රෝස පොහොට්ටුව…



ඊයේ මට මාර සීන් එකක්නේ වුනේ. හැමදාම වෙන්නෙත් මාර සින් තමා ඒත් මේක ටිකක් වෙනස් වගේ. අද නම් වැඩිය කතා ඕනේ නෑ, මෙන්න මේකයි කතාව.

ඊයේ ගෝල්ඩ් fish වැඩ ඇරිලා හවස ගෙදර යන්න බස් එකට නැග්ගා. වෙනදට නම් යන්නේ ඉතිං තද වෙලා හිරවෙලා මිරිකිලා යන දුර ගමන් සේවා බස්වල තමා. ඒත් මට තාමත් ටිකක් අසනීපයි වගේ නිසාත් ඩොක්ට අංකල් මහන්සි වෙන්න එපයි කියපු නිසාත්, මම ඊයේ ගියේ කොට කොට යන කළුතර බස් එකක. මොකද අනිවාර්යයෙන්ම මොරටුව පැන්න ගමන් වාඩි වෙන්න ඉඩක් ලැබෙන බව දන්න නිසා. හිතුවා වගේම ඒ දේනම් වුනා. ඒත් මෙන්න පානදුරේට යන්න හම්බුනේ නෑ නොහිතපු දේකුත් වුනා.

කළුතර බස් අළුත් පාරෙත් නවත්වනවා සමහර හෝල්ට් වල. එහෙම නවත්තපු වෙලාවක බස් එකට නැග්ගා පුංචි සුදු ලස්සන අවුරුදු දෙකාමාරක, තුනක විතර රෝස පොහොට්ටුවක් වගේ ගෑනු ළමයෙකුයි, අම්මා කෙනෙකුයි. ගෝල්ඩ් fish වාඩි වෙලා හිටියේ සීට් එකේ අයිනට වෙන්න නිසා, සීට් එක දෙන්න විදියකුත් නෑ. එහෙමයි කියලා අර පොඩි රෝස පොහොට්ටුවට හිටගෙන යන්න අපහසුවක් තිබුනෙත් නෑ. අම්මාගේ අතේ එල්ලිලා හුරතල් වෙවී එක එක ඒවා කියවා කියව කෙල්ල යනවා. ඊට පස්සේ පානදුරේට කිට්ටු වෙද්දී තවත් පුංචි රෝස පොහොට්ටුවක් නැග්ගා එයාගේ අම්මත් එක්ක. ඒ රෝස පොහොට්ටුව අර මුලින් නැග්ග රෝස පොහොට්ටුවට වැඩිය පුංචියි. ඊට පස්සේ තමා මම කැමතිය කොටස ආවේ. ඒ කියන්නේ, මම වාඩි වෙලා හිටියේ සීට් එකේ අයිනට වෙන්නනේ… සීට් එකේ කෙලවරේ හිටිය කෙනා පානදුරෙන් බැස්සා, පස්සේ අර පුංචි ළමයි දෙන්නගෙන් අන්තිමට බස් එකට නැග්ග කෙනාගේ අම්ම එයාව සීට් එකෙන් වාඩි කරවලා, එයා ලඟින්ම හිටගෙන හිටිය එයාගේ රෝස පොහොට්ටුවට වැඩිය වැඩිමල් අනිත් රෝස පොහොට්ටුවටත් එතනින් වාඩි වෙන්න කිව්වා.

ඒ සිද්ධියෙ මහ ලොකු දෙයක් නෑ වගේද මන්දා? ඒත් මම එහෙම දෙයක් දැකපු පළවෙනි අවස්ථාව තමා ඒ. මොකද නැත්තං ඔය වගේ වෙලාවකදී වෙන්නේ තමන්ගේ ළමයාව උකුලට අරගෙන අනිත් ළමයාව පැත්තකට දාලා යන එකනේ. අනේ මන්දා මෙතෙනදී ඒ ක්‍රමය වෙනස් වුනා. අම්මලා දෙන්නා මීට කලින් දැකලා තියෙන අඳුරන දෙන්නෙක් වෙන්නත් බැහැ. මොකද ඒ දෙන්නා චවනයක්වත් කතාකරනවා මම දැක්කේ නැහැ. හැබැයි ඒකට පොඩි එවුන් දෙන්නා. අම්මලාටයි තාත්තලාටයි ඔක්කොටම ඇති වෙන්න කිචි බිචි ගානවා. මමත් ඉතිං ඒ කුරුළු හඩ රස විඳින්න තියෙන ලෝබ කමට සිංදුවක් අහ අහ කනේ ගහගෙන හිටිය ඉයර් ෆෝන් සෙට් එකත් ගලෝලා සාක්කුවේ දාගත්තා. හපපේ දැන්නේ කතාව ඇහෙන්නේ. දෙන්නගේ කතාව තමා කතාව. හැබැයි මට ටිකක් තේරුනා මදි වගේ. මොකද ඒ දෙන්නා කතා කලේ ඒ පුංචි වයසට ගැලපෙන හුරතල් භාෂාවකින්. ඒවා අපි වගේ ලොකු අයට නොතේරුනාට පුංචි හිත් වලට නම් සෑහෙන හොඳින් තේරුම් ගන්න පුළුවන් වුනා මං හිතන්නේ.

ඒ අස්සේ මගේ මඥ්ඥං මොලේටත් හිත ඇතුලේ ඉඳන් කව්ද මන්දා කියනවා, මේ… ගෝල්ඩ් fish දැන් ඔයත් ඔය අනුන්ගේ රෝස පොහොට්ටු දිහා බලාගෙන මූනත් හුරතල් කරන්, හිනවෙවී ඉන්නේ, නරකද ඔයාගෙම රෝස පොහොට්ටුවක් හදා ගත්තොත් කියලා. පෙනේද මගේ හිත ඇතුලේ ඉන්න එකා කියන කතාව. ඇත්ත තමා… කොහොමද පුංචි රෝස පොහොට්ටුවක් හදාගෙන ලස්සන ලස්සන පාට පාට ඇඳුම් අන්දලා හැඩ බල බල ඉන්න තිබුනනම්…! ඇයි ඇයි එතකොට අර පුංචි කුරුළු කිචි බිචිය. මගේ රෝස පොහොට්ටුව එයාගේ අම්මත් එක්ක හුරතල් වෙවී කතා කරද්දී මට කොයි තරම් ආස හිතෙයිද? නේද? ම්… තව තියෙනවා, ඇයි දෙයියනේ තාත්ති… තාත්තා කිය කිය මගේ ඇ‍ඟේ එල්ලී ගෙන නටන එක. ආයේ ඉතිං ඊට වැඩිය වටිනා දෙයක් තියෙයිද මන්දා ඒ වෙනකොට. ඒත් ඉතිං… මට රෝස පොහොට්ටවක් හදා ගන්න මගේ රෝස පැලේ තාම පුංචියිනේ. තව අවුරුදු කීපයක් බලං ඉන්න වෙනවා ඒකටත්. මේ වෙලාටවනම් හිතෙනෙවා මට වෙනදාට වැඩිය වෙනස් විදියට දෙයක්. ඒ කියන්නේ වෙනදට හිතෙන්නේ අවුරුදු තුන හතරක් අතීතෙට යන්නනේ, දැන් නම් හිතෙන්නේ තව අවුරුදු හතරක් විතර අනාගතේට යන්න. එතකොට ඉතිං රෝස පොහොට්ටුවක් කෙසේ වෙතත් රෝස පැලේ හරි ලොකු වෙලා තියෙයිනේ.

පේනවා නේද කියන දෙයක් අහන්නේ නැති මගේ දඩබ්බර හිත ගිහින් තියෙන දුර. කතාව පටන් ගත්තේ කොහෙන්ද ඉවර වෙලා තියෙන්නේ කොහෙන්ද. හි හී…

%d bloggers like this: