අපේ විනෝද චාරිකාව…


ඔන්න ආයෙමත් ගෝල්ඩ් fish ට විනෝද චාරිකාවක් සෙට් වෙලා. දැන් මාස කීපයකට කලිං ගෝල්ඩ් fish පොළොන්නරු ගියානේ. ඒක ඉතිං කට්ටිය දන්නවනේ. ඒත් ඉතිං ඒක ටිකක් විතර අංජ බජල් වුනා. මොකද අපේ කට්ටියකට ඉන්න හිටින්න තැන් නැති වුන නිසා. ඒත් ඉතිං දෙයිය‍නේ කියලා ගෝල්ඩ් fishට නම් අවුලක් වුනේ නෑ, අපායට ගියත් කලිං යන්න ඕනෙ කියන නිසා, ගෝල්ඩ් fish කලේ පො‍ළොන්නරුවේ නැවතුම් ස්ථානයට ගිය ගමන් සිරා ඒ.සී කාමරයක් අල්ල ගත්ත එක. ඒක නිසා ඉතිං මට නම් නෝ ප්‍රොබ්ලම්.
 
හප්පා, කියන්නේ ගියේ යන්න ඉන්න විනෝද චාරිකාව ගැනනේ. ඉතිං අර අපේ තුන් දින පො‍ළොන්නරු ගමන අස්පට් වෙච්ච හින්දා, අපේ ආයතනයේ පාලනාධිකාරිය තීරණය කරලා තියෙනවා නැවත වරක් අපිට එක් දින විනෝද චාරිකාවක් ලබාදෙන්න කියලා. (මේ වගේ චාන්ස් හැමෝටම වදින්නේ නෑ හරිද…! පිං කරන්න ඕනේ) කට්ටියට මතක ඇතිනේ ගෝල්ඩ් fish ලාගේ ඔෆිස් එකෙන් මීට අවුරුද්දකට කලිං ගියපු ගමන. අර කට්ටිය හරි හරියට බීලා තිබුනේ. ඒ මදිවට ගෝල්ඩ් fishගේ මැංගෝ ස්වීම් පූල් එකට වැරදි පැත්තෙන් බැස්සේ, අන්න ඒ ස්ථානයටම තමා අපි මේ පාරත් යන්නේ. ඒ කියන්නේ කුකුලේ ගඟ රිසෝට් එකට. ඒක පිහිටලා තියෙන්නේ මතුගම පැත්තට වෙන්න මට මතක විදියට. පාලනය කරන්නේ හමුදාවෙන්.
 
කට්ටියට හිතා ගන්න පුළුවන්ද ගිය පාර අපේ කට්ටිය එතෙන හැසිරුන විදිය? සීන් දෙකක් විතර කලිං කිව්වනේ. මෙන්න නොකියූ ටික. මේවා කියන්නේ ඉතිං නොකියම බැරි නිසා ඕං. අපේ කට්ටිය එදා රිසෝට් එකට යද්දීම හොඳටම අනුමත වෙලා හිටියේ. අපේ කට්ටිය කිව්වට ගෝල්ඩ් fish නෑ හරී. ඉතිං එතෙන ගිහිල්ලත් බොනවා බොනවා ඉවරයක් නෑ. පස්සේ ඉතිං කට්ටිය වෙරි හි‍ඳෙන්න කියලා නාන්න තමා කල්පනාව. වෙරි හින්ද ගන්න ඕනෙ නම් මොකටද බිව්වේ කියලා ගෝල්ඩ් fish එක අයියා කෙනෙක්ගෙන් ඇහුවම වර යන්න පෙන්නන්න කියලා ගෝල්ඩ් fishගේ අතින් ඇදන් යද්දී… අනේ අයියා ඩොහ්… කියන්නේ වැටුනා, හරිනේ දැන් දැක්කනේ කියා ගෙනම මෑනුත් නැගිට්ටා. ඒක එච්චරයි.
 
පස්සේ මෙන්න අනිත් සීන් එක. මේක වුනේ මගේ මැංගෝ පූල් එකට පැනලා අනං මනං ඔක්කොම කරගත්තට පස්සේ. අපේ ඉන්නවා ටිකක් වයසක අංකල් කෙනෙක්. නම ධනපාල. මිනිහාට හොඳටම පීනන්න පුළුවන්. ඒ වගේම විනෝදෙට බරයි සෑහෙන්න. ගම රත්නපුරේ. අපි කියන්නේ දනේ කියලා. දැං ඉතිං අපේ කට්ටිය පූල් එකේ එක එක සෙල්ලං කොරද්දී මේ දනේ කොහේ හරි හට් එකක් අස්සේ ඉඳන් මහ හයියෙන් බුදු අම්මෝ ගාගෙන දුවගෙන ඇවිත් පූල් එකේ ගැට්ටට කකුල තියලා පඹයෙක් වතුරට දානවා වගේ අත පය හැම පැත්තටම විහිද ගෙන පතබෑවෙනවා පූල් එකට. අහල පහල ඉන්න එවුන් ඔක්කොම සීන් එක බලනවා මිනිහාගේ කෑගැහිල්ලට. අනේ සුලු නිමේෂයකදී කට්ටියටම හොඳ වතුර පාරක් හම්බුවෙනවා නෑවෙන්නම. ඇයි ඉතිං අර මනුස්සයා පනිද්දී විසික්කා වෙන වතුර. පස්සේ මෙහෙම තුන් හතර පාරක් කරාම අපේ පූල් එකේ ඉන්න අයියලාට පුස්පේ පිපුනා. ඊට පස්සේ පාර දනේ පැන්න විතරයි, කට්ටියම මෑන්ස් ගාවට කිට්ටු කරලා ඇඳගෙන හිටිය ස්වීමිං ෂෝට ගලෝලත් ඉවරයි දනේගේ ඔළුව වතුරෙන් උඩට එන්නත් කලිං. පස්සේ ෂෝට අරගෙන ගොඩට දාලා, දැන් ඉතිං මෙකේම හිටපිය කියකිය හිනාවෙනවා. මිනිහාටත් ගානක් නෑ, මෑනුත් කට්ටිය එක්ක හිනා වෙනවා. ඒත් ඊට පස්සේ කොහොම හරි ආපහු ෂෝට දුන්න. නැත්තං ඉතිං චාටර් වගේනේ නිසා. වෙලාවට අපේ ගැහැනු උදවිය කවුරුත් අපේ විනෝද චාරිකාවට සහභාගි වෙන්නේ නෑ. නැත්තං ඉතිං නූල් බඳින්න තමා වෙන්නේ.
 
මෙන්න අනිත් කතාව. මේක නම් ‍ෆුල් අබ්ලික් කතාවක්. අපේ වුන් ලෝකෙ අන්තිම බීම බොනවා වගේ බීපු නිසා තමා මේක වුනේ. අපේ ඉන්නවා අයියා කෙනෙක් ගුනපාල කියලා. මිනිහා අපේ ඔෆිස් එකේදී නම් හෙනම වැදගත් පොර. හැබැයි බිව්වම බළු වෙනවා. කොහොම හරි එදත් මිනිහා බීලා, දැන් මේකට කබරයා දාන්න ඕනේ කියලා කිව්වම අපේ තව අයියන්ඩියෙක් මිනිහාව ලඟ තිබ්බ විල්බැරෝ එකක දාගෙන අරං ගිහින් ‍පූල් එක ගාවට. වෙලාවට අපේ කට්ටිය වෙරි හින්දගෙන නාලා කෑම කනවා. අර යකා කබරයා පාරක් දැම්මේ නැද්ද පූල් එකට. ෂිට්… ඌ වගේ නරියෙක්. ගම කෑවා. පස්සේ පූල් එක බලාගන්න හමුදාවේ කට්ටිය ඇවිත් ඌට බැනලා බැනලා පැත්තකට ඇදලා දැම්මා. අපි ඔක්කොම චා උනා ඒ මැට්ටා නිසා.
 
පස්සේ ඔය ඔක්කොම නාටක බලල අන්තිමේ ගෝල්ඩ් fish ගියා කෑම කන්න. මෙන්න බොලේ එක අයිය කෙනෙක් බත් කන පිඟානකට අතුරුපස අරගෙන යනවා. වටලප්පන්, රතුයි කොලයි ජෙලි, කැරමල් පුඩිං, පෘට් සැලඩ්… තව තිබුනා එක එක ජාති. මෙන්න ඊට පස්සේ තවත් එකෙක් ඒත් එහෙමයි. පස්සේ ගෝල්ඩ් fishත් බයියං කාලා එහෙම ගියා අතුරුපස චුට්ටක් බෙදා ගන්න කියලා. එතකොට තමා වැඩේ පත්තු වුනේ. අපේ කට්ටිය අතුරුපස බෙදාගන්න තියෙන පිඟන් ටිකයි බත් කන්න තියෙන පිඟන් ටිකයි මාරු කරලා. හී… හී… අපිත් අරියි ඔය වගේ චාන්ස් කියලා ගත්තා බත් කන පිඟානක්, බෙදා ගත්තා හස මාසෙකට ඇති වෙන්න අතුරුපස. එපා කියන්න කව්රුත් නැහැනේ. අනික අනිත් හැමෝමත් කන්නේ ඒ විදියටනේ කියලා. ඇදලා ඇරියා. ආයේ මොනාද ඉතිං බත් කෑවේ අපරාදේ කියලා හිතුනා.
 
මෙන්න අන්තිම ලාස්ට් ෆයිනල් කතා පොඩ්ඩ. හැබැයි කාටවත් කියන්න එපා. දැන් කට්ටිය දන්නවනේ ඔය වගේ විනෝද චාරිකාවකදී අන්තිමේ හෝටලේ බිල ගෙවන්නේ ආයතනයේ මානව සම්පත් අංශයෙන්නේ. ඒත් ඉතිං අපේ ඒක ටිකක් වෙනස් වුනා. අපේ බිල ගෙව්වේ අපේ මෙහෙයුම් කළමනාකරතුමා. මොකද දන්නවද හේතුව. (රහසින්) අපේ H.R Manager මහත්තයා කාමරයක කබරයා දානවලූ. (රහස ඉවරයි) ඒකට හේතුව තමා හොඳ හිත. ඒ කියන්නේ මෙහෙමනේ, දැන් අපේ ලොක්කා බොන කට්ටිය ගාවින් යද්දී, ඒ අය කතා කරනවා එන්න සර් පොඩි ෂොට් එකක් අරගන්න කියලා. ඉතිං අපේ ලොක්කට බැහැයි කියන්න බැහැනේ. ඔන්න ඉතිං ලාවට අනුමත වෙනවා. පස්සේ ආයේ වෙන තැනකින් යද්දී ආයෙත් අර ව‍ගේ කතා කරනවා, හැබැයි එතෙන තියෙන්නේ වෙන ජාතියක්. ඔන්න එතනිනුත් දාගන්නවා. මෙන්න ආයෙමත් තව තැනකින්. ඔය විදියට කිහිප පොලකින් එක එක ජාති දාගත්තම වෙනදේ දන්නවනේ. කලවම් වුනම වෙන්නේ අන්තිමේ අපේ ලොක්කට වුන දේ තමා. කොහොම හරි අපි ඔෆිස් එකට එනකනුත් ලොක්කා දොයි කියලා තමා ආරංචි වුනේ.
 
ඉතිං ඒ ගිය අවුරුද්දේ ට්‍රිපනේ. බලමුකෝ මේ පාර මොනා වෙයිද කියලා. මොනා වුනත් ගෝල්ඩ් fish යහතින් ආවොත් වෙච්ච ලස්සන සිද්ධි ටික ලියනවා, අනිවා ඩෙෆා. ආ… කියන්න අමතක වුනා අපි ට්‍රිප යන්නේ ලබන විසි දෙවෙනිදා තමා. මේ ගමනත් සුරාවෙන් වැලකී සිටින්න තමා ගෝල්ඩ් fish ගේ අධිෂ්ඨානය. එහෙනම් ම‍ට ජයවේවා…!
 
මළ කෙලියයි තව ජුංඩෙන් අමතක වෙනවා, මේ පාර ගෝල්ඩ් fish හිතාගෙන ඉන්නවා කුකුලේ ගඟ ස්වාභාවික ජල තටාකය බලන්න යන්න. සිංහලෙන් කිව්වොත් natural pool එක.

Advertisements

5 Responses to “අපේ විනෝද චාරිකාව…”

  1. dinesh Says:

    ෂිහ්….අපිට කොහෙන්ද ඔහොම ආතල් ට්‍රිප්.ලංකාවට ගිය ගමන් යනව වටේම………..අර ලොක්කට වෙච්ච වැඩේ ගොඩක් වෙලාවට අපිටත් වෙනවනෙ.යන,යන තැනින් ටික,ටික දාගෙන අන්තිමට ෆක්..කොහොමත් සුරාවෙන් වැලකිලා ඉන්න ට්‍රයි එකක් දීපන්.එහෙනම් උඹට ජයවේවා…………….

  2. Samadhi Says:

    කචල් තොර ගමනක් වේවා. ඔන්න කලින්ම සුබ පෑතුම්.

  3. හිස් අහස Says:

    පොඩ්ඩක් බීල වරෙං ..

    උඹ නම් මාර වාසනාවන්තයා .කොච්චර ටිෆ් යනවද ? අපේ බොසා අපිව සත්තු වත්ත බලන්න වත් එක්ක ගිහිං නෑ .අනික පොර බොන්නෙත් නෑ . මට ඉරිසියාවේ බෑ අයියගේ විනෝද චාරිකාව අහලා ..

    පරිස්සනෙබ් ගෙහුං එන්ඩකෝ

    ජයවේවා!1

  4. නිම්ශා Says:

    එහෙනම් පරිස්සමට ගිහින් එන්න ගොල්ඩ් අයියේ… කිව්වත් වගේ සුරවෙන් වැළැකිලා එයිදත් බලමුකෝ..

  5. අකීකරු හිත Says:

    සුරාවෙන් තොර ගමනකට සුබ පැතුම්


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: