මේක නම් කාටත් බය හිතෙන දෙයක්. මේ වගේ දෙයක් දාන්න හිතුනේ මීට සති කිහිපයකට උඩදී අපේ ගමට කිට්ටු ගමක සිදුවුන හොරකම් මාලාවක් ගැන මතක් වුන නිසා.
මේ හොර ගැන්සිය හොරකම් කරන්නේ මාරම අමුතු විදියකට. ඒ කියන්නේ, මුන් සෙට් එක ගෙට ඇතුළු වෙන්නේ පාන්දර එකට දෙකට විතර. මොකද සාමාන්‍යයෙන් ගෙවල් වල ඔක්කොමලා සැපට නිදියන්නේ ඒ වෙලාවටනේ. ඒ කියන්නේ ඔය අළුත බැඳපු ජෝඩු එහෙම බෝනික්කෝ සෙල්ලං කරලා, හැංගි මුත්තු කරලා කරලා එහෙම මහන්සි උනාම දොයියන්නේ ඒ වෙලාවටනේ.(කට්ටියට ලැජ්ජා හිතුනද මන්දා) එතකොට ඉතිං ලෝකෙ පෙරලෙනවා කිව්වත් නැගිටිනවා බොරු. ඉතිං මේ හොරු සෙට් එක කොහෙන් හරි ජනේලයක් ඇර ගෙන හරි දොරක් ඇරගෙන හරි තමා ගෙට ඇතුළු වෙන්නේ. ඊට පස්සේ මේ කට්ටිය ගාව තියෙනවා සිරාම සිරා අයිටම් එකක්. ඒක සිහි නැතිකරන ස්ප්‍රේ එකක්. ඒක පාවිච්චි කරලා ගෙවල් වල ඉන්න පුංචි බබාලව, වයසක කට්ටියව ඇරෙන්න, මුන්ට ෂොට් එක දෙයි කියලා හිතෙන හැමෝවම සිහි නැති කරවනවා. ඊට පස්සේ අල්මාරි වල වගේ රත්තරං බඩු, සල්ලි හංගලා තියෙන තැන් සුද්ද කරන්න ගන්නවා. මං හිතන්නේ ඔය සපත්තු අස්සේ, මේස් අස්සේ එහෙම බලන්නේ නැතුව ඇති. මොකද එහෙම බැළුවනම් මුන්ටත් සිහි නැතිවෙන්න එපැයි. ඒත් මේ හොරුන්ගේ පොඩි හොඳ ගති ගුනේකුත් තියෙනවා. මොකද මේ සෙට් එක අරං යන්නේ ඇත්තම රත්තරං බඩු විතරයි. ඉමිටේෂන් ඒවා ගෙනියන්නේ නෑ. ඒවා ඉතිං ඇත්තම ඒවාද බොරු ඒවද කියලා බලන්නත් හොඳටම වෙලා තියෙනවනේ. ඒක නිසා අවුලක් නැතුව ඇති. ඊටත් වැඩකට නැති ඒවා ගෙනි යන්නේ මොකටද කියලා හිතනවාත් ඇති. ඒ වගේම මුන් ටික හොරකම් කරන්නේත් ලඟදී රට ඉඳන් ආපු අය ඉන්න ගෙවල් වලින්, ඊට පස්සේ හෙන ලොකු කඩ දාගෙන සල්ලි එක්කහු කර කර ජීවිතේ ගෙවන මුදලාලිලාගෙන් වගේ අයගෙන් තමා.
අනිත් විශේෂම දේ තමා, එක දවසක් ඇතුලත මේ හොරමුල ගෙවල් තුනකට හෝ හතරකට පනින එක. ඊට පස්සේ නිහඩව ඉන්නවා සතියක් විතර ආයෙමත් තව ගෙවල් දෙක තුනකට ගේම දෙනවා එක දවසකදී. කොහොමද මුන්ගේ වැඩ. ඔහොම දවසක් හොරකමේ යද්දී එක ගෙදරකට පැනලා සුද්දේ දීලා යද්දී එක මිනිහෙක් මූන්ගෙන් එකෙක්ව අල්ල ගෙන. ඒත් වැඩක් වෙලා නෑ. අනිත් සෙට් එක ඌට සිහිනැති කරලා බේරිලා ගිහින්. කොහොම හරි මිනිහට හොරාගේ මූන මතක තිබිලා, පොලිසියට කිව්වම, හොරාව කුදලගෙන ගිහින්. දැන්නම් හොර ප්‍රශ්නේ තාවකාලිකව විසඳිලා තියෙන්නේ ඒක නිසා. ඒත් මට තියෙන ප්‍රශ්නේ තමා, හොරා මහ පාන්දර ඇහැරිලා ඉන්නේ හොරකමේ යන්නනේ එතකොට අර මිනිහා මහ පාන්දර ඇහැරිලා හිටියේ මොකටද කියන එකයි. ඌත් මුන්ගේ පිටින් දාලා හොරකමක් කරන්න හැදුවද මන්දා?
තව පොඩ්ඩෙන් අමතක වෙනවා, ලස්සනම කේස් එක. දවසක් පාන්දරක මේ හොරු අයියලා ටික ගෙයකට ගිහිල්ලා සුද්දේ දාන්න පටන් ගත්තම වැහැලා, පස්සේ මුන් ටික වැස්ස පායනකම්ම ඒ ගෙදර ඉඳලා. ඉඳලා විතරක් නම් කමක් නෑ කියමුකෝ. ඒ ගෙදර තිබුන බ්ස්කට් කාලා, තේත් වක්කරගෙන බීලා තමා කට්ටිය ගිහින් තියෙන්නේ. දැනටත් අල්ලගෙන තියෙන්නේ එක හොරෙක්ව කියලා තමා ආරංචිය. අනිත් එවුන් ටික නම් කොහොද කියලවත් දන්නේ නැහැළු. සමහරවිට උනුත් රැවුල් වවාගෙන, කොහෙට හරි ගිහින් මොනා හරි පංති කරනවද දන්නේ නෑ, නම් ගම් වෙනස් කරගෙන එහෙම. මොනා වුනත් මේ සෙට් එක ගොඩක් මොලේ කල්පනා කරලා තමා වැඩ කරලා තියෙන්නේ. පොලිසියටවත් මේ හොරුන්ගේ කිසිම සලකුණක් හොයාගන්න බැරි වෙලා තියෙනවා මේ වෙනකං. අර අල්ලා ගත්තා කියන හොරාට නම් මොනා වුනාද දන්නෑ. සමහරවිට ඌ උගේ දක්ෂකම් ඔක්කොම කියන්න ඇති පොලිසියේ මාමලා දෙකක් දෙන කොට. ඒත් මිනිහා එක්ක හිටිය අනිත් සෙට් අන්තර්දහන් වෙච්ච එක ගැන තමා පුදුමේ. මොකද මේ වෙනකන් ගමේ කිසිම කෙනෙක්ගෙන් පැමිණිල්ලක් ලැබිලා නැහැළු ගෙවල් වල කිසිම පුද්ගලයෙක් ආගිය අතක් නැහැ කියලා. ඒ කියන්නේ මේ කට්ටිය ගම ගැන හොඳට අධ්‍යනය කරපු, ඒත් මේ ගමේ ජීවත් නොවෙච්ච අය වෙන්න ඕනේ. සමහරවිට අර අහුවෙච්ච හොරා වෙන්න ඇති මේ අයට පාර පෙන්නන්න ඇත්තේ හොරකමේ යන්න හොඳ ගෙවල් ගැන. මිනිහා නම් ඒ ගමේ පොරක් තමා. ඔන්න ඉතිං අපේ ගම් වලට පාත් වෙන සරුංගල්, පේනවනේ. මෙලෝ රහකට නෑ. එක්කෝ සිංදු කියන එකෙක් වර, නැත්තං සර්කස් කණ්ඩායමක් වර. එහෙම වුනොත් ඉතිං අපිත් යනවනේ ආසාවෙන් ඒවා බලන්න. ඒත් ඉතිං දැන්…. මොකුත් නෑ ගෙදරට වෙලා මුළු රෑම ෂිෆ්ට් එකට මුර කරන්න තමා වෙලා තියෙන්නේ. යන්තං අපිටනම් කරදරයක් ඇති වුනේ නෑ. ඒත් අර මිනිස්සුන්ගේ දේපොළ. මොනා වුනත් මහන්සියෙන් හම්බකරපුවානේ.
මම හොර කතා ඕනෙ තරම් අහලා තියෙනවා, ඒත් මේ වගේ සීන් එකක් නම් මේ ඇහුවමයි. මේක දැම්මට පස්සේ අපේ ගෙදරටත් ඇවිල්ලා ගෙදර ඔක්කොටම සිහි නැති කරලා මොනා හරි තියෙන වටිනා දෙයක් උස්සන් යයිද දන්නේ නෑ. අනේ හොරෝ මොනා ගෙනිච්චත් කමක් නෑ, මම නිදාගෙන ඉන්න ඇඳ හොල්ලන්නේ නැතුව කරන දෙයක්. මගේ නින්ද කැඩුවොත් එහෙම බලාගමු. ආ… ඒක කොරන්න විදියකුත් නැහැනේ, උන් මටත් සිහි නැති කරයිනේ. හ්ම්… හිටපන්කෝ මම අපේ වත්ත වටේට දානවා රෑට පත්තුවෙන ලයිට් ටිකක්. ඈ… ඒකත් බැහැනේ හොර අයියලා ලයිට් ටික ගැලැව්වොත්. ඉහි.. ඉහි… අනේ මන්දා මොනා කරන්නද කියලා. මමත් හොරා තමා, ඒත් මේ වගේ හොරු එක්ක හැප්පෙන්න මට තේරෙන්නේ නැහැනේ. මම ඉතිං හොරකම් කරේ යමක් ඉගෙන ගන්න ඕනෙ නිසානේ. ඒත් ඉතිං මුන් මොන ඉලව්වට හොරකමේ යනවද මන්දා, මහ පාන්දර කළුවරේ. ගෙවල් වලට වෙලා නිදා ගන්නේ නැතුව.
2010 දෙසැම්බර් 3 දින පෙ.ව. 9:44 ට
දක්සපාල ල ටිකක්…..!!!!
2010 දෙසැම්බර් 3 දින පෙ.ව. 10:08 ට
මම දන්නවා තව එක හොරෙක් ගැන..ඇයි මචෝ යාළුවා බේර ගන්න යන්නෙ නැත්තෙ…වැඩේ කැතයි හොඳේ….
2010 දෙසැම්බර් 3 දින ප.ව. 12:09 ට
මොනවවුනත් අපරාදේ කියන්න බෑ මාර analysis පාර! Sherlock Holmes ගේ බාප්පාවත් ද කියලා මම මේ කල්පනා කලේ! 😛 😀
2010 දෙසැම්බර් 3 දින ප.ව. 3:41 ට
ෂා…!! සුපිරි හොරු ටිකක් තමා…!!
2010 දෙසැම්බර් 3 දින ප.ව. 6:16 ට
අහ් පොෆෙෂනල් හොරු සෙට් එකක් වගේ…..ඈ බං ඔය හොරු ගෙවල් වලට පනින වෙලාවේ උඹ කොහෙද හිටියේ…නෑ බං උඹ ඔක්කෝම බලං හිටියා වගේ කිව්වනේ ඒකයි ඇහුවේ…ඇත්ත කියපන්කෝ….මං කාටවත්ම කියන්නෑ….දන්න කියන දහයකට විස්සකට විකර බ්ලොග් හමුවෙදි කියන්නම්කෝ….ඒකට කමක් නෑනේ…..
2010 දෙසැම්බර් 4 දින පෙ.ව. 12:20 ට
හොරෙක් උනානම් හොඳයි කියලත් වෙලාවකට හිතෙනවා ඒ රන්මාලුවා මේ පෝස්ට් එක ලියලා තියන ලස්සන දැක්කම
..ඒත් මම මොනාද හොරකං කරන්නේ ?
අපේ පලාතේ හිටියා යට ඇඳුම් උස්සන හොරු සෙට් එකක් (වන් මෑන් ) දවසක් මූව එකෙක් යන්තමට දැකලා ඒ කියපු හැඩ හුරුකම් නිසා අපේ පන්තිවල කොල්ලෝ ලඟ ඉන්න එවුන්වත් සැක කරන්න ගත්තා මූ තමයි හොරා කිය කිය . ඉතිං ….බලන්න වෙච්ච දෙයක මහත ..
ඔය හොරුන්ට මෙහෙම වැඩක් කරන්න ගේ පුරාම මී කතුරු සෙට් කරන්න …
ජයවේවා !!
2010 දෙසැම්බර් 4 දින පෙ.ව. 7:22 ට
@හංසකිංකිණි – ආයේ ඉතිං මොනා අහනවද?
@තරු අහස – මලේ උඹනම් මාව හිරේ ඇරලා තමා නතර වෙන්නේ.
@The Ramblings Of A Demented Mind – අයියෝ මම, කොයිතරම් අමාරුවෙන්ද මගේ ඇත්ත අනන්්‍යතාවය හංගගෙන හිටියේ. ඔයා කොහොමද කියන්න ඒක දැන්ගත්තේ…
@මහසෝණා – ඔව් මචෝ.
@෴ හසියා ෴ – ෂ්…ෂ් …. කට කට.
@හිස් අහස – ඇත්ත කියපං උඹ දිහා නේද යාළුවෝ ටික , හොරා කිය කිය බැලුවේ…