ඕං යහතින් ආවා…



 
ඕන්න ඉතිං ආයෙමත් ගෝල්ඩ් fish ටැංකියට ආවා. වෙන කොහෙවත් ගිහින් නෙවෙයි ඕං, අපේ එක් අවුරුදු දෙවන විනෝද චාරිකාව ගිහින්. මේ අවුරුද්දදේ විතරයි කියන්නේ… හැම තැනම නෑ, හැම දාම නෑ… 2010 ඔන්ලි. අනේ යාළුවනේ මෙදා පාර නං කියන්න තරම් දෙයක් නෑ. මොකද මෙදා පාර අපේ එවුන් වැඩිය බිව්වේ නෑ. ඔක්කොමල ගානට තමා අනුමත වෙලා හිටියේ. ආ… වැදගත්ම දේ, ගෝල්ඩ් fish මෙදා‍ පොටෙත් තමන්ගේ අධිෂ්ඨානය ඉෂ්ට කොර ගත්තා. එක උගුරක් වත් කටේ තිබ්බේ නෑ. මට නං මං ගැනම සතුටුයි. දැන් ඉතිං ඔය අනිත් එවුන් මට බැන්නනම් බලන්න, අපෝ මූ වගේ මාළුවෙක්, බොන්න හම්බුනාම බොන්නෙත් නෑ කියලා. බනින්නලා, බනින්නලා… ඒක මට ලොකු ආශිර්වාදයක් විදියට තමා මම නම් සලකන්නේ.
 
ඇති නේ පම්පෝරිය… මෙන්න කතාව, කියන්න දෙයක් නෑ කිව්වට ජුංඩක් විතර තියෙනවා. මොකද කොහේ ගියත් ඉතිං ගෝල්ඩ් fish දඟ වැඩ වල අඩුවක් ‍නැහැනේ. ඉතිං මේ පාර දෙයියනේ කියලා පිහිනුම් තටාකෙට ප්‍රථම වරට පඩිපෙලෙන් බහින්නේ නැතුව ගොඩ ඉඳං ලස්සන ජබොස් සද්දෙකුත් දාගෙනම පැන්නා. වැඩේ එච්චර අවුලක් නෑ. මම, කට්ටියගෙන් හූ වක් එයි කියලා හිතුවට, ම්හු… සද්දයක් වත් නෑ. ඒ කියන්නේ මම පැන්න විදිය අවුලක් නෑ. කොයිතරම් පඩි ටෝක් දුන්නත් ගෝල්ඩ් fish ට තාම හරියට පීනගන්න බැහැ නොවැ. මොනා කොරන්ටද ලබා උපන් හැටි කියලා ඉන්න තිබුනා, ඒත් බෑ අප්පා… එහෙම ඉද්දී නිකං ඇඟ කසනවා වගේ. ඒක නිසා ඕනේ පොල් ටොපියක් කියලා මං පැන්න තටාකෙට. ෂා කූල් වතුර ටික. ඇ‍ගේ ගෑවෙද්දීත් සනීපයි. ඊට පස්සේ ඉතිං කික් කොර කොර දෙතුන් ගමනක් එහාට මෙහාට පීනුවා. පස්සේ චුට්ටක් ට්‍රයි කරලා බලද්දී, ඔලුව උඩ තියාගෙන අර අත් දෙක නිකං ගෙම්බා ගහනවා වගේ යන ස්ටැයිල් එකක් තියෙන්නේ… ඒකත් පුළුවන්නේ. ඉතිං කියන්න ඕනේ නැහැනේ ගෝල්ඩ් fish ට හරි සංතෝසයි. ඉතිං ඒ සන්තෝසෙටත් එක්ක දෙකක් දාගත්තා… ඒයි පිස්සුද ‍එහෙම කොරනවද හොඳ ළමයි. සන්තෝසෙට ගෙම්බා ස්ටැයිල් එකෙන් තව හතර පස් ගමනක් එහාට මෙහාට ගියා.
 
වෙලාවට ගෝල්ඩ් fish පූල් එකට බැස්සේ උදේ 10.30ට විතර. ඒ වෙලාව වෙද්දී අපේ ‍ගොඩ දෙනෙක් අනුමත වෙනවා. සමහරු ඩී.ජේ එකකට සෙට් වෙලා වෙරි හි‍දෙන කං ලෝකෙ තියෙන ඔක්කොම වන්නම් නටනවා. සමහරු පිනුම් ගහනවා, තවත් සමහරු අඩි ගහනවා. ගෝල්ඩ් fish වෙලාවට අපේ ඔෆිස් එකේ අර පරන කතාවක කිව්ව හොදම හොඳ අයී.ටී මැනේජර් මහත්තයාව සෙට් වුනා. එයත් අමද්‍යපේ නිසා අවුලක් වුනේ නෑ. අනිත් එක එයත් බලාගෙන යද්දී ගෝල්ඩ් fish ගේ බෝට්ටුවෙම තමා. ඒ කියන්නේ අපි වෙබ් එකේ සර්ෆ් කරාට, පූල් එකේ සර්ෆ් කරන්න බැහැ. ඉතිං ඒක නිසා ගෝල්ඩ් fish ටත් ඔය ගෙම්බා ස්ටැයිල් එකෙන් පිනූවට වැඩිය නෝන්ඩියක් එහෙම වුනේ නෑ. දෙයියනේ කියලා ජාමේ බේරගන්න පුළුවන් වුනා ඒ නිසා.
 
කොහොම හරි ගෝල්ඩ් fish පැය එකාමාරක් විතර එහාට මෙහාට පීනුවා‍. ඔන්න අන්තිමේ පැය එකාමරක් විතර යද්දී ගෝල්ඩ් fish කකුලේ කෙන්ද පෙරලෙන්න ගත්තා. ඉතිං තවත් වතුරේ ලැග්ගේ නෑ, පැය එකාමාරක්ම පිස්සු කෙලිය නිසා සිං සිං ගාලා ගොඩ වුනා. පස්සේ ඉතිං වතුර වේලෙන කං තව පැයක් විතර ගොඩට වෙලා වාඩියක් දාගෙන හිටියා. ඔන්න එහෙම ඉද්දී එනවා අපේ පදමට අනුමත වෙච්ච කස්ටිය. හැබැයි මෙදා පාර නම්, පූල් එක බලාගන්න අය ඒගොල්ලන්ට බහින්න දුන්නේ නෑ. බැස්සොත් ඔක්කොම ගොඩට ගන්නවා කියලා තර්ජනෙත් කොලා නෙව. හමුදාවේ මාමිලා නිසා ඉතිං අපේ උන්දැලාත් කට පියං හිටියා. වෙන තැනක ඕක කිව්වනම් එහෙම කියපු එකාවත් අරං ක්ෂනයෙන් පූල් එකේ.
 
ආ… අපේ දනේ මාමා… මේ පාරත් ෂෝක් සීන් එකක් ඇක්ට් කලා. ඒ තමා පුංචි ළමයින්ට තියෙන ඔන්චිල්ලාවක් පැද්ද එක. මිනිහා පදිනවා පදිනවා ඉවරයක් නෑ. විනාඩි පහකින් විතර ඔන්චිල්ලාවෙන් බහිනවා. ‍හීනියට ෂොට් එකක් දාගන්නවා, ආයේ පදිනවා. මං හිතන්නේ වෙරි බහිනකං පැදලා ආයෙත් බොනවා. කොහොමහරි ඔය විදියට පැයක් විතර ඔන්චිල්ලාව පැද්දා. පස්සේ දවල් කෑම කෑවේ එකට විතර. මේ පාර නම් දීසි මාරු කරලා නෑ. හරියට තිබ්බා, හැබැයි ඒක නම් අවාසියි. මොකද අතුරුපස කන්න සෙට් වුනේ පුංචි දීසියක් නිසා. ආ.. අතුරුපස කිව්වම මතක් වුනේ. හැබැයි මේක කියවලා මට නෝන්ඩි දාන්නේ එහෙම නෑ. මේකනේ ඉතිං වුනේ. ඔය ගෝල්ඩ් fish මී කිරි කන්න වැඩිය පෙරේත නැහැනේ, ඉතිං අනිත් ඔක්කොම දේවල් තියෙද්දී මී කිරියි, පලතුරු සලාදෙයි විතරක් යහමින් දාගත්තා. පස්සේ ඉතිං කිරි කන්න පැනි එපැයි. ඔන්න පැනි දාලා තිබ්බ භාජනේ අරං කිරි එකට පැනි දාද්දි, පැනි වැඩි වුනා කිරි වලට වැඩිය. මාර කේස් එක, ආපහු අයින් කොරන්නත් බැහැනේ. ඉතිං මක්ක කොරන්නද අර කිරි ටික කාලා ඉවර වෙලා තව කිරි ටිකත් දාගත්තා. ෂිඃ… ඒ පාර මී කිරි වැඩිවුනා. 😉 ඉතිං ආයෙමත් ගිහින් පැනි ජුංඩකුයි, කැරමල් පුඩිං කෑල්ලකුයි, තව පෘට් සැලඩ් චුට්ටකුයි දාගත්තා. ඒ පාර නම් ගානට. වැඩිය අවුලක් නැතුව විනාඩි 35කින් විතර අතුරුපස කන එක ඉවර කොර ගත්තා.

කොහොම හරි ඊට පස්සේ වැඩි විශේෂයක් නැතුව තේ වෙලාව වෙනකම් ගෙවිලා ගියා. ඊට පස්සේ තේ වෙලාවෙදිත් අර කලිං වෙච්ච දේම වුනානේ ගෝල්ඩ් fishට. තේ වෙලාවට දුන්නා අපිට කේක් කෑල්ලයි කෙසෙල් ගෙඩියයි. ඒත් කරුමෙට කේක් කෑල්ලකට කෙසෙල් ගෙඩියක් වැඩියි. එක කේක් කෑල්ලට කෙසෙල් ගෙඩි තුනෙන් එකක් විතර දුන්න නම් හොඳටම ඇති. දැන් ඉතිං යාළු මාළු සැමට හිතා ගන්න පුළුවන්නේ ගෝල්ඩ් fish කාපු කේක් කෑලි ගාන එහෙම.  ඊට පස්සේ ඉතිං රිසෝට් එක වටේ සවාරියක් ගිහින් එහෙම කෙලින්ම ගෙදර. ආ වැරදුනා පාරේ වංගු තිබ්බා, ඒක නිසා කෙලින්ම නෙවෙයි ඕං. කොහොම හරි කියලා යහතිං ආවා මං. හැබැයි මම යන්න හිතන් හිටිය ස්වාභාවික තටාකය බලන්න යන්න බැරි වුනා. මොකද හේතුව මේ දවස් වල වැස්ස නිසා වතුර වැඩි කියලා කාටවත් යන්න අවසර දුන්නේ නෑ. අනිත් එක මෙදා පොටේ නම් ගාස්තුව ගෙව්වේ අපේ මානව සම්පත් බලාගන්න අයම තමා. ඒක නිසා වැඩි අවුලක් වුනේ නෑ. ඉතිං එහෙමනම් ඔන්න දෙයියනේ කියලා ගෝල්ඩ් fish ආයෙමත් ටැංකියේ.

Advertisements

7 Responses to “ඕං යහතින් ආවා…”

  1. Friend Says:

    ela ela … thankyou visthara apith ekka beda hada gaththata….

  2. අකීකරු හිත Says:

    මාළුවා පිනන්න ඉගන ගත්ත එක නම් හොදා‍‍‍…

  3. dinesh Says:

    අනේ උඹ පීනපු විදිය බලන්න තිබුනනම්…….කොහොම උනත් අනුමත නොවී ආපු එකනම් ලොකු දෙයක්.

  4. සඳරු Says:

    පරිස්සමෙන් ගොහිං ආව එකම මදෑ .. රන්මාලුවගේ කතා නැතුව මම මාර පාලුවෙන් උන්නේ .. හ්ම් බීල නෑ නේද ? කමක් නෑ . අපි වැටුන වලේ වැට්ච්ච නැති එක ගැන මම බොරුවට හරි සන්තෝස වෙනවා . දැං ඉති රවුං ගැහැවුවා මදෑ ඔය . දැං පටන්ගත්තොත් හොඳයි ආයේ ලිවිල්ල ..

    ජයවේවා !!

  5. Fox Says:

    මාලුවෙක් වෙලත් පීනන්න බෑ කියල කටක් ඇරල කියන්නෙ කොහොමද බං. ඉක්මණට ක්ලාස් එකකටවත් පලයන්…

  6. ගෝල්ඩ් fish Says:

    @Friend – අපි එහෙමයි, අත්දැකීම් බෙදාගන්නවා.

    @අකීකරු හිත – වැඩි හරියක්ම පුරුදු වුනේ , කොත්මලේ පැත්තේ ආව දාට පීනන්න වුනොත් කියලා.

    @dinesh – ඇයි බලං ඉඳලා උඹත් පුරුදු වෙන්නද?

    @සඳරු – හරි හරි බං, මේ ලියනවා… කෝ පෑන නැහැනේ.

    @Fox – මම දන්න විදියට උඹටත් පීනන්න බැහැනේ, ඉතිං දෙන්නම යමු.

  7. ෴ හසියා ෴ Says:

    හැබෑට උඹ පීනන්නේ මෝටර් එකක් හයිකොරන්ද….හේහේහේ නවතම ගෝල්ඩි ෆිෂ්ලා එහෙමද…අනේ මන්දා මගේ ඔළුවත් විකාරයි වගේ…..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: