කින්ඩි කතාවක්

 

අද කතාව කියන්න කලින් දෙතුන් දෙනෙකුට ස්තූති කොරන්නත් තියෙනවා. මම පහුගිය ටිකේ අසනීපෙන් හිටි නිසා, අපි කව්රුත් දන්න කියන ගොඩ වෙද මහත්තයෙක් මාව අමාරුවෙන් හොයාගත්ත මන්තරයක් ජප කරලා ගොඩ දැම්මනේ. මට හිතෙන්නේ මූ කොහෙන් හරි මන්තර පොත් ටිකක් උස්සලා. කොහොම හරි කමක් නෑ දැන් මට හොඳයිනේ. ආ… අපේ වෙදා තමා Dr.෴ හසියා ෴ . ඔන්න කට්ටියට මොකක් හරි කේස් එකක් ආවොත් අපේ හසියාට පොඩි දැනුම්දීමක් කොලානම් ඔන්ලයින්ම මන්තරේ ජපකරනවා. හරිනේ එහෙනම්. ඒත් කියන්න බෑ මූ හැම එකටම මන්තර දන්නවාද දන්නෙත් නෑ. තාම චූටි කොල්ලනේ.

හරි මෙන්න අද කතාව…

මේක නං නිකං කින්ඩි කතාවක් වගේ. අපේ ඔය රස්සා කොරන යාළු මාළුවෝ, ගෙදර ඉඳන් රැකියාව කරන තැනට එන්නේ විවිධ ප්‍රවාහන ක්‍රම උපයෝගී කරගෙනනේ. සමහරු තමන්ගේ පෞද්ගලික වාහන වලින්, නැත්තං දුම්රියෙන්, එහෙමත් නැත්තං බස් එකෙන් නේ. (මට අතෑරුන ප්‍රවාහන ක්‍රම තියේනම් පොඩ්ඩක් කියපල්ලා.)

හරි….. දැන් ඉතිං අපේ කට්ටිය ඔහොම දුම්රිය, බස් රථ වගේ ඒවෑ එද්දී, ඕනේ තරං දේවල් වෙනවනේ නේද? ඊට පස්සේ කටිටය ගුටිකාලත් ඇති නොවැ. අඩුම ගානේ කුඩ පාරක් වත්. 😀 හී හී… ඒක නෙමේ කතාව. මේක මේ ගෝල්ඩ් fish ට අදටත් අත්විඳින්න වෙන ෂෝයි සීන් එකක්. ගෝල්ඩ් fish ටත් වැඩට එන්න බස් දෙකක් සෙට් කරන් ඉන්නවා. එකක් නැත්තං අනිත් එක විදියට. දෙකම නැති වුනොත් ඉතිං වෙන එකක. දැන් ඔහොම යන බස් දෙකෙන් එකක කොන්දා වැඩේ කරන්නේ බස් එකේ අයිතිකාරයා. මිනිහාට වයස ඇති අවුරුදු 60ක් විතර. කළුයි මහතයි, හරි හොඳයි. මේ… හොඳයි කිව්වේ අපිට නෙමේ ටිකක් වයසක පහේ ගැහැනු උන්දෙලාට තමා. අපිටත් ඉතිං ඒ හැටි වරදක් නෑ. මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න කියන එක ඇරෙන්න. සෙනග මැද්දේ ඕවා කරන්න බැහැනේ. ඒක නිසා ඉතිං ‍අයිනට වෙලා ශේප් වෙනවා.

ආ… මේ කතාව ලියන්න හිතුනේ අපේ කොල පුතාගේ හැඳින්වීම දැකලා. කොල පුතා කිව්වට ඉතිං කොල දුව තමා. මෙන්න කතාව. කීපරක් පටන් ගත්තද මන්දා කතාව කියන්න. මේ නම් අන්තිම ලාස්ට් ෆයිනල් පාර. ඉස්සර ඉඳන්ම ගෝල්ඩ් fish ආසාම පාට තමා නිල්. ඊට පස්සේ ඒක කොල වුනා. ඊටත් පස්සේ කහ වුනා. දැන් ආයෙමත් නිල්. ඒ වුනාට ගෝල්ඩ් fish අඳින්න ආසාම පාට තමා සුදු. සුදු කිව්වට සුදට හුරු දම් පාට, ලාම ලා නිල් පාට, එතකොට ලා ක්‍රීම් පාට වගේ තමා. ගෝල්ඩ් fish ගාව තියෙන ෂර්ට් වලින් 95% ක්ම ඔය වගේ පාට වලින් තමා තියෙන්නේ.ඉතිං දැන් වගේ සුදට හුරු ෂර්ට් ඇඳන් වැඩට යන්න ගත්තම තමා අර බස් දෙක සෙට් කරගත්තේ. පස්සේ ඉතිං ටික කාලයක් යනකොට අර වසයක කොන්දා ගෝල්ඩ් fishයි, තව හැමදාම බස් එකේ යන කීපදෙනෙකුයි එක්ක ෆිට් වුනා. පස්සේ දැනට අවුරුදු 4කට විතර කලින් දවසක ගෝල්ඩ් fish බස් එකට නැග්ගම මූ එක පාරටම කියපි, ආ සුදු මහත්තයා සල්ලි ගන්න කියලා. ඒ තමා මට සුදු මහත්තයා කාඩ් එක රෙජිස්ටර් වෙච්ච දවස. මිනිහා මට සුදු මහත්තයා කියන්නේ මම අඳින ෂර්ට් ඔක්කොම සුදට හුරු නිසා. නැතුව ගෝල්ඩ් fish සුදු නිසා නෙවේ. ගෝල්ඩ් fish මොන පාටද කියලා ඔය මූනු පොතේ ඉන්න කට්ටිය නම් දන්නවනේ. කොටින්ම කියන්න ගෝල්ඩ් fish ගේ සුදු දත් ටික විතරයි. රෑකට දැක්කොත් බඩුම තමා. ඊළඟ දවසේ බලියක් අරින්න වෙනවා ෂුවර්.

පස්සේ ඉතිං මේ කොන්දා, ගෝල්ඩ් fish හැමදාම බස් එකට නැග්ගම ආ… සුදු මහත්තයා සුභ උදෑසනක් කියලා එහෙම පිළිගන්නවා. පස්සේ දවසක් මේ කොන්දා ගෝල්ඩ් fish කියනවා, සුදු මහත්තයාව දැක්කම මට උදේට කන්නත් ඕනේ නෑ කියලා. මේක අහගෙන හිටිය, මාත් එක්ක එකට බස් එකේ එන මගේ යාළුවෙක් අංකල්ට කියනවා, ඉතිං අංකල් ඔය තරම් ඕනෙ නම් මේ මනුස්සයගේ පින්තූරයක් රාමු කරලා ගෙදර බිත්තියේ ගහගෙන බස් එකත් විකුණලා දාලා ගෙදර ඉන්න කියලා. ඇත්තනේ ඉතිං බඩ පිරෙනවා නම් වෙන අවුලක් නැහැනේ. පස්සේ අංකල් කිව්වා බඩ විතරනේ පිරෙන්නේ ලයිටි බිල් ගෙවන්නේ, වතුර බිල් ගෙවන්නේ කව්ද කියලා. හ්ම්…. ඒකත් ඇත්තනේ, කියලා මගේ මිත්‍රයා කිව්වා. ඒ කතාව එතනින් ඉවරයි. ඊට පස්සේ ගෝල්ඩ් fish ට හිතුනා වෙන ටිකක් තද පාටක ෂර්ට් එකක් ඇඳ‍ගෙන යන්න. ඉතිං වෙන තද නිල් පාට ෂර්ට් එකක් ඇඳගෙන ගියා. මෙන්න ඒත් මේකා මට සුදු මහත්තයා කියපි. මට හිතෙන්නේ දැන් මිනිහාට ම‍ගේ කාඩ් එක පත්තියම් වෙලා. මම දැන් මොන පාට ෂර්ට් එකක් ඇන්දත්, එහෙම නැතුව මුකුත් නැතුව ආවත් මිනිහා මට සුදු මහත්තයා කියයි වගේ. ඒ ඔක්කොම හරි කියමුකෝ. මේකා මට සුදු මහත්තයා කියන්නේ ස්කෝලේ යන ගෑනු ළමයි ඉන්න තැනනේ, ඒක තමා පේන්න බැරි. මට සුදු මහත්තයා කියපු ගමන් උන් ටික මගේ දිහා බලලා ආදර බැල්මකුත් දාලා, අනිත් පැත්ත හැරිලා හිනා වෙනවා. වෙන මොකටද ඉතිං කිංඩියට තමා. වැරදිලා හරි මේ කෙල්ලෙක් මගෙන් ඇහුවොත් අයියේ ඔයාගේ කොහෙද සුදු කියලා. හෆ්ෆේ මං මොනා කියන්නද? ඒ වෙලාවට නම් මට කොන්දාව ෆුට් බෝර්ඩ් එකේ තියලා ලාවට කික් කරන්න හිතෙනවා. අනේ මන්දා මට බස් එක වෙනස් කරන්නත් බෑ, මේ සුදු මහත්තයා කෑල්ල නවත්ත ගන්නත් බෑ. මට කළු මහත්තයා කිව්වනම් කමක් නෑ. ඒත් මොන මගුලට සුදු කෑල්ලක් දානවද මන්දා. සමහරවිට සුදු මහත්තයා කියන්නේත් කිංඩියටද දන්නේ නෑ. 🙂

මොනා වුනත් කොන්දා අංකල් කරන්නේ බොහොම වැරදි වැඩක්. මොකද කළු කොල්ලන්ට කෙල්ලෝ කැමතියි කියනවානේ (එහෙම නේද අපේ බ්ලොග් ඈන්ටිලා?), අනිත් එක තමා දැන් ඇමරිකාවේ ජනාධිපතිත් කළු ජාතිකයෙක්නේ. ඒ ඔක්කොටමත් වැඩිය අංකල් කාරයත් කලුයිනේ. ඉතිං මිනිහා මට සුදු මහත්තයා කියලා කින්ඩි දානවා කියන්නේ මිනිහාටත් ඒ කින්ඩිය නිකන්ම වැටෙනවා කියන එකනේ. වෙන කරන්නම දෙයක් නැති නිසා එහෙමවත් හිතලා හිත හදාගන්න.

11 Responses to “කින්ඩි කතාවක්”

  1. Viththi Says:

    සුදු මහත්තයා,හැබැයි ඉතින් කොන්ද අන්කල්ට වර්ණ අන්ධතාවයද දන්නේ නැ.නැත්නම් කලු සුදු වගේ පෙනේවිද ?

  2. ෴ හසියා ෴ Says:

    අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන් කිව්වලු……
    සුදු මහත්තයෝ….උඹ මගේ කොන්ද කඩන්නද හදන්නේ….ආ…දිරච්ච අතු උඩින් තියලා….

    ඇයි බං මාළුවෝ ගමන් යන්නේ අර පොලිතීන් උරේනේ…අර වතුර පුරවලා ගෙනියන්නේ බස්වල එහෙම…..

    අහ් සුදු මහත්තයෝ හසියා එහෙනම් ඉස්සරහා හෝල්ට් එකෙන් වාෂ්ප වුණා…පරිස්සමන් පලයන් හොදේ….
    මොකද කෙල්ලෝ බැලුම් පුම්බන එක නෑ නෑ කෙල්ලෝ බලුම් දාලා උඹට මොනාහරි වුනොත් එහෙම….හික්ස්…

    ඒස්වාඃ පුඃ

  3. Gaminda Says:

    හික්ස්. මම හිතන් හිටියෙ ගෝල්ඩ් ‍ෆිශ් කෙනෙක් නිසා රත්තරන් පාටයි කියල. දැන්නෙ මේ සුදු මහත්තය මොන පාටද කියල දැනගත්තෙ. සුදු මහත්තයො :පී

  4. රාළ Says:

    එහෙනං ඒ ඉස්කෝලෙ යන සුදු නෝනෙක්ව සෙටමෝල් කොරගන්ට නෙව තයෙන්නේ…..
    නැද්ද සුදු මහත්තයා……
    😛

  5. තරු අහස Says:

    මේ..මේ බං උඹ ටිකක් ලාවට වගේ සුදුයි තමා.ආදරේට වෙන්නැති.ඒත්..ඉතින් කෙල්ලො බලනවා ඇත්තෙ ආදරේට සුදු මහත්තයා කියලා…

  6. palaamalla Says:

    සුදු මහත්තයට සුදු මහත්මියක් හම්බු වෙයි වගේ… හික් හික්

  7. ගල්පාත ගලප්පත්ති Says:

    එන පොට නම් එච්චර හොඳ නෑ මාලුවො……මිනිහාගෙන් පරෙස්සම් වෙයන්…

  8. ගෝල්ඩ් fish Says:

    @Viththi : සමහරවිට මිනිහට වර්ණ අන්ධතාවය වෙන්නත් පුළුවන්.

    @෴ හසියා ෴ : කෙල්ලෝ මට බැළුම් දාලා මොනා වුනත් බය නෑ සහෝ උඹ ඉන්නකම්, උඹ ඉතිං මන්තර සාත්තරේ කෙළ පැමිණියෙක්නේ, හීක්ස්. (අපිනේ ඒවා දන්නේ)

    @Gaminda : ඔය ඉතිං ආයෙත් කිංඩියක් දාලනේ.

    @රාළ : අනේ රාළේ, දැන් ස්කෝලේ යන සුදු නෝනලා හරි ගනන්නේ බං. හරියට නිකං ඉන්ටොර්නැෂොනල් ඒවට යනවා වගේ.

    @තරු අහස : කට පොඩ්ඩක් ඇරපන් මල්ලියේ, සුපියල් 5ක් දාන්න උඹේ කටට, ඒ කිව්ව කතාවට.

    @palaamalla : බලමු බලමු

    @ගල්පාත ගලප්පත්ති : අඩේ ඔය කියනකම් මට ඒ වගක් මීටර් උනේ නෑහැනේ.

  9. හිස් අහස Says:

    අයියා රන්වන් පාටයි නේද ? කිරිත් එක්ක අලුකෙහෙල් කන්න අයියේ ඉක්මනට සුදු වෙනවා ……මට අසනීප වෙලා අදහස් දක්වීමට තබා මේපැත්තේ එන්නවත් බැරි උනා නෙව !

    ජයවේවා !!


෴ හසියා ෴ වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: