එකයි දුන්නා. පස්සේ පන්තියට ගිහින් වාඩි වුනාම, මෙන්න ආයෙත් වැඩක්… අර පන්ති දෙකේම නැති තරං සූටි ගැණු ළමයි ප්‍රතිශතයක් මේ පන්තියේ ඉන්නවා. ඉතිං ඉංගිරස් නැත්තං වෙන මොනහරි දෙයක් වත් ඉගෙන ගන්න බැරියෑ කියලා අපි ඔක්කෝමලා දෙයියනේ කියලා ඒ පන්තියට සෙට් වුනා. ඊට පස්සේ හැමදාමත් සිකුරාදට අපි ඒ පන්තියට ගියා. ඉතිං ඔය යන අතරෙදි වෙච්ච ජොලිම ජොලි කතා ටික, ඊළඟ කොටසින් කියන්නම්…
 
ඒත් දැන් මට පොඩි ප්‍රශ්නයක්… ඇත්තටම අපි දෙන්නා විතරද මන්දා ඒ විදියට පන්ති ටෙස්ට් කලේ?

අපෝ මේක නම් කතා පෙට්ටියක්… මගේ යශෝධරා වත 8



මේක යශෝධරාව මුලින්ම… මුලින්ම හම්බුන කතාව. ඒ දවස් වල මං කුමාරයා අට වසරේ විතර. මගේ මව්තුමීය අහල පහල රාජධානී වල ඉන්න නැන්දිල මාමිල එක්ක කතිකා කොරල විස්තර හොයල බලල එහෙම, මාව දැම්ම දෙවන බස පන්තියකට.
 
ඉතිං මේක පැවැත්වුනේ අඟහරුවාදයි, සිකුරාදායි තමා. හවස ස්කෝලේ ගිහින් ආපු ගමන් මං කුමාරයා කරන්නේ පංති යන්න ලෑස්ති වෙන එක. ඒ දවස් වල මෝල් කලෙන්තෙ ඉහට ගහල නිසා අහල පහල රාජධානිවල කුමාරිකාවක් හිටියත් ඒකටත් බැල්මට් එක දාගෙන තමා ඔය පන්තියට යන්නේ. අනිත් එක තමා ඔය පන්තියට, ඒ කියන්නේ වෙන්ඩ යශෝධරාවගේ මව්තුමියගේ පන්තියට මං කුමාරයගේ යාළු ඇමති වරු කීපදෙනෙකුත් ආවා. ඒක නිසා ඉතිං කම්මැලි කමක් නෑ. ආ…. තව හේතු 2ක් තිබුනා මේ පන්තියට යන්න වැඩියෙන්ම ආසා කරපු. එකක් තමා මං කුමාරයා කන්තක එක්ක යශෝධරාවගේ මව්තුමියගේ පන්තියට එන්නේ පොල් තෙල් මෝලක් තියෙන පාරකින්. ඉතිං ඒ එන ගමන් පොල් තෙල් මෝලට ගිහින් රුපියල් 10ක විතර පැල මද අරගෙන බඩ පැලෙන්න තනියම ගාලා තමා පන්තියට එන්නේ. සමහරදාට හුස්ම ගන්නත් බෑ.
 
ඊට පස්සේ එහෙම පන්තියට ආවම, යශෝධරාවගේ මාලිගයට ඉස්සරහා වත්තේ කෑලෑවක් වගේ තමා තිබුනේ. ඉතිං මං පැල කාලා ටිකක් පරක්කු වෙලා එද්දී අනිත් ඇමති වරු සේරොමලා ඇවිත්. ඒත් පන්ති පටන් ගන්න තව විනාඩි 45ක් විතර තියෙනවා. ඉතිං අපි කරන්නේ අර අල්ලපු රාජකීය වනෝද්‍යානෙට පයින එක. ඒකෙ තියෙනවා, රඹුටන්, ලොවී, දං, බෝවිටියා, අන්නාසි… වෙරලු වගේ එක එක ඒවා. ඉතිං අපිට වැඩි හරියක් හම්බුවෙන්නේ ලොවි තමා. හැමදාම පන්ති පටන් ගන්න කලිං ලොවි කාලා දත් ටික දුඹුරු පාට කරගෙන තමා පන්තියට එන්නේ. හැබැයි මං කුමාරය‍ට වැඩිය කන්න බෑ. මොකද පැල මද හය හතකට වගකියලා එන නිසා වැඩියකන්න අමාරුයි. ඊට පස්සේ පන්තිය පටන් ගන්නවා.
 
ඔන්න වෙන්ඩ යශෝධරාව‍ගේ මව්තුමිය පන්තිය කරගනෙ යන ගමන් ප්‍රශ්න අහනවා. ඒ අහන ප්‍රශ්න වලට අ‍පේ ඇමතිවරු කාටවත් උත්තර නැහැ. මොකද උන් කරන්නේ පන්තිය පටන් ගන්න කලිං කාපු දේවල් ගැන කියෝ කියෝ ඉන්න එක. ඒත් මං කුමාරයට එහෙම බෑ. මොකද පැල මද කාල කාල හුස්ම ගන්නත් බැරුව ඉද්දී නිකංම පාඩටම කන හිටිනවා. පස්සේ ඉතිං මං කුමාරයා තමා අහන හැම එකටම උත්තර දෙන්නේ. හරිද වැරදිද කියන්න දන්නේ නෑ. ඔහේ කියනවා. පස්සේ මෙහෙම උත්තර දෙන ගමන් මව්තුමියගෙනුත් ප්‍රශ්න අහනවා. සමහර ඒවා කිසිම ‍තේරුමක් නැහැ. ඉතිං අනිත් එවුන් ගල් ගිලලා වගේ සද්ද නැතුව ඉද්දී, මං කුමාරයා ටිකක් කතා කලත් ඒක හරි සද්දෙන් ඝෝෂා කරනවා වගේ තමා අනිත් අයට. ඒ කියන්නේ මව්තුමියගේ, මව්තුමියට එහෙම… ඒ දවස් වල ඉතිං යශෝධරාව ගොඩක් පුංචියි. ඉතිං එයා ගැන හිතන්නේ නෑ. මං මගේ ලෝකේ අනිත් වුන් උන්ගේ කෑලෑ ලෝක වල.
 
පස්සේ දවසක් මෙහෙම මවුතුමිය ප්‍රශ්න අහද්දී, මං කුමාරයාත් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට උත්තරේ හම්බුනාම මම ආයේ ප්‍රශ්නයක් ඇහුවා. ඔහොම, ඔහොම මං කුමාරයා අන්තිමේ ගුරුතුමා වෙලා, මවුතුමිය ගෝලයා වුනා. මේක බලන් හිටිය යශෝධරාවගේ මිත්තනිය, ඇයි දුවේ දැන් මෙයාද උගන්නන්නේ කියලා, මං කුමාරයාගේ කන මිරිකලා, අහනවා ස්කෝලෙත් ඔය කොලු පැංචා ඔහොමමද කියලා. මට මේ ඥාව් කියාගන්න බැරුව ඉන්නවා, කන මිරිකලා නිසා, ඒ අස්සේ තව ප්‍රශ්නත් අහනවා. පස්සේ යන්තං කන අතෑරපු ගමන්, මං කුමාරයා කිව්වා, නෑ.. ස්කෝලේදී නෑ, මෙහෙදී විතරයි කියලා… දුවලා ගිහින් මව්තුමියගේ මව්තුමියට අහුවෙන්නේ නැතිවෙන්න, මව්තුමියගේ ලඟට ඇදුනා. ඊට පස්සේ මිත්තනිය කියනවා අපෝ මේක නම් කතා පෙට්ටියක් කියලා.
 
ඊට පස්සේ මව්තුමිය මට නමක් දැම්මා චැටර් ‍බොක්ස් කියලා. ඇයි ඉතිං කියවනවා කියවනවා ඉවරයක් නැහැනේ… ඒක නිසා.
 
ඊට පස්සේ ඔහොම ටික දවසක් යද්දී, මං කුමාරයා හැදුවා එල සර්කිට් කෑල්ලක්. ඒක තමා මං කුමාරයා මුලින්ම හදපු සාර්ථකම ට්‍රාන්ස්මීටරය. ඊට පස්සේ නම් ඊට වැඩිය සිරා එකක් හැදුවා. ඒත් ඒ දවස්වල හැටියට ඒක හෙන ලොකු දෙයක්. පස්සේ මේක මං කුමාරයා මගේ මාලි‍ගයේදී ටෙස් කරලා බැලුවම ටීවී එකේ යන චැනල් වලටත් හරස් කපන්න පුළුවන් ජාතියේ එකක්.
 
ඉතිං මං කුමාරයා යශෝධරාව‍ගේ ගෙදර පන්ති යන දාට එහේ ඉන්න යශෝධරාව පිරිවරාගත් අනිත් අංගනාවෝ දෙන්නා මහ හයියෙන් ටීවී එකේ කාටුන් බලනවා. පන්ති පටන් ගද්දී තමා ටීවී එක ඕෆ් කරන්නේ. ඉතිං දවසක් මං කුමාරයා මගේ ට්‍රාන්ස්මීටර් යන්තරේ පැන්සල් පෙට්ටියක අටවගෙන අරං ගියා, අද පෙන්නන්නං කාටුන් කියලා. යන ගමන් පැල මද කාලා ගිහින්, කන්තව පැත්තක තියලා ඇවිත් ඇමති වරු ටිකට කිව්වා සීන් එක. මුන් ටික එක පයින් කැමතියි. කාටුන් චැනල් එකට එරෙහිව යුද ප්‍රකාශ කරන්න. පස්සේ අපි යශෝධරාවගේ වත්තෙන් එලියට බැහැලා පාරට ආවමත් කාටුන් සද්දේ ඇහෙනවා. ඊට පස්සේ මං කුමාරයා පටන් ගත්තා වැඩේ.
 
ඔන්න ටියුන් කරනවා කරනවා, ඉවරයක් නෑ. සද්දයක් වත් නෑ. කාටුන් එක දිගටම වැඩ. මං කුමාරයා දැන් ටික ටික නෝන්ඩි වී ගෙන යන්නේ. ඉතිං බැළුවා මොකද්ද අවුල කියලා. පැල ගන්න සල්ලි හොයන්න සාක්කුවට අත දාද්දී වයර එකක් ගැලවිලා. ඊට පස්සේ ඉතිං ඒක හයි කරලා ආයෙත් වැඩේ පටන් ගත්තා… හරි බඩු වැඩ, යශෝදරාවගේ මාලිගයෙන් ඇතුලෙන් ඇහැනවා, ආච්චී…. ඇන්ටානේවේ කුරුල්ලෙක් වහලද බලන්න… කියලා, පුංචි කෙලි පොඩ්ඩක් කෑ ගහනවා. මිත්තනියත් ඇන්ටනාව බලලා… නෑ දූ… කියලා කිව්වා.
 
ඊට පස්සේ මෙන්න මවුතුමිය කතාකරනවා පන්තියට එන්න කියලා. පස්සේ ඉතිං පන්තියට ගියාම අර උපකරනේ සංඥා බලවත් අම්බානෙට. ඒ කියන්නේ ටීවී එකේ හැම චැනල් එකේම මොකක් හරි අවුලක්. එක්කෝ සද්දේ නෑ රූප විතරයි, නැත්තං රූප නෑ සද්දේ විතරයි එහෙමත් නැත්තං දෙකම තියෙනවා පාට නෑ වගේ විජ්ජුම්බර ගොඩයි. ඉතිං කවදාවත් නැතුව මේ වෙන දේ හිතා ගන්න බැරුව මවුතුමිය අපිට පන්තිය පටන් ගත්තා, ඕක වහලා දාන්න පුතේ… තව ටිකකින් හරියයි කියලා.
 
කොහෙ හරි යන්නද අපි ඉන්නකම්, කියලා මාත් බැටරියේ වයරය ගලෝලා දැම්මා. පස්සේ ආයෙත් නංගිලා ටීවී එක දැම්ම ගමන් මම වැඩේ පටන් ගත්දිම අපේ එක ඇමතියෙක් බකස් ගාලා හිනා වක් දාලා අපිව සෙට් කලා මරන දන්ඩනේට. දැන් ඉතිං මිත්තනියට මේක මීටර් වුනා. එයා ආවා අපි ගාවට, ඇවිත් කිසි කතාවක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්නවා. වැඩිහිටි කෙනෙක් නිසා මොකද කියලා අහන්නත් බැරි නිසා මං කුමාරයත් කට පියාගනෙ ඉන්නවා.
 
පස්සේ මවුතුමියට කියනවා, ඔයාගේ කතා පෙට්ටිය මොකක් හරි දෙයක් ටීවී එකට කරනවා වගේ කියලා. කොහොමද මිත්තනියගේ දිව්‍ය චක්කුව. අනේ ආච්චගේ රෙද්ද කියලා මං අරකේ වයරෙක තව ටිකක් හයියට ගැට ගහලා දැම්මා මගේ බෑග් එකට. ඊට පස්සේ මව්තුමිය කිව්වා මොකද්ද පුතේ කරන්නේ කියලා. මං කිව්වා, මිස් දීපු වැඩේනේ කියලා. ඊට පස්සේ ඔන්න මිත්තනිය ඇවිත් මං කුමාරයාගේ පිටට එකක් ගහලා, අහුවෙයන්කෝ හොර කොල්ලා කියලා ගියා යන්න. ඉතිං එදා අපි එනකම්ම යශෝධරාවට කාටුන් බලන්න හම්බුනේ නෑ. ඊට පස්සේ නම් මං ඒ වගේ වැඩක් ක‍ලේ නෑ ආයෙත් යශෝධරාවගේ මාලිගයට පන්ති යනකම්ම.
 
අනිත් එක තමා මට කතා පෙට්ටිය කියලා නම දාපු ආදරණිය යශෝධරාවගේ මිත්තනිය, අපි පන්තියෙන් නැවතුනාට පස්සේ යශෝධරාව එක්කම පාරෙ අයිනේ බස් එකක් එනකන් ඉද්දී හදිසි අනතුරක් වෙලා අන්ත්‍රා වුනා. ඇත්තටම අද එයා හිටියනම් හොර කොල්ලගේ හොර හිත මුලින්ම තේරෙන්නේ එයාට වෙන්න තිබුනා. ඒත් ඒ ආදරණීය කෙනා අද නෑ. එදා මං කුමාරයට පිටට ගැහුවෙත් කන මිරිකුවෙත් තරහෙන් නෙමේ ආදරෙන් කියලා මම අද දන්නවා. ඉතිං මං කුමාරයටත් ඒක මතක් වෙද්දී ගොඩක් දුක හිතෙනවා. මොනවා වුනත් මගේ යශෝධරාව මට බේරලා දීලා එයා අපෙන් ඈත් වුනා.
 
මොනා කරන්නද ඉතිං… ජීවීතේ තමා. ඇත්තටම අදටත් යශෝධරාවටයි මටයි තාමත් දුකයි, ආච්චි ගැන. හරිම හොඳ කෙනෙක්. ඒ ගති ගුණමද කොහෙද යශෝධරාවටත් පිහිටලා තියෙන්නේ. ඒකනේ මට හැමතිස්සෙම එක එක කාඩ් ගහන්නෙයි, නඩු පවරන්නෙයි.

%d bloggers like this: