අපි වැනිම මිනිසුන් වෙති.


බලු කපුටු දන් දිදී,
වෙමහා බත් දන්සැල් දිදී,
ගෙදර සුරතල් සතුන් නිති,
වළඳති මස්, මාලු, හැම් පෙති.


වැහි බිඳක් කාලෙකින් දැක නැතී,
සහල් ඇටයක හැඩය දන්නැති,
මේ දිළිඳු මිනිසුන් නිති,
බඩ පොත්ත පිටට ඇලී ඇති.


ජිම් දුවන අප නිති,
බර අඩුකිරීමට සැරසෙති,
වැඩි ලේ දන්දෙති,
ලෙඩට පෙත්තක් ලඟ ඇති.


ග්රෑම් දහයක් බර නැති,
ඇඟේ මස් කළඳක් නැති,
ලෙඩ රෝග අඩු නැති,
උපන් තැන නිරබත් කති.


අව් තැපීමට අප යති,
සාද මැද කැකිරි පලවති,
සැපය හැර අප දන්​නැති,
දුකක් නම් අප විඳ නැති.


අපි තරම් මුන් සුදු නැතී,
සිනහ වෙන්නට දන්නැති,
දුකම සිත තුල රජයති,
අපි වැනිම මිනිසුන් වෙති.

%d bloggers like this: