පස්සෙන් එලවන බලු නකුටෙක්ව චාටර් කිරීම


මේක නම් ටිකක් විතර ෆන් කතාවක්. කට්ටියට මතක ඇතිනේ අපේ හසියා ටික කාලෙකට කලින් කිව්වා, අපිව කූඹියෙක් කෑවොත් කූඹියාව මරන්නේ නැතුව චාටර් කරන විදිය. ඒ ක්‍රමය මම අත්හදා බැළුවා. වැඩේ නම් එලකිරි. හැබැයි කූඹිටික ඇත්තටම කතාකරපුවා අහගන්න විදියක් තිබ්බේ නෑ. ඉතිං මමත් හිතුවා අපිට වදයක් වෙන තව සත්තු ජාතියක් චාටර් කරලා දාන විදිය කියලා දෙන්න.

දැන් මේ කියන්න යන්නේ අපි ඔය කොහෙ හරි වැදගත් ගමනක් යද්දී, එහෙම නැත්තං පුටාර් එකෙන් වටයක් යද්දී, ඒත් නැත්තං මෝටාර් එකෙන් වටයක් පදිද්දී එහෙම පාරේ ඉන්නේ බලු නකුටෝ පස්සෙන් බුරාගෙන එනවානේ, හරියට නිකං අපි උන්ගේ වාහනේක යනවා වගේ. ඉතිං අපිත් ආයේ යන්න පුළුවන් උපරිම වේගෙන් ඇරලා යන එකනේ කරන්නේ, ඔය වගේ වෙලාවකදී. කට්ටිය දන්නේ නැතිවුනාට එහෙම කරාම බලු නකුටා හිතන්නේ ඌ තමා පොර කියලා. ඇයි ඉතිං අපිත් පස්ස බලන්නේ නැතුව හති දාගෙන පදිනවානේ. බුහ්… බුහ්… සද්දේ නැති වෙලා ගියාට පස්සේ තමා ආයෙමත් පස්ස හැරිලා බලන්නේ. නේද? ඉතිං මං නං කියන්නේ ඔය කොහෙවත් යන බලු නකුටන්ට සෙකන්ඩ් වෙන්න එපා. ඈ… එහෙනම් මොකද්ද කරන්නේ? කොහොමත් ඉතිං කලාතුරකින් ඇරෙන්න අපි පස්සෙන් එලවන බල්ලට සෙකන්ඩ් වෙන්නේ නැහැනේ. ජීවිතේට දුවලා නැති කෙනෙක් වුනත් බල්ලෙක් එලවන කොට දුවනවානේ.

දැන් මේක කියෙව්වට පස්සේ ඒ කරදරෙන් මිදෙන්න පුළුවන්ත හැබැයි ඔය පයින් යද්දී බලු නකුටෝ එලෙව්වොත් නම්, කරන්න ඕනේ දේ මම හරියටම දන්නේ නෑ. මම නම් කරන්නේ තාර පාරේ වුනත් දෙකට නැවිලා ගල් කැටයක් හොයනවා වගේ ඇක්ටින් පාරක් දාන එක බල්ලාට පේන්න. එතකොට බල්ලා වාෂ්ප වෙනවා. ආ… මෙන්න අත්දුටු ප්‍රත්‍යක්ෂ බෙහෙත.

ඔන්න පට්ටාං ගන්නයි යන්නේ… දැන් හිතන්න අපි යනවා පුටාර් එකෙන් හරි මෝටාර් එකෙන් හරි අපේ ගෑනු ළමයව බලන්න කියලා. (අපේ කිව්වේ තමන්ගේ හො‍ඳේ, නැතුව අනුන්ගේ ඒවා බලන්න ගිහින් වෙන වැඩ වලට ගෝල්ඩ් ෆිෂ් වගකියන්නේ නෑ ඕං) දැන් ඉතිං අපි යන්නේ අපේ ඇනුඅල් බාත් එකත් දාගෙන, ඊයේ ගත්ත අළුත් කිට් එකත් දාගෙන, පර්ෆියුම් එකකුත් නාලානේ. ඔන්න ඉතිං ටික දුරක් යද්දී කොහෙ හරි වැටක් අස්සේ ඉඳන් අපේ පර්ෆියුම් සුවඳටයි, අළුත් කිට් එකටයි ඉරිසියා හිතුන බල්ලෙක් එනවා වාහනේ පස්සෙන් බුරාගෙන. නිකං අපි උගේ බලු කෑල්ලව දාගන්න යනවා වගේ කියලා හිතලා වෙන්න ඇති. දැන් ඉතිං අපි සාමාන්‍යයෙන් කොරන්නේ බල්ලට දෙක දීලා අපි එක වෙන්න පදින එකනේ. එතකොට බල්ලා දෙක වුනත් ඌ හිතන්නේ ඌට බයේ අපි ගියා කියලා. ඇත්තටම ඉතිං ඒක තමා වෙන්නේ. එහෙමයි කියලා බල්ලන්ට ඕවා තේරුම් කරන්න යන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඉතිං ඒ බල්ලා බලු රැලක් එක්කම ඇවිල්ලා අපි එතනින් යන යන පාරට, අපිට බුරනවා. අපි කොහේ ගියත් ඒ බල්ලා අපිව දැක්කොත් ඉතිං බඩුම තමා. ඒ කියන්නේ මේක බල්ලන්ටම ගිය රට. ඔව් ඒ ඉස්සර, දැන් මං විද්‍යාඥයා හොයා ගත්තා (බොහෝම ලොකු පරීක්ෂන කරලා එහෙම තමා) සිරා ක්‍රමයක් මේකෙන් බේරෙන්න.

කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි, බල්ලා අපිව එලෝගෙන එනවා කියලා හිතන්න. කෝ… ඉතිං හිතන්නකෝ…. ආ… හරිනේ. දැන් අපි යන ගමන්ම වාහනේ වේගෙ ටිකක් වැඩි කරන්න. ඕක ඉතිං කියන්න දෙයක් නැහැනේ කොහොමත්, ඉබේම වැඩි වෙනවනේ. හරි, දැන් ටික දුරක් බල්ලට පස්සෙන් එන්න දීලා එක පාරට බ්‍රේක් ගහලා වාහනේ නවත්තන්න. දැන් බල්ලා එකතැන නැවතිලා බුරයි. දැන් තමා හොඳම හරිය. යන ගමන ගැන මොහොතකට අමතක කරන්න, වාහනේ හරව ගන්න, බල්ලා පස්සෙන් පන්නන්න. බල්ලා දුවයි ආයේ මොනාද, වංගු කෙලින් කරගෙනම. කොහොම හරි බල්ලා වැටක් අස්සෙන් හරි ගේට්ටුවක් අස්සෙන් හරි වත්තක් ඇතුලට රිංගනකම්ම පස්සෙන් එලවන්න පුළුවන් නම් වැඩේ ගොඩ. ආයේ ඒ බල්ලා නෙමේ වාහනේ දකින කොට හරි, මෝටාර් එකක්නං එකේ සද්දේ ඇහෙන කොට හරි ඒ පැත්ත පලාතේ ඉන්නේ. හැබැයි පුතෝ ඔය අනුන්ගේ වාහන ඉල්ලං මගුලේ යන අයටනම්, එක එක වාහනේ යොදා ගෙන බල්ලට වෙන වෙනම ට්‍රීට් කරන්න වෙනවා. මොකද බල්ලාට මතක හිටින්නේ ඒක පදින මිනිහාව නෙමේ, වාහනේ වර්ණය සහ සද්දය වන නිසා. ඔහොම බල්ලාගේ මීටරේ තියෙන වාහනයක් එනව දැක්කම ඌ බල්ලෝ සීයක් එක්ක හිටියත්, සිං ගාලා මාරු වෙනවා වැටක් අස්සට හරි, තාප්ප කෑල්ලක් අස්සට හරි. එතකොට ඉතිං ඒ බල්ලා ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැනේ. බලු රැලේ චාටර්ම බල්ලා තමා ඌ.

මේක ඔය පයින් යන කට්ටිය අත්හදා බලන්න යන්න එපා. මොකද බල්ලා වුනත්, හිත හොඳ එකෙක් වුනොත් අපි ඌ පස්සෙන් එලවගෙන යද්දී, ඌත් නිකං ඉන්න එකක් නැහැ. තව සේනාවකුත් එක්ක ඇවිත් අපිට ගේමට කතා කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඉතිං මේ සීන් එක පයින් මගුලේ යන ඇත්තන්ට රෙකමන්ඩ් කරන්නේ නෑ ඕං. ආ… එකක් අමතක වුනා, මේක මේ තමන්ගේ ගෑණු දරුවව බලන්න යද්දී විතරක් නෙවේ, කඩේට යද්දී, වැඩට යද්දී … ඊටීසී… වගේ වැඩවලටත් ප්‍රයෝජනවත් වෙනවා. (අන්තිම එක මොකද්ද කියලා අහන්න එපා) ඔයාලගේ වාහනේ අදාල බලු නකුටාගේ මෙමරියේ එකම එක පාරක් රෙජිස්ටර් කරාම උගේ ජීවිත කාලයටම ඒ ඇති. ඌට මේ විදියට වාහන කීයක් මෙමරියේ තියාගන්න පුළුවන්ද කියන්න නං මම දන්නේ නෑ, සමහරවිට 2GB විතර මයික්‍රෝ එස්.ඩී එකක් ගැහුවා නම් මෙ‍මරිය වැඩිවෙයි. හැබැයි ඒක බල්ලට සෙට් කරන විදිය අහන්න ඔට්ටු නෑ හරිද. මොකද ඒකට තාම පරීක්ෂන කරේ නෑ.

කොහොම හරි, තමන්ගේ පස්සෙන් එලවන කකුල් හතරේ බලු නකුටව චාටර්ම කරලා, වැලේ වැල් නැති කරන්නේ ඔන්න ඔහොමයි. කට්ටියට අත්දැකීම් එහෙම ඇතිනේ. ඉතිං ඒවාත් මට කිව්වනං මේ බලු සීන් වලට තව තව බේත් හොයා ගන්න පුළුවං වෙයි. එහෙනම් කට්ටියට තව දුරටත් බලු නකුටන්ගෙන් අතවරයක් සිද්ධ නොවේවා. (ඈ…) 🙂

14 Responses to “පස්සෙන් එලවන බලු නකුටෙක්ව චාටර් කිරීම”

  1. ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර Says:

    මම අත්දැකීමෙන් මේක කියන්නේ. මේක මීට වැඩිය ලස්සනට කරන්න පුළුවන් බලු වැඩක්.බල්‍ලා සාමාන්‍යයෙන් බුරාගෙන එනකොට වේගෙන් යන්න ඕනේ. ඊට පස්සේ එකපාරටම නවත්තන්නේ නැතුව වේගය ටිකක් අඩු කරන්න ‍ඕනේ. නමුත් බල්ලාට එකපාරට මීටර් වෙන්නේ නෑ අපි වේගය අඩු කලා කියලා. බල්ලා පුලුවන් වේගයෙන්ම එනවා අපිව පහුකරගෙනම යනවා පස්සේ තියෙන්නේ බල්ලා පස්සෙන් වේගයෙන් ගිහින් බල්ලාට පයින් පාරක් ගහන්න. මම නම් කරන්නේ බල්ලා වම් පැත්තෙන් පන්න‍ගෙන ආවොත් ඒ පැත්තටම කපනවා එතකොට බල්ලා දකුණු පැත්තෙන් පන්නන්න පටන් ගන්නවා. ඒක පොඩ් උපායක් , මොකද මට දකුණු කකුල හොදට හුරුයි. බල්ලා අපි පසු කරගෙන ගියාම අපි වේගයෙන් බල්ලා පස්සෙන් ගිහින් බල්ලාට දකුණු කකුලෙන් පයින් එකකුත් දීගෙනම වේගයෙන් යනවා. මේක මම සාමානයෙන් කරන වැඩක් අත්දුටුයි ප්‍රත්්‍යක්ෂයි. හැබැයි බයික්එක හුරු නැත්නම් මේ වැඩේ කරන්න එපා ‍අර බල්ලා එළවාගෙන යන වැඩේ විතරක් කරන පුලුවන්. හැබැයි ‍මේක බලු වැඩක්

  2. අමිල Says:

    ඔව් එතකොට නිකං බල්ලාට කන්නට කකුල ලබා දීම තමා වෙන්නේ. ඇරත් හැම බල්ලාම පන්නන්නේ හපන්න​ නෙවෙයි. උටත් ඕනෙ ආතල් එකට ඔහේ බුර බුර දුවන්න. ඉතින් එහෙම ආතල් බල්ලන්ට පා පහර දීම හෙලා දැකිය යුතුයි. අනික අපේ බල්ලානම් මොකා පැන්නුවත් ආපහු නොදුවන එකෙක්. ඌට ගුටිකෑමේ අත්දැකීම් අඩුයි. ඉතින් පන්නන්න ආපු කීප දෙනෙකි ලගට එනකම් මේකා බලාන ඉන්නවා. ඉදලා තමයි වැඩේ දෙන්නේ. හැබැයි ඔය ලොකු සයිස් pedigree බල්ලො ඉන්නවා නේද?

    දවසක් අපෙ පිටුපස්සේ ගෙදර හිටපු තඩි සද්දන්ත උසස් වංශ​යේ බල්ලෙක් පෙන්නලා මගේ මස්සිනාට කිව්වා මේකා නම් බොහොම දරුණු එකෙක් කියලා.
    ඒක අහපු මස්සිනා බිමට නැමිලා ගලක් අහුලන්නා වාගේ “දුප්..” කියලා කිව්වා විතරයි බල්ලා දිවේ නැට්ට … ​ගහගෙනය. ඒනිසා ලොකුබල්ලන්ගේ බයේ තරම දැන ගන්න.
    ආහ් .. නිතරම බලන්න සැබෑවටම හපාකන බල්ලන් ප්‍රමාණයෙන් කුඩා උන්ය. (බුරන්නේ ලොකු උන්ය )

    ප.ලි.
    ඔය ක්‍රමවේද අවදානම් සහිතයි. ප්‍ර​වේසමෙන් අනුගමනය කරන්න.

  3. අකීකරු හිත Says:

    මගේ පස්සෙනුත් හරියට බල්ලෝ පන්නනවා..පරණ තරහක් තියෙනවා වගේ

  4. Astro Boy Says:

    පව් නෙ. බල්ලව උනත් චා කරන්න හොඳ නෑ

  5. හිස් අහස Says:

    එහෙම කරන්න එපා ! බල්ලෙක් උනත් ඌට නම්බුවක් කියලා දෙයක් තියනවානේ ..අනික පිස්සු බල්ලෙක් උනොත් එහෙම .

    දැනට මාස කීපයකට පෙර අපේ සීයා මට මෙන්න මේ මන්තරේ දුන්නා ඔය කරදරෙන් බේරෙන්න ..

    බල්ලන් බුරා එනවිට අතට දෙවරක් මතුරා අතපානු ! එසැනින් සුනඛයා සිහි මුර්ජා වනු ඇත !

    ඕං නමෝ පතලීස් වාහ:
    ඕං හරී පතලීස් වාහ:

    සිහි මුර්ජා වූ සුනඛයාගේ සිහිය නැවත ලබා ගැනීමට පහත මන්ත්‍රය අතට වරක් මතුරා සුනඛයා ස්පර්ශ කරනු !

    ඒක පත්‍රං දිවී පත්‍රං
    සර්ව ලෝකං මහත් බයං

    සිරාවට කියන්නේ මම කරලා බලල නැතිඋනාට මම දන්නවා මේක වැඩ කියලා .. ඔයා කරල බලන්න

    ජයවේවා !!

  6. dinesh Says:

    මේ වැඩේ නම් ඇත්ත තමා.
    දවසක් අපේ පැත්තෙ පොරක් ගමේ බඩු වලින් නස්තාර් වෙලා පාගල් එකේ යද්දි ඔය සීන් එක උනා.පොරත් බඩු පිට ආපහු හැරිල බල්ල පස්සෙ පාගන්න උනා.මෙන්න බොලේ බුරාගෙන ආපු බල්ල ඒ ගමන ආපහු දුවනවා.හැබැයි ටිකක් මීටර් බල්ලො ඊට පස්සෙ වෙන ගේමක් දෙන්නත් ඉඩ තියනවා.

  7. Uraj Deemantha Says:

    කාර් පස්සෙන් එලවන බල්ලන්ට නම් පොඩි බෙහෙතක් මම දන්නවා…. 😀 බල්ලා බුරාගෙන දුවන් එනකොට ටිකක් හයියෙන් ගිහින්, එක පාරට බ්‍රේක් කරලා, පොඩ්ඩක් බල්ලගේ පැත්තට හරවලා, රිවස් කලා නම් හරි…. 😀 අත්දුටුවයි සත්තයි බල්ලා නෝන්ඩි… 😛 කාර් එකක් නිසා බල්ලාගෙන් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ … 🙂

  8. සාතන් Says:

    බල්ලෙක් පස්සෙ පන්නද්දි අපි චාටර් වගේ නැත්ද ?…

    සාතන් නම් කරන්නෙ එකතැන වාහනේ නවත්තල බල්ලට මරුමුස් බැල්මක් දෙන එක විතරයි… බලුව නවතින්නෙ ගල් වුනා වගේ … ( පයින් යනකොටත් කරන්න පුලුවන්… )

  9. haree Says:

    mama nam wena mokakatawath baya na. ballanta arenna. mama bike eke yaddi ballo pannanakota mata nam bike eka hiyen padinna hithenne na. nawathila balla kiyala hyyen ka gahana eka thama mama karanne.

    meka karala balanna one.

    ethakota buranne nathuwa himita shape ek awith allana ballanta wadak denne kohomada?

    anika ballata warna mathaka hitinawa kiwwata ballo warna andaine….

    kohomahari honda post ekak….

    • ගෝල්ඩ් fish Says:

      පස්සෙන් ඇවිත් අල්ලන වුන්ට වැඩක් දෙන්න නම් දන්නේ නෑ බං. බල්ලෝ වර්ණ අන්ධ වුනාට උන්ට රතු, නිල්, කොල ඔක්කොම එක් වගේ නෙමේ පේන්නේ, විවිධ තීව්රතා මට්ටම් වලින් පේන්නේ ඒක නිසා වුන් එක මතක තියා ගන්නවා. ඇත්තටම උන් මේක රතු, මේක් කහ කියලා නෙමේ උන්ට පේ​න පාටේ අඩු වැඩි වශයෙන් තමා මීටරේට ගන්නේ.

  10. හරී Says:

    ඕනාට වැඩිය දඟලන කකුල් දෙකේ බල්ලන්ට වැඩක් දෙන්න ක්‍රමයක් නැද්ද?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: