එයා වෙනුවෙන් මට සමාවෙන්න මිස්


 
මෙන්න ඉතාමත් ජොලි කතාවක්. මේක වුනේ කාටද කියන්න හරියටම නම් ගෝල්ඩ් fish දන්නේ නෑ. මෙහෙමයි ආරම්භය, නත්තල් දවසේ අපි සැමට නිවාඩු නිසා ගෝල්ඩ් fish එද‍ හිටියේ ගෙදර. ආ… වැරදුනා ඊට පහුවෙනිදා තමා මේක අහගත්තේ.
 
ගෝල්ඩ් fish ගේ පරන හොඳ යාළුවෙක් ආවා ගෝල්ඩ් fish ව බලන්න. ඒ කියන්නේ තාම ඉන්නවද බලන්න. එයා එකක් කතා කර කර ඉද්දී තමා මේක කිව්වේ.
 
ඔන්න ගෝල්ඩ් fish ගේ යාළුවගේ ස්කෝලේ 10 වසරේදී විතර පන්තියේ හිටියලු චාමරයි, අශානුයි කියලා හොඳම හොඳ ළමයි දෙන්නෙක්. දෙන්නම පිස්සු හොඳම එකලු. ඉතිං මේ පංතියට ගණන් උගන්නලා තියෙන්නේ මිස් කෙනෙක්. ඒ මිස් ටිකක් මහත කෙනෙක්. දැන් මගේ යාළුවගේ පන්තියට මේ මිස් එනකොට, මුන් කරන්නේ මිස් එන පාරේ ඩෙස් දෙකක් ලං කරලා ඒවායේ දාර වල හුනු ගාලා තියෙන එක. එතකොට මිස් එනකොට ඩෙස් දෙක අස්සෙන් වටයක් කැරකිලා එනකොට මිස්ගේ පශ්චත් භාගේ හරියේ ඇඟ වටේටම සුදු පාටට ඉරක් ඇඳිලා. මිස් දන්නේත් නැතිළු සීන් එක. ඉතිං කට්ටියට ගණන් උගන්නද්දී අශාන් කියනවලු, මිස් මිස් සාරියේ හුනු කියලා. ඉතිං එක පැත්තක් පිහිදාගෙන බලද්දී අනිත් පැත්තෙත් හුනුළු. ඊට පස්සේ චාමර කියනවලු මිස් අනිත් පැත්තෙත් තියෙනවා කියලා… පව් වැඩේ කියන්නේ මිස් බයිට් වෙනවලූ පිහිදා ගන්න බැරි පැතිවල හුනු තියෙද්දී. මොකද කොල්ලෝ ටිකට කියන්නද , අනේ පුතේ මේ ටික පිහිදන්න කියලා. හික්ස්.. ඊට පස්සේ ඉතිං විනාඩි දහයක් විතර අරගෙන මිස් ස්ටාෆ් රූම් එකට ගිහින් පිහිදගෙන එනවලු.
 
ඔන්න ඊට පස්සේ දවසක ඒ පන්තියට සිංහල උගන්න මිස් ඇවිල්ලා සිංහල පාඩම උගන්නවලු. ඒ අස්සේ අපේ මේ අශාන් කාරයා ඉන්නවනේ. මිනිහට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් පොරක්. ඉතිං මූ උගේ උපරිම හැකියාව භාවිතා කොරල අඳිනවලු කව්රුත් දකින්න ආසා දෙයක්. මොකද්ද දන්නවද? ලස්සනම ලස්සන කාන්තා නග්න රුවක්. හි.. හී.. මිනිහාටත් හිතෙන දේවල්. පස්සේ ඉතිං සිංහල මිස් ‍දැක්කලු අශාන් ඔළුවත් නවාගෙන මොකක් හරි ලොකු වැඩක් කරනව මෙලෝ සිහියක් නැතුව. පස්සේ මිසුත් පාඩම් පොත අතට අරං ළමයින්ට පාඩම කියාදිදී, ආවළු අශාන් ගාවට. ටිකක් ලං වෙන කොටම කව්රු හරි අතිජාත පොරක් කිව්වලු අශාන් .. ඔන්න බං මිස් කියලා. හැබැයි කියන කොට මෑන්ස් පරක්කුයි. මිස් දැකලා අශාන්ගේ සුපිරි ආර්ට් එක. පස්සේ මිස් තව ටිකක් කිට්ටු වෙද්දීම මූ කරලා තියෙන්නේ පොතේ චිත්‍රය ඇඳපු කොලේ කඩාගෙන කටේ ඔබා ගත්ත එක.
 
දැන් මිස් කියනවලු මූට… දානවා ඕක එලියට කියලා. මොන.. මූ ඒක හපලා හපලා ගිලලා. ඊට පස්සේ තමා ලස්සනම සිදුවීම. දැන් මිස් බනිනවලු අශාන්ට, අවලමා… වලත්තයා… මුන්ටනේ අපි උගන්නන්නේ කියලා. පස්සේ කොහේදෝ මන්දා හිටපු චාමරයා නැගිටලා මිස්ට කියනවලු, මිස් අශාන් වෙනුවෙන් මට සමාවෙන්න කියලා. මිස් බලනවලු මේ මොකෝ කියලා. ඒක ඇහිච්ච අනිත් එවුන් බඩ අල්ලං දෙකට නැවීගෙන ඩෙස් අස්සේ රිංගං හිනාවෙනවාළු. පස්සේ ආයෙමත් අශාන් නැගිටලා, අර ගැහැනු පිරිමි ළමයි ඉන්නේ.. අර පී කියන්නේ, අන්න ඒ වගේ වොයිස් එකක් දාලා කියනවලු, මේ මොන කෝලමක්ද? තෝ මොකටද මං වෙනුවෙන් සමාව ඉල්ලන්නේ? මට සමාවෙන්න මිස් කියලා වාඩිවෙලා. අනේ අර බ‍ාගෙට හිනා වෙවී හිටපු වුන් ටිකට ඇස් රතු වෙලා කඳුළු පනිනකම්ම හිනාළු. කොහොම හරි මුන් දෙන්නගේ වැඩේම මිස්ලව බයිට් කරන එකලූ. හැබැයි කවදාවත් සර්ලව නම් බයිට් එකට අරගෙන නෑ.
 
ඇත්තටම මට මේක මගේ යාළුවා කිව්ව විදියටම කියන්න අමාරුයි. ඒක නිසා ජුංඩක් සංස්කරණය කොලා. ඒ කියපු විදියටම කිව්වනම් එහෙම කියවන සැමටත් හිනා කාලා මැරෙන්න වෙන්නේ. ටිකක් විතර අසභ්‍ය වචන ඉවත් ‍කරලා එහෙම තමා කිව්වේ ඒක නිසා මට හිතෙන්නේ රස අඩුවුනා කියලා තමා. ඒත් මේකට කාටවත් හිනා ගියේ නැත්තං කිචි කවාගෙන හරි හිනාවෙන්ඩලා හොදේ. නැත්තං මං පව්නේ.

Advertisements

9 Responses to “එයා වෙනුවෙන් මට සමාවෙන්න මිස්”

  1. කැන්ඩි.... Says:

    අපෙත් හිටිය ඔහොම කරන එකෙක්.හැබැයිඌ කළේ වෙනමම වැඩක්…..

    ප්‍රසිද්ධියේ කියන්න හොඳ නැති තරම්………..

  2. විත්ති Says:

    අපේ කොල්ලෝ සෙට් එකත් ඔහොම චිත්‍රයක් ඇද ඇද ඉන්නනකොට අහුවුණා.ඉතින් ඔන්න එදා ස්ටාෆ් එකේ අයට රජ මගුල් හිතුන ගමන් ඇවිත් චට පට චට පට ගාල දීලා යන්නේ.
    ඔන්න අපේ චිත්‍ර සර් ඇවිත් (පොරට බමුණා කියලා තමා කියන්නේ ) ඇවිත් එහෙම හොදටම් බැන්නා අන්තිමට කියප් ” උඹලා ඔච්චරම ඔනේනම් චිත්‍ර කාමරට ඇවිත් ඕන උලක්කුවක් ඇදගත්තනම් ඔය ප්‍රශ්ණ එකක්වත් නැනේ ! ” දවස් තිස්සෙම ගුටි කාපු අපේ උන්ට ඉතින්…..

  3. අකීකරු හිත Says:

    ඉස්සර මමයි මගේ යාළුවයි පාඩම අහන් ඉන්න කම්මැලි හිතුනම ඩෙස් එක පුරාම එක එක කාටුන් අදිනවා…

  4. ඉලංදාරියා Says:

    පට්ට සහෝ අපිත් එක්කත ඔහොම අය හිටියා හේ හෙ …. මරු කතාව ..

  5. pinibindu Says:

    මේක මේ අපේ යාළු මාලු gold fishට වෙච්ච වැඩක්ලු හොඳේ..

  6. dinesh Says:

    ඇයි 8 වසරෙදි චිත්‍ර වලට එක,එක එව්ව අඹන්න දෙනවනෙ.දැන් අපිත් පිටිපස්සෙ පේලියට වෙලා එක,එක පිස්සු විකාර කර,කර ඉන්නවා.අපිත් එක්ක හිටපු එකෙක් ඕන් නිකන් ඉන්න ගමන් “කුට්ටම” අඹලා.අන්තිමට පීරියඩ් එක ඉවර වෙන්න කිට්‍ටුවෙලා මිස් කිව්ව “හරි කට්ටිය අඹපු එව්ව උස්සල පෙන්නන්න” කියල.දැන් මූ සද්ද නැතුව ඉන්නවා.ඕක කලින් දැකපු උන් හිනා වෙනවා.මිස්”කෝ….ඔය ළමයගෙ එකත් පෙන්නන්න” කිව්වා.මූ දැන් හිමීට උස්සනවා…..ආතල් වැඩේ කියන්නෙ අර අවයවේ ටිකක් වැඩිපුර දිගට මේක හදලා…ලෑල්ලෙ තියාගෙන උස්සනකොට දිග වැඩි කමට කෑල්ලක් කැඩිල වැ‍ටුනා….හික්…..
    ටීචටත් එච්චර වයස නෑ .තිහක් විතර වෙන්න ඇති.කොල්ලොත් එක්ක මාර ‍ෆිට්.සමහර උන් මිස් හෙ මූනටම කියනවා.”ඔයා හරි ලස්සනයි මිස්,මම ගොඩක් ආදරෙයි “කියල එහෙම.

  7. sudaraka Says:

    මටත් මතක් වෙනව අපි කරන දේවල් .එක අතකින් මිස්ලටත් පව් මොනව කරන්නද.ඒ කාලෙ ඒව කරන්නැතිව කවද කරන්නද?

  8. හිස් අහස Says:

    මූ නම් මහ නැහැදිච්ච මාළුවෙක් .. උඹට එහෙම කීවට අයියේ අපිත් ඔය වගේ වැඩ කරා ..ඒව මම මෙතන කියන්න යන්නේ නෑ . වෙන දවසක් දාගෙන ඒව ලියමු ..

    අර රටහුනු සීන් එකනම් නියමයි . උඹත් ඉතිං හිබිජ්ජා වගේ ඉඳගෙන ඕව නේද කරේ . කමක් නෑ නේද ? ඒකනේ බං අපිට කොල්ලෝ කියන්නේ .

    ජයවේවා !!

  9. ගෝල්ඩ් fish Says:

    @ කැන්ඩි…. – හොඳ වැඩකාරයෙක් වෙන්න ඇති නේද?

    @ විත්ති – අන්න චිත්‍ර සර්ලා.

    @ අකීකරු හිත – ටිං ටිං වගේ ඒවාද නංගියේ ඇන්දේ?

    @ ඉලංදාරියා – එල තමා

    @ pinibindu – අනේ දෙයියනේ මෙන්න මාට මඩ ගහනෝ

    @ dinesh – අපෙත් ඔය වගේ සීන් එකක් තියෙනවා, පස්සේ ලියලා දානවා බං

    @ sudaraka – කොලු කාලෙන බං

    @ හිස් අහස – අපි හිමිච්චෝ වගේ කරපුවා, අවුලක් නෑ කියමුකෝ, අපේ පුංචි සෑර් කරන ඒවා හරියැ?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: