සීතල වෙන ප්‍රශ්නයක්…

මෙන්න කට්ටියව සීතල වෙලා යන ප්‍රශ්නයක්. සමහරුන්වනම් රත් වෙයි. කමක් නෑ බලන්නකෝ ප්‍රශ්නය මොකද්ද කියලා.


Blogger , WordPress ව‍ගේ නිදහස් බ්ලොග් අඩවි හා Facebook, Twitter වැනි සමාජජාල වෙබ් අඩවිත්, GMail, Yahoo! වැනි ගාස්තු අය නොකරන ඊමේල් සේවාත්… තමන්ගේ නොමිලේ දෙන සේවා නැවැත්වුව හොත් හෝ එම සේවා ආයතන වසා දැමුවහොත් අපි වැනි අහිසංකයින්ට කුමක් වේද?


මේක මට නිකමට හිතුනේ. ඇත්තටම අපිට මොනා වෙයිද? අපිට ඉතිං සල්ලි ගෙවලා ඊමේල් ඉන්බොක්ස් ගන්නවත්, බ්ලොගින් ඩොමේන් එකක් ගන්නවත් ලේසි නැහැනේ. ඔක්කොටම හපන් Facebook වැහුවොත් එහෙම. මුළු අතීතෙම තියෙන්නේ ඒකේනේ. යාළුවෝද, උපන් දිනද, අරවද මේවද ඔක්කොම තියෙන්නේ ඒකෙනේ.

පොඩ්ඩක් කට්ටියම මේ වගේ උනොත් කරන දේ කියමු බලන්න.

9 Responses to “සීතල වෙන ප්‍රශ්නයක්…”

  1. තරු අහස Says:

    එහෙම වුනොත් බං අපි හදමුකො අළුතෙන් එකක්.ඔන්න මම තමයි Facebook & Google කරන්නෙ.

  2. Lakshika Gayal Says:

    ෆෙස්බුක් වැහුවාට මෙන්න තියෙනවා Youth Turn – http://youthturn.vv.cc/

  3. Anandawardhana Says:

    data portability ( http://www.dataportability.org/ ) ගැන හිතන්න. ඒ විදිහට ඔබ මොබ ගෙන යා හැකි දත්ත සහිත සේවාවන් විතරක් පාවිච්චි කරන්න. එතකොට කවුරු හරි සේවාව වැහුවොත් තමුන්ගේ දත්ත ටික අකුලගෙන එලියට බහින්න පුලුවනි. මෙවැනි සේවාත් ඒ ප්‍රශ්නයට සාධනීය ව මුහුන දෙන තැන් :
    http://social.foocorp.net/software/social/
    http://status.net

    ඒවගේ භාවිත වෙන විවෘත ද්වාර නිසා අවශ්‍ය කෙනෙකුට ඒ දත්තවලට සම්බන්ධ විය හැකි තැනක නැවත වැඩ පටන්ගන්න අවකාශ තියෙනවා. නමුත් දොරවල් වැසුනු අගුල් වැටුනු කොම්පැනි ඇතුලෙ තමුන්ගේ මුලු ජීවිතයම ගබඩා කරන එක නම් පුද්ගලික තීරනයක්. ඒකෙ පල විපාක විඳින්න ලෑස්ති වෙන්න වෙනව. බ්ලොග් අඩෙවි වුනත් බැකප් කරන්න පුලුවන් නෙ. සියලු ම තැන් වැහිල ගිහින් අපි අපි ම විතරක් ඉතුරු වුනොත්, නොමිලේ ගන්න තැනක් නැති වුනොත් අවම විසඳුම හැටියට තමුන්ගේ ගෙදර පරිගනකයේ සිට හරි ඔය බ්ලොග් අඩෙවි ධාවනය කරන්න බැරි නෑ එතකොට.

  4. හිස් අහස Says:

    මම ආයෙත් දුම් පානය කරන්න ගන්නවා ….!

    ජයවේවා !!

  5. ගෝල්ඩ් fish Says:

    @තරු අහස / @Samadhi – දෙන්න එක්ක මරා ගන්නේ නැත්‍රව ඕනෙ එකක්

    @Lakshika Gayal – තෑන්ස්ක් මචං

    @dinesh – එච්චරයිනේ දැන් අඩු

    @Anandawardhana – ‍බොහොම ස්තූතියි මේ දැනුවත් කිරිමට, මම පෞද්ගලිකව ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    @රාළ – උඹට කියන්න මමත් කැමතියි බං

    @හිස් අහස – පව් කොල්ලා හරි අමාරුවෙන් වගේ ඉන්නේ…

  6. විත්ති Says:

    mh monawa karannada wena nomile sewa sapayana aayathanayk hoya gannawa
    nathima unoth parana widiyatama paththara poth path kiyawanna , thapala purudu wenawa


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: