මුල්ම කඩඉම…

හිතට දැනෙන…

හැම දේම නොවුනත්,

හිතේ හිර කරන් නොඉඳ

පවසන්නට ඇත්නම් කාට හරි…

කොයිතරම් සැනසීමක්ද…?

විහිළු කතා, හිනා කතා, තරහා කතා, විකාර කතා, නිසදැස්

අනං මනං හැම දේම…

කියන්න… මට ලැබුන හොඳම මග,

මගේ මේ බ්ලොග් ටැංකිය.

එක එක විදියට ලියන්න, එක එක විදියට හිතන්න…

එක එක විදියට ලියන, එක එක විදියට හිතන,

අය ගොඩක් හමුවේච්ච මේ සොඳුරු නවාතැනින්

එළි දකින 50 වන පෝස්ට් එකයි මේ.

එනම් ගෝල්ඩ් fish ගේ අර්ධ ශතකයයි….

 

මාත් එක්ක හැම දාමත්, මගේ ලිපි කියවමින්… ලිපි වලට ප්‍රතිචාර දක්වමින්, මාව උනන්දු කල දිරිමත් කල හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි…! ඒ වගේම හද පිරි ප්‍රණාමය…

 

 

12 Responses to “මුල්ම කඩඉම…”

  1. මිලින්ද Says:

    ජය වේවා, ඉදිරියටත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  2. හිස් අහස Says:

    රිය අනතුරකට භාජනය වෙලා ඉඳලා අදයි එලියට බැස්සේ .. ඒකයි පහුගිය ඒවට අදහ්ස් දෙන්න බැරි උනේ ! මම ඒවා කියවුවා ඒඋනාට..

    තිස්තුං කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටෙන්
    රන්මාලුවාට නොනවත්වාම ලියන්නට
    ශක්තිය දෛර්‍ය ලැබේවා !
    නිඹදව අපි ඉන්නවා ඔබ සමග

    ජයවේවා !!

  3. deeps Says:

    පනහක්ම ලිව්වද??? මට නම් හැමදාම මේක අලුතෙන් පටන් ගත්ත බ්ලොග් එකක් වගේ. හරිම නැවුම්……ගොඩක් වෙලාවට උදේ යන්න කලින් ඊමේල් බලනකොට ඔන්න ඊමේල් එකක් තියනවා ටැංකිය අලුත් වෙලා කියලා…..දැක්ක ගමන් ඇවිත් ඔක්කොම කියවල තමා අනික් වැඩ කරන්නේ…….යන්න පරක්කු වෙන නිසා උදේට කමෙන්ට් දාන්න නම් වෙන්නේ නැහැ…ඒත් හැමදාම හැම ලිපියක්ම කියවනවා……තව පොඩි රහසක්…මටත් ඉන්නවනේ ඉතින් ගෝල්ඩ් ෆිෂ් අය්යෙක්….අර මල හොල්මන පුංචි කොලම පොස්ට් ඒක කියෙව්වට පස්සේ එයත් ආදරේට එහෙම කියන්න පටන් අරන්……ඒ විතරක් නෙවේ… බ්ලොග් එකකුත් ලියන්න අරගෙන….පස්සේ කාලෙක කියවලා හිනාවෙන්න පුළුවන්ලු…..ඔන්න ඔහොම තමා ගෝල්ඩ් ෆිෂ් අපිට සම්බන්ද වෙන්නේ …ජය වේවා….!!

  4. අකීකරු හිත Says:

    මගෙනුත් සුබ පැතුම් මාළුවට

  5. හිඟන්නා Says:

    මම නම් මේකට අලුත් … සුභ පතනවා , දිගටම ලියන්න , ජය …. !!!


අපේ පුවත් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: