අතීතයට යන්න ඕනේ…


ඔන්න අදනම් ටිකක් වෙනස්. ටිකක් කිව්වට සෑහෙන වෙනස්. අපි හැමෝගෙම තියෙනවනේ ජීවීතේ අපි ආසම කරපු දේවල්, ආසම කරපු කාල එහෙම. ඉතිං මේ මගේ ජීවිතේ ආසම කරපු ආසාම මතක නැවතුම් පොළවල් ටික. මේකේ මුල් අවුරුදු දෙකනම් අම්මාගෙන් අහගෙන තමා දැම්මේ. මට මතක නැහැනේ ඒ දවස් ඒක නිසා. ඊට පස්සේ ඒවා නම් මට මතක ඒවා. ඒත් එන අවුරුද්ද ගැන නම් හිතලා දැම්මේ. පුංචි ප්‍රාර්ථනා කීපයකුත් එක්කම. ඒවා ඉතිං ප්‍රර්ථනා විතරක් නිසා, මේ පෝස්ට් එකට දැම්මේ නෑ. මේක මම හිතන්නේ ගොඩක් අයගේ ජීවිත කතාවලට කිට්ටු ඇති. නැත්තං ඉතිං ඒකත් මට කියන්නකෝ බලන්න.

අනිත් වැදගත්ම දේ, අපි පුංචිම කාලේ හිතන්නේ , පතන්නේ අම්මගේ තාත්තගේ ආදරේ, ඒත් ටික ටික ලොකු වෙද්දී ඒවා නැත්තටම නැතිවෙනවද මන්දා. ඒත් එක්කම අපි කතා කරන විදිය ත් වෙනස් වෙනවා ව‍ගේ. අපි ඊට පස්සේ හිතන්නේ වෙන වෙන ඒවා. අම්මලා තාත්තලා ගැන හිතෙන්න නැතුවම නෙවේ, මං කියන්නේ වැඩි වෙලාවක් ගැන. සමහර විට ගැහැණු ළමයින්ගේ කතාව මීට වැඩිය වෙනස් ඇති මං හිතන්නේ. ඇත්තටම මම තාමත් ආසා මගේ අතීතයට, වර්තමානයත් නරකක් නෑ. ඒත් නොදන්න අනාගතයට වඩා අතීතයට මම ආසයි.

මම ආසයි…..

1986 – අම්මිගේ තුළුලේ උණුතුමට දොයියන්න
1987 – තාත්ති එක්ක තෙල්ලං කලන්න
1988 – තාත්ති එක්ක බයිසිකලේ වාඩිවෙලා එහෙ මෙහෙ යන්න
1989 – අම්මියි තාත්තියි එක්ක ඇවිදින්න
1990 – කහ පාට මල් වවල තියෙන ගමේ ආච්චිලාගේ ගෙදර යන්න
1991 – මොන්ටිසෝරි ගිහින් එද්දී අම්ම අරං දෙන අයිස්ක්‍රීම් කන්න
1992 – ස්කෝලේ ඇරිලා අම්මා අතේ එල්ලිලා යන්න
1993 – ස්කෝලේ යාළුවෝ එක්ක බොරු කියන්න
1994 – අපේ ටීචර් කියන දේ අහගෙන, අහන ඒවට උත්තර දීලා ඔලුව අතගාව ගන්න.
1995 – ගණන් ටීචර් කියන ඒවා, තේරුනේ නෑ කියලා ආයෙ පාරක් මිස්ගේ මේසේ ගාවට ගිහින් ඒවා අහගන්න
1996 – අපෝ මට පේන්න බැරි අවුරුද්ද, මේ අවුරුද්දෙ නම් මට හැම දේම එපාවෙලා හිටියේ. ශිෂ්‍යත්වනේ නිසා.
1997 – මාව චිත්‍ර වලට තේරුන නිසා චිත්‍රම අඳින්න
1998 – සමාජ අධ්‍යනය සර් කියන විහිළු කතා අහන්න
1999 – ලස්සන කෙල්ලන්ව බලන්න ස්කෝලෙයි , දහම් පාසලුයි නොකඩවා යන්න
2000 – මුලින්ම ආසාවෙන් හිටිය ගෑනු ළමයි දෙන්නව හැම වෙලාවෙම බලන්න
2001 – Accounts පීරීයඩ් දෙක වෙලාවට කැලේ පනින්න
2002 – ස්පෝට් මීට් එකේ දුවන්න, මාච් පාස් එක පුහුනු කරවන්න (ආසා කරපු ගැහැනු ළමයෙක් හිටිය නිසා)
2003 – දැන් මම නිදහස් O/L ඉවරනේ. කොල්ලෝ එක්ක පිස්සු නටන්න, හොරෙන් ඇලේ නාන්න
2004 – අළුත් A/L පංතියේ වැඩ ටික සිරාවට කරන්න
2005 – සුරංගනාවී හම්බුවෙන්න
2006 – ග්‍රැෆික් ඩිසයිනින් වලට
2007 – සුරංගනාවී හම්බුවෙන්න, කොම්පියුටර් සීන් වලින් යාළුවන්ට ගේම දෙන්න
2008 – ජීම් එකට ගිහින් කටු බොඩිය ටිකක් පුම්බ ගන්න
2009 – ජොබ් එක සිරාවට කරන්න, සුරංගනාවී තරහා වුන එක ගැන පසුතැවෙන්න
2010 – ජීවීතේ ගැන හිත හිත ඉන්න, බ්ලොග් එක ලියන්න, ඔයාලගේ බ්ලොග් කියවන්න
2011 – හිතේ සැනසීමක් ඇතිවෙලා හැමදේම හොඳට විසඳෙනවට

පේනවා නේද මගේ ජීවිතේ මෙච්චරක් කාලෙකට වෙලා තියෙන දේවල්. මට වැරදුන තැන්, සතුටින් හිටිය තැන් එහෙම හොයාගන්න පුළුවන් වෙයි ඔයාලට. ඒත් දැන් කරන්න දෙයක් නැහැනේ. මේ කව්රු හරි දන්නව නම් අවුරුදු 6,7 ක් විතර ආපස්සට යන්න පුළුවන් ක්‍රමයක්, කරුණාකරලා මාව දැනුවත් කරන්න හොඳේ. මට මගහැරුනු වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරගන්න ඕනේ මට. ඔය අපේ හසියාටවත් බැයිද, ඒ ස්වඃ පුඃ කියලා මාව චුට්ටක් අතීතෙට යවන්න? ලයිට් නම් නිවන්න ඕනේ නෑ, මම කරුවලට ටිකක් බයයි.

ආ… සිංදුවකුත් මතක් වුනා, හැබැයි චුට්ටක් වෙනස් කලා….
මට අතීතයට ගිහින් එන්න කුරුළු පිහාටුවක් එවන්න… එවන්න…
හෝව්… හෝව්… වැරදුනා, කුරුළු පිහාටුවක් නෙවේ, ටයිම් මැෂින් එකක් එවන්න… එවන්න…
දැන් කව්රු හරි රුපියල් 50ක විතර ඔරලෝසු කෑල්ලක් එවයිද දන්නේ නෑ මට. 😀

Advertisements

7 Responses to “අතීතයට යන්න ඕනේ…”

  1. ෴ හසියා ෴ Says:

    හේ හේ හේ අතීතයේ අත්දැකීම් එක්ක ඉදිරියට යන එකතමයි හොදම දේ….අතීතය අමතක නෙකර…අතීතයෙන් පාඩම් අරගෙන ඉදිරියට යන එක තමයි වැදගත්ම දේ….

    මේ බං කාටවත් කියන්න එපා…මං ඔය ඒස්වඃ පුඃ කියලා වාෂ්ප වුනාට මොකෝ…ඇත්තටම වාෂ්ප වෙන්නේ නෑ…මං කරන්නේ ලයිට් නිවලා උඹලට හොරෙන් පැනලා දුවන එක තමයි….ඉස්සර නම් දුම් ගහලා පැන්නා…කෂ්ටිය බකට් ඇද්දනේ දුම් ගහලා පරිසරය දූෂණය කරනවා කියලා…ඒකත් හැබෑව…ඒ හන්දා‍ තමයි දැන් ලයිට් නිවන්නේ…දැන් තේරුනෙයි….

    මොනාවුනත් උඹට අම්බවුනොත් ලයිෆ් අන්ඩූ මෙතඩ් එකක් මටත් කියපන්….තියේ ගොඩක් දෙවල් නිවැරදි කරන්න….(කොරපු ගොං වැඩ තමා ඉතිං‍‍…..)

  2. තරු අහස Says:

    උඹ මාවත් අරන් ගියා අතීතයට…

  3. Samadhi Says:

    අනේ ගෝල්ඩ් ෆිෂ් ජීවිතේ අන්ඩූ කරන්න වෙන්නේ Virtual මෙතොඩ් එකකින් තමය්

  4. හිස් අහස Says:

    මාවත් ඇවිස්සුවා මේ රන් මාළුවා !
    මමත් මාර ආසයි අතීතයට යන්න ගෝල්ඩ් ෆිෂ් අම්මියි තාත්තියි එක්ක ඇවිදින්න යන කාලේ තමයි මම ඉපදුනේ ! මට යන්න ඕන අතීතයට මගෙන් වෙච්ච ලොකුම වරද හදාගන්න ඒත් මට ඒක කරන්න බෑ . ක්‍රමයක් තිබුනනම් මමත් අතාරින්නේ නෑ …..

    ජයවේවා !!

  5. ගෝල්ඩ් fish Says:

    @෴ හසියා ෴ : අයියා උඹ මෙච්චර කල් අපිව රැවට්ටුවා නේද, ලයිට් නිවලා මන්තර කෑල්ලක් එහෙම කියවලා. හරි හරි අවුලක් නෑ, අන් ඩූ කරන විදියක් හමුබුනොත් උඹටත් කියන්නං. (කොරපු ගොං වැඩ ටික අනු ඩූ කරගන්න)

    @තරු අහස : හ්ම්… උඹත් ආසයි වගේ උඹේ අතීතට.

    @Samadhi : එහෙමවත් කරන්න පුළුවන්නම් හොඳයි. බැරි එකනේ කේස් එක.

    @හිස් අහස : අනේ අප්පේ මුගේ වයසේ හැටියටද වැඩ? හරි හරි අවුලක් නෑ. අපි කාටවත් කියන්නේ නෑ.

  6. කේෂාන් De சில்வா Says:

    සහතික ඈත්ත. මටත් ඕක අනන්තවත් හිතුන දෙයක්. ඒත් කවදාවත් ලගා කරගන්න බැරි දෙයක් නේද?
    http://keshandesilva.blogspot.com/2010/10/blog-post.html

  7. කේෂාන් De சில்வா Says:

    සහතික ඇත්ත කථාව. මාත් ගොඩක් ආසයි අතීතෙට ගිහින් මගෙන් වුණු වැරදි හදා ගන්න. ඒත….
    http://keshandesilva.blogspot.com/2010/10/blog-post.html


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: